IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මලල ක‍්‍රීඩා සංගමයට වැඩිය හොඳට ආසියානු තරගාවලිය කරනවා

ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් පැන නැගී නැතැයි ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ  මහතා ලංකාදීපයට පැවසීය. ඒ සඳහා දැනටමත් රටවල් 33ක් සහභාගිවීම සනාථ කර ඇති බවත් අවම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 800 දෙනකු ඒ සඳහා තරග වදින බවත් ඇමැතිවරයා එහිදී පැවසීය. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය විසුරුවා හැරීමට කටයුතු කිරීමෙන් පසු කොළඹදී ලබන ජූනි 8 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් මතුවී ඇතැයි පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී ඇමැතිවරයා එසේ පැවසීය. මෙම තරගාවලියේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් සඳහා ආසියානු මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මොරිස් නිකලස් මහතා ඊයේ (7) දිවයිනට පැමිණීමට නියමිතව සිටියත් එය හදිසියේ අත්හිටුවනු ලැබීය. ඇමැතිවරයා ‘ලංකාදීප’යට මෙසේද පැවසීය. මේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී යොදාගත් දිනවලට පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක්  පැන නැගී නෑ. මලල ක‍්‍රීඩා සංගමයට වැඩිය හොඳට එය කරන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බව නම් කියන්න පුළුවන්. මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු බලධාරීන් ඉවත්ව යන කොටත් ඒ සඳහා සත පහක්වත් හොයලා තිබ්බේ නෑ. ඔවුන් කියලා තිබ්බේ ක‍්‍රීඩා අමාත්‍යාංශයට මිලියන 12ක් දෙන්න. ඉතිරිය ඒ අය සොයා ගන්නම් කියලා. ආසියානු මලල ක‍්‍රීඩා සංගමයේ අපේ කැමැත්ත විමසීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සංචාරය ලබන මැයි මාසය දක්වා කල්දමා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් පැන නැගී නෑ. තරගාවලියේ වියදම් සඳහා රුපියල් මිලියන 75ක් විතර යනවා. ඒක හොයා ගන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය පෞද්ගලික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ලබා ගන්නවා. මේ අතර මලල ක‍්‍රීඩා සංගමය ඉදිරියේ යොදාගත් පරිදි දේශීය තරගාවලි පවත්වන බවත් මලල ක‍්‍රීඩා සංගම් මූලස්ථානයේ සේවය කරන සේවක සේවිකාවන් කීප දෙනාට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් අඛණ්ඩව වැටුප් ගෙවන බවත් ක‍්‍රීඩා ඇමැති  මහින්දානන්ද අලූත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මලල ක‍්‍රීඩා සංගමයට වැඩිය හොඳට ආසියානු තරගාවලිය කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 12 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 21 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 44 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 86 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 128 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site