IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


මිශ්‍ර කසළ අද සිට ගන්නේම නෑ

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
බස්නාහිර පළාත තුළ කුණු කඳු වලට මුදාහරින කසළ නිවෙස් වලින් බැහැරලීමේදී ඉඳුල් සහ පොලිතීන් ලෙස 100% ක් වෙන් කර පළාත් පාලන අයතන කසළ එකතුකරන්නන් වෙත ලබා දීමට නොහැකි නම් එකී කසළ සඳහා සිය නිවෙස් තුළම විසඳුමක් සොයා ගන්නැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා අද (22) පැවසීය.


බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරිය වන ඒ.ඒ.එස් සදිකා මහත්මිය,බස්නාහිර පළාත් කොමසාරිස් ඒ.ඩී.අයි.පී ප්‍රසන්න,බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සභාපති සමිල හේරත් සහ තමා ඇතුළු නිලධාරීන් ගනු ලැබූ තීරණයකට අනුව මෙම ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.


නිවෙස් වලින් බැහැරලන මිශ්‍ර කසළ 100% වෙන්කර නොමැති නම් එය බාර නොගන්නා ලෙස පළාත් පාලන ආයතන සේවක කණ්ඩායම් වලට දැඩිව උපදෙස් ලබා දී ඇති බවද අධ්‍යක්ෂක වරයා පැවසීය


 කරදියාන කසළ අංගනයේ භුමි ස්ථායිතාව පිළිඹඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් 2020 වර්ෂයේ ලබාගත් තත්ව  වාර්තාවට අනුව කරදියාන කසළ මුදා හැරීමේ උපරිම සීමාවට පැමිණ ඇති බව ඒ මහතා පැවසීය.


එහෙයින්  කරදියානට ප්ලාස්ටික් නොදිරන අපද්‍රව්‍ය බැහැරලීම පූර්ණ ලෙස නවතා දමා ඇති බව සඳහන් කරන ඒ මහතා  අනෙකුත් කසළ අංගන ද ආවරණය වන පරිදි සීයට සීයක් කසළ වෙන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවද පැවසීය.


 පරිසරය පිළිබඳව දැනුමකින් තොර ආදරයකින් තොර ඇතැම් ජනතාව නිවසේදී සිදු කළ හැකි බොහොම සරල ක්‍රියාවලියක් වන ඉඳුල් අපද්‍රව්‍ය සහ දිරන නොදිරන කසළ වෙන්කර පළාත් පාලන ආයතන සඳහා ලබානොදීම හේතුවෙන් මිලියන ගණන් වැය කරමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් ‍ක්‍රියාත්මක කරන ඇතැම් ව්‍යාපෘතිවල නිසි ඵල ලබාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද ඒ මහතා පැවසීය.


කරදියාන කසළ අංගනය කසළ මුදාහැරීමේ උපරිමයට පැමිණීම හේතුවෙන් එකී කසල අංගනයට පළාත් පාලන ආයතන හතක කසළ බැහැරලීම නවතා ඇති හෙයින් එම කසළ කෙරවලපිටිය ව්‍යාපෘතියට යැවීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ ඒ මහතා එකී පියවර ද මිශ්‍ර කසළ හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මඟ පාදා ඇති බවද පැවසීය.



අදහස් (2)

මිශ්‍ර කසළ අද සිට ගන්නේම නෑ

Nihal Friday, 22 January 2021 11:42 AM

පරිසරයට ආදරය නොකරන ජාතියකට... රටක් හරියන්නේ නැහැ.

:       2       20

wca Friday, 22 January 2021 06:40 PM

රු 100ක් එක්ක කුණුටික දෙන්නකෝ බලන්න අරන් යන්නේ නැද්ද කියලා...

:       3       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 27 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 7 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 641 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 3000 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 78 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1504 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1407 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site