IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මව සොයා ජර්මනීයේ සිට එයි

‘මගේ නම වාසනා මල්කාන්ති. ඉපදුණේ 1990 අප්‍රේල් 20 වැනිදා. අද මගේ උපන් දිනයයි.’24 හැවිරිදි මල්කාන්ති 24 වසරකට පසු  ජර්මනීයේ සිට  ශ්‍රී ලංකාවට පැමිණියේ තම මව සොයා ගැනීම සඳහායි.

ඇය ජර්මන් මිතුරියකද සමඟ ලංකාදීප කාර්යාලයයට පැමිණ සිය මවත් පියාත් සොයා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියා.

කොළඹ බොරැල්ලේ කාසල් රෝහලේ ඉපැදුණු මල්කාන්ති  සති තුනක දැරියකව සිටියදී හදා වඩා ගැනීම සදහා ජර්මන් යුවළකට බාර දී ඇත.

ඇය හදා වඩා ගත් මව ජර්මනීයේ ගුරුවරියකි.පියා පැරැණි භාණ්ඩ ව්‍යාපාරිකයෙකි.ගුරුවරියක වීම සඳහා  මල්කාන්ති රසායන විද්‍යාව,ආගම හා ජර්මන් බස හදාරමින් සිටින්නීය.

‘මගේ අම්මා තාත්තාගේ නම් හැර වෙනත් විස්තරයක් දන්නේ නැහැ.පින්තූරයක්වත් ළඟ නෑ .මා හිතනවා මගේ අම්මා මං වගේ ඇති කියලා.අම්මාගේ නම වීරසිංහ මුදියන්සේලාගේ හීන් මැණිකේ. පියාගේ නම උඩුව විදානලාගේ දොන් සෝමදාස. ජර්මනීයේ අධ්‍යාපනයෙන් පසු මම ශ්‍රී ලංකාවේ පදිංචිවීමට කැමැත්තෙන් සිටිනවා.මගේ මව හා පියා දැක ගැනීම මගේ ජීවීතයේ ලොකුම ආශාවයි.ජීවිතයේ එක් වරක් හෝ මගේ මව දැක ගත යුතු යැයි මා සිතනවා සෑම දරුවකුගේම අශාව එයයි.මට මගේ අම්මා  මිනිත්තු පහකටවත් දැනගත්තොතත් ලොකු දෙයක්. ආදරණීය අම්මේ ඔබ මගේ කතාව ලංකාදීප පත්තරෙන් දැක්කොත් පහත සඳහනක් දුරකතන අංකයට කතා කරන්න. (ඇන්ඩෘ සිල්වා 0094779941919, ඊ මේල් [email protected])

ඔබ දකින තුරු මට ඇත්තේ එකම ආශාවයි ලබන 22 වැනි අඟහරුවාදා මා ජර්මනියට යනවා.අධ්‍යාපනය අවසන් කර ලබන වසරේ යළිත් පැමිණෙනවා.දැන් මට ශ්‍රී ලංකාවේ මිතුරනුත් සිටිනවා ’

ඡායාරූප - ඩික්සන් වසන්ත



අදහස් (0)

මව සොයා ජර්මනීයේ සිට එයි

චන්දන Tuesday, 22 April 2014 08:00 AM

මමත් උපරිම උදවු දෙනවා ඔබගේ අම්මා සොයාගන්න (නි)

:       0       0

අනුරාධ ලියනගේ Monday, 21 April 2014 05:32 PM

ඔය හොද කෙනෙක් තමන්ගේ කම අමතක නොකළ දළදා හාමුදුරු වන්ගේ පිහිටෙන් අම්මව තාත්තව මුණ ගැහේවි ඔයාට (අ)

:       0       0

දර්ශන නයනජිත් Monday, 21 April 2014 05:39 PM

දයාබර සොයුරිය, ඔයාගේ දයාබර දෙමාපියන්ව ඉක්මනින් හමුවේවා කියා මම ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ජනිත Monday, 21 April 2014 04:59 PM

ඔබගේ මවුපිය දෙපළ සහ නෑදෑයින් ඉක්මණින් හමුවේවායි මම ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 20 April 2014 12:26 PM

මේ වා දකිනකොට හිතෙනවා අපි කොයි තරම් වාසනාවන්ත ද කියලා (දිල්)

:       0       0

ධම්ම Sunday, 20 April 2014 12:29 PM

ලංකාවේ ඉන්න සමහර අය යුරෝපයේ පදිංචි වෙන්න හදද්දි මේ දැරිවි ලංකාවේ පදිංචියට කැමැත්තෙන් ඉන්නවා.(දිල්)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 20 April 2014 01:16 PM

''කිරිමදුවැල්..කිරිමදුවැල්..කිරි අම්මේ..''දියණිය අපේ ප්‍රාර්ථනාව ඔබට ඉක්මනින් මව් සුවඳ ලැබෙන්නට වාසනාව ලැබේවා යන්නයි.(දිල්)

:       0       0

බානු Sunday, 20 April 2014 03:04 PM

දියණියට මව ඉකමනින් දැකීමට හමුවේවා යන්න මගේ අවංක ප්‍රාර්ථනයයි. කවුරුන් හරි මේ දරුවාට මව සොයා ගැනීමට උදව් කරනවා නම් සංසාරයේ මහත් ඵල දෙන පිනක්. (දිල්)

:       0       0

චන්දිමා Sunday, 20 April 2014 02:22 PM

නම් දන්න නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මේ දෙමාපිය ලිපිනයන් සොයාගන්න පුලුවන් නේද? මෙවැනි දරුවන්ට දෙමාපියන් සොයා ගන්න මානුෂික වැඩ පිලිවෙළක් හදන්න ඕනි.(දිල්)

:       0       0

මනෝජ්-සාජා Sunday, 20 April 2014 03:14 PM

මොනතරම් සැප සම්පත් තිබුනත් වැඩක්ද ?.අම්මගේ ආදරය ,සෙනෙහස ලැබුනේ නැත්නම් .නංගි ඔයාට වරදින්නේ නැ.ඔයාට පහු වෙලා හරි ඔයාට ඔයාගේ අම්මගේ .තාත්තගේ ආදරය උණුහුම අනිවාර්යයෙන්ම ලැබෙනවා .ලැබෙන්න ඕන .මගේ ප්‍රාර්ථනය ඒකයි. (දිල්)

:       0       0

උදේනි Sunday, 20 April 2014 03:07 PM

ලක් දියණිය, ඔබගේ ප්‍රාර්ථනාව ඉටු වේවායි පතමි(දිල්)

:       0       0

පෙරේරා Sunday, 20 April 2014 03:08 PM

ඔබේ ප්‍රර්තනය ඉටු වේවා (දිල්)

:       0       0

තිස්ස Sunday, 20 April 2014 03:22 PM

උතුම් ප්‍රාර්තනය ඉටු වේවා (දිල්)

:       0       0

දයා අලහකෝන් Sunday, 20 April 2014 03:26 PM

අම්මා ඉක්මනට දුවට කතා කරාවිතවාසනාවන්ත දරුවෙක් (දිල්)

:       0       0

නිරූපා Sunday, 20 April 2014 04:20 PM

දකින කොට දුක හිතෙනවා . දුවේ ඔයාට බුදු සරණයි (දිල්)

:       0       0

ශ්‍රීෂානී Sunday, 20 April 2014 04:45 PM

රෝහලේ ලිපිනය ඇති (දිල්)

:       0       0

රත්නසිරි Sunday, 20 April 2014 06:00 PM

දෙමාපියන් ද ඔබගේ හැඩරුව මවාගෙන ජීවිතය පුරාම ඔබ ගැන සිතමින් සිටිනවා ඇති. ඔබද දෙමාපියන් ගැන සිතන වාර ගණන කොපමණ ඇද්ද? සිති විළි බළ ගතුය. ඉක්මණින්ම ඔබගේ පැතුම ඉටුවෙනවාමයි.(දිල්)

:       0       0

මහේෂ් කොඩිතුවක්කු Sunday, 20 April 2014 05:26 PM

මේ හැම දේකටම මුල මුදල් තමයි (දිල්)

:       0       0

අචිනි Monday, 21 April 2014 06:36 PM

මම දන්නා ස්විස්වල ජිනීවා නගරය ළමයෙකුත් මීට අවරුදු 3 කට කලින් ගිහින් එයාගේ පවුලේ කට්ටිය සොයා ගත්තා. එයා දැන් හරි සතුටින් ඉන්නේ. නිතර ලංකාවට යනවා. මම එයාගේ සතුට දැක්කා. ඉතින් මම ප්‍රර්ථනා කරනවා ඒවගේම මේ නංගිගේත් සතුට ඉක්මනට ලැබෙන්න කියලා.(නදි)

:       0       0

විජේබා Sunday, 20 April 2014 08:21 PM

මෙහි මුල ලෝකය පුරා ඇති දිළිඳු බවයි. නමුත් ළමයා හදා ගත් මිනිසුන් ළඟත් සැබෑ මිනිස්කම සහ මාතෘ ප්‍රේමය තියෙනවා. (දිල්)

:       0       0

චන්දිමා Sunday, 20 April 2014 08:08 PM

මම දන්නා කෙනෙක් ඉන්නවා මම හිතන්නේ එයා වෙන්න ඇති. හොයල දුන්නොත් මගේ නමත් පත්තරේ .(නදී)

:       0       0

වාසනා Monday, 21 April 2014 06:00 PM

අක්කේ, ඔයාට ඔයාගේ අම්මාව අනිවාර්යෙන්ම හමුවේවි. බලාපොරොත්තු නැතිකර ගන්න එපා. මොකද මේ ලෝකයේ ඉන්න හොඳම දුවගෙන් එයාගේ අම්මාව හංගන්න තරම් දෛවය නපුරු නැති වේවි. (නි)

:       0       0

සදුනි Sunday, 20 April 2014 08:51 PM

ඔබට ඔබේ මව ඉක්මනින්ම හමුවේවා! නංගියේ මට නම් හිතෙන්නේ ඔබව හදාගත් ජර්මන් අම්මා ඔබේ "සැබෑ අම්මා "බවයි.(නදී)

:       0       0

ඉන්දික Sunday, 20 April 2014 08:54 PM

මේ දරුවාගේ පැතුම මල්ඵල ගැන්වේවා! දරුවට මව ලැබෙන පුවතත් දකින්න අපි ආසාවෙන් බලා ඉන්නවා එයත් පලකරන්න ලැබේවා!(නදී)

:       0       0

අසෝකා Sunday, 20 April 2014 08:59 PM

ඉතාමත් වාසනාවන්ත දරුවෙක්. කසල ගොඩේ තිබුනත් මැණික මැනිකමයි. මොනවා උනත් දෙමව්පියන්ට තිබුන ප්‍රශ්න නිසා මේ ලමයව හදාගන්න දෙන්න ඇති. සමහර වෙලාවට මේ ළමය ලංකාවේ හැදුනානම් මහපාරට උනත් වැටෙන්න තිබුනා. (නදී)

:       0       0

ලලිත් Sunday, 20 April 2014 09:51 PM

කොච්චර කැමැත්තෙන් හිටියත් ලංකාවෙන් ගිය අයට ආපසු පදිංචියට එන්න දෙන්නේ නැහැ.(නදී)

:       0       0

සෙව්වන්දි Monday, 21 April 2014 06:52 PM

ඔයාට ඉක්මනට අම්මව ලැබේවි.(නදී)

:       0       0

ඩිසී Sunday, 20 April 2014 10:54 PM

ලෝකේ කොහේ හිටියත් වැදු අම්මා උතුම්. (නදී)

:       0       0

ලතා පලිහේන Monday, 21 April 2014 12:18 AM

අම්ම කෙනෙකුගේ වටිනා කමක් දන්නා දරුවෙක්. දුවේ ඔයාට ඔයාගේ අම්මව ඉක්මනින් ලැබේවා.(නදී)

:       0       0

නීලම් Monday, 21 April 2014 07:01 PM

ඔබගේ අම්මා ඉක්මණින් ලැබේවා කියා අල්ලාහ් දෙවියන්ගෙන් ඉල්ලමි. ඔබට ඕනෑම උදව්වක් කරන්න මම සූදානම්. මුදල් ප්‍රශ්නයක් වුණත් කියන්න. ඔබගේ උත්සාහයට සුභ පතමි. (නි)

:       0       0

අනිල් Tuesday, 22 April 2014 06:03 PM

ඔබගේ බලාපොරොත්තු සඵල වේවා! (නි)

:       0       0

ජරතුල් අබුදුල් Monday, 21 April 2014 12:36 AM

ඔයාගේ ජර්මනියේ ලිපිනය සහ දුරකතන අංකය දෙන්න. මම ඔයාගේ අම්මව කොහොම හරි හොයල දෙන්නම්. මම ඉන්නෙත් ජර්මනියේ. ගේ දුරකතන අංකය 049(0)16172-6671410, මගේ නම සහ ලිපිනය:ජරතුල් අබ්දුල්,ලිලිඑන්වෙග් 6,ද-61381 ෆ්රිඑද්රිච්සදොර්ෆ්, ජර්මනිය.(නදී)

:       0       0

ශාන්ති Monday, 21 April 2014 01:22 AM

ලලිත් ඔච්චාර නපුරු වෙන්ඩ එපා. අපි පතමු එයාට එයාගේ දෙමව්පියෝ ඉක්මනින්ම මුණ ගැහෙන්ඩ කියලා.(නදී)

:       0       0

නන්ද Monday, 21 April 2014 01:28 AM

මෙම පුවත "ඩේලි මිරර්" පුවත් පතෙහි පල නොකළේ ඇයි? එහෙම වුණා නම් ඒ යුවතියට මෙම පුවත බලා සතුටු වන්නත් තිබුණා.සිය මව සොයා ගතහැකි මගක් දැන ගන්න ක්‍රමයක් දැන ගන්නත් තිබුණා.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 21 April 2014 01:32 AM

කණගාටු දායක සිදුවීමක්. අපේ රටේ උපදින දුප්පතුන්ගේ ළමයි පිටරට අයට හදාගන්න දෙනවා හෝ පිටරට අයට විකුනනවා. දුප්පත් කම නිසයි මේ ඔක්කම සිදුවෙන්නේ. නමුත් මෙහෙම වෙන ළමයින්ට හොද අනාගතයක් තියනවා. මේ වගේ දහස් ගානක් සිදුවීම් තියනවා. කීප දෙනෙක් මවුපියන් හොයාගෙන ලංකාවට එනවා. මොනවා වුනත් මෙයා දෙමව්පියෝ හොයාගෙන ලංකාවට අාපු එක ගැන සතුටුයි.(නදී)

:       0       0

ශ්‍යාමලී Tuesday, 22 April 2014 10:37 AM

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට යන්න. ඡන්ද ලේඛනයේත් බලන්න පුලුවන් දුවේ. ඔබට සදා ජය !!! (ස)

:       0       0

රංජනී ජයසිංහ Monday, 21 April 2014 01:16 AM

උපන් දිකය තියෙන නිසා තොරතුරු හොයාගන්න පුලුවන් වෙයි.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Monday, 21 April 2014 02:16 AM

ඔබගේ පැතුම ඉටුවේවා කියා මා එක සිතින් පතමි.(නදී)

:       0       0

දිමල් තුෂාරක Monday, 21 April 2014 06:43 PM

උතුම් ප්‍රාර්තනය ඉටු වේවා! (නදී)

:       0       0

කාවින්ද Tuesday, 22 April 2014 10:15 AM

මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ අම්මව ඔයාට ඉක්මන්ට හම්බ ෙවන්න කියලා. (ස)

:       0       0

එරංග Monday, 21 April 2014 06:47 PM

ඔබගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉුටුවේවා! (නදී)

:       0       0

චන්දන Monday, 21 April 2014 06:35 AM

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ හා ජාතික ඡන්ද කොමසාරිස් කාර්යාලයෙන් හෝ ඔබට එය ඉෂ්ට කරගන්න හැකි බව මට විශ්වාසයි දුවේ. තනිවම කරගන්න බැරි දෙයක් නිසා ජාතික කාන්තා සංවිධානයකට සම්බන්ධ වී එම සංවිදානයේ නම සමග නුබේ උත්සාහය කරගෙන යන්න. ඉතා ඉක්මනටම නුඹට මවත් පියත් දකින්න ලැබෙයි. නුබේ ලෝකය සතුටින් බැබලේවායි පතමි. ඒ වගේම නුඹ වැනි සුන්දර යුවතියක් දන නිදානයක් කරගන්න එන මුදල් වලට ගිජු පෙරේතයන්ගෙන් හා පාපතර සිතුවිලි ඇත්තන්ගෙන් බේරී කටුතු කරන්න වාසනාව ලැබේවායි පතමි.(නදී)

:       0       0

කල්ප Monday, 21 April 2014 06:30 AM

උපන් රෝහලේ උපත් විස්තර සොයා බැලුවොත් නිවැරදි ලිපිනය සොයාගන්න හැකිවේවි. එහෙම නැත්නම් දුවේ ඔබ ජර්මන් දෙමාපියන්ට පැවරු නඩුවට අදාල ලිපි පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේත් ඇති. එම කාර්යාලයෙන් උදව් ඉල්ලන්න (නි)

:       0       0

සුරින් Tuesday, 22 April 2014 10:32 AM

නැගණිය,ඔබගේ පැතුම ඉටුවන්න කියා දෙවිඳුන් යදිනවා (නි)

:       0       0

ශ්‍රී Monday, 21 April 2014 08:03 AM

සොයුරිය ඔබගේ පැතුම ඉටුවේවා! නමුත් සුද්දට බනින අය මේ ලිපිය කියවල සුද්ද ද කල්ලද කියලා හොයලා වැඩක් නෑ. මනුස්සකම දන්නා මිනිස්සු ලෝකේ කොහෙත් ඉන්නවා කියල හිතනවා නම් හොදයි.(නදී)

:       0       0

නිෂ් Monday, 21 April 2014 08:03 AM

ඔබ නම් නියම සිංහල දියණියකි. ඔබේ උත්සාහයට ජයම වේවා පතමු. (නදී)

:       0       0

සැන්ඩ් Wednesday, 23 April 2014 06:39 PM

කපටින්ට රැවටෙන්න එපා.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 21 April 2014 08:58 AM

බොහොම සංවේදී පුවත්. දියණිය ඔබගේ පැතුම එලෙසම ඉටුවේවායි ප්‍රර්ථනා කරමි.(නදී)

:       0       0

නියාස් Monday, 21 April 2014 09:15 AM

ලෝකේ කොහේ හිටියත් ඔබගේ අම්මි ඔයාට ලැබෙයි.(නදී)

:       0       0

බණ්ඩාර -කුවේට් Monday, 21 April 2014 09:21 AM

විශ්වයේ වටිනාම වචනය"අම්මා " දියණිය ඔබේ පැතුම ඉටුවේවා!!!!! (ස)

:       0       0

අනුර Monday, 21 April 2014 09:31 AM

මේ ඔක්කොටොම වඩා ජර්මන් අම්මා තාත්ත උතුම්! මෙවන් ලස්සනකට දරුවාව හදල වඩල එව්වට (අ)

:       0       0

තිලක් Monday, 21 April 2014 09:05 PM

දයාබර සොයුරිය, ඔයාගේ දයාබර දෙමාපියන්ව ඉක්මනින් හමුවේවා කියා මම ප්‍රාර්ථනා කරමි. (අ)

:       0       0

සඳුන් ලක්මාල් Monday, 21 April 2014 09:05 PM

අක්කට ඔයාගේ අම්මව ඉක්මනටම දකින්න වාසනාව ලැබෙන්න ඕනි.බුදු සරණයි. (අ)

:       0       0

ප්‍රියන්ති Monday, 21 April 2014 09:43 AM

අම්මා කෙනෙකුට දරුවෙකුට වඩා මේ ලෝකේ කිසිම දෙයක් වටින්නේ නැහැ. ඔබට ඔබගේ ආදරණිය අම්මා හමුවේවා !!!! (ස)

:       0       0

පියන්ත Monday, 21 April 2014 08:44 PM

නංගියේ ඔයාගේ ජර්මන් ලිපිනය කපටි මිනිසුන්ට දෙන්න එපා.වෙනත් දෙයක් වෙනුවෙන් මේ අනුකම්පාව ..(අ)

:       0       0

සුනිල් චන්ද්‍රරත්න Monday, 21 April 2014 08:46 PM

අනිවාර්යෙන්ම ඉටු වෙයි (අ)

:       0       0

අනුරාධ Tuesday, 22 April 2014 11:34 AM

නංගි ඔයාට ඉක්මනට අම්ම තාත්ත හමුවේවි. ඒක විශ්වාස කරන්න. (ස)

:       0       0

අයේෂා Tuesday, 22 April 2014 12:18 PM

මගේ සුභ පැතුම් !!! (ස)

:       0       0

රාජු Monday, 21 April 2014 10:17 AM

ඔයාගේ ජර්මනියේ ලිපිනය සහ දුරකතන අංකය දෙන්න. මම ඔයාගේ අම්මව කොහොම හරි හොයල දෙන්නම්.(නදී)

:       0       0

කුරුවිට Monday, 21 April 2014 10:20 AM

මේ අගය දැනෙන්නේ දරුවන් ටික දෙනෙකුට පමණි. (ස)

:       0       0

ධම්ම Monday, 21 April 2014 10:42 AM

ඇයි මේ සමහර අය මේ දියණියගේ ජර්මනියේ ලිපිනය සහ දුරකථනය ඉල්ලන්නේ, ඇන්ඩෘ සිල්වා 0094779941919, ඊ මේල් – [email protected] අමතන්නේ නැතුව? (නදී)

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Monday, 21 April 2014 09:14 PM

මෙයා ලස්සන ගැහැනු ළමයෙක් නිසා බොහෝ දෙනෙක් උදව් කිරීමට පැනලා ඉදිරිපත් වනවා . සමහරු තමන්ගේ පුග්ගලික ටෙලෙපොන් නොම්මර පළකරනවා . අනේ අපේ අයගේ අනුකම්පාව (ස)

:       0       0

ජයවර්ධන Monday, 21 April 2014 12:23 PM

ඔබගේ උත්සාහය මල්ඵල ගැන්වේවා !!!! (ස)

:       0       0

චානක Monday, 21 April 2014 09:22 PM

ඔබගේ පැතුම ඉටුවේවා ! (ස)

:       0       0

චන්දි රත්නායක. Monday, 21 April 2014 10:41 PM

ඇත්තෙන්ම පිටරටක සේවය කරන අපිට අපේ රටේ අගය ගොඩාක් දැනෙනවා ... කවදද නිවාඩු කාලය ලැබෙන්නේ කියල ඇඟිලි ගණන් කරනවා ලංකාවට යන්න. ඉතින් මේ දැරිවියට එයාගේ මුළු ජීවිත කාලයටම එයාගේ දෙමව්පියන්ව දැකල , මුණගැහිලා නැහැ. ඉතින් එයා කොච්චර ආශාවෙන් බලාපොරොත්තු තියාගෙන ඇත්ද එයාලව ඇස් දෙකට දැකගන්න ....පුළුවන් ඉක්මනින් ඇයගේ ඒ බලාපොරොත්තුව සපල වේවායි පතමි....!!! නංගි ඔබට ජය ...!!! තෙරුවන් සරණයි ....!!! (ස)

:       0       0

තාරක Monday, 21 April 2014 12:15 PM

දියණියගේ ජර්මනියේ ලිපිනය සහ දුරකථනය දෙන්න එපා. මේ රටේ ඉන්න මිනිස්සු ගැන ඔබ තවම දන්නේ නැ. ලංකාදීපයට පුළුවන් මේ ළමයට උදව් කරන්න. ඒම නිසා යමක් කළ හැකි කෙනෙක් මේ දරුවට ඉක්මනට උදව් කරන්න. (ස)

:       0       0

මෙවන් Monday, 21 April 2014 02:26 PM

වාසනා දුවේ, මේ තොරතුරු හොඳටම ප්‍රමාණවත් ඔබේ දෙමව්පියන් සොයා ගැනීමට. ඔබ හෙට ලංකාවෙන් ගියාට පසු ජර්මනියේ බර්ලින් 14163 වල, නික්ලාස්ට්‍රස්සේ අංක 19 පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් හෝ දුරකතන අංක (030) 80909749 හෝ ෆැක්ස් අංක (030) 80909757 මගින් තොරතුරු ඉදිරිපත් කර සහාය ලබා ගැනීමට පිළිවන්. (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 21 April 2014 11:34 PM

අතීතයේ සිට වර්තමානය දක්වාම කුඩා දරුවන් මුදලට හෝ නොමිලේ ලබාගැනීමට ලොව අංක එකේ රට තමයි ශ්‍රී ලංකාව, මට මතකයට නැගුනේ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් ගයනා කරන මගේ අමල්බිසෝ දොර අරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් ගීතයයි.(නධී)

:       0       0

අළුපහන Monday, 21 April 2014 01:49 PM

වාසනා දුවේ, කපටි කිහිප දෙනෙක් මෙහි තොරතුරු දාල තියෙනවා. පරිස්සම් වෙන්න. ඔවුන් එක්ක කතා කරන්න තොරතුරු සපයන්න එපා. ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. (ස)

:       0       0

රේමන්ඩ් Wednesday, 23 April 2014 01:45 PM

ඔබ ලංකාවේ උපන් සිංහල දුවක් බව සොයාගත්තේ කොහොමද ? අන්න ඒ මගම තවදුරටත් යන්න. නැත්නම් සමහරවිට කපටින්ට අසුවී අමාරුවේ වැටිය හැක. ඔබට මවුපියන් ඉක්මනින් දැක ගැනීමට ලැබේවා! (නදී) .

:       0       0

විකුම් ශ්‍රී වර්ණ Wednesday, 23 April 2014 01:59 AM

ඔයාගෙ මව්පියන් ඉක්මනින්ම හමුවෙන්නයි හදවතින්ම ප්‍රාර්ථනා කරනව නංගි.(නදී)

:       0       0

සමන් Monday, 21 April 2014 03:03 PM

මේ ගැන අහන කොටත් හිතට හරිම දුකයි. (ස)

:       0       0

රංග Sunday, 27 April 2014 08:51 PM

බොරදියේ මාලු බාන කපටි ටිකක් ඉන්නවා. ඒ නිසා කාටවත් කෝල් කරන්නවත් විස්තර දෙන්නවත් එපා!!!! ලස්සන දැක්කම ඉස්පාසුවක් නැතිව ඇති. අහුවෙන්න නම් එපා දුවේ පරිස්සමින්............. (දී)

:       0       0

සුර්ජ් මනතුංග Monday, 21 April 2014 03:21 PM

දුවේ ඔයාට බුදු සරණයි ! (නදී)

:       0       0

නාමල් ප්‍රනාන්දු Monday, 21 April 2014 03:54 PM

ලංකාවේ දෙමාපියන්ව හොයන්න එපා. (ස)

:       0       0

බුද්ධික පෙරේරා Monday, 21 April 2014 04:52 PM

ඔයාගේ දෙමාපියන්ව ඉක්මනට ඔයාට හම්බ වෙයි. සුබ පතනවා. (ස)

:       0       0

චන්දන Monday, 21 April 2014 05:06 PM

ඔබට ඔබගේ මව ඉක්මණින් හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 84 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1514 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1295 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 255 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31612 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23775 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site