IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වාධීනයි : දේශපාලන අතපෙවීම් නෑ‘

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් නැති බවත් අග්‍රමාත්‍ය කාර්යාලයය කියයි.

පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය ස්ථාපිත කළේ බරපතල මූල්‍ය අපරාධ බහුල ලෙස වර්ධනය වූ පසුබිමක බවත්, පොලිස් ආඥාපනතේ 55 වැනි වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පිහිටවූ එය පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත් අගමැති කාර්යාලයය සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

‘පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධව මේ වන විට මෙවැනි අංශ 64 ක් ක්‍රියාත්මක වන අතර, ඒ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ වාර්තා අංශය, අපරාධ පරීක්‍ෂණ අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, වංචා විමර්ශන ඒකකය සහ පරිසර සංරක්‍ෂණ අංශය ද වේ. මෙම අංශ අතරින් බොහොමයක් පොලිස් දෙපාර්තමේන්තුවේ ආරම්භක කාල සීමාවේ පැවතුණු ඒවා නොවන අතර පසු කාලීනව ඒ ඒ කාල සීමාවන්හි පැන නැගුණු අවශ්‍යතා අනුව ස්ථාපිත කරන ලද ඒවාය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය ද ස්ථාපිත කරන ලද්දේ ඊට සමාන අන්දමටය. පොලිස් දෙපාර්තමේන්තුවට ඇති බලතල හැරුණු විට වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත බලයක් හෝ විශේෂ විධානයක් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබා දී නැත. මෙවැනි අංශයක් අලූතින් ස්ථාපිත කිරීමේ අරමුණ වූයේ මූල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් පළපුරුදුකම් සහිත නිලධාරීන්ගේ සේවය ඒ සඳහා ලබා ගැනීමට හැකි යාන්ත්‍රණයක් සකසා පරීක්‍ෂණ කඩිනම් කිරීමයි.

දූෂණ මර්දන කමිටුව නම් වන කැබිනට් අනු කමිටුව පත් කරන ලද්දේ මේ වසරේ ජනවාරි 21 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුකූලවය. අනාගතයේදී බරපතළ මූල්‍ය අපරාධ සහ වංචා සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අරමුණ ඇතිව මෙම කමිටුව පත් කරනු ලැබිණි. මෙම කමිටුවේ නිර්දේශ මත සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මේ සඳහා වෙනම ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන ලදී. මෙම ලේකම් කාර්යාලය පිහිටුවීමේ අරමුණ වූයේ බලපතළ මූල්‍ය අපරාධ සහ වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ සම්බන්ධීකරණය කිරීමය.

මෙහිදි අවධාරණය කළ යුතු කරුණක් වන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය හෝ එම ලේකම් කාර්යාලය කැබිනට් අනු කමිටුව මඟින් කිසිසේත් පාලනය නොවන බවයි. එසේ වූවත් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම තහවුරු කරලීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පමණක් නොව නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් ද සිදු කරනු ලබන පරීක්‍ෂණවල ප්‍රගතිය සතිපතා සමාලෝචනය කිරීම සිදුවේ. 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය සහතික කරන අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවට ද අවධාරණය කෙරේ‘
 



අදහස් (0)

‘මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වාධීනයි : දේශපාලන අතපෙවීම් නෑ‘

විජයබාහු Tuesday, 12 May 2015 10:10 AM

ඒ විදියට සිද්ධ වෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

dineth Tuesday, 12 May 2015 04:43 AM

නීතිය ක්‍රියාත්මක කලයුත්තේ නිත්‍යානුකුලව පිහිටවපු ආයතන වලින් (කේ)

:       0       0

සුරනිමල Tuesday, 12 May 2015 04:52 AM

1977 සිට 2015 ජනවාරි 8 වෙනි දින දක්වා අපේ රටේ සිදු වූ දේවල් නිසා ස්වාධීන යන වචනයේ තේරුම ගැන ඇත්තේ කුකුසක්ය.පසුගිය රජයේ අය වැරදි කර තිබෙනවා නම් ඒ ගැන නිත්‍යානුකූලව සොයා බලා අනිවාර්යෙන්ම දඩුවම් කළයුතුය.යහපාලන යන වචනය විනාශ කළ මහා බැංකුවේ සිද්ධිය සම්බන්ධවද ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවයක් ඇති බවද වර්තමාන රජය අමතක නොකළ යුතුය. (නි)

:       0       0

ඉන්දික Tuesday, 12 May 2015 05:10 AM

මේවායේ විපාක ලැබේවි ඉදිරියට. එතකොට පෙනෙයි ස්වාධීනද නැද්ද කියලා (නි)

:       0       0

ජොහාන් Tuesday, 12 May 2015 05:12 AM

මේක කරන්නේ කවුද කියලත් කියන්න. දේශපාලකයෝ නැතුව පොලිසියම මෙය කරනවා නම් තවත් හොඳයි. (නි)

:       0       0

පද්මිණී Tuesday, 12 May 2015 05:29 AM

අවනීතිය වාන්දමමින් සිටි යුගයක ලංකාවේ බුද්ධිමත් ජනතාව සියලු වැරයොදා එම වාන් දොරටු වසා දැමුවා. දැන් අපේ රටට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා. (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 12 May 2015 05:36 AM

චානක මහතාණෙනි, වෙනස පෙනෙනවා අපිට හොඳට (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 12 May 2015 05:37 AM

කොමිසම ගානට අවශ්‍ය පුද්ගලයින්ව අල්ලයි ඡන්දෙට කලින්. (නි)

:       0       0

සමන් Monday, 11 May 2015 03:19 PM

කාටවත් බය වෙලා මේවා නතර කරන්න එපා. මේවට බයවෙලයි දැන් ඉන්නේ මේ රට කාපු හොරු (නි)

:       0       0

මහානාම Monday, 11 May 2015 03:31 PM

මේ ආණ්ඩුවේ සියලුම දේවල් ස්වාධීනයි , කිසිම දෙයක් දේශපාලනි කරණය වෙලා නෑ. 100% ඇත්ත . (හේ)

:       0       0

කමල් Tuesday, 12 May 2015 06:51 AM

රනිල්ට අපේ උත්ත්මාචාරය (නදී)

:       0       0

දහම් Monday, 11 May 2015 03:56 PM

ඕවා අපිට කියන්න එපා (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලීස් Monday, 11 May 2015 04:43 PM

පෙනෙනවා නේද වෙනස ......? අපි කලබල නොවී ඉඳිමු. අපරාධකරුවන් සුද්දකර රටේ ජනතාවගේ සතයකටවත් අත නොතියන තැනට රට ගෙන ආ යුතුයි (නි)

:       0       0

තිස්ස Wednesday, 13 May 2015 12:09 PM

කියන විදියටම වෙනවා නම් අපි හරිම කැමතියි (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Tuesday, 12 May 2015 03:11 AM

නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් හෘද සාක්ෂියට එකඟව සැමවිටම විමර්ෂණ අරඹන්න. චෝදනා වලට ලක්වු තැනැත්තන්ට චෝදනා ගොනුකිරීම නඩු පැවරීම යනාදී කාරණා වලදී කිසිදු දේශපාලන හස්තයක උවමනාවන් ඉටුනොකරන්න වගබලාගන්න. රාජකාරි කරන අය දහම හා දෙවියන් විසින් සුරකිනු ඇත. එය එසේ නොකළහොත් ඔබට මිහිපිට මිහිකතගේ උදහසට ලක්ව මියයනතුරුම දැවි දැවී පිච්චෙන්නට නිසැකවම සිදුවනු ඇත. (නි)

:       0       0

දුමින්ද Tuesday, 12 May 2015 03:53 AM

මහා බැංකුවට දැමූ කොමිසම වගේ නම් නොවේවා! (නි)

:       0       0

ජනහිත Tuesday, 12 May 2015 03:57 AM

ඇත්තම කියනවා නම් දැන් සියලුම දෙනා හරිම ස්වාධීනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 496 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3231 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1151 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1992 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site