IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මාලේ ජනපති අස්වේ

තෙසතියක් තිස්සේ පැවැති විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් අද (7) ඉල්ලා අස්විය. එරට රූපවාහිනිය අල්ලා ගත් මාලේ පොලීසිය විපක්ෂ නාලිකාවක් ද විකාශනය කිරීම ඇරැඹීය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එරට පළමු ජනාධිපති ලෙස සැලකෙන නෂීඩ් රාජ්‍ය රූපවාහිනියෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය කළේය. ‘වත්මන් තත්ත්වය යටතේ ඉල්ලා අස්වීම රටට යහපත් වනු ඇත. අයෝමය හස්තයකින් රට පාලනය කිරීම මට අවශ්‍ය නැත. මම ඉල්ලා අස්වෙමි‘ යනුවෙන් ඔහු රූපවාහිනියෙන් නිවේදනය කළේය. ඔහු ඉල්ලා අස්වීමේ නිවේදනය කළේ මාලේ පොලීසියේ කොටසක් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සමග එක්වී පසුගිය තෙසතියේ විරෝධතා පැවැත්වීමත් සමගය. ජනපති කාර්යාලය එය හැඳින්වූයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙසය. වීදි බැස කැරැලි ගැසූ උද්ඝෝෂකයන් හා යුද හමුදා මූලස්ථානය අසල රැස්ව කලබල කළ පොලීසිය පලවා හැරීමට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ පාවිච්චි කළ බව හමුදා ප්‍රකාශක කර්නල් අබ්දුල් රහීම් ලතීෆ් ප්‍රංශ පුවත් සේවයට කීවේය. පෙරදින මැදියම් රැයේ සිට විටින් විට හටගත් ගැටුම් අද (07) උදේවන තුරු පැවැති බව ද ඔහු සඳහන් කළේය. ඉල්ලා අස්වන්නයැයි ජනපතිට බල කිරීම වේගවත් වූයේ විෂමාචාර හා විපක්ෂයට හිතවත්වී යැයි එරට අපරාධ අධිකරණ අගවිනිසුරු අබ්දුල්ලා මොහොමඩ් අත්අඩංගුවට ගන්නැයි ජනපති විසින් නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය. මාලදිවයිනේ ජනපති වෙබ් අඩවිය මාලේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමය හා රටේ ස්ථාවරභාවය රකින ලෙස හා සාමකාමීව සිටින ලෙසයි. මාලදිවයිනේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමට උදව් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ දේශපාලන තටයුතු අංශයේ සහකාර මහලේකම් ජනරාල් ඔස්කා ෆර්නැන්ඩස් ටරන්කෝ ලබන බ්‍රහස්පතින්දා මාලේ අගනුවරට පැමිණිමට නියමිතය. ඔහු එනුයේ මාලේ විදේශ ඇමැති අහමඩ් නසීම්ගේ ඇරැයුමෙනි. ඉල්ලා අස්වූ ජනපති නෂීඩ් දේශපාලන සිරකරුවෙක් විය. 2008 දී පැවැත්වූ ප්‍රථම ප්‍රජාතාන්ත්‍රික ජනපතිවරණයේදී ඔහු ජනපති පදවියට පත්වූයේ දීර්ඝ කාලයක් පැවැති මයුම් අබ්දුල් ගයුම්ගේ ඒකාධිපති පාලනය අවසන් කරමිනි. සංචාරක ව්‍යාපාරයෙන් හා ධීවර කර්මාන්තයෙන් යැපෙන මාලදිවයින දූපත් 1198 කින් සමන්විතය. තරුණ විරැකියාව, මත්කුඩු ප්‍රශ්නය, ඉස්ලාම් මූලධර්මවාදය, සංචාරක අවපාතය හා ජගත් ආර්ථික පසුබෑම වැනි කරුණු නෂීඩ් පාලනයට එරෙහිව අතෘප්තිය පැතිරවීමට හේතුවූ බව දේශපාලන විචාරකයෝ කියති. නෂීඩ් හැමවිටම ගයුම්ගේ දේශපාලන විවේචකයා හා විරුද්ධවාදියා විය. රටින් පිටුවහල්වී සිටියදී ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා ගත්තේය. ජනපතිවරණයේ දී  ඔහු සියයට 54 ඡන්දය දිනා සිය රට පැමිණියේ වීරයකු ලෙසයි. ඔහුගේ ජයග්‍රහණයෙන් උද්දාම වූ මාලදිවයින් වැසියෝ එදා වීදි බැස නටමින් ගයමින් සතුට පළ කළහ.   අස්වීමට මොහොතකට පෙර එරට හමුදාව සමග අස්වීම එරට රූපවාහිනියෙන් නිවේදනය කිරීම  



අදහස් (0)

මාලේ ජනපති අස්වේ

සී ජේ කේ වීරකෝන් Tuesday, 07 February 2012 02:15 PM

යහපත් දේශපාලකයන්ගේ විශිෂ්ට තීරණ කාටත් ආදර්ශයක් වේවා..

:       0       0

නිමල් Tuesday, 07 February 2012 02:22 PM

අන්න නියම ජනතාවට ආදරේ පාලකයො. බලයට තන්හාවෙ ඉන්නෙ නැතිව නිහතමානීව අයින් වෙලා..

:       0       0

බුද්ධික පතිරාජ Tuesday, 07 February 2012 02:34 PM

ප්‍රධානීන්ට මෙය හොද ආදර්ශයක්

:       0       0

හිල්මි Tuesday, 07 February 2012 02:34 PM

අපේ අයත් රටට මෙහෙම ආදර්ශයක් වුණොත් ලංකාවෙ යුද්ධ නැහැ, දුප්පත් කම් නැහැ, හැමෝටම හොදට ජීවත්වෙන්න පුලුවන්.

:       0       0

හිමාලි මහේෂිකා-දැයට කිරුළ Tuesday, 07 February 2012 02:37 PM

හැම රටකටම ආදර්ශවත් නායකයෙක්

:       0       0

මංචනායක - දොහා කටාර් Tuesday, 07 February 2012 02:50 PM

බල තන්හාවෙන් තොර රටට ජ්‍නතාවට ආදරේ කරන යහපත් දේශපාලකයෙක්..

:       0       0

නන්දන Tuesday, 07 February 2012 03:10 PM

ගොඩක් හොද නායකයෙක්..

:       0       0

දිමුත් Tuesday, 07 February 2012 03:38 PM

මේ කියන විදියට ජනාධිපතිතුමා අයින් වෙලා කාටද ජනාධිපතිකම ගන්න කියන්නෙ?

:       0       0

සමන් ප්‍රදීපා Tuesday, 07 February 2012 03:44 PM

මාලදිවයින් ජනතාවට, පොලිසියේ අයට අපේ ආචාරය. මේක අපේ රටේ නිදාගෙන සිටින ජනතාවට හොද පිළිතුරක්

:       0       0

රෝහිත Tuesday, 07 February 2012 04:09 PM

බලයට ගිජු නායකයන්ට මේක හොඳ පාඩමක්..

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 07 February 2012 04:14 PM

මේවගේ නායකයෝ ලොවටම ආදර්ශයක්.. බලයට පෙරේත නොවී මහජන කැමැත්තට හිස නමූ ඔබට අපේ සුභපැතුම්..

:       0       0

ජානක Tuesday, 07 February 2012 04:14 PM

සමන්, අපි ඉන්නේ මාලේ. නියම තත්ත්වෙ දන්නෙ අපි.

:       0       0

සාලිය ප්‍රභාත් Tuesday, 07 February 2012 04:23 PM

මෙය අපේ රටේ දේශපාලකයන්ට හා නායකයන්ට හොඳ ආදර්ශයක්.

:       0       0

baba faizer Tuesday, 07 February 2012 04:39 PM

අපේ නායක වරන්ට මෙහෙම කරන්න බැරිද?

:       0       0

පි.ඒ.සෝමතිලක Tuesday, 07 February 2012 06:48 PM

අපි මාලේ ජනාධිපතිවරයාගේ පාලන ස්වරුපය දන්නේ නෑ නමුත් ජනතා පරමාධිපත්‍යයට ගරු කිරිම වෙනුවෙන් ඔහුට අපි ගරු කරනවා ලෝකය දැන් වෙනස් විය යුතුයි ජනතාවට යමක් කළ හැකි බව ලංකාවේ දේශපාලඥයෝ පස්ලෙ යන මිනිස්සුන්ටත් දේශපාලඥයොන්ටත් මෙය හොද රතු එලියකි

:       0       0

දීපාක් Tuesday, 07 February 2012 07:22 PM

ජානක අපිත් ආසයි ඔයා කියන ඈත්ත දෑන ගන්න. කියන්න බලන්න

:       0       0

සමන් Tuesday, 07 February 2012 07:23 PM

කෙලින් කථා කරන නායකයින්ට මෙහෙම වෙනවා

:       0       0

සුපුන් Tuesday, 07 February 2012 08:03 PM

අපි දන්න විදියට මොහොමඩ් නෂීඩ් කියන්නේ හොද පාලකයෙක්. නරක පාලකයෝ කැරලි වලින් ඉවත් කරන එක රටකට හොදයි. ඒත් හොද පාලකයින් එහෙම ඉවත් කරන එක් නරක ප්රතිඵල මිනිසුන්ට දැනෙනකොට රටට වෙන්න ඕන අයහපත වෙලා ඉවරයි.

:       0       0

බුද්ධික Wednesday, 08 February 2012 01:09 AM

දැන් වත් අපේ ජෙනරල්තුමාව නිදහස් කරන්න.නැතිනම් ආණ්ඩුවට දෙවියන්ගෙම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 6 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 36 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 112 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 349 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 124 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1175 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 693 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 342 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 489 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site