මාලි රාජ්‍යයේ මානූෂීය මෙහෙයුම්හි නිරත එක්සත් ජාතීන් සාම සාධක හමුදාව වෙනුවෙන් මෙරට ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
දකුණු ආසියාවේ විනයගරුක හමුදා නිලධාරීන් මෙරට ත‍්‍රිවිධ හමුදාව සිටින බවට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ඇති හෙයින් මාලියේ සාම සාධක හමුදා බල ඇණි වෙත ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් යෙදවීම ගැන ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර සැකච්ඡාවක් මේ මස අගදී නිව්යෝර්ක් හි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිය අතරතුරේ දී පවත්වනු ඇතැයි ද අමාත්‍ය සමරවීර මහතා කීවේය.
මෙම කරුණ සම්බන්ධයෙන් තමාද එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් මහත්මිය සමඟ ඉකුත්දා සාකච්ඡා කළ බවද හෙතෙම කීවේය.
ලෝකයේ විනය ගරුක හමුදා නිලධාරීන් ලංකාවේ සිටින බවට ජාත්‍යන්තරය හමුවේ ඇති ප‍්‍රතිරූපය වැඩි දියුණූ කිරීමත් , එළවළු විකුණන,පාරවල් ශුද්ධ පවිත‍්‍ර කිරීම,හෝටල් වල කම්කරු කටයුතු වල නිරතවන හමුදා නිලධාරීන් වෙනුවට ඔවුන්ගේ කීර්තිනාමය ඉහළින් තැබීම නව රජයේ අරමුණ යැයිද අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මාලි සාම හමුදාවට ලංකාවත් ?
සුජිත් Sunday, 20 September 2015 02:58 PM
හමුදාව සියලුම දේට සුදානම් වියයුතුයි, එයයි යුද හමුදාව. (ම)
දුමින්ද Monday, 21 September 2015 04:00 AM
දැනටමත් සාමසාදක මෙහෙයුම් වල යෙදෙනවා නේද? (ම)
ඉන්දු Sunday, 20 September 2015 09:56 AM
ඉතා හොඳ ක්‍රියාවක්. රටට ආදායමක් ලැබෙන, අපේ හමුදාවල වෘතීත්ය නිපුණත්වය ලොව දකින අවස්ථාවක්. සාම සාධක හමුදා අතරින් ඉහළම විනය තියන බල ඇනි ලංකාවේ හමුදා බල ඇනි බව පෙන්වන්න.(ම)
සන්ජය Sunday, 20 September 2015 11:30 AM
ඉන්දු, වෙන රටකින් හමුදාව අපේ රටට ආවා නම් ඔයා කැමතිද? (නි)
කුමාර Monday, 21 September 2015 05:46 AM
අපේ හමුදාව සාම සාධක හමුදා අතරින් ලොව නො 1 (අ)