(සුජිත් හේවාජුලිගේ )
මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
"අපි සියලුම දෙනා එක්වී රට හදමු" යයිද ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.
වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15 යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ශ්‍රී ලංකාවට බටහිර දෙසට වන්නට ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ හතළිහක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යායාත්රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (16) අත
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’මාලිමාවේ ආණ්ඩුවක් ළඟ ළඟම එනවා’’ රට දාලා යන්න එපා
Sanath Kandy Saturday, 28 January 2023 11:32 AM
රටේ අවසන් බලාපොරොත්තුව ඔබයි...
samanSaturday, 28 January 2023 02:50 PM
ලංකාවේ ඉන්න මෝඩ පහේ ටික කවුරු හරි කෙනෙක්ව ගේනවා ඔබ තමයි අවසන් බලාපොරොත්තුව කියලා. ඉස්සර ඉඳලාම ඔහොම කරලා තමයි අන්තිමට හොම්බ බිම ඇන ගත්තේ... මෙලෝ දැනීමක් අවබෝධයක් නෑ... කවුරු ආවත් කොහොමද දැන් රට හදන්න යන්නේ කියලා. ඡන්දෙ දෙන්න වෙන කෙනෙකුත් නැති නිසා දැන් දෙන්න වෙලා තියෙන්නේ මේ අයට තමයි. මොලේ තියන අය නම් හොඳටම දන්නවා කවුරු ආවත් සත පහකට විශ්වාස කරන්න බෑ කියලා. ඒත් හිටපු අය පන්නන්න ඕනෑ නිසා මොවුන්ට තමයි දෙන්නේ... මේ රට ඉතාම හොඳ රටක් කරන්න නම් එකේ පංතියේ පොඩි අයගෙන් තමයි පටන් ගන්න ඕනෑ. මේ සමාජයේ ඕනෑතරම් ඉන්න මෙලෝ දැනුමක් නැති මෝඩ පහේ අය වලපල්ලට ගියාම රට හරියයි.
SLSaturday, 28 January 2023 05:12 PM
විනාශ කරපු රට හදන්න තියෙන එකම හීනේ ජවිපෙ. රට වැටිලා තියෙන වෙලාවේ 13 ඉස්සරහට ගේන්නේ මෙයාට අමු කැවිලාද?
Nissanka Saturday, 28 January 2023 11:34 AM
රට ගොඩගැනීමේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇත්තේ ජාතික ජන බලවේගයට පමණයි.
Vajira Saturday, 28 January 2023 11:35 AM
හොරු එළවන සටනට ජය නියතයි.
Fernando Dubai Saturday, 28 January 2023 11:37 AM
විදේශගත අපේ සහයත් ඔබටයි..
සෙනෙවිරත්න Saturday, 28 January 2023 11:45 AM
දැන් හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා නොබලා සිහි බුද්ධියෙන් මේ කියන කතාව වැරැදි නම් නිවැරැදි කරන්න.
Dr. Vajira Fernando Saturday, 28 January 2023 11:48 AM
මේ ආර්ථික අර්බුදය ආරම්භයේදීම ඊට කෙටිකාලීන විසඳුම විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ වැඩිකර ගැනීම කියලා අනුර සහෝදරයා කියද්දී හැමෝම ඒ කතාව විවේචනය කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුලින්ම යෝජනා කළේත් අනුර සහෝදරයා... දැන් හැමෝම පිළිගන්නවා ඒ අදහස් නිවැරැදියි කියලා...
sunilSaturday, 28 January 2023 05:06 PM
විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වැඩිකිරීම සහ රටට දැරිය නොහැකි ණය ප්‍රතිව්‍යුහගත කිරීම කවුරුත් දන්නා දෙයක්... නමුත් ඕක කියනවාට වඩා කරන්ට අපහසු දෙයක්...
ASKSunday, 29 January 2023 09:46 AM
බොරු කියන්නෙපා... ඩොලර් එකක්වත් ලංකාවට එවන්න එපා කියලා කිව්වේ JVP සහෝදරයෝ තමයි.. ඒකෙන් තේරෙනවා ඒ සහෝදරයින් රටට මොනතරම් ආදරේද කියලා...
anura Saturday, 28 January 2023 11:52 AM
අපොයි එහෙනම් පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් යන්න. ඇෆ්ඝනිස්ථානයෙන් ඇමෙරිකාව ගියාම එන තත්වයවගේ එකක් මෙහෙ වෙන්න යන්නේ...
කසුන් Saturday, 28 January 2023 12:50 PM
මැදමුලනේ ඉත්තෑවෙක් රිංගලා ඇතුළේ යකා නටනවා වගේ...!
පැරකුම්Saturday, 28 January 2023 02:24 PM
බලහත්කාරයෙන් අරගෙනගිය අපේ හැඳුනුම්පත් ටික ආපහු දුන්නු දාට අපේ ගෙදර ඡන්ද එක්කෝම මාලිමාවට තමයි…!
දකුණුSaturday, 28 January 2023 06:28 PM
විශ්වාසයක් තියන්නේ කොහොමද? 88 දී පණ බේරාගෙන කොළඹට පැන ගත්තේ නැතිනම් බෙල්ල ගේට්ටු කණුව උඩ. තවම කොළඹ ඉන්නේ ඒ ආපු ගමන්... රාජපක්ෂ ගැත්තෙක් නොවේ..
podiaarachchi Saturday, 28 January 2023 12:42 PM
රටක ජනතාවට ඒ රටේම රැකියාවක් කරගෙන කාලා බීලා, බයක්, දුකක්, කරදරයක් නැතිව ජීවත්වෙන්න පුළුවන් නම්... ඒකට තමයි හොඳ පාලනය කියන්නේ...! ජයවේවා..!
ලුම්බිණි Saturday, 28 January 2023 12:57 PM
අනාගතය කෙසේ වුවද මේ අවස්ථාවේ අනුර හැර වෙන විකල්පයක් නැත...
Rasika Saturday, 28 January 2023 01:01 PM
ඔව් අපි ඔබලාව විශ්වාස කරනවා. අපේ විශ්වාසය කඩකරන්න එපා කියලත් ආයාචනා කරනවා...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 January 2023 01:11 PM
සටන තියෙන්නේ සජබය හා ජේවීපී එක අතරේ බව පැහැදිලිව පෙනෙනා දෙයක්. මහජන මතය ගැන ස්ථිරව කියන්න කිසිවෙකුට බැහැ. රැස්වීම්වලට පැමිණෙන සෙනගින් කිසිවකුට ජයක් ගැන අනාවැකි කියන්නට බැහැ. එසේ කියන්නත් හොඳ නැහැ. එසේකීම ගැන සමහර ඡන්ද දායකයින් එතරම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා දේශපාලන නායකයින් කෙසේ කිව්වත් ජනතා මතය ගැන ස්ථිරව කියන්න පුළුවන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවුවාට පසුවයි. එය තමයි පිරිසිදු සත්‍යය...
hasitha gunasekara Saturday, 28 January 2023 01:22 PM
තවත් ඇෆ්ඝනිස්ථානයක් දෝ... මේවා දැකලා මට මුහුදේ පනින්න හිතෙනවා.
asithaa Saturday, 28 January 2023 02:44 PM
හරිම ලස්සන කාලෝචිත ඉල්ලීමක්... ආරාධනාවක්...!
Keppetipola Saturday, 28 January 2023 03:18 PM
ඔයාලා ආවොත් රට විනාශයි...
nimanthi Saturday, 28 January 2023 05:17 PM
ඇයි දැන් විනාශවෙලා නැතිද? තව විනාශ වෙන්න තියෙන්නේ මොනවද? ලජ්ජානැති කතාකියන්න එපා...!!! රාජපක්ෂලාගෙන් ලැබුණු වැසිකිලි පෝච්චියෙන්ද තවම මුහුණ හෝදන්නේ...?
saliya Saturday, 28 January 2023 03:19 PM
ජනප්‍රිය කතා.. හිටපු කෙනාත් ආදායම් බදු අඩු කළා... මොකද වුනේ? දුප්පත් මිනිහා කන බොන දේටම ගහපල්ලා.. සල්ලි කාරයින්ට බදු නොගහා...
[email protected] Saturday, 28 January 2023 03:35 PM
මේකත් හරියට පෝට් සිටි එකට ලංකාවේම කළුගල් දැම්මා වගේ කතාවක්...!
podiekaa Saturday, 28 January 2023 03:41 PM
අද වෙනකන් පාලකයෝ කිව්වේ ජනතාවට, අපි නුඹලා වැඩකාරකමට, කම්කරුවන් වශයෙන් රට පටවනවා කියලා... මම නම් අද තමයි පළමු වතාවට මේ වගේ දෙයක් ඇහුවේ... ජයවේවා..!
වත්සි Saturday, 28 January 2023 03:44 PM
මෙයාට හුරේ දාන උම්බෑලාට කීමට ඇත්කේ දීලා බලන්න කියා පමණි. කයිවාරු ගැසීම සහ වැඩ කිරීම යනු අහසට පොළොව මෙන් වෙනස් දෙයක් බව එවිට වැටහෙනු ඇත. හැබැයි එකක් නම් සහතින වශයෙන් කිව හැක. වැඩවර්ජන, උද්ඝෝෂණ, පෙළපාලි, ශිෂ්‍ය සටන් වැනි දෑ නම් නැති වනු ඇත. ඒවා පසුපස සිටින කාඩ්බෝඩ් විරයින් මොවුන් නිසායි.
nandana Saturday, 28 January 2023 03:45 PM
මා සිතන හැටියට ජාතික ජන බලවේගයට තිබෙන ප්‍රධානම බාධාව නම් ඔවුන්ගේ අතීතයේ තිබූ ප්‍රචණ්ඩකාරී හැසිරීමයි. විශේෂයෙන්ම 88/89 සමයේ රටේ සාමාන්‍ය මිනිසුන් කෙරේ ඔවුන් දැක්වූ ප්රචණ්ඩත්වය සහ වර්තමානයේ සරසවි තුළ නවක වදය වැනි හිංසාකාරී ක්‍රියා කලාපයයි. ඒ හැසිරීම නැවත පටන් ගත්තොත් රට කබලෙන් ලිපට වැටෙනවා නියතයි. ඒ හැර දැන් කුමන රජයක් ආවත්, විදේශ ණය ගැනීම සහ ආර්ථිකයේ කඩා වැටීමට ක්ෂණික පිළියම් නැති බවයි මගේ අදහස...
විපුලSunday, 29 January 2023 07:45 AM
නන්දන ඔබගේ නවකවද කතාවෙන් පෙන්නුම් කරන්නේ ඔබ වැස්සකවත් කැම්පස් එකකට ගොඩවී නොමැති බවයි. නොදන්දේ කතා නොකර සිටීම වඩා යහපති.
චන්දිම Saturday, 28 January 2023 03:50 PM
ඔය ඡන්දෙ ඉල්ලන අනිත් අය ඔක්කොම කවදා හරි මීට කලින් බලයේ ඉඳලා කොහොමටත් රට කාපු එකම තමයි කළේ. සජිත් එක්ක ඉන්නෙත් ලෝක හොරු සෙට් එකක්. මතකයිනේ අර ෆුට් නෝට් කල්ලිය එහෙම... අනිත් අය ගැන නම් කියන්න කිසිම දෙයක් නැහැ. ඒ හින්දා මම නම් රට කන්න හරි, හදන්න හරි මේ ගොල්ලන්ටත් ඒක වතාවක් හරි දීලා බලනවා.
ajithSaturday, 28 January 2023 05:20 PM
කව්ද කියන්නේ මේ ගොල්ලෝ රට පාලනය කරේ නැහැ කියලා? 88/89 සමයේ රටේ සමහර ප්‍රදේශ පාලනය කරේ මේ අය තමයි. හැබැයි ඒ පළාත්වල ඇඳිරි නීතිය දැමීම සහ මිනිසුන්ට දඬුවම් කිරීම හැර වෙනදෙයක් සිදු වුනේ නැහැ...
Wijepala Sunday, 29 January 2023 05:54 AM
අජිත් සියයට සියයක් හරි කියන්න අමාරුයි මොකද මයිනා ඒකාලෙ හිටියෙ විපක්ෂයේ .ඔහු ඒකාලෙ කලේ බලයට එන්න පහසු වෙන්න එජාප සාමාජිකයන් මරාදැමීමට ඔහුගේ ගම්මට්ටමේ සාමාජිකයන් මෙහෙයවීම තමයි ඔහු එහෙම නොකලා කියන කෙනෙක් මයිනා මෑතකදී සිදුකල දෙයක් ගැන කල්පනාවට ගන්න ගෝල්ෆේස් අරගලයට ගහන්න සැලැස්සුවේ කවුද කියලා. එනිසා 88-89 කාලයේ විනාශ කිරීම් සියයට ජවිපෙ ක්‍රියාවන් කියන්න අමාරුයි
SUNIL MILANO Saturday, 28 January 2023 04:19 PM
රට දාලා යන්න එපා... ලෝකයේ ඉන්න සේරම ලංකාවට එන්න. බයවෙන්න එපා හොඳේ... මම එන්නේ ඇලඩින්ගේ පුදුම පහනත් අරගෙන...
PODDA Saturday, 28 January 2023 04:28 PM
නිදහසින් පස්සේ හැම කෙනාම මේ වගේ සුරංගනා කතා කියලා බලය ගත්තා.. මොකද කළේ..? වැඩ පෙන්නන්න අලුතින් බලය ඉල්ලනවා. චන්ද්‍රිකා රනිල්ගේ කාලයේ මොකද කළේ... ?
wasantha Saturday, 28 January 2023 04:29 PM
බදු හින්දා රටදාලා යන අය හිතාගෙන ඇති පිට රටවල බදු ගෙවන්න නැහැ කියලා... බටහිර රටවල මිනිසුන් බදුගෙවන හැටි ගිහින් බලන්න. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමෘද්ධි දීමනා නොමිලේ ලැබෙන්නේ නැහැ. රටේ මිනිසුන් ඒ පහසුකම් සඳහා බදු ගෙවන්ට පුරුදුවිය යුතුයි.
SUNIL MILANO Saturday, 28 January 2023 05:01 PM
මාලිමාව... කියන එකේ තේරුමවත් දන්නවද? කිසිම ප්‍රතිපත්තියක් නැති එකක් කරකැවෙනවා ... හැරෙන හැරෙන පැත්තට... හරියට සාටක බඹරෙ වගේ...
ධනුෂ්ක Saturday, 28 January 2023 07:33 PM
ඔව් මාලිමාව ඔලමොට්ටලයෙක් අතට ගත්තොත් එහෙම වෙනවා. ඔයාට ඒ අත්දැකීම ඇති. හැබැයි මාලිමාව පාවිච්චි කරන්නේ අතරමං නොවී හරි දිශාව හොයාගන්න. මාලිමාව නිතරම උතුර පෙන්වනවා ඔයාගේ කමෙන්ට් එකට මම ලොකු ප්‍රචාරයක් දෙනවා හැබැයි...
BamunuarachchiSunday, 29 January 2023 09:01 AM
මාලිමාව නියම උතුර පෙන්වන්නේ නැහැ... ලෝකේ උතුරු දිශා දෙකක් තිබෙනවා. 1. True North 2. Magnetic North මාලිමාව බලාගෙන උතුරට යන්න හදන්න එපා. සමහර අවස්ථාවල අවට බලපෑම් නිසා මාලිමාව එක තැන කැරකෙනවා. 1965 ඉඳන් ජේවීපියට වුනේ එකයි.
Lalla Saturday, 28 January 2023 05:18 PM
1988-89 කාලය මතක් වෙන කොට රට හැරයාම හැර වෙන විකල්පයක් නැත කියලා හිතෙනවා. ඒ කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් දෙවරක්ම අනූනවයෙන් පණ බේරගන්න වුණා කේලම්කාරයින් නිසා. නායකයින් මොනවා කිව්වත් ගම්වල ඉන්න පහළ මට්ටම තාම විකෘති අදහස්වලට යටයි...
Amila Sitano Saturday, 28 January 2023 06:53 PM
අප සියලුදෙනා වෙනත් ප්රජාතන්ත්රවාදී රටකට පැන යා යුතු හේතුව එයයි. අපට උතුරු කොරියාවේ ජීවත් වීමට අවශ්‍ය නැත...
Bamunuarachchi Saturday, 28 January 2023 07:00 PM
මාලිමාවක් ආවත් එකයි, අපිට නාවත් එකයි... අපි ආණ්ඩුවේ සල්ලිවලින් ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුව අපිට ණයයි. අපි ඒ තරමට රටට සල්ලි උපයලා තිබෙනවා...
fairoosSunday, 29 January 2023 12:32 PM
රටට මෙච්චර වෙලත් කාලකණ්ණි බයියන් නැතිවෙලා නැහැ...
Jayalath Sunday, 29 January 2023 05:04 AM
සැබෑ නොවන සිහින
මහදැනමුත්තා Sunday, 29 January 2023 12:36 PM
කයිවාරු කාරයාට වැඩ බැරිය.