IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාලඹේ සිසු නඩුවට වාසුත් පැටැලේ

2009 දී මාලඹේ තාක්ෂණ ආයතනයේ සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නීතීපති අද හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නම් කළේය.

කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ඉදිරියේ පැවරු නඩුවෙන් නීතීපති එසේ කළේය.ඔහු කඩුවෙල උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

නිපුණ රාමනායක නම් සිසුවාට පහර දුන්නැයි ගුණවර්ධන මහතාගේ පුත් රවිදුට හා පොලීස් කොස්තාපල්වරුන්  හය දෙනකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කැර තිබිණි.

 

 



අදහස් (0)

මාලඹේ සිසු නඩුවට වාසුත් පැටැලේ

අසේල Thursday, 10 October 2013 09:09 AM

මට නම් හිතෙන්නේ ගම්පහ පළාතේ දේශපාලකයක්ට හිතේ හැටියට නටන්න බැරි වුණ එකත් මේකට එක හේතුවක් වෙන්න ඇති කියලා (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 09 October 2013 08:56 AM

ආරියසේන කියන කෙනා වාස් මහතා ගැන හොදටම දන්නා බව පෙනෙනවා. ඒ මොනවා වුණත් වාස් චෝදනා වලින් නිදහස් වෙලා නැවත පොලිසියේ රස්සාවට පැමිණියා කිවුවත් මම පුදුම වෙන්නෙත් නැහැ.ලංකාවේ වැඩ වෙන්නේ එහෙමයි. (නි)

:       0       0

රෝසා Wednesday, 09 October 2013 02:51 PM

වාස් නෙමේ කව්රු උනත් වරදක් කලානම් දඩුවම් ලබන්න ඕන (දිල්)

:       0       0

ආරියසේන Tuesday, 08 October 2013 08:49 PM

මා පළමුවෙන් මතක් කර දෙන්න කැමතියි වාෂ් කියන්නේ රටට ආදරය කරපු, පොලිසියේ කාගේත් හිත දිනා ගත්, උසස් දක්ෂ පොලිස් නිලධාරියෙක්.මම හිතන්නේ මුළු පවුලටම සෙනසුරු ඒරාස්ඨකේ වෙන්න ඇති.නැත්නම් නරක මතුවෙන්න විදියක් නැහැ.(අ)

:       0       0

ද සිල්වා Tuesday, 08 October 2013 08:55 PM

දැනට ටික දවසකට ඉස්සර අපේ වත්තේ බැඳලා හිටපු හරක හොරු අරන් මරල මස් විකුණලා , අපි පොලිසි ගියහම පොලිසියෙන් කිවුව හරක් පරිස්සන් කරන්න අපට බැහැ කියල , එතකොට වාස් මහතය තමඊ ගාලු කොට්ටාශය භාරව හිටපු පොලිස් නිලධාරියා , මටත් බැරිද ඔහුව අල්ලලා නඩුවක් දාන්න (අ)

:       0       0

කාන්ත Tuesday, 08 October 2013 09:20 PM

ආරියසේන වාස්ගෙ දේශප්‍රේමය ගැන ඔයා අම්බලන්ගොඩ ඇවිල්ලා අහන්න​..නියමෙට අහගන්න පුලුවන්. (අ)

:       0       0

ආරියසේන Tuesday, 08 October 2013 09:26 PM

කාන්ත ඔබ අමලන්ගොඩ ද අඩු ගානේ ගමේ මිනිහට වත් හිතවත් කමක් තියෙන්න ඕන නේද? (අ)

:       0       0

පද්මිණි Wednesday, 09 October 2013 10:34 AM

ආරියසේන හිතන විදියට තමයි මාත් හිතන්නේ මේ ප්‍රශ්නයේදි. මම ඉන්නේ වෙනත් රටක. නමුත් රට යන හැටි අපි හොදට පෙනෙනවා. ළිදේ ඉන්න කෙනාට පෙනෙන ප්‍රමාණයට වැඩිය වපසරියක් පිට ඉදලා බලන කෙනාට පෙනෙනවා. (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 08 October 2013 09:59 PM

නිල බලය පාවිච්චි කරලා එයා වැරදි කළා නම්, මෙහෙම වෙලා මදි. (නි)

:       0       0

ගජමන් Tuesday, 08 October 2013 10:08 PM

වාස් කියන්නේ ජනතාවගේත්, පොලිසියේත්, රටෙත් ආදරය දිනාගත් යකඩ කොන්දක් තිබුණු පොලිස් නිලධාරියෙක්. වැඩිය ජනප්‍රිය වෙන එකත් ඒතරම් ඇඟට ගුණ නැහැ. පුද්ගලිකව මට නම් වාස් වීරයෙක්. (නි)

:       0       0

කාන්ත Wednesday, 09 October 2013 05:06 PM

ආරියසේන, මම අම්බලන්ගොඩ තමයි. හැබැයි ගමේ කියලා ගමේ පැත්ත ගන්න කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

ජයකොඩි Tuesday, 08 October 2013 10:33 PM

වාස් අම්බලන්ගොඩ ගමේ නමත් විනාස කරලා දැම්ම (අ)

:       0       0

උපාලි Tuesday, 08 October 2013 11:56 PM

කොහොමත් අපේ නීති යාන්ත්‍රන ක්‍රියාත්මක වෙන්නේ බොහොම හෙමින්. (නි)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 09 October 2013 12:16 AM

අපි කාගේ අතින්ද වැරදි නොවෙන්නේ? වාස් වැරදි කළා වගේම හොද දේවලුත් කළා.වාස් නොහිටින්න අදටත් කහවත්ත අදුරේ. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 09 October 2013 12:50 AM

රත්තරක් කඩුව නිසා බෙල්ල කැපුවට කමක් නැද්ද ? "වාස් කියන්නේ රටට ආදරය කරපු, පොලිසියේ කාගේත් හිත දිනා ගත්, උසස් දක්ෂ පොලිස් නිලධාරියෙක්." නිසා එයාගේ පුතා කවුරුහරි පැහැරගෙන ගියාට කමක් නැද්ද ? ඔය සමහරුන්ට කමක්නැති වුනාට නිපුණ රාමනායකගේ අම්ම තාත්තට ඒ තිරනයගන්න දෙන්න. ශියාම් ඝාතනයේ අමාරුව දැනෙන්නේ ශියාම්ගේ බිරිදට,දරුවන්ට,අම්ම තාත්තට.තමන් වාස්ගෙ ගෙදර ලග නිසා හෝ වාස්ගෙ උදවුවකින් හිරේ නොයා බේරුනනිසා වාස්ට චරිත සහතික නොදී ඉන්න. (අ)

:       0       0

ලලිත් Wednesday, 09 October 2013 01:13 AM

ඕක අලුත් පටලැවිල්ලක්ද? නැත්නම් පහරදුන් දවසේ වුණ පටලැවිල්ල දැන් උසාවියට දන්වලාද? (නි)

:       0       0

ලලිත් Wednesday, 09 October 2013 01:18 AM

ආරියසේන මහත්තයෝ ඔය සෙනසුරා එකතැන ඉන්නේ නැහැනේ කැරකෙනවා. ඉස්සර එරෂ්ටකේ ලබල තිබුනේ රටේ අහිංසක මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ හොඳ වෙලාවට එක වාස් මහත්තයට කැරකුණ. දැන් නම් මට පෙන්නේ එක එකතැන කැරකෙනවා වගේ? (අ)

:       0       0

ගමා Wednesday, 09 October 2013 01:59 AM

ඔහොම යමු. (නි)

:       0       0

දම් Tuesday, 08 October 2013 06:44 PM

තනතුරු නිසා පිම්බුණු අය දිනයක පිපිරෙනු ඇත (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 08 October 2013 06:52 PM

ඕක තමා කියන්නේ අටලෝ දහම අනුව කළ හොද පස්සෙන් එනවා කියලා. වැරදි කරන අනිත් අයටත් කවදා හරි පස්සෙන් ඒවි කළකම්. (නි)

:       0       0

අනිල් Tuesday, 08 October 2013 06:56 PM

වැපිරූ දේ තමා නෙලාගන්න වෙන්නෙත්. මොනවා කරන්නද ඉතින්...? (නි)

:       0       0

ලංකා Tuesday, 08 October 2013 06:59 PM

එකක් අවසන් වෙනකොට තව එකක්... (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 09 October 2013 03:28 AM

අනේ පව්. වාස් හරිම අහිංසක කෙනෙක් (නි)

:       0       0

චමින්ද Wednesday, 09 October 2013 04:15 AM

දැන් ඊළගට මොනවා වෙයිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 04:39 AM

ආරියසේන , ගමේ කෙනා ගැන දන්නේ ගමේ අයනේ. ඔයා මොකද මේ වාස්ට සුදු හුණු ගාන්න මේ තරම් දඟලන්නේ? අබ ඉස්සොත් අබ ගන්න පුළුවන්, මුං ඉස්සොත් මුං ගන්න පුළුවන්. මේක තමයි බුදු දහමේ සත්‍යය. (නි)

:       0       0

නසාර් Tuesday, 08 October 2013 07:17 PM

'ගොඩ ඒමක්' නම් නැහැ වගේ (නි)

:       0       0

පාලිත Wednesday, 09 October 2013 04:58 AM

නපුරු කලට සත හට පැමිණේ වෙහෙස - ඒ දුක නොවේ කල පව් පල දෙවා මිස. (අ)

:       0       0

ලෙස්ලී විජෙසින්හ Tuesday, 08 October 2013 07:24 PM

ඔහුගේ පවුලේ වෙන කවුරුත් මේ නඩුවට අදාල නැද්ද? (නි)

:       0       0

ගජමන් Tuesday, 08 October 2013 07:25 PM

එහෙම නඩුවලට සම්බන්ධ කරගන්න පුලුවන්ද? මම මේ නොදන්නා නිසයි ඇහුවේ. (නි)

:       0       0

ආරියසේන Wednesday, 09 October 2013 07:01 AM

කුඩු කාරයෝ,මංකොල්ල කාරයෝ,තමා විරුද්දව ඉන්නේ,වාස් ගෙන් ඒ අයට තැනක් නැති නිසා. (අ)

:       0       0

කුමාරි Tuesday, 08 October 2013 07:52 PM

තමන් බලයේ සිටියදී ඕනෑම දෙයක් කර ගොඩ යා හැකි යැයි සිතන අයට හොද පාඩමක් (නි)

:       0       0

ඉෂාර Wednesday, 09 October 2013 08:16 AM

ආරි අයියා, ඔහොම යමුකෝ (නි)

:       0       0

ලෙස්ලී විජේසිංහ Wednesday, 09 October 2013 08:18 AM

ආරියසේන, නිලධාරියෙක් වශයෙන් වාස් වැඩක් කළා. ඒ වුණාට නිල බලය අනිසි ලෙස යොදාගෙන තිබෙනවා. ඒවා තමයි දැන් මේ ගෙවන්නේ (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 08 October 2013 08:04 PM

එතකොට ඒ ළමයාට පහරදෙන්න කාන්තාවකගේත් සම්බන්ධයක් තිබුණා කියලා කියන කතාව මොකක්ද? (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 08 October 2013 08:06 PM

වෙන නඩු නැද්ද පැටළුණු? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 757 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1692 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 802 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 785 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 772 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20088 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16768 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site