IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැලේසියා යානය දූපතක ඇතැයි සැකයක්

අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමුවී ඇත.  ගුවන් නියමුවාගේ නිවසේ තිබී සොයාගත් නියමු කුටි ආකෘතියේ දත්ත විශ්ලේෂණය කරමින් යානයේ ඉරණම සම්බන්ධයෙන් සතියක් පුරා තොරතුරු සෙවූ පර්යේෂකයන් පවසන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතක් සම්බන්ධ තොරතුරු කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

මේ දත්ත සමාලෝචනය කිරීම දැන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයනයට භාර දී ඇත. එම ආයතනය දැනටමත් දත්ත විශ්ලේෂණය කිරීම සිදුකරමින් සිටියි. මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මේ ආකෘතියේ පරිගණක දත්ත ගොනු පසුගිය පෙබරවාරි 03 දා මකා දමා ඇති බවයි.

ඔවුහු එහි දත්ත ගොනු නැවත සකස් කිරිමට කටයුතු කරමින් සිටිති. මේ දත්ත නියමුවා විසින් හිතා මතා මකා දැමුවේ ද නැතිනම් පරිගණකයේ දත්ත වැඩිවීම හේතුවෙන් මකා දැමුවේ ද යන්න පිළිබ
ද සොයා බලමින් සිටියි. ඉන්දියන් සාගරය මැද අප්‍රසිද්ධ දූපතක මේ යානය ගොඩබැස්සවිය හැකි ගුවන් ධාවන පථයක් තිබෙන බවට දත්ත ඔහුගේ නියමු කුටි ආකෘතියේ තිබි  හමුවී ඇත.

ඇමෙරිකාවේ නාවික හමුදා ක
දවුරක් පවත්වාගෙන යන දියෝගෝ ගාෂියා දූපතට යානය ගොඩබැස්සවීමේ හැකියාව ගැන ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නි‍ර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි.

යානයේ නියමුවාගේ හොදම මිතුරා පවසා ඇත්තේ ඔහු මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ විනෝදයට බවයි. ''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති."



අදහස් (0)

මැලේසියා යානය දූපතක ඇතැයි සැකයක්

බිමල් Thursday, 20 March 2014 01:55 PM

මොනවා එතකොට මේ මිතුරා කියන විදියට විනෝද ගමනක් ද ගිහින් තියෙන්නේ. මලයාසියාවේ අරුම පුදුම විනෝද කටයුතු නේ තියෙන්නේ. (අ)

:       0       0

පූජිත Thursday, 20 March 2014 01:55 PM

යක්ෂ විනෝදයක් නේ (අ)

:       0       0

ගුණවර්ධන Saturday, 22 March 2014 01:07 AM

මම නම් ප්‍රාර්ථනා කරන්නේ මොන කතා තිබුනත් කිසිම උපත්ද්‍රවයක් නොවී මේ අය නැවත තමන්ගේ යහපත් කටයුතු වලට පැමිණේවා කියායි. (නදී)

:       0       0

කුමාරි Thursday, 20 March 2014 02:23 PM

ඒක යකාගේ විනොදාන්ෂයක්නේ මහත්තයෝ. එයාට තනියම ඕන විනෝදයක් කර ගන්න තිබුණ. මෙහි සිට අනෙක් මිනිසුන් බිල්ලට නොගෙන. (අ)

:       0       0

ෂෙරිෆ් Thursday, 20 March 2014 02:31 PM

බලමු කවුද මේ අභිරහස විසඳන්නේ කියලා. (ත)

:       0       0

හේවා ජේ Saturday, 22 March 2014 02:14 AM

මුළු ලෝකයම චිත්‍ර පටයක්.(නදී)

:       0       0

චන්දික Thursday, 20 March 2014 02:38 PM

මෙම යානය අනිවාර්යෙන්ම කඩාගෙන වැටෙන්න ඇති දකුණු චීන මුහුදට. බෝඉන් කියන්නේ ගොඩක් තාක්ෂණික දොස තියෙන යන වර්ගයක්. ඩොලර් ට්‍රිලියන 16 ක ඇමරිකානු ආර්ථිකයේ ට්‍රිලියන 1 කට දායක වෙන්නේ ගුවන් යන නිෂ්පාදන කර්මාන්තය. යානය පැහර ගත්ත කියන කතාව ඇමරිකානු බෝඉන් යනවල තියෙන දෝෂ වහගන්න ගෙනියන බොරු ප්‍රචාරයක් කියලයි මට හිතෙන්නේ (අ)

:       0       0

තාරුක Thursday, 20 March 2014 03:17 PM

මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නි‍ර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි.(ත)

:       0       0

අයිරාංගනී සුබසිංහ Thursday, 20 March 2014 03:20 PM

පුදුම විනෝදාංශයක්. (ත)

:       0       0

නිර්මාල් Friday, 21 March 2014 08:16 AM

දියෝගෝ ගාෂියා කඳවුර ගැන සොයා බලාන්න. හිතා ගන්නවත් බැ මේ වගේ තැනක මේ විදිහට සැලසුම් කරපු ඉතා දියුණු ගුවන් තොටුපොලක් ඇති බවට.(නදී)

:       0       0

දිනිති Monday, 24 March 2014 07:22 PM

මන් නම් හිතන්නේ මේ ඔක්කොටම වැඩිය වෙනස් දෙයක්.(නදී)

:       0       0

සුලෙක්ෂි මධුෂානි ද කොස්තා Thursday, 20 March 2014 03:28 PM

අනේ ඒකේ හිටපු මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නෑ. (ත)

:       0       0

සමන් Thursday, 20 March 2014 04:25 PM

''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති." මේ කතාව නම් ගැලපෙන්නේ ලංකාවට. (ත)

:       0       0

සජී Thursday, 20 March 2014 04:35 PM

මෙයා විනෝදයට ඔච්චර කැමතිනම් මෙයාට යන්න තිබ්බේ ඩිස්නි ලන්තයට (ත)

:       0       0

උපාලි Thursday, 20 March 2014 05:16 PM

එයාලගේ ජීවිත ගැන දුකයි. (ත)

:       0       0

ප්‍රදීප් Sunday, 30 March 2014 11:40 PM

යම් රටක ආරක්ෂාව පිළිබද සිද්ධියක් මේක. මේකේ මිනිස්සු කවුරුත් මියගොස් නැහැ. ඔවුන් ජීවතුන් අතර ඇති. (නි)

:       0       0

රණතුංග Friday, 21 March 2014 01:04 PM

අතුරුදහන්වූ යානය නිරීක්ෂණය කරන ගුවන් යානා මුහුණ දෙන බරපතලම කාරනා දෙක තමයි එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය. ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොටුපලේ සිට එම ප්‍රදේශයට යාමට ගතවන කාලය පැය 4 1/2 යි.නිරීක්ෂණය කිරීමට හැකි කාලය පැය 2 1/2 යි. නැවතත් එම ගුවන් යානා වලට ඉන්දන පුරවා ගැනීමට පැය 4 1/2 කාලයක් ගෙවා පර්ත් ගුවන් තොටුපලට පැමිණීමට සිදු වීම දෙවන කාරණාවයි. (අ)

:       0       0

පර්ශානි Thursday, 20 March 2014 07:42 PM

මාර විනෝදේ. පවුල් ගණනක් අනාත කරලා. හොඳ දඬුවමක් තියන්න ඕනෑ. (ත)

:       0       0

සමීර Thursday, 20 March 2014 07:55 PM

මෙිවා අහලම දැන් පිස්සු වගේ. මොකක්ද දැන් පිලිගන්න කියන්නේ..? (ත)

:       0       0

ස්ටේෆෙන් Thursday, 27 March 2014 07:28 PM

මේක විස්වාස කරන්න බැ. යානයේ කැබලි දෙකක් විතරක්. කොච්චර මගීන්ගේ බඩු පෙට්ටි තියනවද උඩ පාවෙන, ඒවාට මොකෝ උනේ. (අ)

:       0       0

ශ්‍රීමා Friday, 21 March 2014 04:02 PM

මලයාසියා ආරක්ෂක ඇමති ගේ කතාවට මට නම් හිනා. ලංකාවේ වාගේම මලයාසියාවේ ත් මිස්ටර් බීන් කෙනෙක් ඉන්නවා. (නදී)

:       0       0

චමත් Thursday, 20 March 2014 09:19 PM

ඔය ප්ලේන් එක පිටසක්වල ජීවින් තමයි උස්සලා තියෙන්නේ. බර්මියුඩා ත්‍රිකොනයේත් සිද්ධ වෙන්නේ ඔය ටික තමයි. (ත)

:       0       0

සුරෙශ් වටවල Sunday, 23 March 2014 02:47 AM

මනුස්ස ජිවිත කරුනා කරලා විහිලුවට ගන්න එපා.ගොඩක් වෙබ් අඩවි ප්‍රසිද්දිය සදහා එක එක මත පල කරනවා බොරුවටත් .සංවේදී මනුස්සයන් බලාගෙන ඉන්නේ මේ මනුස්සයන්ට මොකද උනේ කියල ,අනේ පන පිටින් හම්බ වෙන්න කියල .239 ගණනක් කියන්නේ සෙල්ලම් ජිවිත ගණනක්ද ?මනුෂ්‍යත්වයේ නාමයෙන් හෑල්ලුවට ගන්න එපා ! (දී)

:       0       0

චමින්ද Friday, 21 March 2014 06:58 PM

සමහර අයගේ මතයක් තියෙනවා නියමුවා නොදන්නා ස්ථානයකට යානය ගොඩ බස්සවන්න ඇති කියලා. කෙසේ හෝ කිලෝමීටර් 1 1/2 ධාවන පථයක් අවශ්‍යයි මේ යානය ගොඩ බැස්සීමට නම්.(නදී)

:       0       0

රණතුංග Friday, 21 March 2014 07:01 PM

උපාලි විජේවර්දන මහතාගේ ගුවන් යානයත් අතුරුදහන් වුනේ මේ වගේ නේද ? (නදී)

:       0       0

අමිල කුසුම්රත්න Thursday, 27 March 2014 09:38 PM

එතකොට කෝ ගිය මිනිස්සු ටික? එයාලට මොකද වුණේ? (නි)

:       0       0

අමිල Thursday, 27 March 2014 09:40 PM

එම යානයට සිදුවුණේ කුමක්ද එතකොට? (නි)

:       0       0

හසිත හිමාෂ Wednesday, 02 April 2014 10:41 PM

මේක පිටසක්වල ජීවීන්ගේ සම්බන්දයක් තියෙනවා කියලා මට හිතෙනවා (දී)

:       0       0

රණතුංග Friday, 21 March 2014 01:15 AM

අලුතෙන්ම ගත් සැටලයිට් පින්තුර වලින් පෙන්නුම් කරනවා, ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර් 2500 පමණ දුරින් ඉන්දියන් සාගරයේ මීටර් 24 ක් දිග යම් කිසි වස්තුවක ඡායාරුප දෙකක්. සමහර විට අද වෙනකොට දැනගන්නට හැකිවෙයි හරියටම එය ගුවන් යානයේ කොටස්ද කියා. තතු දත් අය පවසන්නේ එම ප්‍රදේශයේ මුහුදු පත්ලේ ගැඹුර මීටර් 4000-5000 අතර විය හැකි බවයි.(නදී)

:       0       0

මධුරංග Thursday, 20 March 2014 01:51 PM

දියෝගෝ ගාෂියා දූපත කියන්නෙ ඇමරිකාවේ හමුදා කදවුරක්. ඒකත් ඒ රියා 51 වගේ එකක් තමයි. කාටවත් යන්න බෑ. ගියොත් එන්නත් බෑ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 69 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 55 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 520 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 472 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3274 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 146 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22070 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21910 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site