IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මල් පොහොට්ටුවට එක්වෙති

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි කල්පනා කළා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් සාමාජිකයන් බඳවා ගැනීමේ පළමු වටය ආරම්භ කිරීමට. අද අපට බොහොම සතුටුයි. ලැබී ඇති වාර්තා අනුව මන්ත්‍රීවරුන්ගෙන් සියයට 75ක් මෙහි පැමිණ සිටිනවා‘ යැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද(24) බත්තරමුල්ල නෙළුම් පෙදෙසේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.

පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ යාපනය ඇතුළු සියලුම ප්‍රදේශවලින් පැමිණ සිටින නිසා ග්‍රාමසේවා වසම් 18029 හිම ශාඛා සමිති පිහිටුවීමට බලාපොරොත්තුවන බවයි.

GLA_7841 GLA_7871 GLA_7890 GLA_7936



අදහස් (0)

මල් පොහොට්ටුවට එක්වෙති

නවුෂාඩ් මහරුෆ් Thursday, 24 November 2016 09:15 AM

අබ සරණයි මහජනතාවට (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 November 2016 09:15 AM

ඔක්කොම කුනු එක ගොඩකට.(බ)

:       0       0

ප්‍රදීප් Thursday, 24 November 2016 09:16 AM

ඇස් පනාපිටම ඔප්පුවෙලා තියෙද්දී මෙයා පසුපස යන කට්ටිය ගැන හිතා ගන්න පුළුවන් (බ)

:       0       0

මහේෂ් Thursday, 24 November 2016 09:16 AM

සිදු විය යුතුම දෙයක්. රට පෙරට (බ)

:       0       0

ජයන්ත Thursday, 24 November 2016 09:22 AM

සුබ පැතුම්. (බ)

:       0       0

ගාමිණි Thursday, 24 November 2016 09:25 AM

ජය වේවා, යහපාලන බැංකු හොරු පලවා හරිමු (බ)

:       0       0

මුදිත Thursday, 24 November 2016 09:32 AM

මේවට අපිට නම් හිනායන පැත්ත හොයාගන්න බැරුව ඉන්නෙ (බ)

:       0       0

ලක්විදු Saturday, 26 November 2016 04:52 PM

අර අහවලාත් ඉන්නේ... ඉතින් කට්ටියගේ කැරැට්ටුව ගැන තව මොන කතාද? (නි)

:       0       0

නිහාල් පීරිස් Thursday, 24 November 2016 09:36 AM

ආයෙත් කවදද පැරදුනාම රට යන්න හිතන් ඉන්නේ (බ)

:       0       0

දිලිප පීරිස් Thursday, 24 November 2016 09:37 AM

මෙහෙම බඩගෝස්තරවාදී දේශපාලකයෝ නම් කමක් නෑ උන්ට පන්දම් අල්ලන හෙංචයියලා ඉන්න රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් (බ)

:       0       0

කරුණාපාල Thursday, 24 November 2016 09:40 AM

එදා මල් පැලේම කාල විනාශ කරපු පණුවොම දැන් මල් පොහොට්ටුවක් රකිනවලු?? (බ)

:       0       0

ජයසිංහ Thursday, 24 November 2016 07:26 PM

හොඳ ආරම්භයක්. ගමෙන් පටන් අරන් පිටට යමු. මාස තුනකින් විතර මහා සම්මේලනය තියමු. ඔය එක එක කතා අපිට වැඩක් නැහැ. අපේ ගමන අපි යනවාමයි. (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Thursday, 24 November 2016 07:32 PM

ලොකු සතුටක් මුහුණේ ඇතුවයි බැසිල් රාජපක්ෂ ඉන්නේ. මේකෙනුත් හොඳ කොමිස් කුට්ටියක් ලැබෙනවා සිකුරුයි. පොහොට්ටුවත් විකුණලා ආපහු කැලිෆෝනියා දුවයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නිෂාන් Thursday, 24 November 2016 09:48 AM

ජය වේවා,(හේ)

:       0       0

කමල් Thursday, 24 November 2016 09:50 AM

ජනවාරි 8 අපිව දමා පැනලා ගිය හැටි මතකයි අපි නම් නෑ (හේ)

:       0       0

සත්‍යපාල Thursday, 24 November 2016 09:52 AM

අනේ මේ රටට අාදරේ රටට සේවයක් කරන්න කියලා තවත් ඉතුරු ටිකත් කාලා තමන්ගේ මඩිය තරකරගන්න තවත් ඡන්දෙ ඉල්ලන් එන්නේ ඇයි නොමැරී ඉන්නවා කියලා හිතාගෙනද මේ තන්හාව..(හේ)

:       0       0

පේදුරු Thursday, 24 November 2016 08:02 PM

බැසිල් එක්ක නම් මේ ගමන යන්නේ වැලේ වැල් නැති බව මතක තියාගන්න. (නි)

:       0       0

රොකී Saturday, 26 November 2016 06:21 PM

ජයවේවා අපේ වීරයන්ට! (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 24 November 2016 09:53 AM

දිගු ගමනකට සුභ පැතුම්!.(හේ)

:       0       0

චන්දන Thursday, 24 November 2016 08:05 PM

ජයවේවා! අපි ඔබ සමඟයි (නි)

:       0       0

ඩයස් Thursday, 24 November 2016 08:16 PM

ඉක්මනට සල්ලි හොයන්නට මේ පක්ෂයට බැඳෙන්න ඔබට ඇරයුම් කරමු. ජයවේවා! (නි)

:       0       0

සුජිත් ගුණසේකර Thursday, 24 November 2016 09:59 AM

අපි ඔබ සමඟයි.(හේ)

:       0       0

ලෙස්ලි Thursday, 24 November 2016 08:18 PM

බලමු ඔය සතුට හැමදාම තියෙයිද කියලා (නි)

:       0       0

අනුර Thursday, 24 November 2016 10:04 AM

මහජන මුදල් කොල්ල කාපු කිසිවෙක් මෙහි සාමාජිකත්වය ලබා නොගත යුතුය (ම)

:       0       0

ගයාන් Thursday, 24 November 2016 10:05 AM

මෙම පෙරමුණ අපේ එකම බලාපොරොත්තුවයි . රට යහ මගට පැමිණේවි (ම)

:       0       0

රුවන් Saturday, 26 November 2016 10:15 PM

දේශපාලන උපක්‍රමශීලීබව අත්‍යවශ්‍ය සාධකයක්. මල් පොහොට්ටුවෙන් ඒක හොඳට කරන්න පුළුවන්. මේකේ වටිනාකම පෙනෙන්නේ ඡන්ද ලැයිස්තු හදනකොට ශ්‍රීලනිප අත ලකුණ නොදී කේවල් කරන්න ආවොත්. ගියවර මෛත්‍රී මහතා ගැන විශ්වාසය තැබුවාට ඔහු එය කඩකළ නිසා මේක තමා හොඳම විකල්පය. (නි)

:       0       0

කුමාර් Thursday, 24 November 2016 09:51 PM

දැන්නම් සමහරුන්ට ඉහෙන් බහින ලෙඩක් නැහැ වගේ (නි)

:       0       0

බන්දුල Thursday, 24 November 2016 10:01 PM

අපිත් ඉන්නවා ඔබ සමඟ (නි)

:       0       0

උපසේන Thursday, 24 November 2016 10:03 PM

හානා හීය පානා අඩහැරෙන් දැනේ කිව්වලු නේද? (නි)

:       0       0

අබයපාල Thursday, 24 November 2016 10:06 PM

මෙතන ඉන්න අය ගැන අපේ නම් කිසිම පැහැදීමක් නැහැ (නි)

:       0       0

වින්සන්ට් Thursday, 24 November 2016 10:12 PM

කෝටි ගණන් වටිනා මන්දිර වලට කිසිදු අයිතිකරුවෙකු නැත්තේත්, වැරදිකරුවන්ට දඬුවම් නැත්තේත්, නව පක්ෂ පිහිටුවීම වෙනුවෙන්ද කියා යම් සැකයක් ඇතිවෙනවා ඇත. (නි)

:       0       0

වින්සන්ට් Thursday, 24 November 2016 10:21 AM

එක වර්ගයේ කුරුල්ලන් පියාසර කරන්නේ එකටය. (ම)

:       0       0

සමන් Thursday, 24 November 2016 10:45 PM

ජයවේවා!! ලංකාවේ බුද්ධාගම සමඟ අනිත් සියලු ආගම් පැවතීමට සහ ඒකීය රටක් ඇතිකිරීමට පුළුවන් එකම බලය මහින්ද විතරයි. සුබ පැතුම්! (නි)

:       0       0

කුමාර Thursday, 24 November 2016 10:46 PM

අපේ රටේ හරි නීතියක් තිබුනා නම් ඔය මල් පොහොට්ටුව පරවෙන්නෙ බන්ධනාගාරයක. මේ රටේ නීතිය දැක්කහම අපේ රට ගැන හරි දුකයි (නි)

:       0       0

චාමි Thursday, 24 November 2016 11:19 PM

තරුෂි, ඔයාට මතකද දන්නේ නැහැ මෙයා ගැන. මෙයාලා කළ සේවයක් නැහැ. (නි)

:       0       0

චන්දන Thursday, 24 November 2016 11:33 PM

පක්ෂ සහ පාට විවේචනය කරන්න යන්නේ නැතුව හොඳ බුද්ධිමත් අය විතරක් තෝරාගන්න. මෙතන ඉන්න අය තවදුරටත් තෝරාගන්න එපා. එහෙම නැතුව අපට කවදාවත් හරියන්නේ කොහොමද. (නි)

:       0       0

කුමාර Thursday, 24 November 2016 10:39 AM

ජයවේවා (ම)

:       0       0

නිහාල් Friday, 25 November 2016 08:10 PM

බැසිල්ගේ සිනහ මුහුණේ මට නම් පෙනෙන්නේ කෛරාටික පෙනුමක් (නි)

:       0       0

ආනන්ද Friday, 25 November 2016 12:15 AM

නියමයිනේ. ජයවේවා! (නි)

:       0       0

ශාන්ත Friday, 25 November 2016 12:41 AM

ලොකු හොරුත් එක්කම පොඩි හොරු ටිකත් යන්න. ලොකුම සේවය එයයි. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 27 November 2016 04:19 AM

අලි බබා සහ හොරු සෙට් එක! (නි)

:       0       0

ලකී Thursday, 24 November 2016 11:09 AM

මල් පොහොට්ටුව නොදනී එහෙත් මල් පරවෙන බව මල දනී (හේ)

:       0       0

බණ්ඩාර Thursday, 24 November 2016 11:11 AM

තව ටික දවසකින් මල් පොහොට්ටුව පිපෙයි.(හේ)

:       0       0

අජිත් Thursday, 24 November 2016 11:14 AM

අනාගත ජනාධිපති තුමාට ජය වේවා .ජන රජයට ජයවේවා (බ)

:       0       0

අශාන් Thursday, 24 November 2016 11:23 AM

ලංකාවේ බොහෝ මිනිසුන් වගේම දේශපාලකයොත් දුෂණයට සහ භීෂණයට කැමති බව රහසක් නෙවෙයි (බ)

:       0       0

පුෂ්පකුමාර Thursday, 24 November 2016 11:33 AM

ශ්‍රී ලංකා සංස්කෘතිය අනුව මොනවා හරි වැඩකට නායකත්වය දෙන්න ඕනා මේ වගේ අය තමයි එහෙම නැත්නම්, ඒ වැඩේ හරියන්නේ නැහැ. අපේ රටට ගැලපෙන්නේ මෙහෙම අය තමයි. (බ)

:       0       0

නිමල් Thursday, 24 November 2016 11:42 AM

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර (බ)

:       0       0

රොෂාන් Thursday, 24 November 2016 11:49 AM

බැසිල් මහත්තයාගේ බැතිමතුන් පිරිසක් වටවෙලා ඉන්නවා වගේ. තව හොඳට වඳින්න. එතුමා කොහොමත් මල් වට්ටි, පිරිකර වලට හරිම ආසයි. (බ)

:       0       0

කරුණාපාල Thursday, 24 November 2016 12:00 PM

බැසිල් මැතිදුගේ නව පොහොට්ටුව දැකලා ද, එහෙම නැත්නම්, වෙන මොනවා හරි දකලාද දන්නේ නැහැ, බෝතල්, පත්තර කාරයින් පුට්ටු වෙලා වගේ ගතියක් පෙනෙන්න තියනවා. ගණන් ගන්න එපා කරු තුමා , දවස අවසානේ අතට යටින් ලැබෙන ගතමනාව අරගෙන ගිහින් හීනියට අඩියක් ගහලා, මස් කට්ටක පහස ලැබුවාම පහුවෙනිදා උදේට බඩ සුද්ධ වෙලා ප්‍රකෘති තත්වයට පත්වෙයි.(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 24 November 2016 12:13 PM

අපේ එකම බලාපොරොත්තුව.ජය වේවා.......(බ)

:       0       0

අජිත් Friday, 25 November 2016 01:28 AM

බැසිල් මැතිඳුනි, මේ ඉල්ලීම් සියල්ල දෙමින් මර්වින් මහතා නායකත්වයට ගෙන එන්නේ නම් අපේ සහය ඔබේ පක්ෂයටයි. මන්ත්‍රී වාහන පර්මිට් සම්පුර්ණයෙන් අහෝසි කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, මන්ත්‍රී විදේශ සංචාර සම්පුර්ණයෙන් තහනම් කිරීම, සියලු කොන්ත්‍රාත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක කාලයක් ප්‍රචාරය කිරීම, මන්ත්‍රී ලේකම් වාහන පර්මිට් අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගණන 50 ට අඩු කිරීම, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මුළුමනින්ම අහෝසි කර මේ කටයුතු සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඒ අනුව නිලධාරීන් ලවා කටයුතු කිරීම, පාරිභෝගික ද්‍රව්‍ය මත බදු මුළුමනින් ඉවත් කිරී, සෑම මන්ත්‍රීවරයෙකුම සතියට දවස් 2 ක් ශ්‍රමයෙන් මහජන සේවය කිරීම ගැනත් සිතන්න (නි)

:       0       0

සුජිත් අනුෂ්ක Thursday, 24 November 2016 12:14 PM

ග්‍රාමසේවා වසම් 18029 සදහන් කළත් ලංකාවට ඇත්තේ ග්‍රාමසේවා වසම් 14022 පමණි (බ)

:       0       0

ශානක Thursday, 24 November 2016 12:17 PM

ජය වේවා,ශ්‍රීලනිපයේ ගමනක අවසානය ,අපි මහින්ද සමගයි (බ)

:       0       0

කුමාර් Thursday, 24 November 2016 12:21 PM

මොවුන්ගේ අලුත්ම වෑයමට මුල්ගල තැබීම.(හේ)

:       0       0

බන්දුල Thursday, 24 November 2016 12:31 PM

පොහොට්ටුව , කටු අකුලේ මල් නොපිපේ (හේ)

:       0       0

රාජසිංහ Friday, 25 November 2016 01:52 AM

තව ටිකක් එකතු කරගත්ත නම් අලි බබා සහ හොරු හතළිහට ඉහළටම යන්න තිබුනා. (නි)

:       0       0

දසුනි Thursday, 24 November 2016 12:42 PM

පරවෙන්නත් තව අවරුදු දෙකක් තියෙද්දී නටුව කපාගෙන ආය පිපෙන්න තියන උවමනාවක මහත. මිනිස්සුන්ට මොලේ කළදක් හරි තියනවනම් මොන මලකට පිපෙන්න දුන්නත් , ඔය පොට්ටුවටනම් පිපෙන්න දෙන්නේ නැහැ.(හේ)

:       0       0

පුබුදු Friday, 25 November 2016 02:17 AM

අවශ්‍ය වන්නේ නිදහස් පක්ෂය විනාශ කිරීම නොව යූඑන්පීය ලබන මැතිවරණයේදී පරාජය කිරීමයි. ඒ සඳහා සියලු වාමාංශික හා ප්‍රගතශීලි බලවේග එක්විය යූතුයි (නි)

:       0       0

ගයාන් Friday, 25 November 2016 02:37 AM

හොරකම, වංචාව, මහජන දේපල අවභාවිතය නීතිගත කිරීමටද මේ කණ්ඩායම උත්සාහ කරන්නේ (නි)

:       0       0

මොහාන් Friday, 25 November 2016 02:53 AM

මල්වානෙන් මේ හැමෝටම ගෙවල් අරන් දෙනවාද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 25 November 2016 04:17 AM

හිමිකරුවන් නොමැති ඉඩම් ,මර්මස්ඨාන.අධි සුඛෝපභෝගී නිවාස ලංකාවේ සහ පිටරටවල වැහි වැහැලා (ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 25 November 2016 04:18 AM

මල පිපෙන්න කලින් පොහොට්ටුවේදීම කඩල විසි කරපල්ලා මිනිසුනේ.........(ම)

:       0       0

දිලිප් Friday, 25 November 2016 04:23 AM

අපිට තියෙන ආදරයක මහත !!!! වලිකනවා අපිව බෙදා ගන්න පව් නේ! (ම)

:       0       0

චානක් Saturday, 26 November 2016 05:47 AM

මේ මල් පොහොට්ටුව පිපෙන්නේ නෑ.(හේ)

:       0       0

චානක් Saturday, 26 November 2016 06:16 AM

වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

දිපාල් Friday, 25 November 2016 05:26 AM

දැන් රටට ප්‍රබල විරුද්ධ පක්ෂයක් අවශ්‍ය බව ඇත්ත. හැබැයි මහත්තයෝ පොහොට්ටු හදල ශ්‍රී ලං නි ප විනාශ කරන්න නම් එපා. (ම)

:       0       0

සමන් Thursday, 24 November 2016 01:09 PM

රට යහපත් දිශාවකට ගෙනයාමට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා (අ)

:       0       0

මනෝජ් Thursday, 24 November 2016 01:23 PM

ප්‍රධාන පක්ෂ 2 න් පිට ලංකාවේ රජයක් එන්නේ නෑ. මේකෙන් වෙන්නේ සුළු ජාතීන්ගේ බලය වැඩිවෙන එක විතරයි. එතකොට අපිට අහන්න වෙන්නේ ඔබට සතුටුද කියල තමයි. (අ)

:       0       0

රොෂාන් Thursday, 24 November 2016 01:43 PM

ගඳ අරින්න නම් සැහෙන්න පිරිසිදු වතුරෙන් හෝදන්න වෙයි. (අ)

:       0       0

අනූ Thursday, 24 November 2016 02:14 PM

ඕන් ආයෙත් එන්න දගලනවා (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 November 2016 02:43 PM

ඔක්කොම එක පෙරෙමුනකට එකතු වුනාම ජනතාවට පහසුයි එකවර ගෙදර යවන්න.(හේ)

:       0       0

තරුෂි Thursday, 24 November 2016 03:05 PM

රොෂාන්ලා වගේ මිනිස්සුන්ට අමතකද මෙතුමා යුද්දේ වෙනුවෙන් මොනතරම් සේවයක් කලාද කියලා. එදා වෙලා හොයාගෙන කන ජනතාව වෙනුවෙන් මෙතුමා අදටත් විශාල සේවයක් කරනවා. (හේ)

:       0       0

රුවන් Thursday, 24 November 2016 08:28 AM

ජනාධිපති තුමනි, ඔබට හොඳම අවස්ථාවක් ලැබී ඇත.උගත් බුද්ධිමත් පිළිගත් තරුණ පිරිසක් බඳවාගෙන ගමන අරඹන්න. අප සැමදා ඔබ සමගයි. (බ)

:       0       0

හේමන්ත Thursday, 24 November 2016 08:35 AM

ඉන්න අයගේ මුහුණු වලින් පෙනෙනවා පක්ෂයට යන කල දවස.(බ)

:       0       0

රංජිත් ගුණසේකර Thursday, 24 November 2016 08:36 AM

මේ පාර මාරු වෙන්ඩ තැනක් හොයාගන්න ඉස්සේලම පැරදුනාම (බ)

:       0       0

දිලිත මංජුල Thursday, 24 November 2016 08:36 AM

මෙයාලට පුලුවන්ද මේ ණය කන්දෙන් ගොඩ එන්න ? අපේ මිනිසු තමා මෝඩ අපරාදේ අද දවසේ වැඩ ? (බ)

:       0       0

රොහාන් Thursday, 24 November 2016 08:40 AM

ඔන්න ලංකාව දේශපාලනේ මේ කට්ටිය මොන කුපාඩි වැඩේ කෙරුවත් තමන්ගේ රෙදි නැතුව කඩේ යන්න කට්ටිය ඉන්න්වස් ලැජ්ජි ඔයාල ගැන. (බ)

:       0       0

සංජිව Thursday, 24 November 2016 08:54 AM

ජයවේවා.මෙතෙක් කල් ශ්‍රී ල නි ප එක්ක හිටපු අපි ඔබ සමගයි (ම)

:       0       0

උපාලි Thursday, 24 November 2016 04:15 PM

මහින්ද මහත්තයා නැති කිසිම පොහොට්ටුවක් නොපිපේ. (නි)

:       0       0

රෝයල් Thursday, 24 November 2016 04:30 PM

අර සුදු ජාතිකයා කවුද? (නි)

:       0       0

මාගලි Thursday, 24 November 2016 04:38 PM

තරුෂි, යුද්ධය වෙනුවෙන් මොනවද කළේ? යුද්ධ කරන්න ගියාද, නැත්නම් වායුසමනය කළ කාමර තුළ සිටියද? යුද්ධයට ගියේ ත්‍රිවිධ හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ විතරයි (නි)

:       0       0

හර්ෂ Thursday, 24 November 2016 04:56 PM

අප ඔබ සමඟ පෙළගැසෙන්නෙමු (නි)

:       0       0

උපුල් Thursday, 24 November 2016 05:19 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

භද්‍රානි Thursday, 24 November 2016 09:13 AM

අර පහුගිය කාලේ මරණාසන්න ලෙඩක් හැදිලා වගේ ඇම්බියුලන්ස් එකෙන්, මුල්‍ය අක්‍රමිකතාවයක් සඳහා උසාවි ආපු පුද්ගලයා නේද මේ? සමහර විට ළඟදී අයිතිකරුවෙක් නැති මහා මන්දිරයක් ජනසතු කළ පිනටම ඒ ලෙඩ සුව වෙන්න ඇති. (බ)

:       0       0

ජගත් ලියනගේ Thursday, 24 November 2016 05:43 PM

මරු කට්ටියක් ඉන්නේ සෙට්වෙලා. අනාථම අනාථයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1602 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 516 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 284 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site