IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මව් මරා කෙනෙර පැටියා ගෙන යන්න හදලා

උඩවලවේ ජාතික වනෝද්‍යාන බටහිර මායිමේ ගල්පායේ අගලකැපු ආරේ දී පසු ගිය දෙවැනිදා පැහැරගන්නට තැත් කළ කෙනෙර පැටියා සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.

අවුරුදු තුනහමාරක් හතරක් පමණ වන මේ කෙනර පැටියා අඩි හතරක් උස බවත් මෙවැනි පැටියකුට අලි රංඩුවේ උපරිම ආරක්ෂාව ලැබෙන බැවින් මව නොමරා පැහැර ගැනීම ඉතා අමාරු බව අලි ඇතුන්ගේ හැසීරීම් දන්නෝ කියති.

අලි පැටවා මත් කිරීමට බෙහෙත් දී ඇති බවත් පැටවා උඩවලව ඇත් අතුරු සෙවණේ  සිටින බවත් මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී මහින්ද තේරසිංහ මහතාගේ වීඩියෝ කැමරාව කඩා වීඩීයෝ පටය පහැරගත් මැරයන් මෙතෙක් අත්අඩංගුට ගෙන නැති බවත් ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශට පොලිස් ජංගම සේවයක් පමණක් ද යොදා ඇති බවත්  දැනගත්තට ඇත.

 

 



අදහස් (0)

මව් මරා කෙනෙර පැටියා ගෙන යන්න හදලා

ධම්ම Sunday, 04 May 2014 03:22 PM

අලි අම්මා මැරුණත් නිකන් හිතලා බලන්න මේ පැටියා රජ කුමර කුමරියන් එක්ක කෙළි දෙලෙන් ඉන්න හැටි. (ස)

:       0       0

දමයන්ති Sunday, 04 May 2014 04:24 PM

ඔය කට්ටිය කරන වැඩ වලින් ආණ්ඩුවේ අන්ත පරාජය හුවක් ඇහෙන දුර තියෙන්නේ (ස)

:       0       0

ද සිල්වා Monday, 05 May 2014 03:44 AM

ඡන්ද කාලෙට පෝස්ටර් ඇලවූ පුද්ගලයාගේ සිට මන්ත්‍රීලට බිත්තර ගැසූ බිත්තර මාමලා දක්වා ආරක්ෂා කිරීමට සමහර දේශපාලකයන් පෙරමුණ ගෙන තිබෙනවා.එතකොට හිතන්නේ කැළේ ඉන්න අලිත් එයාලගෙයි කියලා (නි)

:       0       0

ද සිල්වා Monday, 05 May 2014 05:57 AM

එයාල හිතන් ඉන්න විදියට එයාලගේ කැලේ ඉන්න අලි එයාලගෙම ට්‍රක්ටර්වල පටවාගෙන එයාලගේ ගෙදර අරගෙන යනකොට පොලිසිය දකුණේ නිතිය පිළිපදිමින් ( අහක බලාගෙන , නැත්නම් අත්දෙක බැඳගෙන හිනාවෙවී ඉන්න විට ) මාධ්‍ය වෙදිනුත් දකුණේ නිතිය පිළිපදිමින් ඉන්න ඕනේ කියල නමුත් මෙතන පරහකට තිබෙන්නේ ලංකාදීප මාධ්‍ය වේදීන් සාක්ෂි සහ පින්තුර සහිතව මෙය ලෝකයට ඉදිරිපත් කිරීම ය (නදී)

:       0       0

ද සිල්වා Monday, 05 May 2014 05:46 AM

කැලේ ඉන්න ඇතින්නියන් මරල පැටවූ හොරකන් කරන යනකොට කැලේ ඉන්න අලි ගම් වැදී මිනිසුන් මරණ එක පුදුමයට කරුණක් නොවේ , කැලේ අලින්ට දකුණේ නිතිය අදාල නැත.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 05 May 2014 08:24 AM

මේක ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න, එල්.ටී.ටී.ඊ.එක කළ එකක් වෙන්න ඇති.කෙළින්ම කියනවා නම් බටහිර කුමන්ත්‍රණයක් (නි)

:       0       0

චමින්ද Monday, 05 May 2014 08:44 AM

දේශපාලන බලයෙන් හැම විනාශයක්ම කරලා බේරුනාට ස්වභාව ධර්මයේ නීතියෙන් කිසිවෙකුටත් ගැළවීමක් නැහැ. දේශපාලන බලය තිබුනට කාටවත් ලෙඩවීමෙන්, ජරාවට පත්වීමෙන් බේරෙන්න බැහැ. තමන්ට බැරිවූ දාට කළ හොඳ නරක සිහිවී වැළපෙන්න වෙනවා සහතිකයි. (නි)

:       0       0

සත්‍යා Sunday, 04 May 2014 06:44 PM

මේවට කියන් නේ රජ වැඩ . (ස)

:       0       0

චමිලා Monday, 05 May 2014 08:57 AM

කෝ අපේ පණ්ඩිත බන්දුල මහත්මයා. (ස)

:       0       0

සේනක සිරිවර්ධන Sunday, 04 May 2014 11:41 AM

අද අසරණයෙක්ට, මිනිස් හෝ තිරිසන්, ඉන්න දෙන්නේ නැහැ. හැම දේම විනාස කරන් යන යුගයකයි රටම ඉන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Sunday, 04 May 2014 12:10 PM

මේ පළාත හම්බන්තොටට කිට්ටු බව අමතකද? නැත්නම් හම්බන්තොට නීතිය ගැන අමතකද? (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 04 May 2014 12:31 PM

මැර බලය දැන් සතුන්ටත් බලපාල.දේශ පාලන බලවතුන් නිදිද? (ස)

:       0       0

සුරංග Sunday, 04 May 2014 01:28 PM

ලංකාව අවනීතිය රජකරන රටක් කියල හංවඩු ගැහෙන්නෙ නිකංම නෙමෙයි. (ස)

:       0       0

සිරි Sunday, 04 May 2014 12:44 PM

"මේ සිද්ධිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, මෙතනදී රාජකාරී පැහැර හැරීමක් සිදුවී ඇති බව නියත වශයෙන්ම පෙනීයන බැවින් එයට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට උපරිම දඬුවම් ලබාදීමටත්, නීතිය අතින් කිසියම් වරදක් සිදුවී ඇත්නම් ඒ පිලිබඳව අවශ්‍ය පියවර ගැනීමටත් මෙම සිද්ධියට සම්බන්ධයි සැකකරන අය වහාම අත් අඩංගුවට ගෙන පොලිස් ඇප පිට මුදා හැරීමටත් දැනට පියවර ගෙන ඇති බව" කීවේ නැද්ද? (ස)

:       0       0

මංජුල Sunday, 04 May 2014 12:45 PM

තව චන්දය දීල පත් කරලා ගලේ පහරපු බලල වගේ බලා ඉන්න. (ස)

:       0       0

pitigala Sunday, 04 May 2014 09:15 PM

ආණ්ඩුව පත් කරන්න අපිත් දර දිය ඇද්ද. දැන් ඉතින් පන්නා ගන්නත් එ්කම කරන්න අපි සුදානම්.(ස)

:       0       0

අනුරාධ Sunday, 04 May 2014 02:03 PM

මේ වැඩ කරන අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕන. නැත්නම් මේ වටිනා අලි සම්පත අපිට නැති වීම ඒකාන්තයි. (ස)

:       0       0

නිසාම්දීන් Sunday, 04 May 2014 01:21 PM

පොලීසියට නීතිමය පියවර ගැනීමට නොහැක්කේ මේ පිටුපස යම් බලවෙිගයක් ඇති නිසා නේද? (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 04 May 2014 02:01 PM

මේ මිනිස්සු කරන වැඩ නිසා තමයි අපේ රටට පාත්වෙන තරමක් හෙන පාත් වෙන්නේ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 04 May 2014 02:02 PM

නිතිය වල් වැදුන රටේ, කඳ සුරිදුනේ නොපෙනේද නොපනත් කම් මුන්ගේ , දඬුවම් කල මැනවි නොපමාව මුන්ට ! (ස)

:       0       0

සේපාල Sunday, 04 May 2014 02:56 PM

කලින් අලි පැටව් හොරෙන් ගෙනගිය පන්නිපිටියේ අයට දුන් දඬුවම කුමක්ද ? (ස)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 04 May 2014 02:29 PM

දකුණේ නීතියට ඉඩ දෙන්න , ( පොලිසිය අත්දෙක බැඳගෙන හිනාවෙවී ඉන්න , එහෙම නැත්නම් අහකබලාගෙන ඉන්න එහෙමත් නැත්නම් හෙමින්ම මාරුවෙලා යන්න ) (ස)

:       0       0

සේකර Sunday, 04 May 2014 03:05 PM

පවු අලි පැටියා (නි)

:       0       0

පාලිත Sunday, 04 May 2014 03:06 PM

තව ටික දිනකින් වාහන සහ අනිකුත් භාණ්ඩ ටිකත් අරගෙන යයි. (ස)

:       0       0

සුභානි Monday, 05 May 2014 12:13 PM

නිසි දඩුවම් දෙන්න ඕනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 369 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 121 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 211 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 105 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site