IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මල් මාමා නාසයෙන් සත්සර මවයි

අරණායක අසුපිනි ඇල්ල ආසන්නයේ ජිවත් වෙන ‘මල් මාමා‘ හෙවත් රාජපක්ෂ ගෙදර අබේරත්න (71) නාසයෙන් බට නලා වාදනයට සමත් අයෙකි. ඔහුගේ දක්ෂතා නිසා අසුපිනි ඇල්ල නැරඹිමට යන බොහෝ පිරිස් ඔහුවද හමුවෙති.

දිය යට විනාඩි 8 කටත් වඩා සිටිය හැකි ඔහු ගොවිතැන් කටයුතු වලටද හපන්කම් ඇති ඔහු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් පැවත්වු තරග වලින් සම්මාන කිහිපයක් ද දිනා ගත් දක්ෂයෙකි. ‘‘විදේශිකයෝ මේ ඇල්ල බලන්න ඇවිල්ලා මගේ තියෙන දක්‍ෂතා දැකලා පුදුම වෙලා එයාලාගේ රටවලට ගිහිල්ලා ස`ගරා කිහිපයකම පළකරලත් තිබුණා. මම දැන ගත්තෙත් ඒවාගෙන් කිහිපයක් මට එවපු නිසා. ඒ දවස් වල මමයි මගේ බිරිදයි හිටියේ කටු මැටි ගහපු පුංචි පැල්පතක ඒ දවස් වල හරි ලස්සනට සරුවට අපි වගා කරලයි තිබුණේ මේ ඉන්න තැනට  ආපු දවසේ ඉ`දලා වගා කටයුතු කරලා තමයි අපි ජිවත් වුනේ. මට ගොඩක් අය කියන්නේ ‘මල් මාමා‘ කියලා. මොකද මම මල් වගා කරන්න දක්ෂ කෙනෙක් නිසා මෙ මුළු වත්තේම මම ඉස්සර මල් හදලා තිබුණේ. පාසල් ගියේ 5 වසරට පාසල් යන කාලේ ඉදලා මම කලාවටත් හරි දක්‍ෂයි. අදත් මම මේ කලාවට ගොඩක් ආදරෙයි. මම තරුණ කාලයේ කෑගල්ල පැත්තේ මල් ශාලාවකට වැඩට ගියා මම මේකේ වැඩ හො`දට ඉගෙන ගත්තා. ඒ දවස් වල වන මලින් තමයි මල් වඩම් වාගේ දේවල් නිර්මාණය කළේ. වනමලින් කරන වැඩ කටයුතු ඒ හින්දම හොදට ඉගෙන ගත්තා. මෙහේ වැඩ කරන දවස් වල ලංකාවේ සතර දිග්භාගයේ යාලූවෝ හදුනාගත් හින්දා ටික කාලයක් මල් ශාලාවේ වැඩ කරපු මට යාපනේ යන්න උනේ යාළුවෙක් කරපු කන්නලව්ව හින්දා. එහේ ඉන්නකොට තමයි ඉන්දියාවෙන් ඇවිල්ලා යාපනයේ කඩයක් දා ගත්ත මලයාලම් කාරයෙක් හම්බෙන්නේ. මිනිහා හරි දක්‍ෂයා මලින් කරන වැඩ වලට මටත් තිබුණ කැමැත්ත හින්දම එයත් එක්ක වැඩ කළා. ඊට පස්සේ තමයි මලින් කරන ගොඩාක් නිර්මාණ පුරුදු වුනේ මලයාලම් කාරයාට හොදට බටනලා ගහන්න පුලූවන් හින්දා එයාගෙන් ඒ හුරුව මටත් ඒ ටික කාලෙදි ලැබුණා.‘‘

අසුපිනි ඇල්ලට නුදුරින් මහනුවර දිස්ත‍්‍රික් මායිමේ උඩුවැල්ල ඇපලාවත්ත පදිංචි ඔහු එහි මුල්ම පදිංචිකරු යැයිද ගැමියෝ කියති.

බටනලා දෙකක් වුවත් තම නාස්  පුඩු දෙකේ තබා අලංකාරව පැහැදිලිව ස්වර නාද රටා මවන ඔහු සමහර අවස්ථා වල ගීත වෙනුවෙන් අනුවාදනයන් පවා ඉදිරිපත් කරයි.

web web1



අදහස් (0)

මල් මාමා නාසයෙන් සත්සර මවයි

කරුණාරත්න Friday, 24 April 2015 03:14 PM

අත් දිගට තනි සුදු ඇනදේ නැතුවාට මේ මල් මාමලගෙන් රටට දැයට නැත කිසි අයහපතක් යහපතක්ම මිස. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ගායුෂ පතමු මල් මාමට. (අ)

:       0       0

ජගත් බාලසූරිය Friday, 24 April 2015 09:52 AM

මොන තරම් දක්ස කෙනෙක් ද මොහු? හැකිනම් ලිපිනය සහ දුරකථන අංකය හොයල දෙන්න. ජගත් බාලසුරිය - ලන්ඩන් ලංකා දීපයට ස්තුති (බ)

:       0       0

කුමාර Friday, 24 April 2015 10:52 AM

නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා! (ස)

:       0       0

අතිජාත Saturday, 25 April 2015 05:30 AM

කලාවට ආදරය කරන ඔබගේ හැකියාව බොහොම අගෙයි.ඔබට ජය. (ස)

:       0       0

ජයලත් Saturday, 25 July 2015 09:57 PM

නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි. බුදු සරණයි මාමාට! (නි)

:       0       0

අනුර පනාගොඩ Friday, 24 April 2015 11:36 PM

අදහාගන්නත් අමාරුයි. ඔබට නිදුක් නිරෝගී සුව පතමි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 April 2015 01:09 PM

ශා.. ආ.. ආ.. නියමයි , ඔබට දිගාසිරි මල් මාමේ ! (අ)

:       0       0

තාමර Saturday, 25 April 2015 09:42 AM

මේ වගේ දුප්පතෙකුට කොහෙන්දේ දුරකථන. පුළුවන් නම් ඔහුගේ ලිපිනය පල කරන්න .මල් මාමාට දීර්ඝායුෂ. (ස)

:       0       0

කීර්ති Monday, 01 June 2015 04:14 PM

දීර්ඝායුෂ පතමි මම‍ද ඔබට මල් මාමේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2367 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 418 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1700 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5016 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3384 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3737 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site