IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘‘මාලිමාව කාන්තාව වේදිකාවට ගේන්නේ ප්‍රදර්ශනයට නොවේ‘‘

(ආරියරත්න රණබාහු )

කාන්තාවන්ට  මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා  කරන්නේ ඔවුන්  දේශපාලන   වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්‍රදර්ශන  භාණ්ඩ   සඳහා නොවේ යැයි  ජාතික  ජනබලවෙිගයේ  විධායක  සභික  පාර්ලිමේන්තු  මන්ත්‍රීනි ආචාර්ය  හරිනි  අමරසූරිය මහත්මිය  ලන්ඩනයේදී පැවසුවා ය.

සමස්තයක්  ලෙස ප්‍රචණ්ඩ  අප්‍රසන්න  දේශපාලන  සංස්කෘතිය  වෙනස් කර ඊට අලුත් අර්ථයක්  දිය යුතු  බව කී ඇය ඒ සදහා  සුදුසුම තැන මාලිමාව යැයිද කීවාය.

ලන්ඩන්  නුවර පැවති ජාතික ජනබලවෙිගයේ  කාන්තා  සමුළුව අමතමින් ආචාර්ය  අමරසූරිය  මහත්මිය  එම අදහස්  පළකළාය.

 



අදහස් (24)

‘‘මාලිමාව කාන්තාව වේදිකාවට ගේන්නේ ප්‍රදර්ශනයට නොවේ‘‘

samare Sunday, 17 March 2024 03:28 PM

දන්නේ නැති නිසයි අහන්නේ. දැන් ඔය එංගලන්තේ පදිංචිවෙලා ඉන්න මේ කාන්තාවෝ එනවද ලංකාවට ඡන්දේ දෙන්න ? ඔය සමහරුන්ට ලංකාවේ පුරවැසිකමත් නැහැ . ඉතින් ඔය වගේ පිරිස් එංගලන්තේ හෝ වෙනත් රටවල එකතු වුනා කියල මාලිමාවට නෙවෙයි වෙනත් කිසිදු පක්ෂයකට වැඩක් නැහැ .

:       42       38

නිමල් Sunday, 17 March 2024 04:17 PM

ඇයි සමරෙ, ඡන්දෙ වගේද හතර වරම් කෙලලා එකතු කරන සල්ලි... රැකියාවක්, ව්‍යාපාරයක් නොකර මේ අයට ජීවත් වෙන්න හොඳ ආදායමක්නේ...!

:       39       36

SanathSunday, 17 March 2024 05:59 PM

සමරෙලාට සුළුදිය පහවෙලා ඉන්නේ... හාම්පුතාලාට වරදින්න යන්නේ කියලා දැනිලා...

:       26       30

SamareMonday, 18 March 2024 12:52 AM

සනත් පවු කියලත් හිතෙනවා ඔයාගේ අවබෝධයේ තරම පිළිබඳව . මම කියා ඇත්තේ කුමක් ගැනද කියල තේරුම්ගැනීමට තරම්වත් බුද්ධියක් නැති අය එක්ක දේශපාලනය වගේ ගැඹුරු දෙයක් කොහොම කතාකරන්නද? මෙතන තියෙන කොමෙන්ට් හා ඒවාට දක්වා ඇති ප්‍රතිචාර දැක්කම පෙනෙන්නේ අන්ධ 2019දී දැකපු බයියෝ හා ජාජබ්යියෝ අතර වෙනසක් නැති බවයි . අරයගෙ මොළ හත වගේම තමයි මේ නෝනගේ ආචාර්ය උපාධිය ගැන ජාජබයියෝ හිතාගෙන ඉන්නේ . අනේ මහත්තයෝ මම ඔය ආචාර්ය උපාධිය කලේ ඔය නෝනා උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලෙදියි . ආචාර්ය උපාධියක් කියන්නේ යම් විෂයක තෝරාගත් කුඩා කොටසක් පිළිබඳව පර්යේෂණයක් සිදුකර ඒ පිළිබඳව දීර්ඝ නිබන්ධනයක් ලිවීමයි. එනිසා ආචාර්ය උපාධිධරයෙක් කියන්නේ සියලුදේ දත් අයෙක් නෙවෙයි . හරිනිට අපහාසයකට නෙවෙයි මෙය කියන්නේ නොදන්නා අන්ධ භක්තිකයින්ගේ දැනගැනීමටයි . ආචාර්ය උපාධිධරයින් කීදෙනෙක් ගොටගේ වියත්මගේත් හිටියද ?

:       1       5

මැක්ස් Sunday, 17 March 2024 03:28 PM

ජාජබයින්ගෙන් කාන්තාවට සිදුවන සෙත, සාන්තිය ගැන දැනගන්න හොඳටම පුළුවන් කිසියම් හෝ කාන්තාවක් ජාජබය ක්‍රියාවක් විවේචනය කළොත් හෝ ප්‍රශ්න කළොත්. ජාජබ කේවට්ටයන් සැනෙකින් කුපිත වී එම කාන්තාවට ලොවෙත් ඉන්න බැරිවන ලෙස සමාජ මාධ්‍යයේ මඩ ගසන හැටි, අවලාද නගන හැටි, හොඳ හැටි එවිට බලාගන්න පුළුවන්...

:       29       33

sene Sunday, 17 March 2024 03:29 PM

ඔබගේ උත්සාහය අපේ කාන්තාවන්ට සිහින ලොවක් මවාපා බලයට එන්න. ඔබ කාන්තාවන් පෙනී සිටින සමාජ සමානත්වය, කාන්තා අයිතිවාසිකම් ස්කොට්ලන්තයේ ආචාර්ය පදවිය ලබා එවැනි ක්‍රියාවක් අගය කරමි. නමුත් ඔබගේ උත්සාහය කොයියෙක් වලිගයෙන් ඇල්ලීම වැනි දෙයක් නොවේද? ඔබගේ ඉලක්කයට පැමිණීමට නම් අපේ පීතෘ සමාජය මුලින්ම වෙනස් කළයුතුව ඇත. අති දියුණු රටවල කාන්තාවන් පවා තවම එම සමානත්වය ලබා නැත. එමනිසා ඔබ මේ කාන්තාවන්ට රනිල්ගේ නියාමනයට මුලා නොකොට කළහැකි දෑ පොරොන්දු වෙන්න, ඔබලාට මෙවර ජය ගන්නට නොහැකිය... නමුත් අදහස් අගේ කළ යුතුයි.

:       26       24

Bamunuarachchi Sunday, 17 March 2024 03:54 PM

නුවණ හැඳිමිටක් පමණ නිසා හිතන්නේ හැඳිමිටේ දිගට නිසා එක මිටට අල්ලාගෙන ඒක ලණුවෙන් බැඳගෙන වේදිකාවට ගෙනෙන්න පුළුවන්. ලැයිසන් දෙනවා කියලා මැඩම් කෙනෙක් කිව්වා නේද?

:       16       24

කසුන් Sunday, 17 March 2024 04:17 PM

අයියෝ.. එහෙම රෙස්ට්‍රික්ෂන්ස් දානකොට අර ලාල් අයියාගේ පෙරහැර කන්සෙප්ට් එක එහෙම් පිටින්ම චොර වෙනවා නේද? මොකෝ මණ්ඩලේ කචල් ද එක කතාවක් නැත්තේ?

:       15       27

Sirpala Sunday, 17 March 2024 04:47 PM

කුලියට කමෙන්ට්ස් දාන සෙට් එකක් ඇවිල්ලා වගේ. හොඳ රස්සාවක් හොයා ගන්න... කුලියට බයියන්ට කරන්නේ නැතුව...

:       17       23

Nimal''' Sunday, 17 March 2024 04:54 PM

ලංකාව කියන්නේ ලෝකයේ ප්‍රථම අගමැතිණිය වගේම ප්‍රථම සහ තෙවෙනි රාජිණියන් බිහිකළ රටක්...

:       8       17

සෙනෙවිරත්න Sunday, 17 March 2024 05:46 PM

මේකෙ ඉන්න සමහරුන්ට හොඳ සාරිපොට කරට අරගෙන පොලිස් කාරයින්ගේ මුහුණට මුහුණ තියන හිරුණිකා, වගේ වීර කාන්තාවෝ, වැදගත් යමක් කියනකොට මෙච්චරකල් තම තමන්ගේ පක්ෂය සමෘද්ධියට බත් එකට බස්වල නග්ගලා රැස්වීම්වලට දක්කපුවා අමතක වෙලා මඩ හොයනවා. ඔය මඩ මදි හරිනිල වගේ උගත් අයට ගහන්න.

:       15       21

පිටරැටියා Sunday, 17 March 2024 06:43 PM

මොලේ උඩ ඉන්න වහල්ලු ටිකක් කමෙන්ට්ස් කරලා. හරිනී අමරසූරිය මහත්මියගේ දැනුම සහ උගත්කමට ඔය එකෙකුටවත් කිට්ටු වෙන්න පුළුවන්ද?

:       26       22

KithsiriSunday, 17 March 2024 09:09 PM

ඇත්ත .ඇඟ පුරා මොලේ

:       0       9

sakalaguneMonday, 18 March 2024 06:24 AM

පිටරටියා බලාගෙන වාඩිවෙනකොට ඔයාගේ මොලේ තැලෙන්න පුළුවනි. ආචාර්ය උපාධියක් කියන්නේ මොකක්ද කියලා කාගෙන්හරි අහලා දැනගන්න. එතකොට ඔයාගේ ඔය නොදන්නාකම ටිකක් අඩුවේවි. ඔයාගේ ඔය මහා බහුශ්‍රැත නෝනා වරක් පාර්ලිමේන්තු කමිටුවක රැස්වීමකදී කියනවා කල් නිකුත්වූ කඳුළු ගෑස් කියලා. නමුත් නිවැරැදි වචනේ කල් ඉකුත්වූ... මේකේ වීඩියෝව අන්තර්ජාලයේ තවමත් තියෙනවා. හරිණි එයාගේ විෂයට ප්‍රාමණික උගතෙක් වුණාට හැම විෂයකටම උගතෙක් නෙවෙයි. මේක අපි කාටත් පොදුයි. ඒ නිසා අන්ධ භක්තිකයෙක් වුණාම තමන්ගේ පිලේ අයගේ වැරැදි පෙනෙන්නේ නැහැ. පරිස්සමෙන්...

:       1       6

NilanthaMonday, 18 March 2024 05:01 PM

හරිනි අමරසූරිය මහත්මිය කියන්නේ එයා ලන්ඩනයේදී විවාහ වුණාද කියලා අහන්න හිතෙනවා කොම්පාසුවේ ඉන්න බොහෝමයක් කාන්තාවන් එක්කෝ අවිවාහකයි. නැත්නම් 88/89 කාලයේ ජවිපෙ කැරැල්ලේ ප්‍රතිඵල ලෙසට වැන්දඹු කාන්තාවන් වෙලා ඉන්නේ. ඉතින් එහෙම අයට විවාහයක් කරගෙන සාර්ථක පවුල් ජීවිතයක් නැතුව සමාජය ගැන ක්‍රෝධයෙන් පිරිලා ඉන්නවා කවුරු හරි කෙනෙක් මේ ගැන පමණක් නොවෙයි.. මාලිමාවේ රැස්වීම සඳහා පැමිණෙන පිරිමි අයගේ ගතිගුණ චර්‍යාවන් ගැනත් සමීක්ෂණයක් කර ඇත්ත නැත්ත අවබෝධ කරගන්න...

:       0       0

Bra Sunday, 17 March 2024 08:20 PM

එන්න යළිත් ලංකාවට, අපි අපමණ අගයක් දෙනවා...

:       1       6

Lelwala Sunday, 17 March 2024 10:14 PM

දැන් ඉංග්‍රිසි කතාකරන ඉංග්‍රිසි හලල ගිය කාන්තාවෝ ලංකාවට ඇවිත් ජෙප්පන්ට චන්දය දෙයිද? ඇවිත් රනිල්ට දීල යයි ටයි කොට් ඇදල ඉන්න නිසා.

:       1       5

21ST CENTURY THIRD DECADE LILIPUT Sunday, 17 March 2024 10:57 PM

අයියෝ මෙි දවස්වල තදේට සීතලයි. මේ අම්මල ගෙදර යන්නෙ පට්ට සීතලේ බොහොම දියාරු වෙච්ච මානසිකත්වයෙන්. රෑට නිදාගෙන උදේට ඇහැරුනාට කලින්දා මොනවද වුණේ කියල නිනව් නැතිව තමා නැගිටින්නෙ ඒතරංතද සීතල.

:       2       4

Braaaa Monday, 18 March 2024 01:16 AM

හොදයි ... අපි හිතමු රන්ජන් ගැන ... පබා ගැන ...හා නැද්ද ?????

:       4       1

සාලිය​ Monday, 18 March 2024 08:48 AM

මේ නටන උන්ටයි කියන්නේ . අපේ සල්ලි වලින් ඉගෙන ගෙන​, අධිරාජ්‍යවාදී සුපිරි ධනවාදී රටක ට වී සුර සැප විඳින නුඹලා ට මෙහේ සමාජවාදයක් ගේන්නද උවමනාව ? නුඹලාත් පරම්පරාවත්, සුපිරි ධනවාදය බුක්ති වින් දාට කමක් නැහැ. මුන් සමාජවාදේ හදලා, රතු හමුදාවක් දා ගත්ත දාට නුඹලා ගේ දරුවන් එවනවාද මෙහේ ජීවත් වෙන්න? රට දාලා ගියා නම් දෙයියන් ගේ නාමෙන් ඔහෙට වෙලා හිටපල්ලා..

:       6       10

Bamunuarachchi Monday, 18 March 2024 08:50 AM

Nimal ලංකාව කියන්නේ ලෝකයේ ප්‍රථම අගමැතිණිය වගේම ප්‍රථම සහ තෙවෙනි රාජිණියන් බිහිකළ රටක්. එසේ රට වෙනුන් තම පවුද්ගලික ඉඩකඩම් පරිත්‍යාගකල තවත් ජනහිත කාමී විශාල වැඩකොටසක් කරපු ප්‍රථම අගමැතිනිට විරුද්දව නේද පාහර චේගුවේරා නොහොත් ජේවීපී හැත්ත ලේසැලෙන විප්ලව කරන්න ගියේ? එතුමිය ජේවීපී කාරයින්ට රටට කරන්න දෙයක් ඉතුරු කලාද?.හරිනි අමරසුරිය කියන්නේ කොහෙන් පාත් උන ගැහැනියක්ද? කාගේ කවුද?

:       4       6

NamalMonday, 18 March 2024 06:11 PM

බමුණෝ අහලා තියෙන හැටියට නම් හරිනි කියන්නේ දකුණේ අමරසූරිය වලව්වේ කාන්තාවක් තමයි... වැරැදි නම් නිවැරැදි කරන්න.

:       0       0

hemantha Monday, 18 March 2024 09:43 AM

අපොයි ඔහොම රටට දැයට ආදරේ කරපු ගෑනු කණ්ඩායම මතකනේ .හොටු පෙර පෙරා සින්දු කිව්වා .මගේ සිරිලක ගැන ලෝකෙට කියමි මම .තුක් නොදකින් මේ හිවල් ගෑනු රල.උන් කෝ දැන් ?

:       4       9

විපරමා Monday, 18 March 2024 04:26 PM

කාන්තාවන්ගේ රැස්වීම් දැකලා වහලුන්ට අවුල් වගේ. කවදාවත් නොහිතපු විදියට ගැහැණු පාරට බැස්සේ දූෂිත දේසපාලුවෝ කරපු වැරැදි නිසා.. ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිකරපු නිසා. ඕනෑකමක් තියෙනවා නම්, පොහොට්ටුවේ, ස.ජ.බෙ. කාන්තා රැස්වීම් තියන්න බැරියෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 293 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 221 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 582 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 264 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site