(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය.
එලෙස අත් අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.සිද්ධියට සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.
වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයක නැගී රුසියානු - යුක්රේන දේශ සීමාවට පළා යාමට උත්සාහ කර ඇති බවත් ඔවුන්ට යුක්රේනයේ ආධාරකරුවන් සිට ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.වෙඩි තැබූ සැකකරුවන් සිව් දෙනා යුක්රේන දේශ සීමාව ආසන්නයේදී අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් මොස්කව් නගරය වෙත රැගෙන ඒමට කටයුතු කරන බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.
ප්‍රහාරය ඉතාමත් සැලසුම් සහගතව කර ඇති බවත් ප්‍රහාරයට භාවිත කළ ආයුද රඟහලේ සඟවා තබා ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.
මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වෙඩි තැබීම නිසා සිදුවූ තුවාල සහ විෂ දුම ආග්‍රහණය වීමෙන් 143 දෙනා මියගොස් ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.සිද්ධියෙන් 121 දෙනෙකු තුවාල ලැබූ අතර තවත් 107 දෙනකුට විෂ දුම ආග්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය.
ක්‍රොකස් නගර සභා රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී කඩා වැදුණු තුවක්කුකරුවන් අහඹු ලෙස නැරඹීමට පැමිණි අයට වෙඩි තැබුවේය.වෙඩි තබා රඟහලට ගිනි තැබීමෙන් පසුව තුවක්කු කරුවෝ පළා ගියහ.
අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම් බාර ගත්තත් සිද්ධියට වගකිව යුතු සියල්ලන් සොයා පුළුල් විමර්ශනයක් සිදු කරන බවද ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොස්කව් ප්‍රහාරය අයි.එස් බාරගනී
Rosa Sunday, 24 March 2024 12:07 AM
මේ ISIS සංහතියම විනාසම කරලා දාන්න ඕනේ... ලෝකේ කොතැනද ප්‍රශ්නයක් තියෙන්නේ, ඒකට මේ පාර අරාබියෙක් සම්බන්ධ ඇති...!
anura Sunday, 24 March 2024 10:12 AM
අයි එස් කන්න බොන්න කැමැති කොච්චි මිරිස්ද? බොන්න ආසා රාජ අම්ලයද?