IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මූල්‍ය වංචා ගැන මහජන සාක්කි විමසයි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේ පරිශ්‍රයක් විවෘත අධිකරණයක් බවට පත් කර මහාධිකරණ විනිසුරුවන් ඉදිරියේ මූල්‍ය වංචා හතරක් සම්බන්ධව මහජන සාක්කි විමසීම මේ මාසයේදී ඇරඹෙන බව බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.

විනිසුරු පද්මන් සූරසේන, විනිසුරු ආමේන්ද්‍ර සෙනෙවිරත්න, විනිසුරු විකුම් කළුආරච්චි, විනිසුරු ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මහජන සාක්කි විමසීම් ඇරඹෙයි.

මේ අවස්ථාවට හිටපු විගණකාධිපති බී.ඒ.ප්‍රේමතිලක කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහත්වරු සහභාගි වෙති.

බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත් බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලද මහජන පැමිණිලි සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සාක්කි විභාග ඇරඹෙයි.

මේ වන විට පැමිණිලි 600ක් පමණ ලැබී ඇත. ඒ අතරින් පැමිණිලි 4ක විමර්ශන සිදුකර ලද තොරතුරු පදනම් කර ගනිමින් ඒ සම්බන්ධව මහජන සාක්කි විමසීම් ඇරඹෙයි.

තවත් පැමිණිලි 50ක විමර්ශන කටයුතු සිදුවෙයි. විමර්ශනය සිදු කරනුයේ සහකාර පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝධිපක්ෂ මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමකි.

පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධි විධානයන්ට අනුව මෙම කොමිසන් සභාව ඉදිරියේ සාක්කි දෙන සෑම පුද්ගලයකුටම සාක්කිකරුවන්ගේ වරප්‍රසාදවලට හිමිකම් ලැබෙයි.



අදහස් (0)

මූල්‍ය වංචා ගැන මහජන සාක්කි විමසයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1773 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1118 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2049 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2942 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site