(ජේ.ඉඳුරුවගේ)
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ ඇයගේ හය හැවිරිදි පුත්‍රයා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලීසිය පැවසිය.
බෙන්තොට වෙරළේ ඊයේ (31) රාත්‍රියේ පැවති මල් වෙඩි සංදර්ශන නැරඹීම සඳහා පවුලේ අය සමග පැමිණ ආපසු නිවෙස වෙත යමින් සිටි බෙන්තොට ඉහල මාලවල පදිංචි මෙම මව සහ පුත්‍රයා අනාරක්ෂිත තැනකින් දුම්රිය මාර්ගය හරහා මාරුවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලද හය හැවිරිදි දරුවාගේ වම් අතේ වැලමිටට පහළින් වෙන්වී තිබූ කොටස සුරක්ෂිතව බෙන්තොට රෝහලට බාරදුන් බව පොලීසිය පැවසීය.
මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු මව හා පුත්‍රයා කළුතර නාගොඩ රෝහලට මාරුකළ බව බෙන්තොට රෝහල් ආරංචිමාර්ග පැවසීය.
හොරණ කඳන උතුර සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු සහ ගල් විදීමට යොදාගන්නා වාය
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 70 කට අධික වියළි ඉගුරු තොගයක් සැකකරුවන් සිව් දෙනෙකු සමග කල්පිටිය පොලිස්
රුපියල් කෝටි ගණනක් වියදම් කර පසුගිය රජය මගින් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බලංගොඩ මද්දෙගම - පිඬලිගන්නාවෙල මාර්ගයේ කොටසක් අධික වර්ෂාවත් සම
ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිදු කරන ලද සෝදිසියකදි රැදවියන් ලඟ තිබු ජංගම දුරකතන තුනක් චාජර් හතක් බැටරි පහක් ඇතුළු උපාංග රැසක් අද (1) සවස සොයාගත් බව බ
බලංගොඩ නෙල්ලිවල අලකොළ ඇල්ල ග්‍රාම නිළධාරි වසමේ තරුණ ගොවි මහතෙකුට කුඹුරු අක්කරයක් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 10,000 ක පොහොර සහනාධාර මුදල වෙනුව
කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථ තුනක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මල් වෙඩි බලන්න ආ මව - පුතා දුම්රියක ගැටෙයි
හර්ෂන විජේරත්න Wednesday, 01 January 2025 01:22 PM
අම්මාටත්, පුතාටත් ඉක්මණින් සුවය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. දරුවාගේ ආශාව නිසා මල් වෙඩි පෙන්වන්න එක්කගෙන එන්න ඇති. පව් අසරණ අම්මයි පුතයි. මේ දෙදෙනාගේ ජීවිත රකින්නට වෛද්‍ය උතුමන්ලාට යෝධ ශක්තිය ලැබේවා!! තෙරුවන් සරණයි !! සියලු දෙවියන් මේ දෙදෙනාගේ ජීවිත ආරක්ෂා කරත්වා!!