IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘මව්බිමේ බෙල්ල බේරාගන්නයි ආවේ‘

‘එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත්  එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .ඒනිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට මා තීරණය කළා ‘යැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  උදයගම්මන්පිල මහතා කියයි.

පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා  සමඟ එක්වී සිටින අය ගැන සැක සංකා තියෙනවා. යැයිද මන්ත්‍රීවරයා  පැවසීය.

 

_DSC0109 _DSC0188 _DSC0201 _DSC0203

 



අදහස් (0)

‘මව්බිමේ බෙල්ල බේරාගන්නයි ආවේ‘

නන්දන Thursday, 11 December 2014 07:53 AM

මහත්තයෝ, මට නම් හැ‍ඟෙන විදිහට ඔබතුමාට මොකක්හරි ප්‍රශ්නයක් තියනවා (නි)

:       0       0

අමල් Thursday, 11 December 2014 07:55 AM

මහත්තයෝ, අපි නම් දුප්පත් (නි)

:       0       0

කුමාර Thursday, 11 December 2014 07:55 AM

ඔය එන්නේ.ඔහොම යමු (නි)

:       0       0

බංඩාර Thursday, 11 December 2014 12:11 PM

ඔබ තුමා හොද දේශපාලකයෙක් කියලයි හිතුවේ, එ්ත් ඉතින් නය ගෙවා ගන්නත් ඕනේ නේද ,මිලියන ගානක් නේ (නදී)

:       0       0

මධුසංඛ Thursday, 11 December 2014 07:56 AM

තමන්ගේ බෙල්ල බේරගන්න ආවා කිවුවොත් තමා වඩා නිවැරදි (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 11 December 2014 12:13 PM

ලංකාව චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි. එහෙව් රටක තවත් බෙල්ලක් ඉතිරි වෙලත් නැහැ ඉතිරි කරලත් නැහැ. (නදී)

:       0       0

සසංක Thursday, 11 December 2014 07:58 AM

ඒක ඇත්ත. මේ ආණ්ඩුවේ කල්ක්‍රියාව ගෙන අපිටත් ලොකු සතුටක් නැහැ (නි)

:       0       0

ලලිත් Thursday, 11 December 2014 07:58 AM

පොදු අපේක්ෂකතුමාත් ඒවිද දන්නේ නැහැ. (නි)

:       0       0

පද්මේන් Thursday, 11 December 2014 08:00 AM

චම්පික මහත්මයා, ඔබගේ නික්මයාම ගැන කළ ප්‍රකාශය ගැන එකඟ වෙනවා.එය තමයි මහත්මා දේශපාලනය කියන්නේ. (නි)

:       0       0

අවංත Thursday, 11 December 2014 06:12 PM

තමන්ගේ හිතට හරි නැත්තම් හෘදය සාක්ෂියට එකගව තමාගේ අවංක මතය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. මෙතුමා ගත්ත තීරණේ ඒ වගේ එකක්. කමක් නැහැ. අපි සුභ පතමු. මේ මිනිස්සු හොරු නෙවෙයි. සල්ලිවලට යන අය නෙවෙයි. මේ මිනිස්සු රටට ඕන අය. (නදී)

:       0       0

අධිකාරී Thursday, 11 December 2014 08:05 AM

ඔබ හරි මහත්මයා, ප්‍රශ්න තිබෙනවා ඉතාම දරුණු විදියට. නමුත් අනෙක් පිලේ එකතු වී සිටින කොටස් වල අරමුණ සුජාත නැහැ. (නි)

:       0       0

අබේපාල Thursday, 11 December 2014 08:05 AM

මේක නිකන් වේදිකා නාට්‍යයක් වගේ (නි)

:       0       0

සරත් Thursday, 11 December 2014 12:37 PM

පහුවෙලා හරි රට ගැන හිතලා ගත්ත නිවැරදි තීන්දුවක් (නදී)

:       0       0

සරත් Thursday, 11 December 2014 08:07 AM

මේවා බෙල්ල ගහලා යන වැඩ ........! (නි)

:       0       0

අරුණ Thursday, 11 December 2014 08:07 AM

බලමුකෝ වෙන දේ (නි)

:       0       0

ගයාන් Thursday, 11 December 2014 12:38 PM

මෝඩයෝ වගේ මෙතන කෑගහන්නේ නැතුව මේ කියන කතාව හොඳට අහන්න... (නි)

:       0       0

රමණි ජයතුංග Thursday, 11 December 2014 12:41 PM

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ කිවුවලු. (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Thursday, 11 December 2014 08:08 AM

ගම්මන්පිල මැතිතුමනි. ඔබතුමා දුර දක්නා නුවණක් ඇති රටට ආදරේ බුද්ධිමත් ගෞරවනීය මහත්මයෙකු බව අප දන්නවා. ඔබතුමාගේ ආගමනය අතිගරු ජනාධිපතිතුමාට මහත් ශක්තියක් වනු ඇත. ජයවේවා. (නදී)

:       0       0

සුමිත් Thursday, 11 December 2014 08:09 AM

ඔබ හරි, පසුවට ඔය පක්‍ෂ අතර ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. (නදී)

:       0       0

බණ්ඩාර එදිරිසිංහ Thursday, 11 December 2014 08:10 AM

ඉතාමත් නිවැරදි තීරණයක්. (නදී)

:       0       0

සෑම් Thursday, 11 December 2014 08:10 AM

ඔයා ඉස්කෝලේ යන කලෙත් අපිත් එක්ක එකට ඉඳල වාසිය දැක්ක ගමන් බොරුවක් ගොතාගෙන එ් පැත්තට රිංගුව එකානේ. (නදී)

:       0       0

රසික Thursday, 11 December 2014 08:11 AM

මේවා මාර විහිළු. කමක් නෑ අපි ඡන්දෙ දීලා රට බේරගන්නම්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 11 December 2014 12:46 PM

මෙතන ඉන්න සමහරු දැක්කහම නම් අපිට අනේ අපොයි කියලා හිතෙනවා (නි)

:       0       0

පියසිරි Thursday, 11 December 2014 07:21 PM

හෙළ උරැමය ගැන අපිට අභිමානයක් තියනවා. (අ)

:       0       0

දසුන් කරුණාතිලක Thursday, 11 December 2014 07:36 PM

මෙතුමා ගිය පාසල පටන් ගත්ත වර්ෂයේ එම පාසලට ඇතුල් වෙච්ච සිසුවෙක් මම.මෙයා මනාප අරගෙන මන්ත්‍රී කෙනෙක් වුනේ අපේ ඉස්කෝලේ දෙමව්පියන්ගේ සහ අපේ ඡන්ද නිසා.ලබන වර නම් එවැනි දේවල් බලාපොරොත්තු වෙන්න එපා.බොහොම කනගාටුයි. (අ)

:       0       0

සත්‍යපාල Thursday, 11 December 2014 08:17 AM

මෙතුමා මෙහෙම කතා කළේ කොහොමද දන්නේ නැහැ (නි)

:       0       0

කසුන් Thursday, 11 December 2014 01:06 PM

දේශප්‍රේමය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරන්න (නි)

:       0       0

බන්දු Thursday, 11 December 2014 08:19 AM

ඔහොම යනකොට සිරිසේන මහත්තයත් ආපහු එනවා. (නදී)

:       0       0

කුමාරි Thursday, 11 December 2014 08:32 PM

අයියෝ මෙතුමා ගිය පාසලේ විදුහල්පතිතුමා ජීවත්ව හිටියා නම්, එතුමාට මොනවා හිතෙයි ද මේ කරපු වැඩේට ? (අ)

:       0       0

හුසේන් Thursday, 11 December 2014 08:21 AM

ඔයගොල්ලෝ කියනවා, අපි අහනවා. ඔය අය කියන හැමදෙයක්ම පිළිගත්තු කාලයක් තිබ්බා. (නදී)

:       0       0

සෙනරත් Thursday, 11 December 2014 08:22 AM

ඉතාම හොඳ තීරණයක්. (නි)

:       0       0

ගමගේ Thursday, 11 December 2014 08:22 AM

ඔබ මහත්මා ගති ඇති ප්‍රතිපත්තිගරුක නායකයෙක් බව රටම පිළිගන්න කරුණක්. ඒ නිසා ඔබගේ පැමිණීම ලොකු වාසියක්. (නි)

:       0       0

උපුල් Thursday, 11 December 2014 08:24 AM

ඔබ ප්‍රතිපතිගරුක කෙනෙක්. ඔබ වගේ දේශපාලකයන් තමා ලංකාවට ඕනෑ. ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න මේ අවස්ථාව නොවේ. (නි)

:       0       0

නිශාන්ත - චීනය Thursday, 11 December 2014 01:15 PM

සත්‍ය සඟවන්න බැහැ. මමත් මෛත්‍රීපාල මැතිතුමා එක්ක කතාකරලා තියෙනවා (නි)

:       0       0

රන්ජන් Thursday, 11 December 2014 08:24 AM

ඉන්න පැත්ත නෙමෙයි වටින්නේ, ක්‍රියාත්මක කරන වැ‍ඩපිළිවෙලයි ජනතාවට ව‍ටින්නේ. ඔබට සුභ පැතමි! (නි)

:       0       0

සුජාන් Thursday, 11 December 2014 08:25 AM

පොදු අපේක්ෂකයා ළඟ ඉන්න වෙන කෙනෙක් හින්දා තමයි මෛත්‍රිපාල මහත්තයා පැරදුනොත් පරදින්නේ. එයා මේ ගේමට හරියන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Thursday, 11 December 2014 08:25 AM

එතකොට වෙන මොනවත් ලැබුනෙම නැද්ද? (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 11 December 2014 01:20 PM

හිරුණිකාගේ ආගමනයෙන් පසුව තමා මෙයාට මෛත්‍රී වටේ ඉන්න අයයි මව්බිමේ බෙල්ලයි පෙනිල තියෙන්නේ. කොහොම උණත් මහ ඇමතිකම ලැබෙන්නේ නෑ. හිරුණිකා මෙයාගේ ගමනට බාධාවක් වේ යැයි හිතලම තමයි ඔය හිමින් මාරුවුණේ. (නදී)

:       0       0

කපිල Thursday, 11 December 2014 01:20 PM

ඔබ තුමා වෙලාවට අාවේ. තව පොඩ්ඩෙන් බෙල්ල යනවා. (නදී)

:       0       0

නිමල් Thursday, 11 December 2014 08:27 AM

ආපහු ආවේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

කසුන් Thursday, 11 December 2014 01:21 PM

මට නම් ඔබතුමා කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක්. මෛත්‍රී ජය කාටවත් වලක්වන්න බැහැ (නදී)

:       0       0

අසංග Thursday, 11 December 2014 01:22 PM

ජය වේවා. (නදී)

:       0       0

රුවන් Thursday, 11 December 2014 01:24 PM

සල්ලි වලට විකිණුනා නේද? ඇයි තව බොරුත් කියන්නේ ? (නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 11 December 2014 01:28 PM

අසරණ අපේ බෙල්ල ගියාට කමක් නැද්ද? (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 11 December 2014 08:31 AM

ජනවාරි පළමු සතිය වෙනකොට කාටත් ඇත්ත තේරේවි . මෛත්‍රීත් ආපහු අවොත් පුදුම වෙන්න එපා. අතීතය මතක තියෙන , හිතන්න මොලයක් තියෙන එවුන් ආපහු ඒවි. රැලි වලට අහු වෙලා ඔහේ යන කට්ටිය , රැලි පැද පැද ඉදීවි . යහ පාලනයක් කරන්න යහ ගුණ තියෙන කට්ටිය සෙට් වෙන්න ඕන.... දන්නා යකා අපිට හොදයි ....(බ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 11 December 2014 01:29 PM

අධිරාජ්‍යවාදය ගැන කතා කරන සමහරුන්ගේ ගෙවල් වල විදුලි බිල රුපියල් 2,65,000. එ්ක ගෙවන්නෙත් අපේ මහජන මුදලින්. (නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 11 December 2014 01:30 PM

ඉක්මනින්ම කෝටි ප්‍රකෝටි පතියෙක් වෙන්න ලෙහෙසි මාර්ගය තෝරාගෙන තිබෙනවා. (නදී)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 11:46 PM

පිලේ පැදුර හේනට අරගෙන එනවා - එලා පැදුර මැස්සේ සැතපෙනවා - ටටා දමපු හැටි සිහිවෙනවා - හිතේ දුකට කවිකියවෙනවා (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 11 December 2014 01:32 PM

මහජන මුදල් මොක කෑවත් කන්නේ වහ කියල විතරක් හිතා ගන්න. මොකද අසරණ මිනිසුන් කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,කිරිපිටි ටිකෙන්,හාල් ටිකෙන් ගහන බදු මුදල් නිසයි එහෙම කියන්නේ. (නදී)

:       0       0

විකි Thursday, 11 December 2014 08:37 AM

කියන්නත් දෙයක්ද මහත්තයෝ. ඔබතුමාගේ බුද්ධියේ හැටියට යන්න කලින් ඕක තේරෙන්න එපාය. කොහොම උනත් ඔබතුමා ගැන ජනාධිපතිතුමාගේ ලොකු විශ්වාසයක් ගොඩ නැගී තිබුණා. (ර)

:       0       0

රණසිංහ Thursday, 11 December 2014 08:38 AM

මෙතුමා කියන එක ඇත්ත. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 11 December 2014 01:35 PM

රතන හාමුදුරුවෝ පුවත් පතකට කියන සම්මුඛ සාකච්ඡාවක් යු ටියුබ් එකේ තිබෙනවා. පුලුවන්නම් බලන්න. (නදී)

:       0       0

රූපසිංහ Thursday, 11 December 2014 08:42 AM

උදය ගම්මන්පිල මහතාට අවසානය්දී ගත තීරණය ඉතාම අනර්ගයි. "(හේ)

:       0       0

තරිදු Thursday, 11 December 2014 08:49 AM

අපිට නම් ඔය කවුරුත් සැකයි.(හේ)

:       0       0

ලුම්බිණි Thursday, 11 December 2014 08:49 AM

මවුබිමේ කොහොම වුනත් තමන්ගේ වාසිය ගැන හිතලා ආපු බව හොඳටම පෙනෙනවා.(හේ)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Thursday, 11 December 2014 01:40 PM

ඔබ තුමා ගත් තීරණයට පැසසුම්. (ර)

:       0       0

දර්ශන Friday, 12 December 2014 12:12 AM

දැන් ඔබතුමා කලින් කියපු දුෂණ සියල්ල, කැසිනෝ ආර්ථිකය නැතිවෙලා එක රැයෙන් යහපාලනය ඇතිවුණාද? කලින් දීපු ලිඛිත පොරොන්දු ඔබතුමා ඉටුකළාද? කිතුලට නැගපු මිනිහාටත් කියන්න දෙයක් තිබුනලු. (නි)

:       0       0

නිලාන් Thursday, 11 December 2014 08:53 AM

උගතෙක් වුනාට එක තීරණයක ඉන්න පුළුවන් මනසක් නැහැ. මඩේ හිටවපු ඉන්න වගේනේ (දිල්)

:       0       0

සමරේ Thursday, 11 December 2014 08:53 AM

රටේ ඒකීය භාවය ගැන හිතුවාට ස්තුතියි.(හේ)

:       0       0

නිමල්ක Thursday, 11 December 2014 02:05 PM

මට නම් අප්‍රසන්නයි අපේ රටේ දේශපාලනය. මිනිසුන්ව රවටනවා, ඉවරයක් නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න මේ මිනිස්සු කිසිම ප්‍රතිපත්තියක් නැති අය නේද කියලා. දැන්වත් පාඩමක් ඉගෙනගනිමු. ඉන්දියාව වගේ මේ මිනිසුන්ට පාඩමක් උගන්වන්න කාලය හරි. මේ ඔක්කොම අපිට, අපේ රටට ආදරය අය නෙමෙයි. හුදෙක් තම බඩවියත පමණි. දැන්වත් මිනිසුන්ගේ ඇස් ඇරේවා! කණ නොව මොළය පාවිච්චි කෙරේවා! (නි)

:       0       0

වරුණ Friday, 12 December 2014 12:25 AM

ඇත්ත අපි දන්නවා (නි)

:       0       0

සිසිර-සෞදි Thursday, 11 December 2014 08:58 AM

දැන් ඔබතුමාගේ බෙල්ල බේර ගන්න පුළුවන් ?(හේ)

:       0       0

අාසිරි Thursday, 11 December 2014 08:58 AM

ලැජ්ජාවක් නැති හැටි.(හේ)

:       0       0

නිලන්ග Thursday, 11 December 2014 02:08 PM

මොනවා වුණත් කතාව නම් මසුරන් (නි)

:       0       0

අජිත් Thursday, 11 December 2014 09:02 AM

ඔබ කවදත් හරි දේ කල කෙනෙක්. අපි ඔබ සමගයි. (ර)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 11 December 2014 02:09 PM

ඔසන් සලාම් - කටාර්, දැන්නේ මගේ ඔලුවටත් වැටුනේ. (නි)

:       0       0

ජයන්ත Thursday, 11 December 2014 02:09 PM

මේ හැමෝම අල්ලලා එක පැත්තකට කරලා තියන්න ඕනෑ (නි)

:       0       0

නුවන් Thursday, 11 December 2014 09:10 AM

අනේ මන්දා?. කොහොම උනත් මේ යන විදියට ගියොත් මොනා වෙයිද?(හේ)

:       0       0

තිලක් ඩුබායි Thursday, 11 December 2014 02:12 PM

මිනීමරු ප්‍රභාකරන් සමඟ යුද්ධ කරද්දී මුදලට ගිජුකමට යුද මෙහෙයුම් සතුරා අතට පත්කළ අය හිටි රටක් මේක. (නි)

:       0       0

ආනන්ද Thursday, 11 December 2014 09:14 AM

ධර්ම රාජ්‍යයකට යන ගමනට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාද ලැබේවා සාදු සාදු සාදු (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 11 December 2014 02:18 PM

වතුරට බහින්නම ඕනෑ ගැඹුර තේරෙන්න. අපරාදේ ඇඳුම් තෙමාගත්තා (නි)

:       0       0

කල්ප Thursday, 11 December 2014 09:19 AM

ඔබේ බෙල්ල බේරා ගන්න නේ ද ආපසු ගියේ?(හේ)

:       0       0

චන්ද්‍රා Thursday, 11 December 2014 02:23 PM

හැමදෙයම වෙන්නේ හොඳටයි කියලත් කියමනක් ඇත.දෙවියන් වන්නේත්, තිරිසන් වන්නේත් මිනිසාමය ලෝකේ....ඔහොම යමු (නි)

:       0       0

මහේෂ් Thursday, 11 December 2014 02:25 PM

ඇත්තටම ලංකාව ගැන පුදුම දුකක් දැනෙන්නේ. මෙහෙම පක්ෂ මාරුකරන අය සමඟ රටකට ඉදිරියට යා හැකිද? (නි)

:       0       0

මනු Thursday, 11 December 2014 09:35 AM

ඔබත් හරි. දිගම්බරන්ලාත් හරි. (ර)

:       0       0

අනිල් රෝහණ Thursday, 11 December 2014 09:36 AM

ඔන්න ඕක තමා ඇත්ත කතාව. මහින්ද මහත්තයා දිනවන්න එක්වන්න අද අපිට රටක් ඇත. (ර)

:       0       0

නිශාන්ත මාගම්මන Thursday, 11 December 2014 09:37 AM

නියම මහත්මයෙක්. (ර)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 09:37 AM

පක්ෂය මාරු කළාම නිළතල අහෝසි වෙන විදියක් හදන්න ඕනේ.(හේ)

:       0       0

අසංක සපරමාදු Thursday, 11 December 2014 09:43 AM

මොන තරම් කීර්ති නාමයක් හදාගෙන තිබුණු මිනිහෙක්ද ?නිකන් නම කැත කර ගත්තේ.(හේ)

:       0       0

හෙළගම Thursday, 11 December 2014 09:49 AM

අනේ මෙහෙමත් දේසපාලුවෝ. කිසිම ප්‍රතිපත්තියක් නැතිව විකිණෙනවා. තව බොරුත් අදහනවා (බ)

:       0       0

බමුණු ආරච්චි Friday, 12 December 2014 01:57 AM

රට ගැන පනින්න කලින් හිතුනේ නැද්ද? අපිට නිකන් බොරු එපා (නි)

:       0       0

අජන්ත Thursday, 11 December 2014 09:49 AM

මේ තරම් කාලයක් නින්ද ගිහින් ද හිටියේ? දැන් හරියටම ඇහැරිලා කියලා ෂුවර් ද? (බ)

:       0       0

රෝයි Thursday, 11 December 2014 09:51 AM

ඔබ තුමන්ලා කරන ප්‍රකාශන වල කිසිම විනිවිද භාවයක් නැහැ නේද? (හේ)

:       0       0

උපුල් Thursday, 11 December 2014 09:54 AM

ඔබතුමාට පහුවෙලා හරි තේරුනාද ?(හේ)

:       0       0

අසංක Thursday, 11 December 2014 09:59 AM

පක්ෂයේ නම කෑවා...(බ)

:       0       0

විමුක්ති Thursday, 11 December 2014 03:17 PM

සල්ලි වලට විකිණිලා කියල කියන අය දන්නේ නැතුව ඇති හැබෑට දෙපැත්තටම පනින්නේ සල්ලි බලේට කියලා. ඔය හැම කෙනාම වගේ තමන් ගැන විතරයි. ඔබලා හිතනවා නම් ඒ අය රට ගැන හිතනවා කියලා, එහෙනම් ඔබලාට වැරදිලා. සිල් ගත්ත වගේ රැස්වීම් වල කතා කලත් ඔය හැමෝගෙම කිල්ලෝට වල හුණු. (නදී)

:       0       0

කමල් Thursday, 11 December 2014 10:01 AM

ඔබ හරි.ප්‍රතිගාමී නව ලිබරල් අධිරාජ්‍ය ගැති පොදු අපේක්ෂකයා පරාජය කිරීම අනිවාර්යි. (බ)

:       0       0

හේමන්ත Thursday, 11 December 2014 03:20 PM

අනේ අපේ පාසලේ නම්බුව. (නදී)

:       0       0

විජයබාහු Thursday, 11 December 2014 10:02 AM

අනේ අපේ මිනිස්සු. යනකොට කීර්ති නාමය හොඳයි එනකොට තමා හරි නැත්තේ. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 11 December 2014 03:27 PM

අධිරාජ්‍යවාදය ගැන අපිට කියල දෙන අයගේ කෙරුවාවල් කවදා හෝ දවසක හෙළි වෙනවා වෙනවාමයි. එක බස් නතුම් පොලක් හදන්න ගිය වියදම ලක්ස 28ක්. (නදී)

:       0       0

රොෂාන් Thursday, 11 December 2014 10:03 AM

සල්ලි වලට විකිණීලා තව බොරුත් කියනවා (බ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 11 December 2014 10:04 AM

මෙයා ගියා කියන ඉස්කෝලේ ගැන දැන් සැකයක් තියනවා මට. එකට ගෙම්බෝ ගන්නේ නැහැ. (බ)

:       0       0

ශිලා Thursday, 11 December 2014 10:05 AM

මම හිතුවේ මෙතුමා මීට කලින් යයි කියලා... හෙළ උරුමේ හිටියට මෙතුමා පෙනී හිටියේ අදිරාජ්‍ය කුමන්ත්‍රණ ගැන කියන්න නේ ... එතුමාගේ ඡන්ද පදනම තියෙන්නේ අදිරාජ්‍ය කුමන්ත්‍රණ ගැන නේ..සුබ අනාගතයක් කියමු.(හේ)

:       0       0

රෝහණ Thursday, 11 December 2014 03:32 PM

අපි ඔබගේ තීරණය ගැන ඉතාමත් සතුටට පත්වෙනවා. චන්ද්‍රිකාට තියෙන්නෙ වෛරයක් ඒකට මෛත්‍රීපාල අහුවෙලා. (බ)

:       0       0

සුනෙත් Thursday, 11 December 2014 10:06 AM

ලජ්ජා වෙන්න ඕනේ ගියපු එක ගැන..(හේ)

:       0       0

රණසිංහ Thursday, 11 December 2014 10:08 AM

ඇත්තටම මම හිතන්නේ මෙයා හිතකින් ගියේ නෑ. මොකද පොදු අපේක්ෂකයා සමග ගිවිසුම් ගහන වෙලාවෙවත් රැස්වීම් වලවත් මාධ්‍ය හමුවලවත් මෙයා ඉන්නවා මම නම් කොහෙවත් දක්කෙන් නෑ.(හේ)

:       0       0

සේනාදීර Thursday, 11 December 2014 10:07 AM

ඔබතුමා ගත්තු තීරණය හරි.(හේ)

:       0       0

ජයත් Thursday, 11 December 2014 10:09 AM

මෙයා වගේ අයත් ඉතින් මෙහෙම නම් අනිත් අය ගැන විශ්වාශය තියන්නේ කොහොමද? (හේ)

:       0       0

කුමාර් Thursday, 11 December 2014 10:08 AM

හරිම සතුටක් .ඔබතුමාලට රටට ද්‍රෝහී වෙන්නට බෑ.තුන් වැනිපාරත් සිව්වන පාරත් ජනාධිපතිතුමා දිනනවා .ප්‍රශ්න විසදගෙන දිගු ගමනක් යන්නට ඔබට හැකිවෙනවා.(හේ)

:       0       0

දේශප්‍රිය -නුගේගොඩ Thursday, 11 December 2014 10:09 AM

අපිටත් ප්‍රශ්නෙ තියෙන්නේ මෛත්‍රී ගැන නෙමෙයි , පිටිපස්සේ ඉන්න සෙට් එක ගැන. (බ)

:       0       0

රවීන්ද්‍ර Thursday, 11 December 2014 10:13 AM

දුමින්ද ඔබ හරියටම හරි. මගේ මතෙත් එ්ක. පක්ෂය මාරු කළාම එයාගේ බලතල අහෝසි කරන්න ඕන. අායෙත් ඡන්දෙකින් දිනන්න ඕන. කරුණාකර ඊළග ව්‍යවස්ථාවෙන් මේ නීතිය ගේන්න (බ)

:       0       0

රුවන් Thursday, 11 December 2014 10:19 AM

ගම්මන්පිල මහත්තයෝ සමහර විට ඔබගේ චේතනාව අවංක විය හැක .නමුත් මරණාසන්න රෝගියෙකුට ප්‍රථමයෙන් කළ යුත්තේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමයි.අනෙක් සියල්ල කළ යුත්තේ ඉන්පසුවයි.(හේ)

:       0       0

අජිත් Thursday, 11 December 2014 10:25 AM

තවත් සරත් මනමේන්ද්‍ර කෙනෙක් හෙළ උරුමයෙන් බිහිවුණා (බ)

:       0       0

අශාන් Thursday, 11 December 2014 10:26 AM

ඒ කියන්නේ කලින් කියපු වංචා දුෂණයටත්,එ්කාධිපතිත්වයටත් මෙයා දැන් කැමතියි කියන එක නේද.? බලන් ගියාම ඔක්කොම හොරු (බ)

:       0       0

ප්‍රණීත් Thursday, 11 December 2014 10:28 AM

තුන්වන ලෝකයේ රටක බලය පවත්වාගෙනයාමට ජාතිවාදය ආගම්වාදය සහ මව්බිම යන කරුණු කූට ලෙස යොදාගනී. මන්ද තුන්වන ලෝකයේ රටක බහුතර ජනතාව උගත් මට්ටමින් අඩු ජාතියක් වන නිසාය.උගත් කමින් අඩු බහුතරයට රටක ආර්ථික අනාගතය අවශ්‍ය නැත. රටක නීතිය ගැන අවශ්‍යතාවයක් නැත. මන්ද , ඔවුන්ට අවශ්‍ය වන්නේ එදිනෙදා ජීවිතය සමග පොරබැදීම පමණි. එහෙයින් ජාතිවාදය විකිණීමට හැකි පක්ෂයට සැමදාම බලයේ සිටිය හැක. ඇතිතරම් හොරකම් කළ හැකිය. මන්ද හොරකම් මැරකම් නමැති නිරුවත ජාතිවාදය සහ ආගම්වාදය යන රෙද්දෙන් විලිවසාගත හැකි නිසාය.මෙම කරුණ නිසා තමා මෙම රටවල ජාතිවාදය ආගම්වාදය දුෂණය මැරකම් කිසිදා නොමැකෙන කැළැල් ලෙස පවතින්නේ. තුන්වන ලෝකයේ පාලකයන්ට ජාතිවාදය නැතිනම් බලයත් නැතිවේ (බ)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Thursday, 11 December 2014 10:29 AM

මට සින්දු කැල්ලක් මතක් වෙනවා , " එදා මා වෙන්විගියේ හිතකින් නොවේ "(බ)

:       0       0

ගිහාන් Thursday, 11 December 2014 10:29 AM

දේශප්‍රිය අපිටත් තිබෙන ප්‍රශ්නය මහින්ද මැති තුමාගේ වටේට ඉන්න කට්ටිය. දැන් නම් කොහොමටත් අර අනිත් පක්ෂ වලින් එළියට දාපු නාටු ගිරවු ටිකනේ ඉන්නේ. (බ)

:       0       0

අරුණ Thursday, 11 December 2014 10:29 AM

සල්ලිවලට සේරම යටයි (බ)

:       0       0

මධුක Thursday, 11 December 2014 10:33 AM

හැබැයි ආපහු යන්න බැහැ. (ර)

:       0       0

චානක Thursday, 11 December 2014 04:01 PM

කරනම් ගහන මේ වගේ දේශපාලුවන්ට වඩා මගේ බල්ලා වටිනවා. (නදී)

:       0       0

විකුම් Thursday, 11 December 2014 10:40 AM

ගම්මන්පිල මහතා, මෙහෙම කතාකරන්නේ කොහොමද.? (ර)

:       0       0

කේ. සරත් රත්නසේකර Thursday, 11 December 2014 10:42 AM

ඔබේ පිවිතුරු නිකලැල් දේශපාලනය වචන වට සීමා උනා, අද අපට කණගාටු උනත් හෙට ඔබට කණගාටු වෙන්න වෙයි. ඒක සහතිකයි. (ර)

:       0       0

රාජපක්ෂ Thursday, 11 December 2014 10:44 AM

හොඳ පිම්මක් (බ)

:       0       0

අධිකාරී Thursday, 11 December 2014 10:46 AM

ගම්මන්පිලලා වගේ දෙපිටකාට්ටුවොනේ දේශපාලනය කරන්නේ අනේ (බ)

:       0       0

ඵස්රුල් - නුවර Thursday, 11 December 2014 04:15 PM

ඔබතුමාගේ පැහැදිලි වෙනසක් තියෙනවා. වෛරයෙන් නෙවේ බුද්ධියෙන් කතාකරන බව පෙනෙනවා. ඔබට ජය! (නදී)

:       0       0

කපිල Thursday, 11 December 2014 10:47 AM

ඊළඟ ඡන්ද වලට සම්මාදම් යන්න ඕන වෙන්නේ නෑ ?(හේ)

:       0       0

විමල් දළුගම Thursday, 11 December 2014 04:17 PM

මේ සිද්ධිය ලංකාදීපයේ සාධාරණ වාර්තාකරණයට ස්තුතියි. (නදී)

:       0       0

වසන්ත Thursday, 11 December 2014 10:52 AM

එතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. (ර)

:       0       0

සිසිර Thursday, 11 December 2014 10:54 AM

දින කීපයකට කලින් මාධ්‍ය වලට කරපු ප්‍රකාශ ටික ඉල්ලා අස්කර ගන්නේ නැද්ද?(හේ)

:       0       0

විජේදාස Friday, 12 December 2014 08:45 PM

කොච්චර හොඳද මෙතුමා? (නි)

:       0       0

ඉස්මිල් හුස්සෙන් Thursday, 11 December 2014 04:31 PM

ඔබතුමාගේ තීරණයට ජයෙන් ජය (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 December 2014 04:34 PM

මෙහෙමත් අදෝනාවල්. දොස්තර මහත්තය දැන් ඔය ගලවනවා කියපු දත් ඇන්දේ තව කොච්චර තියෙනවද? කිරි සුදු දත්..තාම කීයද ගලවල තියෙන්නේ. (නදී)

:       0       0

චානක Thursday, 11 December 2014 11:09 AM

සුබ පැතුම් !(දිල්)

:       0       0

සිල්වා Thursday, 11 December 2014 11:11 AM

මට ලංකාවේ දේශපාලකයෝ තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න අමාරුයි (දිල්)

:       0       0

රදම්පොලගමගේ Thursday, 11 December 2014 11:20 AM

යාමට පෙර නුදුටුවද.? එහෙමත්නත්නම් ගියායින් පසුව දුටුවද.? අනේ පැහැදිලිකරලා දෙන්නකෝ. (ර)

:       0       0

ප්‍රියා Thursday, 11 December 2014 04:55 PM

නිවැරදි තීරණයක්, ගියාම තේරෙන්න ඇති තත්වෙ (නදී)

:       0       0

සිල්වි Thursday, 11 December 2014 11:27 AM

මට ලංකාවේ දේශපාලකයෝ තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න අමාරුයි (බ)

:       0       0

ජානක Thursday, 11 December 2014 04:59 PM

ප්‍රසන්න කියපු කතාව හරි. (නදී)

:       0       0

මලීෂා Thursday, 11 December 2014 05:04 PM

ඇත්තටම ඔබ ගත් තීරණය ගැන සතුටුයි. (නදී)

:       0       0

ඉෂාරා Thursday, 11 December 2014 11:28 AM

හරි හමන් ප්‍රතිපත්තියක් නැති මෙයාලට ඡන්ද දෙන මිනිස්සු තමා මෝඩයෝ. (නදී)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 11 December 2014 07:48 AM

දැන් මහත්තයෝ වාසගමත් වෙනස් කරගන්න. (නි)

:       0       0

කුමාරි Thursday, 11 December 2014 07:49 AM

ලක් මව රැකගෙන ඉතිරි හරිය බලමු. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 11 December 2014 11:30 AM

අපරාදේ! අයියා මල්ලි වාගේ ඉන්න පුළුවන් අරගොල්ලෝ එක්ක එකට එකතුවුණා නම්. (නි)

:       0       0

සදුනි Thursday, 11 December 2014 07:49 AM

ඔබ හරියටම හරි. (නි)

:       0       0

විමල් දළුගම Thursday, 11 December 2014 07:50 AM

එළිවෙන ජාමෙට තමා හොඳ හොඳ සෙල්ලම්. ඔහොම යං, ඔහොම යං. (නි)

:       0       0

ශිරන්ති Thursday, 11 December 2014 07:51 AM

.....තේරුනේ දැන් තමයි .......... (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 December 2014 11:49 AM

ආවම වීරයා.ගියාම දුෂ්ටයා.නේද රන්ජිත් මහත්තයෝ? මෙතුමාට හිමි මෙතුමාගේ උරුමය තියෙන පැත්ත තමයි මේක. (නි)

:       0       0

පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට​ Thursday, 11 December 2014 11:51 AM

නියමයි. සුබ පැතුම්...!! (නි)

:       0       0

නන්දසේන Thursday, 11 December 2014 07:52 AM

සතියෙන් දෙකෙන් අදහස් වෙනස් කරන්නේ ජනතාව ගැන හිතන උදවිය නෙමෙයි (නි)

:       0       0

සුමුදු Thursday, 11 December 2014 11:52 AM

පහුවෙලා හරි එතුමාට තේරුණා (නි)

:       0       0

සංජීව Thursday, 11 December 2014 07:53 AM

මෙයාගේ හැටි මම පොඩි කාලේ ඉඳලා දන්නවා.අපි එකට ඉස්කෝලේ ගියේ. (නි)

:       0       0

දසුනි Thursday, 11 December 2014 07:53 AM

ඔය කියන්නේ මව්බිමේ බෙල්ල ගැන නම් වෙන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 763 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 278 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1462 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2679 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 217 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1542 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site