IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මාසෙකට පසුත් සාලාව විසාලාවකි

වසර හතකට ඉහත නිමා වූ තිස් වියැති යුදධයේ රඟ දකුණටත් බලා ගන්නට මෙන්, සාලාව කොස්ගම පෙදෙසම දෙදරුම් කමින් ඇති වූ පිපිරීමට දැන් මාසයක් ගත වී හමාරය. තවමත් සාලාව කොස්ගම පෙදෙස සිහි ගන්වන්නේ දැවැන්ත යුද පිටියක ඉතිරි වූ නටබුන් ය. සාලාව යුද හමුදා කදවුර ද තවමත් දිස්වනුයේ පිපිරීමෙන් වූ විනාශ වී ගිය අයුරිනි. අවට සුණු විසුණු වූ නිවාස ද, ඒ අවට ඉදිවුණු කූඩාරම් ද , තවමත් හූල්ලන මිනිසුන් ද සාලාවේ සුලබ දසුන්ය.    “අපට රු.50,000 නිවාස කුලී දීමනාව ලැබුණා. ඒත් අපි වෙන කොහේ හරි ගේක කුලියට ගියොත් මේ ගේ හැදෙනවාද කියලාවත් බලන්නෙ කොහොම ද? අපි මෙතන හිටියොත් නේ අපිව පේන්නේ. ඒ නිසා කූඩාරමේ ම ඉන්නවා.“ එසේ පවසන්නේ සාලාව කදවුර පිටුපස රණවිරු ගම්මානයේ රාජිකා පෙරේරා මහත්මිය යි.

නිවාස කුලී දීමනාව ලැබුණු බොහෝ දෙනා තවමත් සිටින්නේ කූඩාරම් තුළය. ඔවුහු තම නිවාස සෑදෙන දිනක් ගැන ද ඒවා කෙලෙස සෑදේ දැයි කියා ද විමසිල්ලෙන් නිවාස අසලම තවමත් ඉතා අපහසුවෙන් වුව රැදී සිටිති.

“මේ දවස් වල මේ පැත්තෙ කුලියට ගෙවල් හොයන එකත් ලේසි වැඩක් නෙමෙයි. මාස හයක කුලිය එක පාර ඉල්ලනවා, ගණනුත් සෑහෙන වැඩියි දැන්. මිනිස්සු බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. වැටුණු මිනිහට තවත් රිද්දනවා.“ කේ. සුනිල් කියයි. සාලාව කදවුර ඉදිරිපිට වූ ඔහුගේ නිවස සම්පූර්ණයෙන් ම පාහේ විනාශයට පත්ව ඇත. මේ වන විට නිවාස 800ක වහලවල් සාදා නිමකර තවත් නිවාස 32ක වහලවල් හදමින් පවතින බවත් ඊට අමතරව වහලවල් සෑදීමට අවශ්‍යය කරන සමහර බිත්තිවල සිදුරු වැසීම් වැනි සුළු සුළු වැඩ කර තිබෙන බවත් එම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටින ආරාක්ෂක සේනා ආඥාපති(බටහිර) සුදන්ත රණසිංහ මහතා කීවේය.

තව ද ප්‍රජා ශාලා, ප්‍රදේශීය සමිති, සණස ගොඩනැගිල්ල, බැංකුව, කිරි එක් රැස් කරන මධ්‍යස්ථානය,ගොවිජන සේවා මධ්‍යස්ථානය,කොස්ගම රෝහල ඒ සියල්ලම අලුත්වැඩියා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. සම්පූර්ණයෙන් ම හානි වී ඇති නිවාස ඉදි කිරීම් ආරම්භ කළේ මීට දින කීපයකට ඉහත බවත් සමහර නිවාස වල ඉදි කිරීම් තවමත් ආරම්භ වී නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති. ඒ අතරම නිවාස වලට සුළු හානි සිදු වී තිබියදීත් නිවාස කුලී දීමනාව සමහර අය ලබා ගනිද් දී තම නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වුවද දීමනාව නොලැබුණ බවට ද තවත් පිරිසක් චොදනා නගති.

“මේ වන විට 401 දෙනකුට නිවාස කුලී දීමනාව වන රු.50,000 ලබා දී තිබෙනවා. තවත් 850 දෙනෙකුට එම දීමනාව ලබා දෙන්න ජුනි පස් වැනි දා කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. තව 150 දෙනෙකුට දෙන්න ලැයිස්තු හදලයි තියෙන්නේ. අනුමැතිය ලැබුණ ගමන් ඒවාට චෙක් ලියන්න පුළුවන්. ආපදා සහන සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් නිවාස වලට ගිහින් බලලා ඉතිරි නිවාස තෝරා ගැනීම සිදු කරනවා. නිවාස වලින් ගිහින් වෙන ප්‍රදේශ වල නෑදෑ ගෙවල් වල සිටි සමහර අය ඊයේ වෙද්දිත් ආපහු ආවා. නිලධාරීන් යද්දී කවුරුවත් හිටියෙ නැති ගෙවල් වල අය නැවත ඇවිත් ඉල්ලීම් කළාම දීමනාව ලබා දෙනවා.“ යැයි සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්. බණ්ඩාර මහතා කීවේය.

(ඡායාරූප - ඉඳුනිල් උස්ගොඩආරච්චි)

13588945_1157294821000303_958477883_o 13616407_1157293887667063_1780174375_o 13621569_1157293984333720_127820212_o 13621583_1157294134333705_924513736_o 13621700_1157293964333722_1420806874_o 13621730_1157293577667094_988518566_o 13633341_1157294111000374_1831232006_o 13639467_1157294214333697_1826986660_o 13639469_1157293664333752_229822792_o 13639614_1157294017667050_678537152_o 13647210_1157294897666962_370878712_o



අදහස් (0)

මාසෙකට පසුත් සාලාව විසාලාවකි

ගුණේ Saturday, 09 July 2016 07:51 PM

සුවසේ ජීවත්වූ පිරිසක් වගෙයි පෙනෙන්නේ. මොනවා කරන්නද දුක සැප නිති පෙරළෙනවා. (නි)

:       0       0

නිහාල් Sunday, 10 July 2016 01:24 AM

කවදද කැබිනට්ටුවේ අනුමැතිය ගන්නේ. කයිවාරු බයිලා කිය කියා ඉන්නේ නැතුව කඩිනමින් ගෙවල් ටික සාදා දියයුතුය. ජනාධිපතිවරයා මේ ගැන පුද්ගලිකව සොයාබැලිය යුතුය (නි)

:       0       0

මධුෂංක Sunday, 10 July 2016 07:20 AM

මේ තියෙන්නේ අපේ ආයතනයේ සේවය කරන කෙනෙක්ගේ නිවසක් අලුත් වැඩියාව සදහා තම වහලේ ගලෝල සුද්ද කරලා තියෙන්නේ මේ නිවසේ වැඩ දැන් කරගෙන යනවා හමුදා සහෝදරවරු මේ දේ කියන්නම් ගොඩක් අයගේ නිවාස දැන් හදල ඉවරයි එ්ත් දැන් එයාලා රුපියල් 50000 ඉල්ලලා අරගල කරනවා එ්ක කැත වැඩක්.. (බ)

:       0       0

අනුර Saturday, 09 July 2016 08:28 AM

මොනවා නැති උනත් අර පුංචි දරුවාගේ නිවස හදා දෙන්න පළමුව. (ර)

:       0       0

අමිල Saturday, 09 July 2016 08:32 AM

පව් අහිංසක මිනිස්සු. (ර)

:       0       0

අනුර Saturday, 09 July 2016 08:36 AM

මේවා ගැන සොයා බලන්න ඇමති ගොල්ලන්ට ෆොර්වීල් අධි සුකෝප බෝගී වාහන ඕඩර් කරලා තියෙන්නේ ආව ගමන් ඇවිත් බලාවි. (ර)

:       0       0

සිරිවර්ධන Saturday, 09 July 2016 08:51 AM

දුර්වල පාලනයන් නිසා අහිංසකයන් හැමදාම දුක් විඳිනවා. වගකීමක් ගන්න බැරි අයට බලය දෙන්න එපා. (ර)

:       0       0

බුද්ධික ප්‍රියදර්ශන Saturday, 09 July 2016 12:39 PM

ටීවී එකෙන් නම් ආණ්ඩුව කතා කරන්නේ තිබුනට වඩා හොදට සුරපුරයක් වගේ හැදුවා කියලයි. (හේ)

:       0       0

ශාන් Saturday, 09 July 2016 12:54 PM

පරම සත්‍ය මෙයයි ,යුද අවි උතුරේ පිපුරුවත් ,දකුණේ පිපුරුවත් අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු ,(හේ)

:       0       0

සේනක Saturday, 09 July 2016 01:09 PM

කලින් කිව්වනේ මේ පැත්තේ ගෙවල් හදලා ඉවරයි කියලා.(හේ)

:       0       0

පෙරේරා Saturday, 09 July 2016 01:36 PM

බයිලාත් ඇහුවා. යහපාලනයේ බයිලා තරම් ඇහුවේ නැහැ ජීවිතේටම. (නි)

:       0       0

ඩිලාන් Saturday, 09 July 2016 01:39 PM

රටේ ජනාධිපති අාවද මේවා බලන්න. මිනිස්සු මුළු ජිවිත කාලෙම හම්බ කරගත් ධනය. ලොක්කෝ නම් හොරාකාලා, වන විනාශ කරමින්, නොයෙක් අාකාරයේ හොර වැඩ කරමින් සල්ලි හම්බ කරගන්නවා. ඇත්තටම රට ගැන ලැජ්ජයි. තව සුඛෝපභෝගී රථ ගෙනාවා. (නි)

:       0       0

දයා Saturday, 09 July 2016 01:46 PM

ඔය සාලාවේ ඉඩම් කෑල්ලටත් කිහිප දෙනෙක් ඇහැගහගෙන ඇති. නියම පාලකයෝ නම් හැමදෙයක්ම නවත්වලා මේ දේට පිළිසරණක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

අචිරා Saturday, 09 July 2016 02:41 PM

මමත් මේ ගමේ කෙනෙක්. මෙහි ගොඩක් ගෙවල් හදලා. හමුදාවේ සහෝදරවරු දිවා රෑ නොබලා මහන්සි වී වැඩකරනවා (නි)

:       0       0

රජින්ද Saturday, 09 July 2016 03:33 PM

මේ මිනිසුන්ගේ ජීවිත පව්. මොනතරම් දුක් මහන්සි වෙන්න ඇද්ද මේ ගෙවල් දොරවල් හදා ගන්න. රජයේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුපවත් ගෙවාගන්න බැරි වත්මන් පාලකයින් මේ මිනිසුන්ගේ ගැටළු කොහොම විසඳයිද. හැමදේම අවුල්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සාලිය Saturday, 09 July 2016 04:08 PM

සමහරු හිතන්නේ යුද්ධය තිබුනේ උතුරේ විතරයි කියලා. දකුණේ මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා කියලා අලුත් මතයක් ගෙනියනවා. මහා බැංකුව, කටුනායක, කොළොන්නාව, දෙහිවල තියෙන්නේ උතුරේ නෙමෙයි. අපිත් 30 අවුරුද්දක් තිස්සේ හොඳට බැට කෑවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1360 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 828 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2093 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 711 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1772 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site