IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


මවක් 15 හැවිරිදි දියණිය මුදලට විකුණලා

(ඉන්දිකා රාමනායක)

15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ඇතුළු 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

මෙම පිරිස අතර දැරියගේ මව,තවත් කාන්තාවක,ලිංගික කටයුතු සඳහා දැරිය ප්‍රවාහනය කළ තීරෝද රථ රියදුරකු , මෝටර් රථ රියදුරකු,දැරියගේ ඡායාරූප ඇතුළත් කර අන්තර්ජාලයෙ දැන්වීම සකස් කළ පුද්ගලයන්, ඇය ලිංගික අපචාර සදහා යොදාගත් පුද්ගලයන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මෙම දැරිය ලිංගික වශයෙන් අපචාරයට ලක් කළ පිරිස අතර සිවුරු හැඳගත් අයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ රුපියල් 10.000 සිට 30 .000 දක්වා මුදලකට අලෙවි කර ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය මේ සඳහා යොමු කර ඇති බව ද හෙතෙම කීය.

මෙම දැරිය කුලී නිවසක රඳවා ගෙන ලිංගික අපචාර සඳහා යොදවන බවට ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හට ලැබුණු තොරතුරු මත ඉකුත් ජූලි 7 වැනි දින එම නිවස වටලා මෙම දැරිය සහ දැරිය ඒ සඳහා යොමු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමු කිරීමෙන් පසු වූ සිදුකළ විමර්ශනයේදී ඉහත පුද්ගලයන් 17 දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

දැරිය අන්තර්ජාලය ඔස්සේ ලිංග අපචාර සඳහා භාවිතා කළ තවත් පුද්ගලයන් 20 දෙනකුගේ පමණ තොරතුරු හෙළිව ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (4)

මවක් 15 හැවිරිදි දියණිය මුදලට විකුණලා

ASANKA SUMANASIRI Wednesday, 30 June 2021 09:30 AM

මේ මොන විදිහේ අම්මලාද

:       0       26

Sri Lanka Wednesday, 30 June 2021 12:34 PM

ඔන්න ඔන්ලයින් ප්‍රතිවිපාක...

:       19       0

ලිහිණි Friday, 02 July 2021 06:35 PM

අයාලේ ගිය මවක - අරාජික වූ දුවක - අහෝ කවි නිමිත්තකි - එය ලියා ගත නොහැක - අකාලික මිතුරියක - ගැයූ එක ගීතයක - දයාබර වදන් වැල් - ඇසේ ප්රතිරාවයක - "බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ… බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවටම රෑ වෙනවා…"

:       0       1

තරිඳු. Sunday, 04 July 2021 10:12 PM

ඕක කරපු එකාව මරන එක තමා හොදම.රජයට බැරිනම් කියන්න ජනතාව ඒක කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 295 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 140 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 208 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 800 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1057 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1286 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site