IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මලලසේකර ශබ්දකෝෂය භාවිත කළාට මලලසේකර ගැන දන්නවාද?

2016-11-10-ent-28

සිංහල ජාතිය සන්තක වූ මහරු පඬිරුවනක ලෙසින් ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා ඇතුළු ලෝක භාෂා අතුරින් භාෂා තිස්තුනක් ලිවීමේ, කියවීමේ හා චතුරව කතා කිරීමේ උපන් හැකියා මහිමයෙන් පිරිපුන් විද්වතාණෝ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර ශූරීන් බව අමතුවෙන් කිවයුත්තක් නොවේ.

2016-11-10-ent-27මෙරටින් බිහි වූ විශිෂ්ටතම උගතෙකු, යහපත් රාජ්‍යතාන්ති‍්‍රකයකු මෙන්ම බොදු පුනරුද ව්‍යාපාරයේ කීර්තිමත් පෙරගමන්කරුවකු ලෙසද මහාචාර්ය ගුණපාල මලලසේකරයාණන් හැඳින්වීමට පුළුවන.

මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර ශූරීන්ගේ 117 වන ජන්ම දින සැමරුම අදට (09) යෙදී ඇති අතර, අද උදෑසන 8.30 ට එතුමන් සමරා විශේෂ සැමරුම් උලෙළක් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ගුණපාල මලලසේකරයන්ගේ පිළිරුව අසලදී සිදුකිරීමට නියමිතය.

මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර ශූරීන් පිළිබඳවත්, එතුමන්ගේ දැක්ම ඉදිරියට ගෙනයෑමට සිදුකරන කාර්යයන් පිළිබඳවත් මහාචාර්ය මලලසේකරයන්ගේ බාලම පුත් විජය මලලසේකර මහතාගෙන් ලබාගත් තොරතුරු අනුව මෙම ලිපිය සැකසේ.

පානදුරේ මාලමුල්ලේ ජෝර්ජ් පීරිස් මලලසේකර නමින් 1899 නොවැම්බර් 09 වන දින උපත ලද ගුණපාල මලලසේකර, ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පුත්‍රයා විය. අනගාරික ධර්මපාලතුමා විසින් බෞද්ධ පුනරුදය සඳහා ආර්ය සිංහල නම් ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ ඉංග්‍රීසි නම් වෙනුවට ගුණපාල පියසේන මලලසේකර යන නමින් පසුව හැඳින්විණි.

කුඩා කල පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයේ 1907 සිට 1917 දක්වා මූලික ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීය.

2016-11-10-ent-301919 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර බී. ඒ. උපාධිය පළමු පංතියේ සාමාර්ථයක් සහිතව සමත් වීමට මලලසේකරයන්ට හැකිවිය. ඔහු ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් හා ප්‍රංශ භාෂාවන් හදාරා එම වර්ෂයේ බී. ඒ. උපාධිය පළමු පංතියේ සාමාර්ථයක් සහිතව ලබාගත් බාලම ශිෂ්‍යයා වීමේ ගෞරවයද ලැබීය.

බී. ඒ. උපාධියෙන් පසුව ආනන්ද විද්‍යාලයට පළමු පත්වීම ලැබ පැමිණි ගුණපාල මලලසේකර මහතා, ප්‍රධාන විදුහල්පති වූ පී. ඩී. එස්. කුලරත්න මහතා යටතේ ගුරුවරයකු විය. ඔවුන් දෙදෙනා සිංහල ජාතික ඇඳුමේ නිර්මාතෘන් වූයේ මේ අවස්ථාවේය.

 

එකවර උපාධි දෙකක්

1923 වර්ෂයේදී නැවතත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා අංශයට ඇතුළත්ව 1925 වර්ෂයේදී එම්. ඒ. සහ පී. එච්. ඩී. යන පශ්චාත් උපාධි දෙකම එකවර ලබාගැනීමේ දක්ෂතාවයද ඔහු තුළ විය. එමෙන්ම ආචාර්ය උපාධිය සඳහා %ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය^ යන නිබන්ධය සඳහා ප්‍රධාන විෂය පාලි භාෂාව වූ අතර, මෙම උපාධි දෙකම පෙරදිග භාෂා පිළිබඳ උපාධි විය. ලක්දිවට පැමිණ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ලෙස යළිත් සේවයට එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලය "යුනිවර්සිටි කොලේජ්" නමින් හැඳින්වුණු අවදියේදී ලන්ඩන් විශ්වවිද්‍යාල විභාග සඳහා පාලි හා සංස්කෘත භාෂාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කළ මලලසේකර ශූරීහු 1942 වර්ෂයේ යුනිවර්සිටි ඔෆ් සිලෝන් ආරම්භ වූ අවධියේ සිංහල, පාලි, සංස්කෘත සහ බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයන් පිළිබඳ මහාචාර්ය පදවියට පත්වූහ.

එම විෂයයන් සඳහා ශාස්ත්‍රීය අංශයෙන් ලැබූ විශාරද දැනුම හේතුකොට ගෙන බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියෙන් පිදුම් ලද්දේය. 

 

ලෝක බෞද්ධ මහා සම්මේලනය

1927 වර්ෂයෙන් පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දෙවරක්ම සම ලේකම් වශයෙන්ද, 1938 – 1957 දක්වා කාලය තුළ සභාපති වීමද සුවිශේෂත්වයකි.

1950 වෙසක් මස පුර පසළොස්වක දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියස, රටවල් 27ක නියෝජිතයන් 129 දෙනකු සහ ලාංකික නියෝජිතයන් ඇතුළු විශාල බෞද්ධ පිරිසක් සහභාගීකොට ගනිමින් ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමට මුල් වූයේද මලලසේකර ශූරීන්ය.

 

සම්මාන උපාධි

රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයකු වූ මලලසේකර විද්වතාණන් වෙත මහා බ්‍රිතාන්‍ය, කාම්බෝජය, මියන්මාරය, ප්‍රංශය වැනි රටවල ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල මගින් සම්මාන උපාධි පිරිනමනු ලැබීය. බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය ආදී විෂයයන් සම්බන්ධයෙන් විදේශ රටවල පැවති සම්මන්ත්‍රණවලදී ඉදිරිපත් කළ ලිපි ලේඛන හා පවත්වන ලද දේශන අදද බහුජන සම්මානයට පාත්‍රවී ඇත.

 

මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය

මලලසේකර ශූරීන් විසින් නිබන්ධනය කළ මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයද, පාලි සර්වනාම පිළිබඳ ශබ්දකෝෂයද, ජනප්‍රිය ශබ්දකෝෂ දෙකක් වේ.

මෙම ශබ්දකෝෂය බොහෝදෙනා අතර පරිහරණය වන ශබ්දකෝෂයක් ලෙස මුද්‍රණ කාණ්ඩ විශාල ප්‍රමාණයකින් යුක්ත වෙයි. විදේශ විශ්වවිද්‍යාලවල පුස්තකාලවල පවා පරිහරණය වන ග්‍රන්ථයකි.

 

තානාපති සේවය

මලලසේකර ශූරීහු 1958 වර්ෂයේදී රුසියාවේ ලංකා තානාපති වශයෙන් පත්වූහ. පසුව කැනඩාවේ ලංකා තානාපති වශයෙන් ද, මහා බ්‍රිතාන්‍යයේ ලංකා තානාපති වශයෙන් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිත වශයෙන්ද ඉමහත් සේවයක් ඉටුකළහ. 1967 වර්ෂයේ ලක්දිවට පැමිණි මහාචාර්ය මලලසේකර අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්ම තනතුර වන ජාතික උසස් අධ්‍යාපන කොමිසමේ සභාපති වශයෙන් 1971 දක්වා කටයුතු කළේය.

පුත්‍රයන් තිදෙනකුගේ හා දියණියන් තිදෙනකුගේ පියෙකු වූ මහාචාර්ය මලලසේකර ශූරීන් මෙරට මෙන්ම ලෝකවාසී පරපුරට දායාද කරන ලද දෑ බොහෝය. 1973 අප්‍රේල් මස 23 වනදා අභාවප්‍රාප්ත වූ එතුමා ආදර්ශමත් යුග පුරුෂයෙකි. සිය පියාණන් පිළිබඳ ඔහුගේ බාල පුත්‍ර විජය මලලසේකර මහතා මතකයන් අවධි කළේ මෙසේය

"අපේ තාත්තා අපිට දුන්නේ අධ්‍යාපනය පමණයි. අපිට වෙනත් වස්තුවක් ඉතිරිකර තිබුණේ නෑ. අද මගේ පුතාලා ආර්ථිකමය වශයෙන් යම් ස්ථාවරයකට පැමිණිලා සීයාගේ නම තවත් ඉදිරියට ගෙනයන්න කටයුතු කරමින් ඉන්නවා. මගේ පියාගේ ජන්ම දිනය යෙදිලා තිබෙන්නේ අද දිනයේ. වසරක් පාසා පියා වෙනුවෙන් අපි සැමරුම් වැඩසටහනක් පවත්වනවා. ඒ වගේම තාත්තාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින් අපි රටපුරා තිබෙන දහම් පාසල් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ඉතා දීර්ඝ කාලයක සිට සිදුකරගෙන යනවා. එය ඉතා සාර්ථක මට්ටමින් සිදු වූ ක‍්‍රියාවලියක්. මගේ පියාගේ ජීවිත අරමුණු අතර ඉහළින්ම තිබූ දෙයක් තමයි රටේ දරුවන්ට දහම් දැනුම ලබා දීම. අපි ඒ කි‍්‍රයාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයන්න කැප වී සිටිනවා"

ඉංග්‍රීසි භාෂාව මේ රටේ දරුවන්ට උගන්වන්නත් ඔහුට තිබුණේ විශාල උවමනාවක්. ඒ නිසාම අපි දැන් ඈත දුෂ්කර පළාත්වල ආර්ථික දුෂ්කරතා සහිත දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා.

මගේ පුත්තු බොහෝසෙයින් සමාජ සේවා කටයුතුවල යෙදී සිටිනවා. විශේෂයෙන්ම මගේ බාල පුතා අශාන් සීයාගේ අඩිපාරේ යන කෙනෙක්. ඔහු ඈත ගම්පළාත්වලටම ගිහින් ඒ පළාත්වල තිබෙන අවශ්‍යතාවයන් දැකලා සමාජ සුබසාධන කටයුතුවලට මුලපුරා තිබෙනවා. තරුණ ප්‍රගතිශීලී පදනම යන නමින් ලංකාවේ බොහෝ පළාත්වල ඔහුගේ සමාජ සේවා කටයුතු සිදුකරනවා. මම ඇත්තටම කියන්න සතුටුයි මගේ දරුවෝ කවදාවත් ප්‍රසිද්ධිය හෝ වෙනත් කිසිම ප්‍රතිලාභයක් බලාගෙන මේ කටයුතු සිදුකරන්නේ නෑ. සුනාමි ව්‍යසනය අවස්ථාවේ ඔහු මෙරටේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් සමග පවා එක්වෙලා සුනාමියෙන් ආපදාවට පත් වූ ප්‍රදේශවල විශාල වශයෙන් නැවත නගාසිටුවීමේ කටයුතු සිදුකරනු ලැබුවා* යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

 

චාමර සම්පත්

 

2016-11-10-ent-29

 



අදහස් (0)

මලලසේකර ශබ්දකෝෂය භාවිත කළාට මලලසේකර ගැන දන්නවාද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 4 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 37 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2205 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1784 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 377 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 627 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site