IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මැලේසියා යානයේ කළු පෙට්ටියේ සංඥා හසුවේ

අතුරුදන් වූ මැලේසියා යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වූවා යැයි සිතිය හැකි සංඥා කිහිපයක් චීන නෞකාවකින් ග්‍රහණය කරගෙන ඇත. ශබ්ද සංඛ්‍යාත 37.5 ඔස්සේ නිකුත් වී ඇති මෙම සංඥා ග්‍රහණය කරගෙන ඇත්තේ හෙයික්සං 01 නමැති නෞකාවකිනි. පසුගිය දින කිහිපයේ යානය සෙවීමේ කටයුතු වඩාත් ව්‍යාප්ත කැරිණි. කළු පෙට්ටියේ බැටරි ආයුකාලය ඉතිරිව ඇත්තේ තව දින දෙකක් පමණක් බැවින් ඉන් පසු ගුවන් යානය සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම අපහසු වනු ඇත.

ගුවන් යානයක කළු පෙට්ටිය ගැඹුරු ජලයේදීත් අධික තාපයේදීත් විනාශ වන්නේ නැත. ගුවන් යානයක සියළු දත්ත කළු පෙට්ටියේ සුරක්ෂිත බැවින් යානයට සිදුවූ දේ සොයා ගැනීමට එය වැදගත් උපාංගයකි. නියමු කුටියේ ශබ්ද, යානයේ ඇතුලත ශබ්ද සහ සියළු විධානයන් ද මෙහි අඩංගුය. චීන ගවේෂකයන් පවසන්නේ මේ සංඥාව නිකුත්වූයේ ඉන්දියන් සාගරයේ දකුණු කොටසේ කිලෝමීටර 5.8ක් පමණ ගැඹුරින් බවයි. එම ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට සාගරයේ වර්ග සැතපුම් 84,000ක පමණ ප්‍රදේශයක් ගවේෂණය කිරීමට සිදුවන බව ද පර්යේෂකයෝ කියති.

 



අදහස් (0)

මැලේසියා යානයේ කළු පෙට්ටියේ සංඥා හසුවේ

අසෝක සිරිදේව Sunday, 06 April 2014 05:06 AM

මේක පරීක්ෂණ නොමඟ යවන්න ඇමෙරිකන්කාරයෝ මුහුදට දැමූ කළු පෙට්ටියක් වෙන්න බැරිද? ඔය පෙට්ටිය ලැබුනත් ඕකේ මුකුත්ම පටිගතවෙලා නැහැ කියලා කියයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්නේ ඕක තමයි. ලංකාවේ ඇමෙරිකාවේ කියලා වෙනසක් නැහැ වගෙයි. (නි)

:       0       0

අජිත් Sunday, 06 April 2014 05:07 AM

මේක කළු කිවුවට සිවුරු පාටනේ? (නි)

:       0       0

අර්ශා Sunday, 06 April 2014 05:35 AM

මට නම් මේ ගැන සැකයි (නි)

:       0       0

චමත් Sunday, 06 April 2014 07:37 PM

එහෙම බැහැනේ නිමල්. එතකොට කළු පෙට්ටිය කොහෙට හරි පාවෙලා ගිහින් අතුරුදහන් වෙන්න පුළුවන්. තල්මහෙක් මෝරෙක් ඕක ගිල්ලොත්? දිය සුළියකට අහුවෙලා මුහුද යට කුහරයක ඕක හිර වුණොත්? දැන් අඩු තරමේ ඒක එක තැනක තියනවා. පස්සේ කාලෙක හරි ඕක හමුවෙයිනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 06 April 2014 06:38 AM

අනේ බන්දුල , රතුපස්වල මිනිසුන් වතුර ඉල්ලුවහම වෙඩි වැදිලා මියගිය මිනිසුන් වෙනුවෙන් දෙමවුපියන්, හිතවතුන් කඳුළු වගුරුවද්දී, රටක් හඬද්දී තමුන් කිවුවේ හොඳ වැඩේ කියලා. බොහොම සාධාරණීකරනය කළා ඒ ක්‍රියාව.දැන් නැති වුණ යානයේ මඟීන් වෙනුවෙන් නෑයෝ හඬන එක ගැන දුක හිතිලා නේද ? කමක් නැහැ. මෙහෙමවත් තමන්ට හිතක් පපුවක් තියෙනවා කියලා ලෝකෙට පෙන්නන එක ගැන සතුටුයි (නි)

:       0       0

ලකී Sunday, 06 April 2014 07:55 AM

බලමු මේකෙන්වත් වැඩක් වෙයිද කියලා (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 06 April 2014 10:17 AM

මගියෙක් sms එවපු කතාව බොරුවක් විය යුතුයි. දියාගෝ ගාසියා කියන්නේ ඇමරිකා හමුදාවේ ඉන්දියන් සාගරේ තියන ප්‍රදාන මෙහෙයුම් මද්‍යස්ථානය එක මාල දිවයින් වලට පහලින් තියන දුපත් ටිකක් එකේ දුරකථන පහසුකම් සපයන සමාගම් නෑ sms එවන්න. එක සම්පුර්ණයෙන්ම හමුදා මුලස්ථානයක්.. හැබැයි විශාල ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබෑමේ හැකියාව සහිත ගුවන් පතයක්නම් තිබෙනවා. (ස)

:       0       0

චානක. Sunday, 06 April 2014 10:52 AM

පිටබැද්දර ජයා, ඔබ දා තිබෙන එක දැක ලැජ්ජාවට බන්දුල බෙල්ලේ වැලක් දමා ගනීද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 06 April 2014 11:10 AM

ඇමරිකාව මොකක් හරි හේතුවක් නිසා මෙම යානය අතුරුදහන් කර තිබෙන බව මට නම් ස්ථීරයි. මේ වගේ විශාල යානයක් අතුරුදහන් කිරීමට හැක්කේ පිටසක්වලයන්ගේ උදව් ලබන ඇමරිකාව හො පිටසක්වලයින්ම විය යුතුයි.වෙනයම් ආකාරයකින් යානය විනාශ වුණා නම් එක් දිනක් ඇතුළත ඒ ගැන සාක්ෂි මතු කරගන්න තරම් දියුණු තාක්ෂණයක් ලෝකයේ රටවල් කීපයකටම තිබෙනවා.කාටවත් සති කීපයක් මේ විදියට හැංගෙන්න බැහැ මුහුද යට ගැඹුරුම ස්ථානය තුළ හෝ. (නි)

:       0       0

සරත් Sunday, 06 April 2014 12:29 PM

මේක ග්‍රහලෝක අතර කුමන්ත්‍රණයක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ලක්මාල් Sunday, 06 April 2014 12:47 PM

අපි බලමු මොකක්ද ඇත්ත කියලා. ගුවන් යානයේ සෑම දෙනාම නිරුපද්‍රිතව ඉන්නවා නම් ඉක්මනින් එයාලගේ ගෙවල් වල අයට සැනසීමක් ලැබෙයි. එයයි අපේ ප්‍රාර්ථනාව. (නි)

:       0       0

දනු Sunday, 06 April 2014 01:36 PM

මේ ගුවන් යානය කිසිදාක හමුනොවේවි. හේතුව මෙය ඉතාමත් අභිරහස් ගනයේ සිදුවීමකි. ගුවන් යානයක් මුහුදට කඩා වැටීමක් සිදුවුවහොත් අද වනවිට ගුවන යානයේ යම් කිසි කොටසක් මතුපිටට පැමිණිය යුතුය. මෙය මලයාසියානු ආණ්ඩුව දනී. ඇමරිකාවේ මෙයට සම්බන්ධයක් ඇත.(ස)

:       0       0

දමිත් Sunday, 06 April 2014 01:49 PM

මට හිතා ගන්න බැහැ තාමත් නිහඩයි (ස)

:       0       0

නිර්මාල් Saturday, 05 April 2014 09:42 PM

එහෙනම් නිව්ස් වල කිවුවේ ඇමෙරිකාවේ වෙසෙන පුද්ගලයෙක් හට එස් එම එස් එකක් අවා කියල mh 370 ගුවන් යානය සමග අතුරුදහන් වූ අයෙක්ගෙන්, සහ එම පණිවිඩය පැමිණ තිබෙන්නේ ඇමෙරිකාව සතු රහස් ගුවන් පථයක් සහිත දියෝගු ග්‍රාසියා කියන දුපතින් බව. මොකද්ද දැන් ඇත්ත ? (දී)

:       0       0

නසාර් Saturday, 05 April 2014 10:12 PM

එස් එම් එස් එක කළු පෙට්ටියෙන් ඇවිත් ඇති .......... (දී)

:       0       0

කුමාර Saturday, 05 April 2014 10:31 PM

අනේ මන්ද.... අගහරු ලෝකේ වාසස්ථාන හදන්න යන අයට මේක හොයන බැරිද ? (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Saturday, 05 April 2014 10:39 PM

ඉවසමු නිර්මාල්.. ඉවසමු. අල බහින්කල් ඉන්න පුළුවන්ලු..තම්බනකම් ඉන්න අමාරුලු.. (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 06 April 2014 11:43 PM

පිටබැද්දර ජයාට හීනෙනුත් පෙනෙන්නේ බන්දුල පෙරේරාව වගේ. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 06 April 2014 02:26 PM

මැලේසියාව බයයි ඇමරිකාවට චෝදනා කරන්න.යානය අතුරුදහන් වූ ස්ථානයේ සබ්මැරීන පවා යොදවා තිබෙනවා.අවසන් දින2ක3න තුලදී පමණක් කළු පෙට්ටියෙන් සංඥා නිකුතු වීම විෂ්මය ජනකයි.මෙය ඔවුන්ගේ සැලැස්මක් සෙවීම නතර කිරීමට.එවිට ඇමරිකාවට කවුරුත් චොදනා නොකරයි. ඇමරිකානුවන්ගේ රහසිගත ගුවන් තාක්ෂණය මිනිස් මොළයේ දියුණුවටත් වඩා ඉතා විෂ්මයජනක ලෙස දියුණුවන බව කවුරුත් දන්නේ නැහැ.රේඩාර් සංඥා හෝ ගුවන් විදුලි තරංග හෝ වෙනත් විද්‍යුත් චුම්බක තරංගවලට බාදා කිරීම හෝ නිශ්ක්‍රිය කිරීම ඔවුන්ට කල හැකියි.නැත්නම් පිටසක්වල ජීවින් කල යුතුයි. (ස)

:       0       0

අසෝකා Saturday, 05 April 2014 11:21 PM

නිර්මාල් කියපු දේම තමයි මටත් හිතුනේ. එතකොට ඒ නිව්ස් එක බොරුවක්ද? (දී)

:       0       0

නිමල් කරුණාරත්න Sunday, 06 April 2014 02:36 PM

මේ තරම් විද්‍යාව දියුණු ලෝකයේ මේ කළු පෙට්ට්ටිය ජලයට වැටුනම ජලය මත පාවෙන විදියට මෙය නිර්මාණය කරන්න බැරිවීම අති විශාල දුර්වලකමක්. ගුවන් යානා නිර්මාණ කරුවන්ට මගේ කමෙන්ට් එක කියවල කරුණු අවබෝධ වෙත්වා. (ස)

:       0       0

සහනි Saturday, 05 April 2014 11:35 PM

ඇමරිකාවෙ දූපතක හංගලා කිවිවේ බොරුද එතකොට? (දී)

:       0       0

ෂෙහාන් Sunday, 06 April 2014 03:03 PM

මේක අධිරාජ්‍ය වාදී බටහිර කුමන්ත්‍රණයක් අනිවාර්යෙන්ම ජිනීවා එකත් එක්ක මේකට සම්බන්දයක් තියෙන්නෙම ඕන (දිල්)

:       0       0

ප්‍රියා Saturday, 05 April 2014 11:42 PM

මේ පුවත තාම ඕස්ට්‍රේලියාවෙන් ස්ථිර කරලා නැහැ. (දී)

:       0       0

ප්‍රේමතිලක පෙරමුණ Saturday, 05 April 2014 11:43 PM

කවුරු මොනවා කිව්වත් අමෙරිකන්කාරයො ගැනනම් සැකයි (දී)

:       0       0

ශාන්ත Saturday, 05 April 2014 11:47 PM

ඒ යානයේ සිටි අහිංසක මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ (දී)

:       0       0

අවිශ්ක Saturday, 05 April 2014 11:47 PM

මේ තරම් දියුණු ලෝකේ මේ යානය හොයා ගන්න බැරි උනානේ (දී)

:       0       0

ගයාන් පරපිටිය Saturday, 05 April 2014 11:48 PM

වෙන ග්‍රහ ලෝකයකින් හොරකම් කලාද දන්නේ නැහැ කියන්ඩ බැහැනේ අපිට වඩා දියුණු ලෝක තියෙනවද කියල..මෙච්චර දියුණු ලෝකේ අම්මපා මේක හොයාගන්ඩ බැහැනේ.. (දී)

:       0       0

පහන් Sunday, 06 April 2014 03:19 PM

නිමල් කියල තියන දේ හරි ඕක පාවෙන්න හදන්න ඕනේ . (ස)

:       0       0

දිනකර Sunday, 06 April 2014 03:53 PM

එක එක වෙලාවට එක එක කතා. (ස)

:       0       0

උපුල් Sunday, 06 April 2014 12:00 AM

අපිත් බලාගෙන ඉන්නේ ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල තමයි. මමනම් හිතන්නේ ඇමෙරිකන් මහත්තුරු මේකට වැඩේ දුන්නම තමයි. (දී)

:       0       0

සංක Sunday, 06 April 2014 12:05 AM

ප්ලේන් එක හමුවෙන්නේ නෑ වගේ කියල දැනෙනකොට ඔය වගේ කටකතා පැතිරෙන්න ගන්නවා.අමෙරිකන් විරෝදී අයත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.අපි අවදි සිහියෙන් ඉන්න ඕනේ. (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 April 2014 10:22 AM

පිට බද්දරය ජයාට හීනෙනුත් පෙන්නේ බන්දුල පෙරේරාව වගේ. අනේ මහත්තයෝ..ඒ බන්දුල..මේ බන්දුල පෙරේරා. ඒකෙත් ඩුප්ලිකේට් එකක් ඉන්නවා. මේක ඔර්ජිනල්. කොහොම උනත් රතුපස්වල මිනිස්සු වෙඩි කෑවේ මේ වගේ ගුවන් යානයක ගිහින්නම් නෙමෙයි මට මතක විදියට..අතුරු විකල්ප මාර්ගත් එක්ක ප්‍රධාන මාර්ග වහගෙන සාමාන්‍ය ජන ජිවිතයට සාමකාමී බවට තර්ජන බාධා එල්ල කිරීමේදී ඒවා නතර කරන්න උත්සහ ගත්තු හමුදාවට පොලිසියට සැලසුම්ගතව ප්‍රහාර එල්ල කරන කොට...ඒ මරණ වලට කොහොමද මහත්තයෝ මේ මරණ සමාන කරන්නේ.(නදී)

:       0       0

බන්දුල Sunday, 06 April 2014 12:41 AM

දැක්කාද ඒ යානය අතුරුදහන් වෙච්ච වෙලේ ඒ යානයේ ගිය අයගේ පවුල් වල අය අඬපු ඇඬිල්ල..... පව් .... (දී)

:       0       0

භානු Sunday, 06 April 2014 12:41 AM

මෙතනදී අතුරුදහන් වුන මගියන් ගේ පවුල් සහ හිතවතුන් තමා අසරණ වෙන්නේ. එක්කෝ හරියට ම මැරිලා කියල දැන ගන්න ලැබෙනවා නම් ඒ උදවිය දානයක් , දේව මෙහෙයක් කරලා හරි හිත හදා ගනීවි. ඒ වෙනුවට වෙලා තියෙන්නේ හිතේ ගිනි ගොඩක් තියාගෙන බලා ගෙන ඉන්න. (දී)

:       0       0

රත්නසිරි Sunday, 06 April 2014 01:03 AM

කළු පෙට්ටිය හොයා ගන්නේ නැතුව මොකුත් හොයන්න බැහැ (දී)

:       0       0

ගමගේ Sunday, 06 April 2014 04:39 PM

මෙක පිටසක්වල ජිවින්ගෙ වැඩක් වෙන්න නම් කොහෙත්ම බෑ. මොකද ඔවුන් බුද්ධිමත් ජිවින් නිසා. මෙක මේ සක්වලේම ඇතැම් ජිවින්ගෙම වැඩක් වෙන්නම පුලුවන් අපි බලමු චින්නුගේ වැඩ කොහොමද කියලා මං හිතනව මෙ අභිරහස ලෝකයාට හෙලිකරන්න ඔවුන් සමත් වෙයි කියලා. (ස)

:       0       0

සේරම් Sunday, 06 April 2014 05:35 PM

මේකට කළු පෙට්ටිය (බ්ලැක් බොක්ස් ) කිව්වට මේක රතු පැහැති එකක්. (ස)

:       0       0

රත්නසිරි Sunday, 06 April 2014 01:58 AM

ඇමරිකාවේ ඩ්‍රෝන යාත්‍රාවේ කොටස් ඇෆ්ගන් ත්‍රස්තයන් අතට පත්වු බවත්, චීනය එම කොටස් මිලයට ගෙන යමින් තිබු නිසා,මෙම යානයේ අමතර කොටස් චීනයට අසුවුවහොත් ඩ්‍රෝන යාත්‍රාවේ රහස් හෙළි වීම වළක්වා ගැනීමට මෙම යානය ඇමෙරිකාව විසින් අතුරුදහන් කළාටද සැකසහිතයි. එහෙම කළා නම් අහිංසක ජීවිත කීයක්ද? ඒ අයගේ තම පවුල් වල අය මඟ බලාගෙන ඉන්නවා. අඩුම තරමේ සිදු වූ දෙය දැන ගත්තත් සැනසීමක්. මේ සිදුවීම ගැන ඉතා බරපතල අවිශ්වාසයක් ඇති වෙනවා. මුලු ලෝකයම මේ පුවතේ ඇත්ත දැන ගන්න මඟ බලා සිටිනවා. ඇතැම් විට නොමඟ යවන පණිවුඩ ලැබෙන්න ඉඩ තිබෙනවා (නි)

:       0       0

සිරි Sunday, 06 April 2014 01:59 AM

දැන් ඊළඟට මොකද වෙන්නේ? (නි)

:       0       0

සමීර යු කේ Sunday, 06 April 2014 05:38 PM

මේක අපේ ලංකාවේ කෙනෙක්ගේ වැඩක් වෙන්නට බැරිද? අර උඩින් යනකොට දොරවල් ඇරලා පනින අයගේ වැඩක් විය යුතුයි. නිකන් බොරුවට ඇමරිකාවට පිටසක්වලට දොස් කියන්න එපා (නි)

:       0       0

ක්‍රිශාක්ති Sunday, 06 April 2014 05:46 PM

ඔය මැලේසියන්කාරයො දන්නෙ නැතුව ඇති, අපේ රටේ ජ්‍යෝතිශ්‍යකාරයන්ට ඔය අභිරහස ටක් ගාලා විසඳන්න පුළුවන් බව. රහස හෙළි වුනාට පස්සෙ නම් අපේ පණ්ඩිතයො කියයි, මම ඕක කලින්ම දැනගෙන හිටිය, ඒත් ඉතින් කවුරුවත් අපෙන් ඇහුවෙ නෑනෙ කියල.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 945 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5742 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3283 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1454 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28423 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site