IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘මිශ්‍ර අධිකරණය මඟහරින්න රජයට බෑ‘

ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය දෙස් විදෙස් විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධිකරණයක් හරහා කළ යුතු යැයි මෙරට සංහිදියාව සදහා වූ කාර්යංශය විසින් නිර්දේශ කිරීම අගය කරන බවත් මෙම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ හැකියාවක් ලක් රජයට නොමැති බවත් දෙමළ ජාතික සන්ධානය කියයි.
මෙම වාර්තාව සහ එහි නිර්දේශ පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

‘මිශ්‍ර අධිකරණය මඟහරින්න රජයට බෑ‘

නිමල් ලාලිත Sunday, 15 January 2017 01:37 PM

මේ කියන කාර්යාංශයේ සැවොම කොටි හිතවතුන් .අපේ වීරෝදාර රණවිරුවන්ට දඩුවම් කර ඊලාම් රාජ්‍යයකට පාර කපා ගන්නද සුදානම.මතක තබා ගන්න දෙමල ජනතාවගෙන් සියයට පනහක් විතර ඉන්නේ සිංහල අපි අතර. ඒ මිනිසුන්ගේ අනාගතය ගැන සිතන්න. එසේ බැරිනම් ඔවුන්වත් ඔබලා සිහින මවන උතුරු දෙස ඊලමට බාර ගන්න සුදානම් වෙන්න. (බ)

:       0       0

සෙනෙවි Sunday, 15 January 2017 01:39 PM

මිශ්‍ර අධිකරණ ඉල්ලන අයගේ හුස්ම වාතයට මිශ්‍ර කර ගන්න තමයි වළිකන්නෙ (බ)

:       0       0

සත්‍යයා Sunday, 15 January 2017 04:30 PM

අපෙන් මොකුත් අහගන්න තමයි ඔය දඟලන්නේ.....! (නි)

:       0       0

සමන්තිකා Sunday, 15 January 2017 06:11 PM

එතකොට කොටි බෝම්බ වලින් අහිංසක මිනිස්සු මැරෙද්දි ඒවා මානව හිමිකම් කඩකිරීම් වලට අයිති නැද්ද? (නි)

:       0       0

සිරි Sunday, 15 January 2017 07:56 PM

ඔය කියන අධිකරණයක් අපේ රටට අවශ්‍ය නැහැනේ. ලංකාව බැඳිලා නැහැ එක එක්කෙනාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න.මම දන්නේ නැහැ ඔයාලත් සමඟ ආණ්ඩුව මොන ගිවිසුම් ගසා ති‍බේද කියන්න? (නි)

:       0       0

වින්සන්ට් Sunday, 15 January 2017 11:26 PM

ගරු මන්ත්‍රීතුමාගේ දැනඋගත්කම් ප්‍රයෝජනයට ගනිමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහෝදරත්වයෙන් ජිවත්වීමට සුදුසු රටක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ නම් වඩා හොඳ නැද්ද? එදාවේල කන්න නැතුව පීඩිත පන්තියක් රටේ දුක්විඳිනකොට ඔබතුමන්ලාගේ වටිනා කාලය, ශ්‍රමය වැයකරන්නේ කුමක් සඳහාද? අද දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නය මිශ්‍ර අධිකරණ ගැන විය නොහැකිය. (නි)

:       0       0

බන්දුල Sunday, 15 January 2017 11:30 PM

නිමල් ලාලිත, මෝඩ කතා කියන්න එපා. උතුරු දෙස ඊළමට බාරගන්න සූදානම් වෙන්න කියන්නේ අපිම ඊළම දෙනවා කියන එකයි. අපි කියන්න ඕනෑ මේ රට සිංහල රටක්. කැමති නැති අය ඉන්නවා නම් මෙරටින් යන්න පුලුවන් (නි)

:       0       0

බමුණුසේන Sunday, 15 January 2017 11:31 PM

මේවා ඇමරිකන් ගැති අයගෙන් මුල ඉඳලාම සිදුවුණ වැරදි. (නි)

:       0       0

බන්දුල Monday, 16 January 2017 10:52 AM

සන්හිදියවනේ කියලා බන්දේසියක තියලා දේවිද.? (ර)

:       0       0

එන්සිනා Monday, 16 January 2017 12:57 AM

ඇත්තටම අපේ අධිකරණය ස්වාධීනද? (නි)

:       0       0

අරුණ Monday, 16 January 2017 01:21 AM

ත්‍රස්තවාදී මිනිමරුවො සිංහල ගම්මාන වලට පැනලා අහිංසකයින් කපාකොටා මරා දානකොට මොවුන් කොහෙද හිටියෙ. එදා මේ එක්කෙනෙක් පැමිණිළි කළාද මානුෂික අයිතිවාසිකම් ගැන. මොවුන්ගෙ මේ රැවටිලි කතා වලට අහුවුණොත් රට ඉවරයි (නි)

:       0       0

නිමල් ලලිත Monday, 16 January 2017 02:35 AM

බන්දුල, මම මෝඩ කතා කියන්නේ නැහැ. හොඳ සිහියෙන් රට වටේ ගොස් බලන්න. දැන් දෙමළ රාජ්‍යයකට පාර කපනවා. අපේ සිංහලයෝ දේශපාලනය බදාගෙන එකිනෙකා මරාගන්නවා. (නි)

:       0       0

ජනහිත Monday, 16 January 2017 03:00 AM

හොඳම දේ අධිකරණය විතරක් නොවෙයි ඔක්කොම මිශ්‍රකරලා දාලා රට විනාශ කරමු. කොටින්ට ඉන්න දුන්නා නම් මෙලහකට ඔය අධිකරණය ගෙනෙන්න නුඹලා ජීවතුන් අතර නැහැ. (නි)

:       0       0

කුලතිලක Monday, 16 January 2017 05:37 AM

විදේශිය අතගැසීම් වලට අපි ඉඩතියන්නේ නැහැ (නි)

:       0       0

දහම් Sunday, 15 January 2017 01:32 PM

මේ රටේ මිනිස්සු මේකට විරුද්ධ වෙන්නේ හමුදාව යුද අපරාධ කරපු නිසා නෙමෙයි. උන් ඔප්පු කරන්න බැරි බොරු සාක්ෂි දාල, හමුදාවෙන් සහ බටහිර නායකයන්ට කොන්ද නවන්නේ නැතිව පිරබාහරන්ව කම්මුතු කරපු එකේ පලිය ගන්න හදන නිසයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 24 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 169 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 882 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1497 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1845 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 250 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site