IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


මලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්

(සුජිත් හේවාජුලිගේ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී  කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් අද (30) දහවල් ඇතිවිය.

මේ සිද්ධියට මුහුණ දුන්නේ ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරු වෙති.

මන්ත්‍රීවරුන් දෙදෙනා එම ඇඟලුම් කම්හලේ නිලධාරීන් සමග සාකච්ඡා කර පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බව   පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් රැගත් වාහන දෙක වට කරගත් පිරිස ඒවාටද පහර දී ඇති බව පොලිසිය පවසයි.

ඇඟලුම් කර්මාන්තශාලාවේ නිලධාරීන් කණ්ඩායමක් හමුවී කිසියම් සාකච්ඡාවක් පවත්වා දෙදෙනා පිටත්ව යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී රියදුරන් යයි කියන පිරිසක් දෙදෙනා පැය භාගයකට ආසන්න කාලයක් වට කරගෙන ඔවුන්ට දැඩි ලෙස විරෝධය පළ කරමින් ආවේගශීලී වචන කියමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇතැයි කියති.

මාලිමාවට අපි ඡන්දය දුන්නා ඇයි අපිට මෙහෙම කරන්නෙ යැයි පවසමින් ඔවුන් එසේ බැන වැදී ඇතැයි දැනගන්නට ඇත

මෙම සිද්ධිය සැලවීමෙන් පසු බිංගිරිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් මන්ත්‍රීවරුන් දෙදෙනා ආරක්ෂිතව පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පිරිස කලහකාරීන් මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ටද දෝෂාරෝපණය කර ඇති බව වාර්තාවේ

මන්ත්‍රී විජේසිරි මහතා මේ පිළිබඳව කුලියාපිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස අධිකාරි වරයාට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ගෙන යයි.

සිද්ධිය සම්බන්ධයෙන් අප ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇඟලුම් කම්හලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා පැමිණෙමින් සිටියදී ආවේගීශීලී වුණු පිරිසක් තමාගේ ෂර්ට් කොළරයෙන් ඇද පහර දුන් බවයි.

තමා සමග එහි ගිය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතාටද  එම පිරිස හිරිහැර කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (10)

මලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්

ඊර්ෂ්‍යාව Monday, 30 December 2024 10:18 PM

මංත්‍රීලට ඇගලුම් කම්හලේ මොනවද කරන්න තියෙන්නෙ සාමාන්‍යයෙන් ඇගලුම් කම්හලේ පාලකයන්ට ගැටලුවක් ඇත්නම් ඉහළ බලධාරින්ගේ අවධානයට යොමුකර කටයුතු කරන්න පුලුවන් වේවි ඒත් මෙතෙක් කාලයක් අසන්නට නොලැබුනු දෙයක් කරන්න ගියාම රටටම අපලයක් ඵලදෙනවාද කියල සැකයකුත් ඇතිවෙනවා අන්සතු සැපතක් දැක දල ලොබිනේ උන්ට ...........කියල අපිනම් අහල තියෙනවා කොහොමින් කොහොම හරි ඇගලුම් කම්හල් සියල්ලම ආරක්ෂාවුනොත් නම් හොදයි

:       0       0

යෝගා Tuesday, 31 December 2024 01:01 AM

ඔය පටන්ගෙන තියෙන්නේ කප්පම් සෙල්ලම. මෙච්චර ජනතා ප්‍රශ්න තියෙද්දී පුද්ගලික කර්මාන්ත ශාලාවක ප්‍රවාහන සේවය තමන්ට ගන්න ගිහිල්ල. දැන් සමහරු කුණු හෝදන්න ගනියි.

:       0       66

Rasika Tuesday, 31 December 2024 04:33 AM

නුපුරුදු අය ගියාම ඔහොම තමයි ගුටි කනවා. වසා ගත්තට හැමෝටම බැහැ

:       4       63

Nilantha Tuesday, 31 December 2024 07:12 AM

ඇගලුම් කම්හලේ ප්‍රවාහන කටයුතු ගැන පැමිණිලි ලැබුණු නිසා වෙනස්කරන්න ගියාලු පුද්ගලික අංශයේ සේවකයින්ගේ පැමිණිළි දේශපාලුවන්ට යාමක් මෙතෙක්කල් තිබුණේ නැහැ මුන්දැල උන්ගේ කාගෙහරි වාහන යෙදීමටත් තියෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කරන්න ඇති කියලා පැහැදිලියිනේ මහින්ද කිව්වෙ රට පෙරට කියල මුං ගෙනයන්නේ රට වලට තමා අවුරුදු 76 කෑවා කියපු මුන්ගෙ අවුරුදු පහ අවසානෙ මොනවා වෙයිද හිතාගන්න බැහැ

:       16       67

Buddika Tuesday, 31 December 2024 07:26 AM

මේවට කියන්නෙ දිට්ටදම්මවේදනීය කර්මය කියල.ඒක හරි ඉක්මනින්ම මාලිමාවට ප්‍රතිචාර දක්වනවා..ඊයෙ දවස තුලම ප්‍රදේශ දෙකකදී මාලිමාවේ මන්ත්‍ර්වරුන්ට ජනතා විරෝධය දක්වනවා ටීවී එකේ දැක්කා. මිනිස්සු රට පුරා බනිනවා ආණ්ඩුවට.හාල් හිඟය රටපුරාම.එලවලු මාලු,පොල් ගිනි ගනන්.බිත්තරය පෙරේදා 28යි.ඊයේ 34යි.රටේ ආණ්ඩුවක් නෑ වගේ

:       19       76

m. saman perera Tuesday, 31 December 2024 09:37 AM

ඕන නැති වැඩ කරන්න ගිහින් ඉල්ලන් කෑම

:       9       45

Himali Tuesday, 31 December 2024 10:46 AM

මහජන මුදලින් පඩි ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පුද්ගලික ආයතනවල ප්‍රවාහන ප්‍රශ්ණ විසදීම සඳහා පත් කර යැවූ ඔබ සැමට ජය වේවා

:       1       41

කප්පම් ගන්න ගිහින් මාට්ටු Tuesday, 31 December 2024 11:18 AM

මෙයාලා ගිහින් තියෙන්නේ දැනට කම්හලට ගෑණු ළමයි ප්‍රවාහනය කරන වාහන ගන්නෙ නැතුව මෙයාලගේ වාහන වලින් විතරක් ප්‍රවාහනය කරන්න කියල කියන්න. ඒ වෑන් වල මිනිස්සු ඒක කලින්ම දැනගෙන වට කරලා. වෙන උන් වුණා නම් කලිසම ඔලුවෙන් ගලවල එවන්නේ. මාලිමා මන්ත්‍රිලා කොම්පැනි වලින් කප්පම් ගන්න වැඩේ පටන් අරන් තියෙන්නෙ.

:       4       37

සුපිරිසිඳු මාලිමාව Tuesday, 31 December 2024 11:22 AM

මාලිමාවෙ ඔක්කොම බොරු කියලා මාට්ටු. තව සෙට් එකක් හොර උපාධි අරන් මාට්ටු. තව සෙට් එකක් කොටු පැනලා මාට්ටු. තව දෙන්නෙක් කප්පම් ගන්න ගිහින් මාට්ටු. ඔන්න ඔහොමයි මාලිමාව පාර්ලිමේන්තුව සුද්ධ කරලා කක්ක ගොඩවල් වලින් ඒක පිරෙව්වේ.

:       6       32

visnu Tuesday, 31 December 2024 12:43 PM

ජනාධිපතිතුමා මේ ගැන සොයා බැලිය යුතුයි. මොකක්ද මේ දේශපාලකයන්ට මේ පෞද්ගලික ඇඟලුම් කම්හලේ තියෙන බිස්නස් එක. යම් පෞද්ගලික කාරණයක් තිබිය යුතුය.

:       2       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක නියෝජ්‍ය ඇමති - නාවික හමුදාපති අතර හමුවක්
2025 ජනවාරි මස 02 17 0

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අතර නිල හමුවක් අද (2) ආරක්ෂක නිය


මත්ද්‍රව්‍යට වැට බදින්න යුද හමුදාව මෙහෙයුම් වැඩිකරයි
2025 ජනවාරි මස 02 179 0

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධි ආවේක්ෂණ රාජකාරි මෙහෙයුම් වැඩි කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ආරක්ෂක සේනා ආඥාපත


රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත ගැන බරපතල ගැටලුවක්
2025 ජනවාරි මස 02 375 1

රාජ්‍ය සේවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍


වකුගඩු රෝගී දීමනාව 10000 දක්වා වැඩි කරයි
2025 ජනවාරි මස 02 81 0

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 පසුකරයි
2025 ජනවාරි මස 02 274 0

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය.


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 527 7

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 363 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 190 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site