IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මිල සුත්‍රයෙන් ඉන්ධන මිල ඉහළට පමණයි - ජනපති

අජන්ත කුමාර අගලකඩ

 

ඉන්ධන මිල තීරණය කිරිම සඳහා මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබුවද ඒය හඳුන්වා දුන් දින සිටම ඉන්ධන මිල ඉහළ යනවා මිස පහළට යන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ දී පැවසීය.

මේ තත්ත්වය හමුවේ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළීබඳව ඉදිරියේ දී එන අයවැයත් සමඟ තීරණය කරන බවද ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්න සමඟ පැවති සාකච්ඡාවේ දී සඳහන් කළේය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවන විට දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වීමත්, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවන විට දේශීය වෙළෙඳපොලේ මිල අඩුවීමටත්,මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබු බව කී ජනාධිපතිවරයා  එහෙත් සිදුවන්නේ එය හඳුන්වා දුන් දින සිට තෙල් මිල ඉහළ යාම බවද කීවේය.

තමාට ද ඒ සම්බන්ධයෙන් දැඩි විචේචන තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (30)

මිල සුත්‍රයෙන් ඉන්ධන මිල ඉහළට පමණයි - ජනපති

nisar Friday, 14 September 2018 09:58 AM

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවන වේගයට වඩා වැඩි වේගයෙන් රුපියල බාල්දු වෙනකොටත් දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වෙනවා

:       0       36

nisar Friday, 14 September 2018 09:58 AM

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවන වේගයට වඩා වැඩි වේගයෙන් රුපියල බාල්දු වෙනකොටත් දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වෙනවා

:       0       12

gunarathna Friday, 14 September 2018 10:07 AM

වැඩක් නැහැ. ඔබතුමාගේ ඡන්ද පදනමට තමයි මේ සේරම බැරවෙන්නේ... ඔබතුමාට ඉද්රියේදී ඡන්දෙකට ගිහිල්ලා මොනවද කියන්න තියෙන්නේ..? එක්සත් ජාතික පක්ෂයට බනිනවා... ඇරෙන්න වෙන කිසිදෙයක් කරන්න බැහැ...

:       3       427

sam Friday, 14 September 2018 10:08 AM

ඔහොම කියලා තමයි පසුගිය රජය "හෙජින් " ගිවිසුම අත්සන් කළේ... ලෝකයේ හෙට දිනයේදී වෙන්නේ මොනවද කියලා කාටවත් අද අනාවැකි කියන්න බැහැ. තම බලය රැක ගැනීමට දහසකුත් එකක් බොරු කිව්වාට, ඔබතුමා රටත්, ජාතියත් මුලා කිරීමට උත්සාහ කළ නායකයා හැටියට ඉතිහාස ගතවීම වළක්වන්න බැහැ.

:       0       556

chandana Friday, 14 September 2018 10:17 AM

ලෝක වෙළදපොළේ තෙල් මිල අඩු උනාද වැඩි උනාද කියන්න දන්නේ නැහැ. හැබැයි අපි තෙල් මිලදී ගන්නේ ඩොලර් වලින්. පහුගිය දින ටිකේම ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වූ නිසා තෙල් මිල වැඩිවීමක් බලාපොරොත්තු විය හැක. මේ බව රට පාලනය කරන ජනාධිපතිවරයාට තේරුම් ගැනීමට බැරිවීම අපගේ අවාසනාවකි.

:       22       440

chamara Friday, 14 September 2018 10:24 AM

වරදින හැම දේකම වගකීම අනිත් අය මත පටවනවා මිසක් ඔබතුමා කරපු දෙයක් තියේද? මුකුත් නොකර ඉන්නවට වඩා වරදින්න හරි වැඩ කරන අය... නිකමුන්ට වඩා වටිනවා.

:       33       350

amila Friday, 14 September 2018 10:33 AM

2015 ජනවාරි 8 ඉඳලා ඔබතුමා මේ රටේ ජනාධිපති... පත්තරේකින්වත් තවම ඒක දැක්කේ නැද්ද?

:       54       358

Raveendra Friday, 14 September 2018 10:33 AM

මිල සූත්‍රය මනින උපකරණයේ කට්ට හදලා තියෙන්නේ ඝන හයිඩ්‍රජන් වලින්. ඉතින් කොහොමටත් ඉහළට යනවා හැර පහළට කිසිදා නොඑනු ඇත.

:       0       45

Nandalal DE SILVA - France Friday, 14 September 2018 10:34 AM

ජනපතිවරයා සිය රජයට එරෙහිව කරන කෙනෙහිලිකම් දිනෙන් දිනම වැඩිකිරීම ඒකාබද්ධයේ පරම සතුටට හේතුවන බව එතුමාට නොපෙනීම කණගාටුදායකයි ! ලෝක වෙළඳපලේ තෙල් මෙන්ම අනෙකුත් භාණ්ඩ නිතර වැඩිවෙනවා මිස අඩුවෙන න්‍යායක් නැත. තිබුණත් එය තාවකාලිකයි. ජනපතිතුමනි, මාධ්‍යයන් සමඟ කතාබස් කරන්න පෙර තමන්ගේම අගමැති සහ ඇමතිමණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කළොත් නරකද? තෙලුත්, අයවැයත් අතර සම්බන්ධයක් ඇතිකරන්නේ කොහොමද?

:       144       250

Namal Friday, 14 September 2018 10:35 AM

මේ ආණ්ඩුවේ තීරණ ගන්නේ කවුද? මෙහෙම රටක් කරන්න පුළුවන්ද?

:       1       178

sena Friday, 14 September 2018 10:40 AM

මට නම් එපාවෙලා... කරන්නෙම තමනුයි, තමන්ගේ ආණ්ඩුවයි, තමන්ගේ රටයි පීචන් වෙන කතාමයි කියන්නේ...

:       25       186

ranga Friday, 14 September 2018 10:44 AM

මේවා අපිටද බ්‍රෝ කියන්නේ?

:       0       144

සතයපාල Friday, 14 September 2018 10:57 AM

අපි පවු නේද ?

:       0       9

Kamal Friday, 14 September 2018 11:01 AM

ලංකාවෙ හිටපු අසාර්ථකම නායකයෙක්.... තමයි.

:       0       175

Pradeep Friday, 14 September 2018 11:36 AM

ඔබතුමාගේ නියෝජිතයකුත් ඔය කොමිටි එකේ ඉන්නවනේ, අනික ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඩු වෙන්න එපායෑ අඩුකරන්න නම්, එ්ක හොයලා බැලුවේවත් නැද්ද?

:       3       32

Ashan Friday, 14 September 2018 11:46 AM

මේ දිනවල ලෝක ඉන්ධන මිල වැඩිවෙලා තියෙන්නෙ. අපි ඉන්න රටවලත් මිල හොදටම වැඩියි.

:       0       38

nasa Friday, 14 September 2018 12:11 PM

මෙතුමාගේ අදහස් හා ඒකාබද්ඩයේ අදහස් එන්න එන්නම සමීප වන බව පෙනී යයි. ජනාධිපතිවරණයට කලින් දෙකම එකට සමපාත වනු ඇත!

:       5       151

ලුම්බිණි Friday, 14 September 2018 12:13 PM

ඔබතුමා ළඟක ඉඳලා කියන්නෙම මෝඩ කතානේ...

:       0       85

hira Friday, 14 September 2018 12:14 PM

අපිට මේවා කියන්න එපා ආයුබෝවන්. අගමැතිතුමා ඔබගේ කොන්ද කඩලා නේද? මහජනතාව ඔබතුමාට කියන්න ඕනෑ දේවල් ඔබතුමා දුක හිතෙන විදියට අපිට කියනවා. ඔලුව නිකම් කැරකෙනවා වගේ...

:       0       99

ප්‍රසන්න Friday, 14 September 2018 12:20 PM

මම අහන්නමයි හිටියේ, ඔබතුමාට එදා ගුවන් යානයේදී දීපු කජු පැකට් එකේ තිබුණු පුන්චි සුදුපාට පැකට් එකත් කඩලා කජුත් එක්ක කලවම් කරන් කෑවාද..?

:       0       159

Lanka Friday, 14 September 2018 12:20 PM

ශක්‍රයා ලංකාවේ ජනාධිපති වුණත් කොමිස් ගැහීමේ වුවමනාවෙන් යටිතල පහසුකම් වර්ධනය කරන්න ගත්තු අධික ණයබර නිසා සහ ඒ හා සමානුපාතිකව විදේශීය අපනයන ආදායම් වැඩි කරනොගැනීමේ හේතුවෙන් මිළ ඉහල යෑම නතර කරන්න බැහැ. කළයුත්තේ පුනර්ජනනීය විකල්ප බලශක්ති භාවිතය වැඩි දියුණු කරන එක සහ අපනයන අාදායම් වැඩි කර ගන්න එකයි. ලංකාවේ ජනතාව හැමදාම කළේ හිසේ රුදාවට කොට්ටෙ මාරු කරන එකයි.

:       32       149

රවීන්ද්‍ර Friday, 14 September 2018 01:02 PM

ඔක්කොම ‌‌හොඳ වැඩ ‌මෙයාගෙ ගිණුමට.. අප්සට් වැඩ යූඇන්පී ගිණුමට.. අනේ ‌මෙහෙමත් කුහක පාලකයෙක්.. යූඇන්පිය ‌මෙයත් එක්ක ඉස්සරහට යනවද? නැද්ද? කියලා ඉක්මණට තීරණය ‌කළේ.. නැතිනම් ‌දෙගොල්ලොම ‌ලොකු වළකට තමයි යන්නේ

:       10       73

Nana Friday, 14 September 2018 02:45 PM

ඔබ දැන් දොන් සිරිසේන වගේ කතානේ කියන්නේ... අපිට හරි අමාරු තමා තෙල් මිල එක්ක... එ්ත් යථාර්තය එක තමා. ලෝක තෙල් මිල මේ මාසවල අඩුවුණාද මිල අඩු කරන්න? එකට හොඳම උත්තරය සීපීසී එක ප්‍රයිවට් කරන එක. නැතුව ලාබෙට තෙල් දුන්නට අපි ගොනාට අඳිනවා පමණි. අන්තිමට ඒ පාඩුව පොලියත් එක්ක අපිටම ගෙවන්න වෙනවා.

:       3       31

හමාSaturday, 15 September 2018 02:39 PM

ඔයා මෙයාට දොන් සිරිසේන කියලා ගෞරව කළා නේද?

:       0       0

ranjith Friday, 14 September 2018 11:45 PM

තෙල් සමගාම්, පුද්ගලික බස් කරයිනුයි..., රටේ මිනිසුන් සූරාකනවා.

:       0       0

somapala Saturday, 15 September 2018 02:07 AM

මෙයා වගේ කෙනෙක් අපි ජනාධිපති කළා නොවේද?

:       0       0

joseph dea silva Saturday, 15 September 2018 02:11 AM

හූනාගේ කරට රත්තරන් මාලයක් දාලා වගේ...

:       0       0

OMG Saturday, 15 September 2018 05:11 AM

කාලෙකින් නොදැක්ක ඉතා වටිනා අදහස් ගොන්නක් අද මම දකිනවා. සාමාන්‍ය ජනතාව ප්‍රශ්නයක් දකින ආකාරයට ඔබතුමා නොදකින එක ගැන මට හරිම කණගාටුයි. මූලිකවම රුපියල අවප්‍රමාණය වෙන එක ගැන පැහැදිලි කඩිනම් කාර්යක්ෂම ක්‍රියා පිළිවෙලක් ගෙන ආයුතුයි. අනික් කාරණාව නම් තමන් ඇඟිල්ල අනික් අයට දික්කරන විට ඉතිරි ඇඟිලි හතර ඔබ වෙත දිගු වෙන බව මතක තියාගන්න. දේශනාව හා දුක් ගැනිවිල්ල පසෙක තබා ක්‍රියාශීලී පුද්ගලයෙක් මෙන් කාර්යක්ෂමව වැඩ කරන්න. අවංක රටට හිතැති පුද්ගලයින් ඔබ වටා එක්රොක් වෙනවා නිසැකවම... ප්‍රථමව රට ගැන සිතන්න. දෙවෙනුව පක්ෂය හා දේශපාලනය ගැන සිතන්න. මම ඉතා කරුණාවෙන් ඔබතුමාට යෝජනා කරන්නේ...

:       0       2

Saththaya Saturday, 15 September 2018 07:16 AM

අපිට තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුව බාරගත්තේ කව්ද කියලා. මිල සුත්‍රය දැම්මේ කාගේ ආණ්ඩුවද? මෙතන වෙන ආණ්ඩුවකුත් තියෙනවද? පක්ෂ පාට බලන්නැති ආණ්ඩුවක් නේද මේක? මේ දේද ජනතාව බලාපොරොත්තු වුනේ? අන්තිම ප්‍රතිඵලය, ජනතාව බලාපොරෝත්තු වුණු පොරොන්දු ටික අමුඅමුවේ උල්ලංඝනය වීම විතරයි වුණේ...

:       0       2

Ajantha Monday, 17 September 2018 09:58 AM

ඕන් කට ඇරලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 820 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 381 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 523 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1352 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 798 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4706 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site