(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එමින් තිබිය දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද රුපියල් මිලියන හැත්තෑ පහක් පමණ වටිනා මිලියන තුනක් පමණ වූ දුම් වැටි තොගයක් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්කොල සමාගම වෙත භාර කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිවිරෝධී දුම්වැටි ජාවාරමට එරෙහිව මෙම වසරේ මුල් මාස හයේ දී සිදුකරන ලද මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් දුම් වැටි තොගය මෙසේ විනාශ කිරීමට පියවර ගෙන ඇත .
ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද මෙම දුම්වැටි තොගය රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුතුවේ. නීති විරෝධී අන්දමින් ගෙන එන ලද මෙම දුම් වැටි හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික වන බවට ගණන් බලා ඇත .
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙසේ දුම්වැටි ගෙන එන ලද්දේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදා ගනිමින් බවද රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.
.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිලියන 75 ක දුම්වැටි විනාශයට
Lalla Wednesday, 04 September 2024 10:02 AM
රාජසන්තක කර වෙන්දේසියට දාන එක නොකර විනාශ කල එකේ තේරුම මොකක්ද?විනාශ කරන්නත් ගෙවන්න ඕන නේද?දුප්පත් රටකට නොගැලපෙන නීති.
Pradeep Kumara Wednesday, 04 September 2024 10:15 AM
රු. මිලියන 75ක් වටිනා දුම්වැටි තොගයට පනවා ඇති බදු මුදල රු. මිලියන 480ක්, ඉතිං හොරෙන් ගේන්න පෙළඹෙන එක පුදුමයක්ද? අනික ඇයි මේ දුම්වැටි තොගය විනාශ නොකර අලෙවි කර රජයට අදායමක් ගන්න බැරි? මීට කලකට පෙර නීති විරෝධීව ගෙනා බව පවසමින් පාසැල් උපකරණ තොගයක් විනාශ කලා. නමුත් ඒවා විනාශ නොකර අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට බෙදලා දෙන්න තිබුනා.