IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මවත් දියණියත් කහ ඉරේ දී මරුට

දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේ කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටිය දී කාරයක හැපුණු 47 හැවිරිදි මවක හා 10 හැවිරිදි ඇගේ දියණිය මියගොස් ඇතැයි පොලිසිය කියයි. කාරය පැදවූ බව කියන15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගනු ලැබ සිටියි. සෙනසුරාදා රාත්‍රී 10.00 ට පමණ මේ අනතුර සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහල් ආරංචි පවසන්නේ රෝහලට ගෙන එනවිටත් මේ දෙදෙනාම මියගොස් සිටි බවයි.

මව හා දියණිය මිය යාමෙන් පසුව පැය කිහිපයක් යන තුරු එම පුදේශයේ කලබලකාරී ස්වරූපයක් මතු වූ බව අසල්වැසියෝ කියති.

වැරදි පුද්ගලයෙකු මුලින් අත්අඩංගුවට ගත්තැයි පොලිසිය දොෂාරෝපණයට ලක් විය.



අදහස් (0)

මවත් දියණියත් කහ ඉරේ දී මරුට

නිහාල් Sunday, 17 January 2016 08:53 AM

දසුන්ගේ අදහස මමත් අනුමත කරනවා (බ)

:       0       0

නිමල් ලාලිත Sunday, 17 January 2016 09:59 AM

මම ළඟ හිටියා නම් දෙදෙනාටම පහර දෙනවා. මොකද මගේ පියත් මියගියේ රියදුරු බේබද්දෙකු සිදුකළ අනතුරකින් නිසා. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 17 January 2016 02:30 AM

ඉතාම සංවේදී පුවතක්. මේ කොලුගැටයට විතරක් නඩු දාලා දඬුවම් දුන්නට මදි. එයාට කාර් එක පදවන්න දුන් එක්කෙනාටත් දඬුවම් දීල ඒ පවුලේ අයට සැහෙන වන්දියක් ලබා දිය යුතු වෙනවා.....(බ)

:       0       0

සෑම් Sunday, 17 January 2016 02:34 AM

අවුරුදු පහළොවක ළමයෙකුට වාහන පදවන්න ඉඩ හැරපු දෙමව්පියොත් මේ අපරාධයේ වගකීමෙන් කොටසක් භාර ගත යුතුයි (බ)

:       0       0

අනුර පනාගොඩ Sunday, 17 January 2016 02:40 AM

අවුරුදු පහළොවේදී මුන්ට වාහනයක් දෙන එවුන්ට ඉස්සෙල්ලම තලන්න ඕනේ අහිංසක අම්ම සහ දුව ඔබ දෙපලට නිවන් සුව මා අදහන ආගමට අනුව (බ)

:       0       0

බන්දු Sunday, 17 January 2016 02:53 AM

සමහර මෝඩ දෙමව්පියන්ගේ වැරැද්ද තම දරුවන්ට නියම වයසට පෙර වාහන පැදවීමට දීම සහ ඉන් මෝඩ සතුටක් ලැබීම. (බ)

:       0       0

දහම් Sunday, 17 January 2016 03:06 AM

වාහනය පැදවීමට ඉඩ දුන් දෙමාපියන්ද අත් අඩංගුවට ගත යුතුමය. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 January 2016 03:48 AM

නරක නැහැනේ පහළොස් හැවිරිදි රියදුරාගේ තරම ජිවිත දෙකක් පරලොව ඇරිය, (බ)

:       0       0

සත්‍යපාල Sunday, 17 January 2016 03:57 AM

පවු අනේ ඒ කාරෙක පදවපු පුතා.මොකද එයා සල්ලි බාගේ තියෙන කෙනෙක් වෙන්න ඇති. මියගිය අයවලුන් පයින් ගිහින් තිබෙන නිසා දුප්පත් ඇති. ඒ නිසා කවුරු කවුරුත් එකතුවෙලා මොනවාහරි කරලා පොහොසත් පුතා බේරගන්න බලමු. මොකද ඒ සදහා පොලිසිය දේශපාලකයෝ සහ ඔහු යන පාසලේ ලොකු ලොකු ආදි සිසුවෝ එහෙමත් දැන් ඔහු බේරාගන්නට උපරිමය කරමින් ඇති. කාට කාටත් කිරි එරෙන්නේ ඇති හැකි එකාට මිස නිවැරදිකාරය කවුද කියල නොවෙයිනේ. (බ)

:       0       0

රංජිත් සිල්වා Sunday, 17 January 2016 04:05 AM

ඔබ දෙපලට නිවන් සුව පතමි. (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Sunday, 17 January 2016 04:01 AM

මෙවන් අකල් මරණයක් සංසාරේ නොමවෙත්වා දයාබර මව සහ දියණියෙනි! මෙවන් තිරිසන් සත්වයන් ලොවෙන් වෙන්වී හොඳ ලොවක ජීවය ලබන්න පින් අනුමෝදන් වේවා (බ)

:       0       0

උපුල් Sunday, 17 January 2016 04:45 AM

කහ ඉරේදී වෙන අනතුරු බොහොමයක වෙන්නේ කලබලය නිසා. ඉස්සර කරලා යන්න තියෙන්නේ පුදුම තරඟයක්. අනිත් වාහනේ පාර පනින අයට නැවතුවම එතැනදී ඉස්සර කරගන්න බලනවා. පාර පනින කෙනාව පෙන්නේ නැහැ. යටකරගෙනම යනවා. අනික අවුරුදු 15 ක දරුවෙක් කියන්නේ කොහොමත් අත්දැකීම් අඩු කෙනෙක්. එහෙම කෙනෙක්ට වාහනයක් දුන්න කෙනා තමයි වැරදි කාරය. (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 17 January 2016 05:04 AM

අකාලයේ ජීවිත දෙකක් නැති වීම ගැන මා ඉතා කනගාටුවෙන අතර,නිවන් සුව අත්වේවායි පතමි.මේ වගේ බාල වයස් කාරයින්ට වාහන දෙන දෙමාපියන්ට මඩුවල්ගෙන් තලන්න ඕනේ. (බ)

:       0       0

ඩී.උපුල් Sunday, 17 January 2016 05:24 AM

මෙවැනි වැරදි වලට සිසුවාගේ භාරකරුත් වහාම අත්අඩංගුවට ගත යුතුයි, වගකීම් විරහිතව ක්‍රියා කළ චෝදනාවට. (බ)

:       0       0

දර්ශන Sunday, 17 January 2016 06:27 AM

අද අපේ රට යන අත දැක්කම දුක හිතෙනවා ..මේවට දඩුවම් හරියටම දෙන්න ඕනේ එතකොට තම රටත් ගමත් හැදෙන්නේ ,අනික කහ ඉර උඩ කියන්නේ ඒ මිනිස්සුන්ගේ අබ මල් රේණුවක වරදක් නෑ,කෙසේ වෙතත් ඔබ දෙපලට නිවන් සුව පතමි. (බ)

:       0       0

විකි Sunday, 17 January 2016 06:26 AM

මාර්ග නීති ,මාර්ග සංඥා පුවරු නිසි ලෙස සවි කිරීම, නඩත්තුව වැදගත් වෙනවා. මගේ අත්දැකීමක් මේ වෙලාවේ මතක් වෙනවා. මිනුවන්ගොඩ හරහා කුරුණෑගල යන මාර්ගයේ,, වේග සීමාව කි.මී.70 එම මාර්ගයේ ටිපර් රථයක් පසු පසින් යනකොට ඉස්සරහ තියෙන පුවරු කිසිවක් පෙනෙන්නේ නැහැ. ටිපර් රථ වලට කි.මී.50 වේග සීමාව වුනත් පොලිසියේ නිලධාරීන් ඒ ගැන සොයා බලන්නේ නැහැ. පොඩි වාහනයකින් යන කෙනෙක්ට ටිපර් රථ පිටු පසින් යන්න වෙනවා. මෙවැනි දේවල් සොයා බලන්න ඕනි (බ)

:       0       0

දසුන් Sunday, 17 January 2016 06:53 AM

වාහනය රාජසන්තක කරලා, 15 හැවිරිදි පාසල් සිසුවාගෙ දෙමාපියන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 17 January 2016 07:38 AM

වැරදි විදිහට තේරුම්ගන්න එපා. මගේ නිවසේ වාහන දෙකක් සහ යතුරුපැදියක් තිබෙනවා. ඔය කියන වයසේ දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා ඒත් වාහන පදවන්න දෙන්නේ නැහැ. දරුවන්ට ආදරේ කරනවා කියලා දරුවන් අතින් වැරදි දේ සිද්ධවෙන්න ඉඩ දෙන්න නරකයි. මුලින්ම ඔය දෙමාපියන්ට දඬුවම් කරන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 07:39 AM

රටේ නීතියේ ආධිපත්‍යය විනාශ වෙනකොට ඔවැනි දේවල් ඉදිරියටත් සිද්ධවේවි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 07:42 AM

දරුවට කිරි දී බී.එම්.එඩ්ලිව් කාරය පදවමින් යද්දී එදා හසුවුණ ගැහැණිය දෙවැනි වරදත් කළා. ඒ දෙනෝදාහක් බලා සිටියදී පොලිස් නිලධාරියාගේ හිස් වැසුමත් අරගෙන යාම. ඒ ගැහැණියට මොනවද වුණේ? ඉතින් අපේ රටේ මොනවද කරන්න බැරි? (නි)

:       0       0

කවින්ද Sunday, 17 January 2016 07:43 AM

ජීවිත කාලයටම මතක හිටින දඬුවමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 07:38 AM

උපුල්, ලංකාවේ මිනිස්සු වාහනයක් අතට ගත්තහම "හරක්" වගේ වාහනය එළවන්නේ. පුදුමාකාර හදිසියක් තියෙන්නේ. නීතියක් රීතියක් කියලා දෙයක් තුට්ටුවට මායිම් කරන්නේ නැහැ. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 17 January 2016 07:59 AM

මේ දරුවාට ජීවිතාන්තය දක්වාම රියදුරු බලපත්‍රයක් ලබාගැනීම තහනම් කළයුතු වෙනවා.බලපත්‍රයක් නොමැතිව අසරණ ජීවිත දෙකක් නැතිකළ මෙයා දහඅටෙන් පස්සේ රියදුරු බලපත්‍රයක් ලැබුනාට පසු කොහොම වාහනයක් පදවාවිද කියා හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 488 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1228 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 252 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 493 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 389 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 643 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36783 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site