IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මව් සෙනෙහස උතුරා යයි

අවුරුද්දක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද (2) නිදහස් කළ බව බන්ධනාගාර ආරංචි කියයි.

වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට කෑගල්ලේ කුමාර් ගුණරත්නම්ගේ මවගේ නිවසේදී ඔහු ගිය වසරේදී අත්අඩංගුවට පත්විණි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසියෙකි. ඔහු මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි අතර ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධියේ පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සිට පසුගිය ජනපතිවරණ සමයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතුවල නියැළී සිටියේය.

මේ අතර ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තාවකාලික වීසා නිකුත් කැර ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

ඔහු පවසනුයේ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට අද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ බවයි. එම ඉල්ලුම්පත්‍රය ගැන තීරණයක් ගැනීමට මාසයක් පමණ කල් ගත විය හැකි බව දන්වා ඇත.

IMG_8345 IMG_8340 IMG_8342

ජායාරූප - අතුල බණ්ඩාර

15317922_10209571544264278_1550803856556644251_n 15326482_10209571546984346_7668015432009777438_n15253453_10209571541904219_4151699769440904468_n 15326489_10209571543224252_6937434527351031510_n

(ඡායාරූප - ධම්මික මුණසිංහගේ ෆේස්බුක් ගිණුමෙනි)

IMG_4392 IMG_4393 IMG_4394 IMG_4395

ජායාරූප පුබුදු ජාගොඩගේ ෆේස්බුක් ගිණුම ඇසුරෙනි



අදහස් (0)

මව් සෙනෙහස උතුරා යයි

එෂාන් Saturday, 03 December 2016 04:12 AM

සංවේදී අවස්ථාවක්. (ර)

:       0       0

කුමාර Friday, 02 December 2016 01:14 PM

මෙයා කලින් කළ කී දෑ අපිට හොඳින් මතකයි (නි)

:       0       0

කුමාර් Friday, 02 December 2016 01:26 PM

ඔව් එ්ත් අම්මා කෙනෙකුට පුළුවන් දරුවෙකුට අවවාද දෙන්න හැදෙන්න.හොර වැඩ නොකරන්න එහෙම නේද (නි)

:       0       0

සුසිල් Saturday, 03 December 2016 04:53 AM

අපරාදෙ අන්තරේට පාරට බහින්න තිබ්බ තව චාන්ස් එකක් නැතුව ගියා (ර)

:       0       0

රාහුල Saturday, 03 December 2016 05:21 AM

සමන් කොහෙද දැක්කේ මෙතුමා ඕස්ට්‍රේලියාවේ පුරවැසි කම අත අරිනවා කියලා. මෙතුමා රැවුලයි කැඳයි දෙකම ගන්න හදන්නේ. (ර)

:       0       0

බිමල් Friday, 02 December 2016 01:51 PM

ඕනෑ පුරවැසිකමක් තියාගත්තාට කමක් නැහැ, සරසවි සිසුන් ඇතුළු තරුණ තරුණියන් දේශපාලන ඔලමොට්ටල වැඩ වලට දක්කන්නේ නැතුව (නි)

:       0       0

රෝහණ Sunday, 04 December 2016 02:06 AM

කුමක් සිදු වේද?(හේ)

:       0       0

ගොතටුව Friday, 02 December 2016 02:11 PM

සංවේදී අවස්ථාවක් (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 03 December 2016 06:02 AM

සංවේදී ඡයාරුප පෙළක් (ර)

:       0       0

සමන් Friday, 02 December 2016 07:32 AM

සටන් කර ජය ගත හැක......(ම)

:       0       0

රණසිංහ Friday, 02 December 2016 03:20 PM

වෙන රටවල පුරවැසිභාවය තිබෙන අය ලංකාවේ දේශපාලනය නොකරත්ද? ඇති ඔයින් ගියා (නි)

:       0       0

ජයරත්න Saturday, 03 December 2016 06:42 AM

‘‘සෙනෙහස වැඩි දා..සිතද බොළද වේ.. ලොවම ආදරේ... කියා සිතේ...- මායාවක් වී.. එහි තනි වූදා.. අම්මා පමණයි ළග ඉන්නේ... (ර)

:       0       0

රුචිර Friday, 02 December 2016 03:45 PM

ඉතුරු ටිකත් ඔහොම යමු කොල්ලෝ. (නි)

:       0       0

ගොඩගේ Friday, 02 December 2016 03:49 PM

සන්තෝෂයි සහෝදරයා. ඒ වගේම සන්තෝෂයි ඒ මෑණියන්ගේ කඳුළු පිරි සිනහව දැක්කම....!!! (නි)

:       0       0

අසීස් Sunday, 04 December 2016 06:17 AM

පිටරට ඉන්න කොට අම්ම බලාගත්තේ ? (බ)

:       0       0

ජනහිත Friday, 02 December 2016 03:55 PM

එළියට ඇවිල්ලා තම කටයුතු කාටවත් හිරිහැර නොවෙන පරිදි කළොත් කොච්චර හොඳද? පුරවැසිකම ගැන කටයුතු කළයුත්තේ කාටත් කෙරෙන ක්‍රමවේදය අනුවනේ. විශේෂත්වයක් නැහැ. (නි)

:       0       0

රවිඳු Friday, 02 December 2016 07:56 AM

නිදහස දීලා ඕස්ට්‍රේලියාවටම පන්නන්නයි තිබුනේ. (නි)

:       0       0

ජෝන් Friday, 02 December 2016 04:09 PM

මේ අයගේ දේශපාලනය නිසා තව අම්මලා කී දෙනෙක්ගේ දරුවෝ නැතිවුණාද? (නි)

:       0       0

ඇෆ්රිදියෙස් Friday, 02 December 2016 04:52 PM

කොහොම වුණත් මේත් මනුස්සයෙක්නේ! (නි)

:       0       0

රූබි Saturday, 03 December 2016 08:28 AM

අනේ! අාපු දිහාවක් බලාගෙන යන්න

:       0       0

ලක්විදු Friday, 02 December 2016 05:35 PM

මට නම් මෙතන කිසිම සංවේදී හැඟීමක් දැනෙන්නේ නැහැ. මම වැරදි නම් මට සමාවෙන්න (නි)

:       0       0

කුමාර Friday, 02 December 2016 08:05 AM

කාලෙන් කාලෙට එලිබහින අලුත් චරිත වලටත් තැනක් දීල බලන්න රටට වැඩක් කරනවද කියල. මොනවා වුණත් ලාංකිකයෙක්නේ (ම)

:       0       0

සනුකි Friday, 02 December 2016 07:04 PM

ඔබතුමා මේ රටේ අනාගත රාජ්‍ය නායකයා වීමට ඉඩ ඇති බව බොහෝ දෙනෙක් පවසන අනාවැකියක්. ඔබතුමාගේ සැළසුම් සහ වැඩපිළිවෙල රටට කියන්න. (නි)

:       0       0

නිහාල් Friday, 02 December 2016 08:56 PM

ලංකාවේ නීතිය ගැන හරි දැනුමක් නැතුව කුමාර් ගුණරත්නම් පක්ෂ නායකයෙක් වුණේ හෝ කළේ කොහොමද ...? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 02 December 2016 08:17 AM

ඕනෑම මවකගේ ආදරය සෙනෙහස මෙතකැයි වචනයකින් කිව නොහැකියි. (ර)

:       0       0

නිශාඩ් ප්‍රීනා Friday, 02 December 2016 08:18 AM

මේ ලෝකේ හැම සතුටකට වඩා මවකගේ සතුට අභිබවා යා හැකි තරම් බලවත් අව්‍යාජ සතුටක් මිහි පිට තවත් කොහිද? (ර)

:       0       0

අබය Friday, 02 December 2016 09:54 PM

මටත් හිතෙනවා මොකක්හරි පක්ෂයක් පිහිටුවාගෙන පත්තරේ නම දාගෙන එකතුවෙන සල්ලි වලින් ජීවත් වෙන්න.... (නි)

:       0       0

දර්ශන Friday, 02 December 2016 08:26 AM

මෙතුමා ශ්‍රී ලාංකිකයෙක්ද ? ඔස්ට්‍රලියානුවෙක්ද ? (ර)

:       0       0

සමන් Friday, 02 December 2016 10:11 PM

තම පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් ජීවිතය පරදුවට තබා බෝට්ටු වලින් ඕස්ටේලියාවට යන්න වලිකන මිනිසුන් සිටින රටක එක් මිනිසෙක් තම පන්තියේ අරමුණු ජයග්‍රහණය කිරීමට, සටන් වැදීමට ඕස්ටේලියාවේ පුරවැසිබාවය අතහරින්න සූදානම් (නි)

:       0       0

දසුන් Friday, 02 December 2016 08:37 AM

දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියනවාද ලංකාව හොඳ රටක් මම ආපහු ලංකාවේ පුරවැසිකම ගන්නවා කියලා. මොහු ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හරහා ලංකාවට අපහාස කරපු වෙලාවේ කී දේවල් වල හැටියට ආපහු ලංකාවට යාවි කියලා ඕස්ට්‍රේලියාවේ අය හිතුවේ නැහැ. ලාංකික අපිට මෙයාගේ කතා නිසා ඕස්ට්‍ර්ලියාවෙන් හොඳ දේවල් අහන්න වුණා. මෙයාට එතකොට ලංකාව කබරයා දැන් ලංකාව තලගොයා. (නි)

:       0       0

ලලිත් ලියනගේ Friday, 02 December 2016 09:13 AM

6 වෙනි පින්තුරය දැකලා මගේ ඇස් තෙත් වුනා! (ර)

:       0       0

රමණි Saturday, 03 December 2016 01:13 AM

ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හරහා ලංකාවට අපහාස කරලා නැවත ලංකාවට යන්නේ නැති බව කියූ පරාර්ථකාමී නායකයා ආපසු ලංකාවට යනවා නම් ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවලට නැවත කියන්න, කලින් කිව්වේ බොරුයි කියා. (නි)

:       0       0

ජයවි Saturday, 03 December 2016 01:17 AM

අපිට නම් මේවා ආටක නාටක ලෙසයි පෙනෙන්නේ (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 03 December 2016 01:30 AM

ඔන්න බලාගන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ෆිදෙල් Friday, 02 December 2016 10:26 AM

ස්වාර්ථය වෙනුවට පරාර්ථකාමිත්වය පිරුණු මිනිසෙක්. (නි)

:       0       0

ඉක්බාල් ඕමාන් Saturday, 03 December 2016 02:10 AM

විශ්ව විද්‍යාලයේදී සිසුවෙක් විදියට ඔහුව දැනගන්නට ලැබුණා. ඔහුගේ වැඩිමල් සහෝදරයා ගිය අඩිපාරේ නොගොස් ඉංජිනේරුවෙක් වීමට ලැබූ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසට ඔහුට මා කී බව මතකයි. දෛවයේ වාසනාව ඔහු ඕස්ට්‍රේලියාවට ගෙනගොස් ඇති අවස්ථාවක නැවත ලංකාවට පැමිණ මෙලෙස දුක්විදීම කණගාටුවට කරුණක්. (නි)

:       0       0

නදීෂා Friday, 02 December 2016 10:53 AM

ඔබට සුබ අනාගතයක් පතමි. මෙහි සිට රටට වැඩක් කරන්න. ඔබව නොහඳුනන බව කියූ පිරිසට ඔබේ හැකියාවන් පෙන්වන්න (නි)

:       0       0

ජයන්ත Friday, 02 December 2016 11:20 AM

දර්ශන, ඔයා ඔයා ප්‍රශ්නය අහන්නේ කොහොමද ? (ර)

:       0       0

සිසිර Friday, 02 December 2016 11:27 AM

මවකගේ සහ පුතුගේ බැදීම ඉතා ඉහල එකක්. (ර)

:       0       0

සඳුන් Saturday, 03 December 2016 03:03 AM

අනිත් හැම පිටරටවල පුරවැසිකම ගත්ත අයට පුලුවන්නම් හරි විදියට ඉල්ලලා ද්විත්ව පුරවැසිකම ගන්ඩ, මෙයාට විතරක් මොකද බැරි. (ර)

:       0       0

ලුසේනා Friday, 02 December 2016 11:47 AM

88,89 කාලයේදී දේශපාලන රැකවරණ පතා විදෙස් ගතවූ අයෙක්. (ර)

:       0       0

රමිත Saturday, 03 December 2016 03:26 AM

සංවේදී ඡයාරුප කිහිපයක් (ර)

:       0       0

ධම්ම Friday, 02 December 2016 11:57 AM

ලංකාවේ පුරවැසිකම අරන් තිබුනා නම් අපරාදේ හිරේ ඉන්න වෙන්නේ නැහැනේ. එච්චර දෙයක් තේරෙන්නේ නැද්ද පක්ෂ නායකයෙකුට. (ර)

:       0       0

ප්‍රියාන් Friday, 02 December 2016 12:00 PM

මෙතුමා ඔස්ට්‍රලියානුවෙක්ද කියලා අහන අය ඇයි අහන්නේ නැත්තේ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලාංකිකයෙක්ද කියලා. (ර)

:       0       0

පුෂ්පකුමාර Friday, 02 December 2016 12:03 PM

උනහපුලුවාට උගේ පැටිය මණිකක්ලු. (ර)

:       0       0

රෝහණ Saturday, 03 December 2016 07:24 PM

මෙතන බිමල් විතරයි ඇත්ත කතාවක් දාල තිබුනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 556 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4245 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1977 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8713 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1476 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site