(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් එම පක්ෂයේ මැයි දින පෙළපාළිය මෙවර නොපැවැත්වෙනු ඇතැයි දැනගන්නට ඇත. මැයි දින රැලිය සඳහා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිස් කැඳවීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත
ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්
Gihan Sunday, 27 April 2025 12:57 PM
කරන්නෙම කරන්නේ නැහැ කිව්ව දේවල්... පචයා කියන්නේ ඒකනේ...
Sarath Sunday, 27 April 2025 01:47 PM
නෑ නෑ පලයල්ලා... පලයල්ලා... ඇයි දැන් ඔබලා සමාජවාදය හරියට කරනවද අපිට...? දැන් නැද්ද කම්කරු ලෝගු එක..?
prasanna Sunday, 27 April 2025 03:09 PM
මේ අයට ගැලපෙනම තැන පිස්සන් කොටුව...
Kankanam Sunday, 27 April 2025 04:17 PM
වැල යන පැත්තට මැස්ස ගහන ජෙප්පෝ...
Nandalal de Silva - France Sunday, 27 April 2025 09:25 PM
පෙළපාලි ගිහින්, උගුරේ ලෙ රහ වනතුරු බෙරිහන් දෙන්න තරම් සටන් පාඨ නැති නිසාද ඔවුන් මෙවර මැයි දින පෙළපාළිය හමස් පෙට්ටියට දැම්මේ ????
pj Monday, 28 April 2025 06:09 AM
ඒදාට බෝම්බ බියක් තියෙනවා කියන්නෙ ඇත්තක්ද....
Joni Monday, 28 April 2025 07:09 AM
මේකත් නොකර හිටියානම් සල්ලි ඉතිරිකරලා දල ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න තිබුණා.
සෙනෙවිරත්න Monday, 28 April 2025 11:19 AM
මැයි දිනයට දහයක් එකතුකරගන්න බැරි උන් මෙතන ජවිපෙට අපහාස කරනව,ඕව හඳට බුරන බලු හඬහා සමානයි, බලාගමු එදාට ජන ගංගාව,
සෙනෙවිරත්න Monday, 28 April 2025 11:20 AM
ජවිපෙ කියන්නෙ මහා වෘක්ෂයක් , ඒකට අපහාස කලාට වැඩක් නැහැ,දැන් එහෙම අයට කරන්න පුළුවන් එකම දෙය අපහාස කිරීම පමණි . ඒව කැලණි ගඟට දාන පොල්ලෙලි හා සමානයි.
Kamal Koyrala Monday, 28 April 2025 02:38 PM
මෙතෙක් කාලයක් සියලු පක්ෂ පවත් වන්නේ , දේශපාලන රැස්වීම් ඇරෙන්න කම්කරු දිනය කියන්නේ මොකද්ද වැටහීමක් නැහැ. එදාටත් කියන්න එපා, හොරු අල්ලනවා, හොරකපු ඒවා ගන්නවා, ලැබුණේ පතුලටම හිඳුණු ආර්ථිකයක්, නීති සැමට සාදාරණ, පාතාලය , කුඩු සහමුලින් අතුගා දමනවා වැනි කතා එපා. දේශපාලනයෙන් තොර කම්කරු දිනයක්, ඔවුන්ට පඩි සහිතව නිවාඩුවක් , බෝනස් එකක් ,හරි හමන් නිවසක් ලබා දීම තමයි