IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මව් පෙමට කළ නොහැකි දෙයක් නැත

සිර ගෙදරදි ඉපදී වයස අවුරුදු 18 වන තෙක් එහිම හිඳ වයස අවුරුදු 18 දී සිරෙන් නිදහස් වී පසුව සිරගතව සිටි තම මව බේරාගත් පුතෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ලෝකය පුරා ජනමාධ්‍යවල මේ කතාව හැඟීම් දනවන මානුෂීය කථාවක් සේ පැතිරෙයි.

ඉන්දියාවේ කාන්පුර්හි විජායි කුමාරි මිනීමැරුමට සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත වන විට ගැබිණියක්ව සිටියාය.

පසුව ඇය සිරගෙදරදීම පුතකු ප්‍රසූත කළ අතර දෙදෙනාම සිටියේ සිර ගෙදරය. ඒ ඇප මුදල් ගෙවා ගත නොහැකි වීම නිසාය.

පසු කලෙක ඇගේ සැමියා ද ඇය අතහැර දැමුවේය.

වයස අවුරුදු 11 වන තෙක් තම මව සමග සිරගෙදර සිටි පුතා පසුව ලන්නම් බන්ධනාගාරයට මාරු කළ අතර වයස අවුරුදු 18 වන තෙක් එහි සිට පසුව නිදහස් විය.

සිරෙන් නිදහස් වූ මේ පුතා ඇඟළුම් කම්හලක සේවය කොට උපයා ගත් මුදල් රැගෙන අලහබාද් මහාධිකරණය වෙත ගොස් තම මව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

උසාවි නියෝගය ගැනීමෙන් පසු කහපාට සාරියක් මිලයට ගත් ඔහු එයත් රැගෙන බන්ධනාගාරයට ගියේ තම මව සිරෙන් නිදහස් කර ගැනීමට.

පුංචි අවදියේදී තම දරුවා වෙන් වූ නිසා අයට තම පුතාගේ මුහුණුවර අමතකවී තිබිණි.

පසුව ඇය තම පුතා හදුනාගෙන ඔහු බදාගෙන හැඬුවාය.

දැන් මේ පුතා කන්නියා සහ ඔහුගේ මව විජායි කුමාරි එකම ‍ගෙදරක වසති. ඒ අතීතය අමතක කරමිනි.



අදහස් (0)

මව් පෙමට කළ නොහැකි දෙයක් නැත

කුමාරි Tuesday, 28 May 2013 08:07 AM

මව් සෙනහසද? දරු සෙනහසද?(නදී)

:       0       0

ජෝයි Monday, 27 May 2013 09:31 PM

හදට ගියත් ,පරමාණු බලේ තිබුනත්, ලෝකේ දහවැනි ශක්තිමත් ආර්ථිකේ තිබුනත් මොකටද මෙහෙම ඇප මුදල ගෙවන්ට බැරිව අවුරුදු 18 හිරේ ඉන්න මිනිස්සු ඉන්දැද්දී. වැසිකිලි නැති මිනිස්සු මිලියන් 150 වැඩ ඉන්දැද්දී. උබට සුබම සුබ අනාගතයක් පුතා. බුදුසරණයි.(නදී)

:       0       0

රනා Tuesday, 28 May 2013 08:26 AM

අසේල ..ලංකාව ඒ වගේ නැහැ .. ගීත රචකයෙකුට හොද මාතෘකාවක්. (නි)

:       0       0

රංජි Tuesday, 28 May 2013 08:32 AM

ලංකාවේ නම් ඔහොම වෙන්නේ නැහැ. ලංකාව ගැන හැම වෙලාවේම වැරදි විදියට බලන්න එපා (නි)

:       0       0

හිල්මි Saturday, 01 June 2013 02:25 PM

නුඹ නියමයි කොලු පැටියෝ. දැන් තාත්තත් පවුලට එකතු කර ගනින් කොලුවෝ. නුඹට අපෙන් ආසිරි. (ස)

:       0       0

අනුර යු එ ඊ Tuesday, 28 May 2013 08:41 AM

මේ දෙදෙනාම ලංකාවේ සංචාරයකට ගෙනෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. ලංකාදීප මැදහත් වන්නේ නම් අපි සුදානම් අපේ අයටත් ආදර්ශයක් දෙන්න (නි)

:       0       0

නෙතුමි Tuesday, 28 May 2013 08:46 AM

පුතුගේ ක්‍රියාව අගය කළ යුතුයි. කොහේ කොතනකවත් නිර්දෝෂී පිරිස් නීතිය හමුවේ වගඋත්තර හෝ වරදකරුවන් නොවේවායි! පතමි (මෙම කාන්තාවගේ නිර්දෝෂී භාවය සාධාරණීකරණයට නොදනිමි) (නි)

:       0       0

සංජීව Tuesday, 28 May 2013 08:49 AM

මෙන්න ආදර්ශ !!!! ඒකට අපේ අය? (නි)

:       0       0

සංජීව Tuesday, 28 May 2013 08:50 AM

හේරත් , මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

උපුල්.කේ Tuesday, 28 May 2013 09:07 AM

උඹට කවදාවත් වරදින්නේ නැත ඔබට සදා ජය.(නදී)

:       0       0

අනුර Tuesday, 28 May 2013 09:14 AM

පුතා කිසිම වරදක් නොකර අවුරුදු 18 හිරේ හිටියේ ඇයි ? පුදුම නීතියක් නේ ? තුන්වන ලෝකයේ අධිකරණ කොතරම් නොදියුණු ද ? (නදී)

:       0       0

රකිත් Tuesday, 28 May 2013 09:22 AM

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.(නදී)

:       0       0

සුභා Tuesday, 28 May 2013 09:33 AM

ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටක් මේ මල්ලි ගැන. එත් පුදුම දුකක් කියන්නේ එයාගේ ළමා කාලය ආයේ ගන්න බැහැ එයාට. පුදුම රටක් අපරාදේ ඒ අහිංසක මල්ලි. දරුවා බිහි කරලා උස් මහත් වෙලා එනකම්ම ඒ අම්මට ඉන්න උනා. ඇත්තටම බෝසත් දරුවෙක්. කවදාවත් වරදින්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 28 May 2013 10:00 AM

සංවර්ධනය වෙමින් පවතින රටවල නීතියේ දුර්වලතාවය නිසා දුක් විදින ප්‍රමාණය ඉතාමත් වැඩියි. (නි)

:       0       0

චමින්ද Tuesday, 28 May 2013 03:22 PM

ඇත්තටම අහන්නත් සතුටුයි. ඒත් අපේ රටෙත් ඔන තරමි ඔය වගේ ළමයි ඉන්නවා ජයලලිතාගේ හිත උණූ වෙන්න ජයලලිතා අමිමා කෙනෙක්යැ.(නදී)

:       0       0

රකිත් Tuesday, 28 May 2013 10:10 AM

දස මස කුසේ දරා ඔබ බිහිකළ මොහොතේ නොදැනුනි කිසිත් සිතුවත් මා සතර අතේ දහ අට වසක් රස බලමින් සිපිරි බතේ ඔබ විඳි දුක මා කෙසේ ඉවසම්ද පුතේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 27 May 2013 11:27 PM

පියවරුන් ගැන අම්මාවරුන් ගැන ගී ලියුනට පුතවරුන් ගැන ගී ලියුන මදී. (ස)

:       0       0

ෂෆීක් Tuesday, 28 May 2013 10:15 AM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

රුවැනි ,ජර්මනිය Monday, 27 May 2013 11:28 PM

මේ තුන්වන ලෝකයේ අධිකරණ කොතරම් නොදියුණු ද ? මවට උපන් දරුවා කිසිදු වරදක් නොමැතිව හිරගෙදර තබා ගත්තේ ඔහු අධිකරණයේ පිහිටෙන් පාසලකට යොමු කළ යුතුව තිබුණා. අදපටන්වත් මේවා ලංකාවේ අධිකරණ වල නොවෙන්න වගබලාගන්න ඕනේ. ඉන්දියාව යනු තවම වසර 500 ක් පැරණි ගති පැවතුම් ඇති රටක්, අපේ රටෙත් සමහර තීරණ මේ වගේ තමයි. (ස)

:       0       0

චන්ද්‍ර Saturday, 01 June 2013 05:10 AM

පුතේ ඔබ රත්තරන් !! (නි)

:       0       0

බොතේජු සෞදිඅරාබිය Monday, 27 May 2013 11:28 PM

හැම දේම විසදෙන්නේ කරුමය අනුවයි. .දැන් වත් යහපත් ජීවිතයක් ගතකරන්න ලැබේවා. (ස)

:       0       0

සශිමාල් Tuesday, 28 May 2013 10:46 AM

ඔබ විශිස්ටයි දරුවෝ.(නදී)

:       0       0

නුවන් Tuesday, 28 May 2013 10:46 AM

ඔය කරපු වැඩේ මම ගොඩක් අගය කරනවා මිනිසුන්ට ජීවිතේ සමහර තැන් වරදිනවා. ඒ වැරදි අඩු පාඩු හදාගෙන හොදින් ජීවත් වෙන්න බලන්න.(නදී)

:       0       0

ලංකාසිරි Tuesday, 28 May 2013 03:57 PM

හැකි තරම් නොමිනිසුන් බිහිවෙන මේ යුගයේ මේ පුත් 'කාන්නිය' කෙතරම් අගේද.(නදී)

:       0       0

අනුර Monday, 27 May 2013 11:51 PM

ඔයාට කවදාවත් වරදින්නේ නැහැ මල්ලි (නි)

:       0       0

රංජනී Monday, 27 May 2013 11:52 PM

සත් දවසක් මවු කරපිට පීනු බෝසතා, සත්වැනි දවසේදී කීවේ බුදුවෙයන් පුතා, ඒ අම්මා බුද්ධාගමේ නොවුනත් එහෙම කිවුවා නම් මේ පුතා සසරෙන් සසර බුදු භව පතාගෙන එන පුතෙක් වේවි. ඒ දෙපලට වාසනාවන්ත දිවියකට අපි සුබ පතමු. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 28 May 2013 11:03 AM

ඉන්දියාවේ යථා තත්වය ඔහොම තමා. මිලියන ගණන් මිනිස්සු හිගා කනවා. ගෙවල් නැහැ. අඩුම තරමේ වැසිකිලි පහසුකම්වත් නැහැ. ඉන්දියාව කියන්නේ අපායක්. ඔය හින්දි ෆිල්ම් වල පෙන්නන්නේ ඉන්දියාව නෙමෙයි. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ රටවල සුන්දර තැන් තමා ෆිල්ම් වල පෙන්නන්නේ. එහෙම ඉන්දියාව තමා අපිට බන දේශනා කරන්නේ. මධ්‍යම ඉන්දියාවේ බෝම්බ පිපිරෙනවා මාවෝවාදීන් යුද්ධ කරනවා. කාශ්මිරේ ත්‍රස්තවාදය. දකුණු ඉන්දියන් අයව උතුරු ඉන්දියන් ගණන් ගන්නේ නැහැ. කුලවාදය, ආගම වාදය, ජාතිවාදය, භාෂා ප්‍රශ්න හැම තැනම ඉන්දියාවේ. ඒ අතින් ලංකාව සුරපුරයක්. අපි අපේ ලංකාව රැක ගනිමු. ඒ ගැන ආඩම්බර වෙමු. දකුණු ආසියාවේ හොදම රට ලංකාවයි. (නි)

:       0       0

රංජිත් Tuesday, 28 May 2013 04:00 PM

විපක්ෂය මොනවද හිතන්නේ මේ ගැන...? (නි)

:       0       0

දිසානායක Tuesday, 28 May 2013 12:00 AM

දස මස කුස දරා දහදුක් විදි අම්මා. ඇග ලේ කිරට හරවා කිරි දුන් අම්මා. කැත කුණු අතගගා දහා දුක් විදි අම්මා. නිදුක් නිරෝගිව ජීවත් වෙනු අම්මා.(නදී)

:       0       0

සම්පත් Tuesday, 28 May 2013 11:36 AM

මව් ගුණ දන්නා පුතෙක්. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 28 May 2013 11:44 AM

ඔබට ජය!!! (නි)

:       0       0

පුබුදු Monday, 27 May 2013 06:31 PM

බෝසත් පුතෙක්. ඔය වගේ දරුවන්ට වරදින්නේ නැහැ. (නදී)

:       0       0

මර්සි ලංකා Monday, 27 May 2013 06:34 PM

ආදර්ශමත් දරුවෙක්. මෙවැනි එක පුතෙක් පුතුන් දස දහසක් සිටියට වඩා වටිනවා . ඔබ දෙපලට නිරෝගී සුවපත් ජීවිතයක් පතමි.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 28 May 2013 11:59 AM

නිල්මිණිට හොද හිතට යුක්ති ධර්මෙට ජීවිතය වුව පුදා- රට දැයට ආගමට සලකලා ඉන්න එය හොදා- වැදු මවගෙ හැදු පියාගෙ නාමයද සිහිකරලා- මගෙ ඔවදන පිළිගෙන හැදියන් රත්තරන් පුතා.......... (නි)

:       0       0

ප්‍රියංකා Monday, 27 May 2013 06:45 PM

ඔබ විශිෂ්ටයි පුතේ.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 28 May 2013 12:08 PM

දිසානායකට, දස මස කුස දරා- මේ සා දුක විදා- කිරි කර ලේ පොවලා මා සෑදූ ගුණේ- නෑර පාමී මෙමා ජීවිතේ හී පුරා- වදිනේමී බැතියේනී පාද ඔබේ............ (නි)

:       0       0

අමිල කටුනායක Monday, 27 May 2013 06:53 PM

මිනී මැරුම් නම් හොද නැහැ. ඒත් එයා වරද කරුවී නැහැනේ. පව් ඒ ළමයගේ සුන්දර ළමා කාලය දුප්පත් කමත් වළිගය නැති ගොනා වගේ කියන්නේ නිකන් නොාවේනේ. (ස)

:       0       0

ටෙනිසන් Monday, 27 May 2013 06:55 PM

බෞද්ධ අම්ම කෙනෙක් නම් පුතේ උඹ බුදුවෙයන් යයි ඇගේ මුවින් පිටවෙන්න ඇති. ඒ නැතත් අදහන දහමට අනුව උපරිම ප්‍රාර්ථනය කරන්න ඇති මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා!(නදී)

:       0       0

නුවන් Monday, 27 May 2013 07:05 PM

ලෝකේ දුර්ලබ ගනයේ කතාවක්. මව් සෙනෙහස ලෝකේ උතුම්ම දේ. (නදී)

:       0       0

එරූසා Monday, 27 May 2013 07:12 PM

ඉන්දියාවේ අධිකරණ ක්‍රමය ගැන ඒ අය ලැජ්ජා විය යුතුයි. (ස)

:       0       0

කුමාරසිරි Tuesday, 28 May 2013 12:30 PM

මෙවැනි ආදර්ශමත් දේ පළකිරීම ගැන අපි ලංකා දීපයට තුතී පුද කරමු. (නදී)

:       0       0

පෙරේරා Monday, 27 May 2013 07:21 PM

ඉන්දියාවේත් එහෙනම් අවුරුදු ගණන් නඩු ඇදෙන පාටයි.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 02:26 AM

ඔබ වැනි පුතුන් ලොව පවතින තුරු මේ ලොවෙහි ඉපදේවා! (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 28 May 2013 12:35 PM

ඉන්දියාවේ කෝටි ප්‍රකෝටිපතියෝ ඉන්නවා. නළු නිලියෝ, ව්‍යාපාරිකයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා. මේ කාටවත් මේ දුක දැනුනේ නැද්ද? නැතිනම් ගනන් නොගෙන අහක බලාගෙන හිටියද? ලංකිකයන්ගේ සිත් විතරයි උනුවෙන්නේ.(නදී)

:       0       0

හම්රිනාත් Tuesday, 28 May 2013 12:44 PM

මේ වගේ ළමෙයෙක් ඉන්නවා නම් කොච්චර හොදයි නේද. දමිල ලමෙයෙක් මෙහම කරාට සිංහල මුස්ලිම් ළමුන් කරාවිද.(නදී)

:       0       0

නිල්මිනී Monday, 27 May 2013 07:27 PM

රටක් වටිනා මගේ සුරතල් සුදු පුන්චි පුතා.(නදී)

:       0       0

අනුරාධ. Monday, 27 May 2013 07:41 PM

දෙමවුපියන් නොසලකන උගත් යයි කියාගන්නා එහෙත් බුද්ධිය නැති දූ දරුවන්ට මේ පුතා දීල තියෙන්නේ ඉතා වටිනා ආදර්ශයක්. මෙවැනි අරුත් බර දේ පලකිරීම ගැන "ලංකාදීප එසැනට" මල්මිටක්. (නදී)

:       0       0

හේරත් Monday, 27 May 2013 07:42 PM

උඹ නියමයි කොලු පැටියෝ. දැන් තාත්තත් පවුලට එකතු කර ගනින් කොලුවෝ. උඹට අපෙන් ආසිරි.(නදී)

:       0       0

කුසල සමරවික්‍රම Monday, 27 May 2013 07:46 PM

රත්තරන් පුතෙක්.(නදී)

:       0       0

අසේල Tuesday, 28 May 2013 04:42 AM

ලංකාවෙ නම් අම්මයි පුතයි තවම හිරේ. (නි)

:       0       0

ද සිල්වා Monday, 27 May 2013 07:56 PM

පුතේ ඔබ විශිෂ්ටයි. ඔන්න ඉන්දියාවේ මානව හිමිකම් වල තත්වය.(නදී)

:       0       0

කුමාර ගමගේ Monday, 27 May 2013 07:59 PM

ඉඳල හිටලවත් මේ වගේ පුවත් අහන්න ලැබුනම පුදුම සතුටක් හිතට දැනෙනවා.(නදී)

:       0       0

සම්පත් Monday, 03 June 2013 04:08 PM

ඔබේ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 27 May 2013 08:04 PM

ඇප මුදල ගෙවාගන්න බැරිව වසර 18 ක් මේ මව මොන කර්මයක් විඳින්න ඇත්ද? මෙම ප්‍රවෘතිය වසර 18 කට පෙර ඉන්දියාවේ ජන මාද්‍ය තුලින් ප්‍රසිද්ධ කලා නම් ලෝක ප්‍රජාව හෝ උදව් කරනු ඇත. කොටි පුතුන්ට කිරි පොවන ජයලලිතාට රටේ පුතුන්ගේ, අම්මලාගේ දුක අන්දොනාවන් පෙනුනේ නැද්ද මවක් වශයෙන් ?(නදී)

:       0       0

නිශා Saturday, 01 June 2013 09:45 PM

අම්මව මරණ මේ සමාජයට මේ දරුවා ලොකු දෙයක් කියලා දුන්නා. ඔබට දෙවියෝ වැඩි වැඩියෙන් වාසනාව ලබා දේවි (නි)

:       0       0

සජිත් Monday, 27 May 2013 08:12 PM

දෙමාපියන්ව මරණ අපේ රටේ පුතනුවන්ට මේවා හොඳ පාඩම්.(නදී)

:       0       0

චමී Monday, 27 May 2013 08:20 PM

උතුම් පුත් රුවනක්.(නදී)

:       0       0

දිසානායක Tuesday, 28 May 2013 11:08 PM

නිල්මිණි නුවන් පිනි කදුලැල්ලකින් තෙමා ...ඒ පොඩි දෑස් මා එන පෙර මගට යොමා...මගේ පුතු සොයන්නේ මවකගේ තුරුල තමා...සමා වෙයන් පුත අම්මට වෙන්න සමා..ඒ අහිංසක මෑණියන් එසේ සිතමින් ඉන්න ඇති (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 28 May 2013 07:04 AM

අවුරුදු 18ක් වෙනකම් නඩුවේ තීන්දුව දෙන්න බැරි වුනේ පොලිසියේ වරදින්. මේ කාන්තාවගේ සැමියාට බැරි වුණාද රස්සාවක් කරලා ඇප දෙන්න සල්ලි හොයන්න? (නි)

:       0       0

යුධීෂ්වර Tuesday, 28 May 2013 01:57 PM

විශිෂ්ටයි!!! පුතේ නුබ විශිෂ්ටයි!!!. තෙරුවන්සරණයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 327 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 166 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 390 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1343 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 363 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 165 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site