(නිමන්ති රණසිංහ)
මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නිති මගින් කටයුතු කිරීමට අදහසක් නොමැති බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නිතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ ප්‍රියන්ත නාවන මහතාගේ අත්සනින් යුත් උපදෙස් ප්‍රකාරව මෙම සැකකරුවන් 14 දෙනා නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන තෙක් ඔවුන් රක්ෂිත භාරයේ රදවා සිටි බවත්, මෙම සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරුවන් 16 දෙනකු සම්බන්ධයෙන් නිතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති අතර තවත් සැකකරුවන් 10 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විමර්ශන අවසන් නොවුණු සැකකරුවන් මහාධිකරණ ලද ඇප නියෝගයට අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් 07 දෙනකුට ඇප නියම කිරීම ද අධිකරණය මගින් සිදුවිණී. තවත් සැකකරුවන් තිදෙනකු තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස්
රටවැසියා Thursday, 05 May 2022 07:55 PM
එදා චීවරධාරින් යැයි සමහරක් පෙළපාලි ගිය එක මුලු ලොවම දුටු නිසා හිතන්න ඇති කැඩුව බුදුපිළිමෙන් ශාසනයට වුණු හානියට වඩා ඒ පෙළපාලි ගිහිල්ලා ඒ හැසිරුණු ආකාරයෙන් වුණු හානිය ඉතා දරුණුයි කියලා...!!
සුරම්‍ය ශාන්තThursday, 05 May 2022 09:18 PM
පවුලේ දිළිඳුකම නිසා, පවුලේ දරුවන් ගණන වැඩි නිසා දරුවන් පැවිදි කිරීම ශාසනයේ පරිහානියට හේතුවක් වෙලා. ඔවුන් ශාසනයට පැවිද්දන් වශයෙන් ඇතුළු වන්නේ නිවන් දකින්න නොවෙයි. කාලයත් එක්ක ඔවුන් අත මුදල් ගැවසෙනවා. සමාජයෙන් ගරු සත්කාර , සිවුපසය ලැබෙනවා, අනතුරුව ඔවුන් ලෞකික ආශාවන් පසුපස හඹා යනවා.
BamunuarachchiFriday, 06 May 2022 07:48 AM
හලෝ පොයින්ට් එකට කතා කරන්න. මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස් කිරීම ගැන යමක් කියන්න.
BamunuarachchiFriday, 06 May 2022 07:41 AM
මගුල් කතා කොරන්න එපා මේ ආදර්ශයට ගෙන අනාගතේ පන්සල් කඩා දමන කාලෙකුත් එවී. එතකොට හාමුදුරුවරුන්ගේ වැරදි සොයන්න යන්න එපා මොහොමඩ්ලා වෙන්න. සිංහල ජාතිටම කෙලවෙලා තිබෙන්නේ ඔබලා වැනි මිනිසුන් නිසා. සුළු ජාතිකයින් පිළිම හදන තත්වයට රට පත් උනේ ඔබලා වැනි මිනිසුන් නිසා. ගොබ්බයො ගොබ්බකතාකියමින් ඉංදී. නියම වේලාවට් නියම වැඩේ නොකිරීමේ ප්‍රතිපල තමයි සිංහලයා මේ විඳින්නේ.
කල්පFriday, 06 May 2022 08:50 AM
බුදුපිළිම කැඩීම නීතිය ඉදිරියේ දේපල සහ සංස්කෘතික නිර්මාණ විනාශ කිරීම යටතේ වරදක්. ඒ නිසා ඒ සඳහා අත්අඩංගුවට පත්වූවන්ට සාක්ෂි තහවුරු කරගෙන දඬුවම් දීම රටේ නීතියට අයත් දෙයක්. අන්තවාදයට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා බලයට පත්වුණු උදවියටත් ඒක කරගන්න බෑ කියලා කියන්නේ මේ බුදුපිළිමවලට හානිකරලා ජනතාව කුපිත කිරීම මගින් ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමේ ප්රයත්නයත් ඒ මතින් බලයට ආපු පිරිසගේම සැලැස්මක්... මේ සම්බන්ධයෙන් හවුල්වුණු පිරිසට නීතිමය වශයෙන් පියවර ගත්තොත් බලයේ ඉන්න ලොක්කෝ සහ තවත් පිරිසක් කොටුවෙන නිසා මේ වැඩේ ෂේප් එකේ මගහැරලා යනවා කියන එක පැහැදිලියි. මොකද ජනතාවගේ අවධානය වෙන පැත්තක තියන මේ වෙලාව තමයි ඒකට හොඳම වෙලාව. අනිත් පැත්තෙන් බුදු පිළිම කැඩීමෙන් ශාසනයට වෙන හානිය පැහැදිලි කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ කිසිම තැනක, කිසිම දේශනාවක හෝ ඉගැන්වීමක පිළිම වන්දනාව අනුමත කරලා නෑ. උන්වහන්සේ අවසානයේ ගුරුකොට තැබුවේත් ධර්මස්කන්ධය මිසක සංකේත නෙවෙයි. මේ සියල්ල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණය වුණු බොල් පිළිම මිසක් බෞද්ධ දර්ශනය නොවෙයි.
මැක්ස් Thursday, 05 May 2022 09:43 PM
ගෝල්ෆේස් අරගල කරන අයට සතුටුද දැන්?
BamunuarachchiFriday, 06 May 2022 07:44 AM
ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් ගෝල්ෆේස් අරගල කරනකොට පිළිම කඩන අයට රජ මගුල්.
C.K.Lankaputhra Thursday, 05 May 2022 09:45 PM
ඉතින් පාස්කු ප්‍රහාරය ගැන තව මොනවද කියන්න තියෙන්නේ...?
Deepal Nirosh Friday, 06 May 2022 07:10 AM
ඉතින් නීතිපතිවරයා නඩුව ආරම්භයේ දිම ඔය කාරණය ගරු අධිකරණයට දැන්වුවනම් ඉවරනෙ. නිකරුනේ අහිංසක මිනිසුන් වසර තුනක් රඳවගෙන හිටියෙ. බලාගෙන ගියහම ඊයෙ 148-65 ට පාර්ලිමේනතුවෙ ඇතුළෙ අයට අමතරව පිට අයත් දායක වෙලා වගෙයි පේන්නෙ. ඉන්න හිතෙන රටක්?
Bird Eye. Friday, 06 May 2022 01:07 PM
බොරුවට අත්අඩංගුවට අරගෙන උණුසුම ගියාම එළියට දානවා. රංජන් ඒ ඇත්ත කිව්ව නිසා අද හිරේ ඉන්නේ ඒකයි.