(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අසභ්‍ය වචන කීම නවත්වා ගැනීමට යැයි කියමින් තුන් හැවිරිදි දරුවාගේ කට දල්වන ලද ගිනිකූරකින් පිලිස්සු වේ යැයි කියන එම දරුවාගේ මවක සැකපිට අත්අඩංගුවට ගත් බව දියුලපිටිය පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.
මෙම සිඟිත්තාගේ උඩුතොලේ පිළිස්සුම් තුවාල සලකුණත් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි.
තමන්ගේ දරුවා අසභ්‍ය වචන කියන නිසා එය නවත්වා ගැනීමට බිය කිරීමට සිතා ගිනි කූරක් දල්වා කට ලඟට ලං කළ බව සැකකාරිය පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අවස්ථාවේ දරුවාගේ උඩුතොල පිලිස්සී ඇතැයි ද පොලීසිය පැවසී ය.
පොලිස් 118 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම්දීමක් මත දිවුලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිඟිත්තා සිටින නිවස සොයා ගොස් පරීක්ෂණ ආරම්භ කර එම සිඟිත්තා ගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මව තෙහැවිරිදි දරුවාගේ කට පුච්චලා
චාන්දනී Thursday, 28 September 2023 09:11 AM
මම අම්මා නම් ඔය ළමයා කිසිම දවසක නනැවත මගේ දරුවෙක් ලෙසට ගන්නෙ නැහැ මොකද දරුවො වැරදි කිරීම කුඩාකාලයේ නවතා නොගත්තොත් එක්කො ඒකා මිනීමරුවෙක් හොරෙක් නැත්නම් මංකොල්ලකාරයෙක් ස්ත්‍රී දූෂකයෙක් වීම නවතන්න බැහැ පසු කාලෙක එහෙම එකෙක් මගේ පුතා කියන්න බැහැ දැන් කාලයේ තරුණයෝ ගැන බැලුවොත් ඒක පැහැදිලියි
Anonymous Thursday, 28 September 2023 09:28 AM
දැන් ඉන්න මොළේ විකෘති වෙච්ච ගෑනුන්ට හොඳ උදාහරණයක්.
Chandrika chandrika Thursday, 28 September 2023 12:31 PM
මේ පුංචි දරුවට ඇහෙන්න නරක වචන කීව කෙනාගේ කට ගැන මේ අම්මා බැලුවේ නැත්තේ මොකද .පාසල් යන දරුවෙකුත් නෙමෙයිනේ .මේ ළමයා නරක වැඩ පුරුදු වෙන්නේ අම්මාගෙන් .එහෙත් අදහස් දැක්වූ කෙනාත් මවකට සුදුසු නැහැ
ගමේ එකාලා Thursday, 28 September 2023 06:03 PM
කොහෙන්ද දන්නේ නැහැ ඔය කියන නරක වචන ඉගෙන ගත්තේ? කට පිච්චුවාම ඔක්කොම හරි යයි කියලා හිතන්න ඇති තියෙන ගොන්කම...?