(අංජුල මහික වීරරත්න)
මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට අද (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි.
2015 දී මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළ හෙයින් අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඉඩම රජයට පවරා ගත් බව අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරන බවද අවාසනාවකට මෙන් පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කල බව ද අමාත්‍යවරයා පැවසීය.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
badaburul Wednesday, 21 February 2024 05:32 PM
නොදකින්...!
Muthu Wednesday, 21 February 2024 06:22 PM
හැම දෙනාම තැති ගැනිලා ඉන්න බව පේනවා. දන්නවා ඉදිරියේදී සාධාරණ යුක්ති ගරුක රජයක් නොවරදවාම එන බව... මේ තමයි ඒ සලකුණු. සමීක්ෂණ ඕනෑම නෑ. ඊට කලින් කෙහෙල් කැන් සේරම වැට පනිනවා.
Prabha Wednesday, 21 February 2024 06:31 PM
අපි කිව්වොත් අපේ කියලා පිළිගනියිද?
SAM Wednesday, 21 February 2024 07:14 PM
ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගතහැකි පරිදි යථා තත්වයට පත් කරන බවද අවාසනාවකට මෙන් පසුගිය අරගලය සමයේ රජය සතුව තිබූ ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කළ බවද අමාත්‍යවරයා පැවසීය. ඔහු වක්‍රාකාරයෙන් කියා සිටින්නේ මෙම ගොඩනැගිල්ලත් එසේ ගිනි තබා විනාශ කළා නම් හොඳයි යනුවෙනි...