IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මෙවන් අත්වැරැද්දක් යළි සිදු නොවිය යුතුය

දිවයින පුරා පසුගිය 17 වැනිදා සිදු වූ විදුලිය බිඳ වැටීම විදුලි අධිකාරිවරයකුගේ අත්වැරැද්දකින් ඇතිවූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ. අදාළ නිලධාරියා අතින් එම වැරැද්ද සිදුවී ඇත්තේ කෙරවලපිටිය උපබලාගාරයක සිදුකෙරුණු නඩත්තු කටයුත්තක දී බව සඳහන්ය. ඒ සමඟ උපබලාගාරයේ විදුලිය බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී මුළු රටටම විදුලිය විසන්ධි වී ගිය බවද පැය 6කුත් විනාඩි 16ක් රටම අඳුරේ තිබුණු බවද එම වාර්තාව හෙළිකර ඇති බවද සඳහන් ය.

විදුලිය බිඳවැටීම පිළිබඳව කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නව දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබුවේ විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසිනි. ඇමැතිවරයා විසින් පත්කරන ලද කමිටුව නිකුත් කළ වාර්තාවේ අඩංගු කරුණු ඇමැතිවරයා පමණක් නොව සමස්ත පාර්ලිමේන්තුවම සැලකිල්ලට ගත යුතු බව සමස්ත ජනතාවගේ මතයයි. කෙසේවුවද විදුලිය බිඳ වැටුණේ අමාත්‍යාංශයේ වරදක් හේතුවෙන් බවට වාර්තාවෙන් හෙළිවුවහොත් එහි වගකීම බාර ගනිමින් තමන් දරන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඇමැතිවරයා කළ ප්‍රකාශයට දැන් වලංගුභාවයක් නැත. දැන් ඩලස් ඇමැතිවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැත.

ඇමැතිවරයා අස් නුවූවද ගැටලු‍ව එතැනින් නවතින්නේ නැත. පළමුවෙන්ම කිවයුත්තේ රටට විදුලිය සැපයීමේ කාර්යභාරය ඉටුකරන්නේ අමාත්‍යාංශය නොවන බවය. එය ඉටුකරන්නේ විදුලිබල මණ්ඩලයයි. අමාත්‍යාංශය තිබෙන්නේ ආණ්ඩුවේ විදුලිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා මිස විදුලිය බෙදාහැරීමට නොවේ. රටේ ආණ්ඩු වෙනස් වී ඇමැතිවරුන් වෙනස් වුවද විදුලියබල මණ්ඩලය වෙනස් වන්නේ නැත. මේ නිසා විදුලිය බිඳවැටීම් නැවැත්වීම සහ බිඳවැටුණු විදුලිය යළි යථා තත්ත්වයට පත්කිරීම වැනි කාරණාවලට අදාළ තාක්ෂණික ගැටලු‍ විසඳිය යුත්තේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය විසිනි.

අමාත්‍යංශය දැන් සොයාබැලිය යුතු වන්නේ විදුලිය බිඳවැටීම්වලට හේතුවන තාක්ෂණික ගැටලු‍ හඳුනාගැනීම සහ විසඳා ගැනීම සඳහා වගකිවයුතු නිලධාරීන් විසින් ප්‍රමාණවත් අවධානයක් යොමුකර තිබේද යන්න පිළිබඳවය. කෙරවලපිටිය උපබලාගාරයේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අත් පොතක් හෝ නොමැති බවත් එය ගැටලු‍කාරී බවත් වාර්තාවේ සඳහන්ව තිබීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතු ය. එහෙත් අත් පොතක් නොතිබුණත් තමන්ගේ රාජකාරිය පිළිබඳ නිසි අවබෝධයක් සහ වගකීමක් නිලධාරීන් තුළ තිබීම අත්‍යවශ්‍ය ය. එසේ නොවීමෙන් රටට සිදුවූ පාඩුව ඉතා විශාල ය. පැය 6කට අධික කාලයක් විදුලිය නොතිබීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද රටම බරපතළ අනතුරකට ඇද දැමීය. එවැනි අත්වැරදි කිසිකලෙකත් සිදු නොවිය යුතුය.

රටටම මේ ආකාරයට විදුලිය බිඳවැටුණු පළමු අවස්ථාව මෙය නොවේ. 2009, 2015 සහ 2016 වසරවලදී ද මෙවැනි බිඳවැටීම් සිදුවී තිබිණි. 2016 දී මේ පිළිබඳව සෙවීමට කමිටුවක් පත්කළ නමුත් එම කමිටු වාර්තාවට සිදුවූ දෙයක් නැත. ඒ කාලයේ පත්කරන ලද කමිටු බොහොමයක වාර්තාවලට අත්වූ ඉරණම එම වාර්තාවට ද අත්වන්නට ඇත. එහෙත් ගැටලු‍ව තවමත් විසඳී නැති බව මෙවර සිදුවීමෙන් පෙනී යයි. එහෙත් මෙවර වාර්තාවලට එවැනි තත්ත්වයක් උද්ගතවී නැත. දැනට අවශ්‍ය අයගේ දැන ගැනීම සඳහා වාර්තාව නිකුත්ව ඇත. ඒ පිළිබඳව වර්තමාන ඇමැතිවරයා ආඩම්බර විය යුතුය.

ජාතික විදුලියබල පද්ධතියම එක් නිලධාරියකුගේ අත්වැරැද්දකින් ක්‍රියාවිරහිත වන්නේ නම් විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලියේ කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය. කලින් ලැබී තිබූ වාර්තාවලින් කියැවුණේ නඩත්තු කටයුතු සඳහා යොදවා සිටි නිලධාරියකුට එම කාර්යය ඇරඹීමට පෙර අදාළ ස්ථානයේ ප්‍රධාන ස්විචයක් හෝ භූගත සබඳතාව හෝ අක්‍රීය කිරීමට අමතක වූ බවය. එය සත්‍යයක් නම් එයට වගකිවයුතු නිලධාරීන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසීම වැදගත් යැයි අපි සිතමු. ඉදිරියේදී මෙවැනි බිඳවැටීම් වළක්වා ගැනීමට එය ප්‍රයෝජනවත් වනු ඇත.

මෙරට සිටින බලශක්ති විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අපගේ සහෝදර ‘‘දේශය’’ පුවත්පතට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වූයේ සාමාන්‍යයෙන් නඩත්තු කටයුත්තක් සිදුවන විටදී එහි යෙදී සිටින ඉංජිනේරුවරයාට සමාන සුදුසුකම් සහිත තවත් ඉංජිනේරුවරයකු ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවය. කිසියම් ප්‍රමාද දෝෂයක් සිදුවුවහොත් දෙවැන්නාට එය නිවැරදි කළ හැකි බවත් බලාගාරයක් යනු අතිවිශාල විදුලිය ධාරිතාවක් සහිත ස්ථානයක් බැවින් කිසිදු අතපසුවීමකට ඉඩක් නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. බලාගාරවල තිබෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පළමුවැනි සහ දෙවැනි ආරක්ෂණ පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක නොවුණා නම් ඊට හේතු සොයාබැලිය යුතු බව ද ඔහුගේ අදහස විය.

කමිටු වාර්තාවේ මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අමාත්‍යංශයේ වගකීම වන්නේ ඉදිරියේදී හෝ රටම අකර්මණ්‍ය කරවන මෙවැනි විදුලිය බිඳවැටීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ය. පොදුවේ පවතින මතය වන්නේ මේ ආකාරයේ බිඳවැටීම් වළක්වා ගත නොහැකි ප්‍රධානම හේතුව පසුගිය කාලය පුරාම ඉදිකිරීමට යෝජිතව තිබූ අලු‍ත් බලාගාර කිසිවක් ඉදි නොවීම බව ය. බලාගාර ඉදි නොකිරීම පසුපස බොහෝ කතා පවතී. එහෙත් රටට අවශ්‍ය වන්නේ බලාගාර නම් ඒවා කෙසේ හෝ ඉදිකිරීමට පියවර ගැනීම අමාත්‍යංශයේ මූලික වගකීම බව පෙන්වාදීමට කැමැත්තෙමු.

(***)



අදහස් (2)

මෙවන් අත්වැරැද්දක් යළි සිදු නොවිය යුතුය

Ranil Tuesday, 01 September 2020 07:35 AM

විදුලිය බිඳ වැටුණු විට ජලය සැපයුම ද අඩාල වූ බව පෙනෙයි. මෙමගින් පෙනී යන්නේ ජල සම්පාදන මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය විදුලි ජනක යන්ත්‍ර නොමැති බවයි. ඉදිරියේ දී බලධාරීන්ගේ අවධානය මේ සඳහාද යොමු විය යුතුයි.

:       11       9

ලුම්බිණි Tuesday, 01 September 2020 07:59 AM

කවුද මේ නිලධාරියා? හරිම පුදුමයි එක මිනිහෙක් තනියම විදුලිබලාගාරක් නඩත්තු කරපු එක.

:       19       122

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 42 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 322 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 182 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 445 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1165 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1172 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 105 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site