IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘

(නිමල කොඩිතුවක්කු)

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාලිමා පාලනයේ නව පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාවක් ජනතාව හමුවේ ඉදිරිපත් කළත් එම පොරොන්දු හා ප්‍රතිපත්ති සම්පූර්ණ බොරුවක් වී ජනතාව අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බඩු මිල ඉහළ ගොස්  හාල්, පොල්, කිරිපිටි මෙන්ම ලුණු ටිකවත් ජනතාවට සපයා ගත නොහැකි ආණ්ඩුවක් රටේ ඇති බවත් මූතූර්හි පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.

පුර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි පැවසු ආණ්ඩුව මේ වන විට ඉන්ධන, තාප සහ ගල් අගුරු විදුලි බලාගාර මාෆියාවට යටත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව රැවටීම, ඇන්දවීම, මංමුලා කිරිම පමණක්  මාලිමා රජය බලයට පත්වී සිදු කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය

 



අදහස් (8)

‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘

පිටරැටියා Sunday, 20 April 2025 03:07 PM

අපිත් මාස 6 ක් ම බලාගෙනයි උන්නේ? අපිට නම් එහෙම දෙයක් පෙනුනේ නැහැ. බොරු කියලා ජනතාව අන්දවන අය ගැන කවර කතාද?

:       0       0

Rata Perata Sunday, 20 April 2025 04:01 PM

මේ වගේ පුස් මිනිහෙක් වෙන මොනවා කියන්නද? වෙලාවකට පව් කියලත් හිතෙනවා.

:       0       0

lokka Sunday, 20 April 2025 04:14 PM

පිස්සෙක්

:       0       0

Kamal Koyrala Sunday, 20 April 2025 04:28 PM

ඔබ තුමාට ආණ්ඩුවක් දෙන්න මාස හයකින් රටේ ණය ගෙවලා, 2.50 ට හාල් කිලෝවක් දෙන්න පුළුවන් කියලා ප්‍රසිද්ධියේ කියන්න . එතෙක් මෙතෙක් ආණ්ඩු වල ප්‍රතිපත්ති ප්‍රකාශ 100% සම්පූර්ණ කළ ආණ්ඩුවක් කියන්න ප්‍රසිද්ධ වේදිකාවේ

:       0       0

ගමේ එකාලා Sunday, 20 April 2025 04:46 PM

තුන් පාරක් ජනාධිපති කමට ඉල්ලුවා නේද බැරි උනේ, තමුන් කියන කරන දේවල වල හොඳ කමට වෙන්ඩැති?

:       0       0

විපරමා Sunday, 20 April 2025 05:51 PM

මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ ජනතාව රවට්ටලා බලයට ඇවිත් කරපු විනාසේ තේරුම් ගත්තු නිසයි මාළිමාවට බලය දුන්නේ? තමුන්ට පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරුව තවත් කවර කතාද.?

:       0       1

Chathuri Sunday, 20 April 2025 08:03 PM

කෙටියෙන් කිව්වොත්. මූ පිස්සෙක්. දැන් ඔවා කියලා වැඩක් නැහැ. හැන්ද අල්ලන් ඉන්නෙ අනුර. ජිවිතේට බිමට වැටෙන්නෙ නැහැ. හේතුව. උබලා කරපු අසික්කිත වැඩ කිසිම දෙයක් නොවෙන නිසා. උබලා කෙරුවේ හොරා කනවා බදු මිල වැඩිකරනවා, පන්සල් ගිහින් කරඩුව ඔලුවේ තියා ගන්නවා. ඒ සාපෙ වැදුනේ නිකම්ම බයියෝ විතරයි. මොලයක් තියෙන කිසි කෙනෙක් ඔය ලග ඉන්නවාද .වටවෙලා ඉන්නෙත් නූගත් හොරු

:       1       1

Perera Monday, 21 April 2025 02:07 AM

අපොයි ඔව්, මේගොල්ලෝ ඇමතිකම් කරපු ආණ්ඩු දුන්න ඔක්කොම පොරොන්දු ඒ යුරින් ඉටුකරලා, අන්තිමට රටත් බංකොලොත් කරලානේ නැවතුනේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 14 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 262 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 329 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 319 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 183 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 195 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site