IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


මාලඹේ දෙන්නා මළේ අයිස් හදන්න ගිහින්?

(කේ. බුද්ධික. කුමාරසිරි)

මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ ජයන්ති මාවත නිවසක් තුළ දී  විෂ දූමයක් නිසාවෙන් දෙදෙනෙකු මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතා කර නිවස තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට  සැක පහළ කළ හැකි කරුණු රැසක් අනාවරණය වී ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා අද (14) දින පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිස්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා සමගින් පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර එම පිරිස විසින් නිවස තුළට ඇතුළු වී මූලික පරීක්ෂණයක් සිදු කරන ලදි.

ඉන් අනතුරුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි විය.

ඉහත දෙපාර්ශවයටම එම ස්ථානයේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය පිළිබඳව අනුමානයක් ලබා ගැනීමට නොහැකි වූ නිසාවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ආරක්ෂිත ඇඳුම් සමගින් රසායනික ද්‍රව්‍ය තිබූ නිවසේ කාමරයට ඇතුළු වී සිදුකළ පරීක්ෂාවෙන් අනතුරුව මෙම රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවට හඳුනා ගත් බවද පොලිසිය පවසයි.



අදහස් (2)

මාලඹේ දෙන්නා මළේ අයිස් හදන්න ගිහින්?

Nihal Wednesday, 14 August 2024 10:48 PM

තන්හාව ජායතී රටටම සතුටක්...! 

:       0       3

sam Thursday, 15 August 2024 07:51 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා .සමාජයට යහපතක් මුන්ව එලෝ ඇරපු එකා .කාලකන්නි

:       2       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 51 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 89 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 807 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 385 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 444 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1305 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site