IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මිලියන 7 ක් කොවිඩ් වලින් මැරිලා

(විමුක්ති එස් රුද්‍රිගු)


පසුගිය 17 වැනිදායින් අවසන් වූ දින 28 කාලය තුළදී ගෝලීයව පුද්ගලයන්  850,000 ක් කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් පුද්ගලයන් 3000 කට ජීවිතය අහිමි වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

පසුගිය දින 28 ට සාපේක්ෂව නොවැම්බර් 20 වැනිදා සිට මෙම මස 17 වැනිදා දක්වා කාලය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම සියයට 52 ක ඉහළ ගොස් ඇතැයි මින් පෙනීයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.

කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට පසුගිය 17 වැනිදා දක්වා මිලියන 772 කට කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් අහිමි වී ඇති ජිවිත ගණන  මිලියන 7 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.යුක්රේනයේ පමණක් මේ වන විට කොවිඩ් උප ප්‍රභේද 13 ක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.

පසුගිය නොවැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා කාලය තුළ කොවිඩ් රෝගය වැළඳී 118,000 ක් ගෝලීයව රෝහල් ගත කර ඇති බවත් ඉන් 1600 ක් දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.ජේ.එන් 1 උප ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිර යාම හේතුවෙන් අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක් ලෙස ජේ.එන් 1 උප ප්‍රභේදය වර්ගීකරණය කර ඇත.

ශීත සෘතුවත් සමඟ ජේ.එන් 1 රටවල් රැසකට දැඩි හිසරදයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. ජේ.එන් 1 ඇතුලුව සියලුම ප්‍රභේද සහ උප ප්‍රභේද වලින් ආරක්ෂා කිරීමට කොවිඩ් මර්දන එන්නතට තවමත් හැකියාව තිබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ඉන්දියාවේ ජේ.එන් 1 ව්‍යාප්තියත් සමඟ මේ වනවිට නව කොවිඩ් රෝගීන් ගණන 4000ට ළඟා වෙමින් පවතින බවත් කොවිඩ් රෝගයෙන් ඇතිවූ සංකූලතා මත මරණ 6 ක් වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.



 

 



අදහස් (0)

මිලියන 7 ක් කොවිඩ් වලින් මැරිලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 126 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2220 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 863 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2537 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1531 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2786 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39326 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site