IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


'මලී' වූ සමාධි

දෙරණ ටී.වී. ඔස්සේ විකාශය වන මලී නාට්‍යය හැඩ කරන්නේ ඇයයි. ඇයගේ පෙනුම එම චරිතයට වඩාත් පෑහෙන බව සඳහන් කළ හැකියි. මේ නිසාම ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා අතර අද ඇය කතා බහට ලක් වන චරිතයකි. මේ කතා බහ කෙතරම්ද කිවහොත් බොහෝදෙනා ඇය අමතන්නේද ‍'මලී' යන නාමයෙනි. මෙය ඇයගේ කුළුදුල් දීර්ඝ ටෙලි රංගනයයි. මෙලෙසින් පුංචි තිරය හැඩ කරන මේ රැවැත්තිය කවුද? ඒ ගැන ඇගෙන් විමසමු. ඔබගේ නම? සමාධි අරැණි ඡායා අබේගුණරත්න.   ගම? තිස්සමහාරාමය   ඉගෙන ගත්තෙ? පාසල් කීපයකටම ගියා. ඒ අතරින් රත්නපුර සුමන බාලිකාල දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය සහ අන්තිමට උසස් පෙළ දක්වා පාසල් ගියේ තංගල්ල බාලිකා විද්‍යාලයට.   අම්මා තාත්තා ගැන සඳහන් කළොත්? අම්මා දැව සංස්ථාවේ රුකියාවක් කරනවා. තාත්තා ව්‍යාපාරයක නිරතයිග මට ඉන්නෙ මල්ලි විතරයි.   දැන් වයස එහෙම? අවුරැදු 20 යි.   ලග්නයත් කියමු නේද? ධනු   යාළුවෝ ඔබ අමතන්නේ ‍'සමී' කියලා නේද? සමාධි කියලත් කියනවා.   එතකොට සුදු නෝනා කියල කියන්නෙ කාටද? ඒ අම්මා ආදරේට කියන නම.   ඉගෙන ගත්තෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්නලු නේද? ඇත්තෙන්ම ඔව්.   ඒ විදියට බලාපොරොත්තු තියාගෙන ඉඳල කලාවට ආවේ? උසස් පෙළට ලියූ අහම්බෙන් වගේ වෙච්ච දෙයක්. ඉස්සර ඉඳලාම අවුරැදු කුමරිය තරගවලට මම ආසයි. 2010 දී රෑපවාහිනී අවුරැදු කුමරියට අයදුම් කළා. එවර ජාතික රෑපවාහිනිය සංවිධානය කළ අවුරැදු කුමරිය තරගයේ අභිෂේක ලැබුවේ මායි.   අවුරැදු කුමාරිය වුණාට පස්සෙ? මගේ ජීවිතේ ගොඩාක්ම සතුටු වූ දවස එයයි.   ඉස්සර කන්නාඩිය ළඟට ගිහින් රෑ රුජින ලෙස පෙනී සිටිමින් රඟපෑවලු නේද? ම්ම්....ම්.... එහෙම්ම නැහැ.   ඒත්, හැමෝම ඔයා ලස්සනයි කියනවට ආසලු නේද? ඔව්.   මාලනී ෆොන්සේකාගේ තරැණ කාලයට සමීප රැවක් ඔබට තියෙන්නෙ කියලා යාළුවො කියනවලු නේද? මගේ ජීවිතේ මම වඩාත් ආසා කරන එතුමියගේ ඒ කාලයේ රැවට යාන්තමට හෝ සැසඳීමත් මම එක අතකට ලැබූ භාග්‍යයක්. ඒත් මම නම් හිතන්නෙ ඇය තරම් වඩාත් සුන්දර රැවක් මට නැහැ.   රඟපෑම කියන දේ යටි හිතේ තිබුණද? ඉස්සර ඉඳලාම තිබුණා. ඒත් හැදෑරීමක් කරල නැහැ. කවදාවත් රෑගත කිරීමක්වත් දැකලා තිබුණෙ නැහැ. කොළඹ ආවා ගියා. ගමේ තමයි හිටියෙ.   මහගෙදර තියෙන්නෙ එහෙද? ඔව්, තිස්සමහාරාමයේ. අම්මාට රුකියාව සමග රට වටේ යන්න සිදුවුණා. දැන් නම් මගේ වැඩ නිසා අපි කොළඹට නුදුරැව පදිංචිව සිටිනවා.   ඔබ කැමති ගමට ද? කොළඹට ද? ඇත්තටම මම ආස ගමට.   දැන් ඔබට බොහෝදෙනා කියන්නෙ මලී කියල නේද? ඔව්, මලී කියලා. පරණ යාළුවො පවා මට දැන් කියන්නෙ එහෙමයි.   තිස්සමහාරාමය ගැන මොකද හිතෙන්නෙ? වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන සංකල්පය අපූරැවට ගැලපෙන පරිසරයක්. ඒ පරිසරය සුන්දර වගේම මිනිස්සුත් හරිම සුන්දරයි. කොළඹ වගේ දියුණු නොවුණට ජීවිත හරිම සරලයි. ඒ වගේම කොළඹ තියෙන කාර්ය බහුලත්වය නැහැ.   ආදරය ගැන කතා කරනවට වැඩිය කැමැති නෑලු නේද? ඕන දෙයක් අහන්නග හැමෝම මටල ඒ කියන්නෙ මලීට ආදරය කරන බව පේනවා.   මලී ආදරය කරන්නෙ කාටද? නිර්මාල්ට.   මම අහන්නෙ ඔබ සැබෑවට ආදරය කරන්නෙ කවුද? මලී මට ගොඩක් දුර චරිතයක් නොවේ. සමහරවිට මගේ බාහිර ස්වරෑපය පවා මලී වගෙයි. ගමේදි මාත් අඳින්නෙ චීත්ත ගවුම් එහෙම. මලී අම්මාට ගොඩක් ළැදි කෙනෙක්. මාත් එහෙමයි. හැබැයි මට සැබෑවට නිර්මාල් කෙනෙක් ලැබිලා නැහැ. ඒ වගේ අය එනවා යනවා. ඒත් මම හොයන නිර්මාල් මට තවම හමුවුණේ නැහැ.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
 



අදහස් (0)

'මලී' වූ සමාධි

නිසසල Saturday, 21 January 2012 10:55 AM

ඔබ ලස්සනට රඟපානවා. ඔබට සුභ අනාගතයක්

:       0       0

රත්න ද සිල්වා Thursday, 12 January 2012 04:59 PM

ඔබගේ රංගනය ඉතා විශිෂ්ඨයි. ඔබට සුභ අනාගතයක්.

:       0       0

Rajesh Kalubowila from Bahrain Monday, 16 January 2012 06:03 PM

අපි හැමදාම මලී බලනවා,ඔබගේ රංගනය ඉතා විශිෂ්ඨයි ඔබට ඉතාමත් සුබ අනාගතයක් වේවා.

:       0       0

ශෂිකලා Monday, 09 January 2012 01:01 PM

කියන්න දෙයක් නෑ. ඔබගේ රගපෑම් හරිම තාත්විකයි. ගැමිකම හොදටම තියෙනවා. ලංකාවේ හොදම නිලිය වෙන්න වාසනාව ලැබේවා. බුදුසරණයි

:       0       0

වින්ද්‍යා Wednesday, 11 January 2012 11:18 AM

ඔබ ඉතාමත් විශිෂ්ට රංගනයක යෙදෙනවා. හරිම ලස්සනයි. ඔබගේ ලස්සන හැමදාමත් රැක ගන්නට ලැබේවා. සමහර නිළියන් වගේ නම කැත කරගන්නේ නැතිව දීර්ඝ ගමනක් යන්නට වාසනාව හා ධෛර්යය ලැබේවා

:       0       0

අසංක සදමාලි Monday, 09 January 2012 03:15 PM

ඔබගේ රංගනය ඉතාමත් සුන්දරයි. අපි හැමදාම මලී බලනවා. ඔයාට රගපෑමෙන් දියුණු ගමනකට සුබ පතනවා

:       0       0

ඉෂන්කා Monday, 09 January 2012 03:46 PM

ඔය රතු හැට්ට කාරි වගේ ලස්සනයි. මගේ චූටි පැටිය..

:       0       0

amidu Monday, 16 January 2012 09:19 PM

ඔයා හොඳට රඟපානවා. සුබ අනාගතයක්

:       0       0

සංජය Monday, 09 January 2012 04:08 PM

ඇය හරිම වාසනාවන්ත ළමයෙක්

:       0       0

සංජය Monday, 09 January 2012 04:10 PM

ෙ මටත් ආඩම්බරයි. මමත් තිස්සමහාරාමේ

:       0       0

චතුර Wednesday, 11 January 2012 12:01 PM

ඔබ දක්ෂයි. ඔබට ජය. සුබ අනාගතයක් වේවා!!

:       0       0

සුනිල් Monday, 16 January 2012 12:49 AM

ඉතා හොද නිළියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 317 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 432 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 91 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 623 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 161 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 911 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site