IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘මලයාසියාවේ ආරක්ෂාව මදි‘

මලයාසියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි අන්සාර් මහතා දෙමළ විරෝධතාකරුවන් පිරිසකගෙන් ප‍්‍රහාරයකට ගොදුරු වූයේ එරට පරිපාලනයේ ඇති දුර්වලතා සහ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළ පර්යන්තයේ පවතින දැඩි අනාරක්ෂිතභාවය හේතුවෙන් යැයි ඉන්දියාවේ පළවන ‘‘ ඉන්දියන් එක්ස්ප‍්‍රස් ’’ පුවත් සේවය කියයි.

එසේම ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට එවැනි ප‍්‍රහාරයක් එල්ල වූ ක්වාලාලම්පූර් ගුවන්තොටේ විශේෂ අමුත්තන් සඳහා  වෙන්වු විශේෂ ආරක්ෂාවක් නොමැති කමින් යැයි ද රජයේ ප‍්‍රකාශයකු උපුටා දක්වමින්  එම පුවත්පත පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආසියානු ජාත්‍යන්තර පක්ෂ සම්මේලනයට සහභාගී වීම සඳහා මැලේසියාවේ කළ සංචාරයේදී යම් යම් අනාරක්ෂිත තත්ත්වයන් වාර්තාවන බව අන්සාර් මහතා මැලේසියා පොලීසයට පවා දැනුම් දී තිබුණද එම පොලිස් බලධාරීන් විසින් ඒ පිළිබඳ තැකීමක් නොකළ බවද එහි සඳහන් ව ඇත.

කෙසේ වෙතත් මැලේසියාවේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට ගුවන්තොටුපළේදී ප‍්‍රහාරයකට ගොදුරු වීමට මත්තෙන් විරෝධතාකරුවන් පිරිසක්  ඔහුගේ නිවසට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ  අවදානමක් පවතින බවට එරට පොලීසියට තොරතුරු පවා ලැබී තිබුණු බවද ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

ඒ පිළිබඳ සලකා බලමින් එක් දිනකට පමණක් මලයාසියා පොලීසිය  ක්වාලාලම්පූර් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ආරක්ෂාව ලබා දුන් බවද එම පුවත්පත කියයි.

 

 

 



අදහස් (0)

‘මලයාසියාවේ ආරක්ෂාව මදි‘

කින් බෙනට් Monday, 12 September 2016 06:52 PM

ජාතියක් සහ රටක් වශයෙන් මේකට සම්පුර්ණයෙන්ම විරෝදත්වය පළකළ යුතුයි. එහෙම නැත්නම් විදේශගත සියලුම ලාංකිකයන්ගේ වටිනාකම ලෝකයේ තවත් බාල්දු වෙන එක නවත්වන්න බැහැ. (නි)

:       0       0

කසුන් Tuesday, 13 September 2016 11:42 AM

ලලිත්, ඔයා දමාම් වලට වෙලාම ඉන්න. මොකද මේ වෙනකොට ඔයා වගේ හිතන අය මෙහෙට අඩුවක් නැති නිසා. (ර)

:       0       0

ලාල් Tuesday, 13 September 2016 12:48 AM

මේ රජයට ලෝකයේ හැම රටකින්ම වාගේ පිළිගැනීමක් සහයෝගයක් තියෙනවා කියලා පුරාජේරු කිව්වට ඒක මුසාවක් කියලා ඔප්පුවුණා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 13 September 2016 01:53 AM

ප්‍රභාකරන්ව අවසානය ළඟාකරපු සටනට සහයෝගය දුන්නේ මහින්ද මහත්තයා නිසා පිටරටට වෙලා ඉන්න කොටි පළිගන්නයි එහෙම කරන්නේ. (නි)

:       0       0

සජීව Tuesday, 13 September 2016 02:49 AM

සමහරු මේකත් රාජපක්ෂවරුන්ට විරුද්ධව යොදාගන්න හැදුවා නේද? ඔය දීලා තියෙන්නේ නියම උත්තරය (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 13 September 2016 05:28 AM

එතකොට ඉන්දියාවේ රජීව් ගාන්ධිව මැරුවේ ඉන්දියාවේ ආරක්ෂාව හා පරිපාලනය හොඳ නිසාද? (නි)

:       0       0

සජිත් Tuesday, 13 September 2016 05:44 AM

එතකොට බෞද්ධ විහාරස්ථාන සහ ඒවායේ වැඩවෙසෙන ස්වාමින් වහන්සේලාගේ ආරක්ෂාව ගැන ඇයි කවුරුත් කතාකරන්නේ නැත්තේ? (නි)

:       0       0

අරවින්ද Tuesday, 13 September 2016 07:47 AM

අපි බලමුකෝ මොකක්ද මේකට ගන්න පියවර කියලා (නි)

:       0       0

ලලිත් දමාම් Tuesday, 13 September 2016 08:22 AM

අඩියෙන් අඩිය සහ හැම විනාඩි තුනකට වරක්ම පොලිස් වාහන ගමන් කරන සෞදියේත් මීටවඩා බරපතල දේවල් සිද්ධවෙනවා නම්, දැවැන්ත ආරක්ෂක වළල්ලක් තිබුන ප්‍රේමදාස ජනාධිපතිතුමා රජිව් මහතා වගේ අයත් විනාශකළා නම්, මැලේසියාව වගේ ත්‍රස්තවාදය නැති රටක මොන කතාද? මේවා දිහා දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව යථාර්ථය ගැන හිතන්න (නි)

:       0       0

ජනහිත Monday, 12 September 2016 03:33 PM

මලයාසියාව කොටි රටක් වෙන්න ඇති ඔය තරම් හයියක් ඇත්තේ. මලයසියාවෙන් පරිස්සම් වියයුතුයි. (ර)

:       0       0

හැරිස් Tuesday, 13 September 2016 08:17 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 92 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 527 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 486 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1361 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7291 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 125 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site