IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මාව නාට්‍යය කිහිපයකින්ම මේ දිනවල දකිනවා

2016-07-20-ent-56

එකිනෙකට වෙනස් විවිධ චරිත තුළින් මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවදින රශිපබා සංදිපනි සමගින් මෙවර "සාරවිට" තරු කතාබහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණෙමු. පාසල් අධ්‍යාපනය ලබන කාලයේ සිට රංගන කටයුතුවල නියැළුණ රශිපබා, වර්තමානය වනවිට වෘත්තීයමය මට්ටමේ රංගන ශිල්පිනියක බවට පත්ව සිටින්නීය. මේ ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව අපට පැවසු දේ.

 

මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම අපි ඔබව දකිනවා?

2016-07-20-ent-60ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන "නෙරංජනා" ටෙලිනාට්‍යයේ, ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන "යකඩ කහවුණු" හා දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" කියන නාට්‍යයවල මාව දැකගත හැකියි.

 

වේදිකා රඟපෑම් නිසා ඔබ ටිකක් කාර්යබහුලත් වෙලා නේද?

ඔව්. අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් ළමුන් වෙනුවෙන් රඟදක්වන "සිංහබාහු" හා "රත්නාවලී" නාට්‍යය සමගින් රටපුරා පැවැත්වෙන දර්ශන සඳහා මම සම්බන්ධ වෙනවා. ඒ වැඩ කටයුතු නිසා ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නවා. ඊට අමතරව ටෙලිනාට්‍යය කිහිපයක රූපගත කිරීම්වලටත් මේ දිනවල සහභාගි වෙනවා.

 

අපි ඔබව දකින ටෙලිනාට්‍යය අතරින් වැඩි පිරිසකගේ ප්‍රතිචාර ලැබෙන්නේ?

දැනට මම රඟපාන ටෙලිනාට්‍යය ගත්තොත් එහි මා රඟපාන්නේ එකිනෙකට බෙහෙවින් වෙනස් චරිත තුනක්. "නෙරංජනා" නාට්‍යයේ "නෙරංජනා" කියන චරිතය ගත්තොත් අහිසංක චරිතයක්. "යකඩ කහවුණු" ටෙලිනාට්‍යයේ "දේවින්දි" චරිතය ගත්තොත් චාම් ගතිගුණ ඇති අහිංසක චරිතයක්. ඒත්, "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යයේ "දෙවුණි" කියන්නේ අර පෙර මා සඳහන් කළ චරිත දෙකට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. නපුරු ගතිපැවතුම් ඇති දඟකාර කොළිලොල් චරිතයක් තමයි "දෙවුණි" කියන්නෙ. මට දැනෙන විදිහට ප්‍රේක්ෂයෝ ඒ හැම චරිතයකට ලොකු කැමැත්තක් දක්වනවා. ලැබෙන ප්‍රතිචාරවලින් ඒ බව තේරෙනවා.

 

නමුත්, "දෙවුණි" කියන්නේ ටිකක් නපුරු ගතිපැවතුම් ඇති කෙනෙක්නේ. මේ චරිතය ඔබට අභියෝගයක් වුණාද?

මේ චරිතයට හැඩ ගැහෙන්න ටිකක් විතර අභියෝගයක් වුණා. මොකද මගේ ස්වරූපය ගත්තොත් ගොඩ දෙනෙක්ට පෙන්නේ චාම් අහිසංක ගතියක්. නමුත්, දැන් මාව දකින බොහෝ දෙනෙක් අහන්නේ කොහොමද ඔයා ඔච්චර හොඳට "දෙවුණි" කියන නපුරු චරිතය රඟපාන්නෙ කියලා. ඉතින් මගේ රසික, රසිකාවියෝ මේ චරිතය ගැන කතා කරන්නේ මෙම ඒ චරිතය හොඳට කරපු හින්දානේ. ඉතින් ඒ ගැන ලොකු සතුටක් මට තියෙනවා.

 

ටෙලිනාට්‍යය නිළියක් විදිහට ඔබ ආපු ගමන් මඟ ගැන කිව්වොත්?

වෘත්තීයමය රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න පටන් අරන් දැන් අවුරුදු 4ක් විතර වෙනවා. ඉතින් මේ ගෙවපු අවුරුදු කිහිපය තුළ රංගන ශිල්පිනියක් විදිහට යම් දුරක් ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රය තුළ මගේ ඉලක්ක කිහිපයක්ම තියෙනවා. ජනප්‍රිය වගේම දක්ෂ නිළියක් ලෙස සම්මාන ලබන්නත් මට ලොකු උවමනාවක් තියෙනවා.

 

රංගන ශිල්පිනියක් කිව්වාහම ඒ පිළිබඳව දැනීමක් හැදෑරිමක් තියෙන්න ඕනා?

පාසල් යන කාලේ ඉඳලා මම රංගන කටයුතුවලට නිරත වෙලා තියෙනවා. පාසල් අධ්‍යාපනය ලබන කාලෙ මම පාසල් වේදිකාවෙ ජනප්‍රිය චරිතයක්. සමස්ත ලංකා පාසල් මට්ටමින් පැවැති තරගවලට පවා සහභාගි වෙලා මම ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. කුඩා කාලෙ ඉඳලා රංගනය කියන දේ මගේ ඇඟේම තිබුණ දෙයක්. නමුත්, මගේ අදහසක් තියෙනවා ඉදිරියටත් රංගනය පැත්තෙන් තව තවත් හැදෑරීම් සිදු කරන්න.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - රශිපබාගේ ෆෙස්බුක් ගිණුමෙනි

 

2016-07-20-ent-59
2016-07-20-ent-58
2016-07-20-ent-57
2016-07-20-ent-55
 



අදහස් (0)

මාව නාට්‍යය කිහිපයකින්ම මේ දිනවල දකිනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 107 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1359 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8336 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 496 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1806 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3500 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39031 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site