IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මස්කෙළි කොල්ලෝ සිංහ පාදය වනසති

සීගීරිය නැරඹීට ගිය මස්කෙළි සිසුන් පිරිසක් සිංහ පාදයේ අකුරු ලියා වනසා ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.

සිකුරාදා සවස පහට පමණ මේ සිද්ධිය සිදුවිය. එම අවස්ථාවේ සීගිරි සිංහ පාදය අසල ආරක්ෂාවට කිසිදු ආරක්ෂකයෙක් යොදවා සිට නැත.

සීගිරිය නරඹා සීගිරි භූමියෙන් පිටව යමින් සිටි එම පාසල් සිසුන්ගෙන් තිදෙනෙක් සීගිරි ආරක්ෂකයන් විසින් අල්ලා ගත්හ. පසුව එම ස්ථානයට පොලීසිය කැඳැවීය.

සීගිරි සිංහ පාදයේ අකුරු ලියා ඇති අයුරු සහ පොලීසිය පැමිණ විමර්ශන සිදු කරන අයුතු ඡායාරූප ගත කළ ‘ලංකාදීප‘ සහ ‘අද‘ පුවත්පත්හි මාධ්‍යවේදීනට එම සිසුන් සමග පැමිණි ගුරුවරුන්ගෙන් හා පොලීසියෙන් බාධා සිදුවිය.

තමන් මාධ්‍යවේදීන්යැයි හැඳුණුම්පත් පෙන්වද්දී පවා එම ඡායාරූප මකා දමන ලෙසට ඔවුහු බල පෑම් කළත් ඒවා මකා දැමීමට නොහැකි විය.

පස්වරු 7.30ට පමණ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් සිසුහු පොලිස් ජීප් රියට නංවාගෙන පොලීසියට රැගෙන ගියහ.

සීගිරිය නැරඹීමට පැමිණි අයකු පැවසුවේ පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයකට සිසුන් රැගෙන යද්දී ඒවායේ වටිනාකම සහ එවැනි ස්ථානවල හැසිරිය යතු අන්දම කියා දිය යුතු බවයි.

දැනගන්නට ඇති පරිදි කලක පටන් සීගිරි සිංහපාදය අසළ රාජකාරි සඳහා ආරක්ෂකයෙක් යොදවා තිබී නැත.

(ග.හෙ)

 

 

 

 

 



අදහස් (0)

මස්කෙළි කොල්ලෝ සිංහ පාදය වනසති

කාන්ති Sunday, 17 March 2013 03:08 AM

ලෝක උරුමයක් තමයි ඔය විනාශ කලේ, (දී)

:       0       0

රංග Saturday, 16 March 2013 12:17 PM

දඩුවම් දෙන්න (දී)

:       0       0

තිලක් Sunday, 17 March 2013 04:28 AM

මෙහෙම අයට සිසුන් නෙමෙයි කියන්න තියෙන්නේ. (නි)

:       0       0

වරාවිට Sunday, 17 March 2013 01:34 PM

ළමයින්ට නෙමේ ගුරුවරුන්ටයි දඩුවම් කරන්න ඕන. (නදී)

:       0       0

හේරත් Saturday, 16 March 2013 12:35 PM

මේවා සෙල්ලම් නෙමෙයි ළමයිනේ , කාලයක් ගියහම කියයි මේක දෙමළ රජ කෙනෙක කරවපු දෙයක්ය , මේ තියෙන්නේ එයා ලිපපු දේවල්ය කියලාත් (ස)

:       0       0

මුස්තාක් Monday, 18 March 2013 01:06 PM

එයාලා එයාලගේ නම ලියලා තියෙන්නේ, මම හිතන්නේ. (නි)

:       0       0

චානු Saturday, 16 March 2013 12:39 PM

ආරක්ෂකයින් නිදි ද? ලක්ෂ ගණනින් සීගිරිය නැරඹීමට විදෙස් සංචාරකයන් දිනපතා පැමිණෙනවා. මේ අපේ ලෝක උරුමය රැක ගත යුතුයි.මේ වගේ අය තමා පස්සේ කාලෙක අපේ උරුමයන් විනාශ කරන්නේ. නීතිය වහා ක්‍රියාත්මක කළ යුතුයි. (ස)

:       0       0

රෝහණ Sunday, 17 March 2013 02:08 PM

ළමා කාලයදී හිතාමතා අපේ උරුමයන් විනාස කරනවානම් අනාගතයේ කුමක් වේවිද ?(නදී)

:       0       0

අතුල Saturday, 16 March 2013 12:38 PM

මේ සිද්දියට අපි දඩුවම් දෙන්න ඕනේ නැහැ, ස්වභාව ධර්මයම දඩුවම් දෙයි (දී)

:       0       0

අමිල Saturday, 16 March 2013 06:28 PM

සිගිරිය පරිස්සම් කර ගන්න ඕනේ (දී)

:       0       0

නවින් Saturday, 23 March 2013 09:18 PM

දැන්වත් උගන්නන්න අපේ උරුමය ගැන (දී)

:       0       0

සුජිත් Saturday, 16 March 2013 12:48 PM

රියැලිටි ශෝ... (ස)

:       0       0

යාමොල් Sunday, 17 March 2013 07:17 AM

රට, ජාතිය ගැන හැඟීමක් නැති අය. දුකයි. (නි)

:       0       0

අරවින්ද Monday, 18 March 2013 08:59 AM

ඔය ගිය කොල්ලෝ ටිකට කියන්න වචන මගේ කටට එනවා. කියගන්න බැහැ.(නදී)

:       0       0

සාමා Saturday, 16 March 2013 12:56 PM

සිංහල මිනිස්සු මේ දවස්වල කරන කියන දේවල්වල හැටියට අනාගතේදි මීට වඩා දේවල් වෙන්න ඉඩ තියෙනවා. එක යුද්දයක් ඉවර වුණා විතරයි. බෞද්ධ යැයි කියාගන්නා සමහර සිංහල කොටස් දිගින් දිගටම වෛරය වපුරන හැටියට ඊළඟ යුද්දේ අත ලඟයි. (ස)

:       0       0

රියාස් Monday, 18 March 2013 01:38 PM

හුගක් අය හිතාගෙන ඉන්නේ සීගිරිය කියන්නේ සිංහලයන්ගේ පමණක් උරුමයක් කියලයි (නි)

:       0       0

ඉන්දිකා බහරේන් Saturday, 16 March 2013 01:00 PM

එක තමයි දැන් කාලය තරුණ ළමින්ට ඉතිහාසය සහ අපේකම් පිළිබඳව තියෙන දැනුම සහ ඉතිහාස සහ අපේ කම උගන්වන්න ඕනේ. මේ අය රටේ අනාගතය බාරගෙන ලංකාවට මොනවා කරයිද ? (අ)

:       0       0

හරීන් Sunday, 17 March 2013 07:46 AM

දැන් කාලේ හැදෙන ළමයි ඔහොම්මම තමයි. (නි)

:       0       0

අනුර Saturday, 16 March 2013 07:01 PM

ළමයි දන්නේ නැහැ මේවයේ තියෙන වටිනා කම (දී)

:       0       0

හර්ෂණ Sunday, 17 March 2013 07:49 AM

අල්ලලා දාන්න, කොල්ලෝ ඔහොමතමයි (දී)

:       0       0

චරිත් Monday, 18 March 2013 09:05 AM

දෑන් ඉන්න අය කොහෙද මේවායේ අගයක් දන්නේ. ලමයි අම්මලා අප්පලා ගුරුවරු ඔක්කොම ඉන්නේ මනෝ ලෝකේ. දන්නේ ෆේස් බුක් යන්නයි එස් එම් එස් ගහන්නයි විතරයි. මේවට වග කියන්න ඕන ඔතන බාරව ඉන්න නිලදාරීන්. අනේ මෙහෙමත් කාලයක්.(නදී)

:       0       0

සරත් Sunday, 17 March 2013 02:56 PM

මට තියෙන කේන්තිය නම් (දී)

:       0       0

මොහොමඩ් - බේරුවල Saturday, 16 March 2013 01:29 PM

සුදා, මලර්,දර්ශන්, ටෙරන්ස්, උසස් පෙළ 2013 ආදිය දෙමළෙන් ලියා ඇත. - කලබල වීමට තරම් දෙයක් මෙහි ලියා නොමැත. එහෙත් මෙමගින් යම් හානියක් සිදුව ඇති බව පෙනේ. අවලස්සන කර ඇති බව ද නොකියම බැහැ.. වගකිව යුත්තන්ගේ නොසැලකිල්ලෙන් හා අසීලාචාර සිසුන් විසින් නොදැනුවත් කමින් කළ එකක් බව පෙනේ... (ස)

:       0       0

ජීනා Thursday, 21 March 2013 12:13 PM

මේවා ගැන අපව දැනුවත් කිරීම ගැන ස්තූතියි! (නි)

:       0       0

ගයාන් Monday, 18 March 2013 09:22 AM

මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 16 March 2013 01:35 PM

මට තියෙන කෙන්තිය නම් වචන වලින් කියන්න බැහැ (දී)

:       0       0

සුබසිංහ Sunday, 17 March 2013 08:36 AM

ළමයින්ට බැණලා වැඩක් නැහැ. එහි සේවය කරන්නන් මෙහි වගකීම ගතයුතුයි. (නි)

:       0       0

ශාන් Saturday, 16 March 2013 01:58 PM

මොකද්ද මේ අයට දෙන දඩුවම (දී)

:       0       0

පාලිත Sunday, 17 March 2013 09:13 AM

මේවයේ තියෙන වටිනාකම නොදැනද මෙහෙම කලේ (දී)

:       0       0

කොතලාවල Sunday, 17 March 2013 09:08 AM

කේන්තිය වැඩි නිසා මම මොකුත් නොකියමි (දී)

:       0       0

ධනංජය Saturday, 16 March 2013 08:35 PM

ඕක මේ කොලු කමට කල වැඩක් නේ මෙතන නිකන් බොරුවට කලබල වෙන්න එපා. අපිට ජාතික වගකීමක් තියෙනවා නේද ඊට වඩා? මම හිතන්නේ අපි ජාති, පක්ෂ ආගම් භේද නැතුව රටේ දියුණුව ගැන වැඩිපුර හිතන්න ඕන කාලයක් මේක. දුප්පත්කම ජාති තුනටම උරුමයි නේද? නිලධාරීවාදය අපි හැමෝටම එකයි නේද? ඇයි අපි මේවා ගැන සමගියෙන් සාකච්ඡා කරන්නේ නැතුව එසේ කිරීමට ඇති සෑම පහසුකමක්ම යොදාගෙන එකිනෙකාට බැනගන්නේ? (අ)

:       0       0

ලංකා Saturday, 16 March 2013 02:22 PM

මොහොමඩ් ඔබට ස්තුතියි (අ)

:       0       0

සුරේෂ් Sunday, 17 March 2013 09:27 AM

ලංකාවේ පුරා විද්‍යා වටිනාකම නොදන්නා එක තමයි මේකට හේතුව (දී)

:       0       0

විජිත Saturday, 16 March 2013 02:25 PM

කැටපත් පවුර දැකලා ලියන්න හිතෙන්න ඇති.... (ස)

:       0       0

කුමාර Sunday, 17 March 2013 03:50 PM

අපිනම් කැමති නැහැ මේ වෙන වැඩ වලට (දී)

:       0       0

සෙනෙවිරත්න බණ්ඩාර Saturday, 16 March 2013 02:20 PM

මේ ගුරුවරු මේවා නොදන්නවා නොවෙයි. (අ)

:       0       0

දේශාන් Saturday, 16 March 2013 08:41 PM

ළමයි නොවෙයි වග කියන්න ඕනේ වැඩිහිටියෝ (දී)

:       0       0

රමිල Saturday, 16 March 2013 09:04 AM

මේ ‍අයට දඩුවම් දෙන්න ඕනි අනිත් අයට දැනෙන්න (ස)

:       0       0

අශාන් Saturday, 16 March 2013 08:56 PM

මෙහෙමත් ළමයි

:       0       0

චමින්ද Saturday, 16 March 2013 09:12 AM

මෙයාලා හදන්නේ අපේ උරුමයන් විනාස කරන්න (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 16 March 2013 09:12 AM

පෙනෙන සාක්ෂි අනුව මෙය ජාතිවාදී ක්‍රියාවක් බව පැහැදිලියි. (නි)

:       0       0

උෂාන් Sunday, 17 March 2013 10:19 AM

දන්නවාද මේකේ තියෙන වැදගත්කම (දී)

:       0       0

සුමනා ප්‍රේමසිරි Saturday, 16 March 2013 09:15 AM

1970 දී අප්සරාවන්ගේ චිත්‍රවල තාර ගැවෙත් මෙයාලගේ කට්ටිය තමයි (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 16 March 2013 09:25 AM

මස්කෙළියෙන් ගිය කොල්ලෝ මෙච්චර කෙළියක් කරද්දී මුන් එක්ක ගිය ගුරුවරු මොකක් කළාද බොලවු? (නි)

:       0       0

සෑම් Saturday, 16 March 2013 02:53 PM

මොහොමඩ් ඔබට බොහොම ස්තුතියි, පරිවර්තනයට. යන එන තැන නම්,ගම් ලියන පුරුද්දට සිංහල දෙමළ මුස්ලිම් භේදයක් නෑ. ලංකාවේ සමහරුන්ට තියෙන අමාරුවක් නේ ඕක. මෙතන ජාතිවාදය වපුරන්නේ නැතිව මෙතන ඇති ඇත්තම ප්‍රශ්නය ගැන සෙව්වොත් නේද හොඳ? (ස)

:       0       0

මාලිනි Sunday, 17 March 2013 10:35 AM

මොනවාද ඒ ලියලා තියෙන්නේ (දී)

:       0       0

සුමිත් Saturday, 16 March 2013 09:20 AM

මේවා කරනකම් ගුරුවරු උඩබලාගෙනද හිටියේ , මෙයාලට රජකාලේ දඩුවම් දෙන්න ඕනි (ස)

:       0       0

රංජිත් Saturday, 16 March 2013 02:55 PM

මේක අපේ අධ්‍යාපනයේ වැරැද්ද, මුස්ලිම් ළමයින්ට දෙමළ ළමයින්ට අපේ සංස්කෘතික උරුමයන් කියලා මේවා උගන්වන්නේ නැහැ ඔවුන් සිතන්නේ මේවා සිංහලුන්ගේ සංස්කෘතික උරුමයන් කියලා ,දේශපලකයන් මේ ගැන තැකිමක් නොකරොත් අපේ අනාගත පරම්පාරවට දකින්න වෙන්නේ මේවගේ කුරුටුගෑ ඒවා විතරයි. (ස)

:       0       0

මොහොමඩ් Sunday, 17 March 2013 10:41 AM

මොකද ඒ ලමයි ඒ වගේ වැඩක් කලේ , නොදැනුවත් කමටද, එහෙමත් නැතිනම් වෙන මොකක් හරි හේතුවක්ද (දී)

:       0       0

සදුන් Saturday, 16 March 2013 03:04 PM

අපේ දේ ගැන තැකීමක් නැති කම තමයි (දී)

:       0       0

ප්‍රදීප් Saturday, 16 March 2013 09:11 PM

ගිය තැන ඉවරයි.(නදී)

:       0       0

ලෝචන Saturday, 16 March 2013 02:58 PM

කුමුදු, කාවද ඔය පන්නන්න කතා කරන්නේ? බලංගොඩ මානවයාගෙන් කෙලින්ම පැවතගෙන එන කෙනෙක් ඔබටත් යන්න කිව්වොත් ඔබත් යනවද? මේක අපි ඔක්කොගෙම රට. අපි එකතුවෙලා රටට හොඳ දෙයක් තමයි කරන්න ඕන. භේද ඇති කරන්නෙ නැතිව. (ස)

:       0       0

සරා Saturday, 16 March 2013 09:12 PM

රට, ජාතිය ගැන හැඟීමක් නැති අය. මැචි එකක් බැළුවත් සපෝට් කරන්නේ ඉන්දියාවටනේ. මේවට රජ කාලෙ දඬුවම් දිය යුතුයි.(නදී)

:       0       0

යසිත Saturday, 16 March 2013 09:31 AM

සිසුන්ට වගේම ගුරුවරුන්ටත් උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 March 2013 12:50 PM

දැන්වත් මේක වටිනාකම තේරුම් කරලා දෙන්න (දී)

:       0       0

රුවන් Saturday, 16 March 2013 03:06 PM

වයස බලන්න එපා දඩුවම් කරන්න (දී)

:       0       0

සෑම් Saturday, 16 March 2013 09:28 AM

ඇගපත හැදුනට මේ ළමයින්ගේ මොළ හැදිලා නැහැ වගෙයි. (නි)

:       0       0

රංග Saturday, 16 March 2013 03:10 PM

කොල්ලෝ ඔහොමතමයි කියල විතරක් අහු වෙන්න එපා (දී)

:       0       0

සමරේ Tuesday, 19 March 2013 01:01 PM

මහා ලෝක අපරාධයක්, මේකේ වටිනා කම නොදන්නා විදේශිකයෝ ඇවිත් පරිස්සම් කරනවා. ලංකාවේ ළමයින්ට බැහැ මේක පරිස්සම් කර ගන්න (දී)

:       0       0

සමන් Tuesday, 19 March 2013 12:55 PM

ළමයින්ටම දොස් කියල හරියන්නේ නැහැ (දී)

:       0       0

ඉනෝකා Saturday, 16 March 2013 09:31 AM

අද කාලේ ළමයින්ට ඉතිහාසය පෙන්නන්න කලින් ඒවායේ වටිනාකම හරියට කියලා දෙන්න ඕනෑ. (නි)

:       0       0

සුගත් Monday, 18 March 2013 03:12 PM

සීගිරිය කාගේ උරුමයක්ද එතකොට? (නි)

:       0       0

තාරක Saturday, 16 March 2013 09:34 AM

කියන්න වචන නෑ (ස)

:       0       0

ඉෂාර Saturday, 16 March 2013 09:39 AM

තව හුරතල් කරන්නකෝ . ගුරුවරුන්වත් මොවුන්ව වලක්වලා නැති බව හිතේ තියා ගන්න (ස)

:       0       0

දිසානායක Saturday, 16 March 2013 03:24 PM

ඇත්ත මොහොමඩ් ඔබ හරි කොතන හරි වැරැද්දක් තියෙනවා (අ)

:       0       0

අනුර Saturday, 16 March 2013 09:36 AM

මේ ළමයි සමග පැමිණි අය ගුරුවරුද ? නැත්නම්............ (ස)

:       0       0

සුරාජ් Sunday, 17 March 2013 11:32 AM

සීගිරිය ගැන දන්නේ නැති අයට මොකට මේ වගේ ඓතිහාසික ස්ථාන බලන් යන්න දෙනවද මන්දා ? (ස)

:       0       0

ආනන්ද Saturday, 16 March 2013 10:50 PM

ගුරුවරු, ආරක්ෂකයෝ කොහෙද හිටියේ මේ පය භාගයක් විතර යනකල් (දී)

:       0       0

හේමසර හිමි Saturday, 16 March 2013 09:45 AM

කොල්ලන්ගේ හැටි ඔහොම තමයි වුණත් මේවා අපේ ජාතික උරුම. (නි)

:       0       0

සමන්ත Saturday, 16 March 2013 09:50 AM

සමහරවිට මෙතන සිංහලයට අයිති නැති තැනක් කියන්න වෙන්න ඇති මෙහෙම කලේ (ස)

:       0       0

තිස්ස Thursday, 21 March 2013 10:09 PM

නොදන්නා කමද ඇත්තට (දී)

:       0       0

චින්තන Saturday, 16 March 2013 09:51 AM

ඇයි මේ දෙමළ ළමයිම මෙහෙම දෙයක් කළේ? (නි)

:       0       0

සරත් Saturday, 16 March 2013 09:53 AM

මේවට වගකියන්න ඕනි සීගිරිය පාලනය කරන අයයි (ස)

:       0       0

දිලාන් Sunday, 17 March 2013 11:47 AM

අහල පහලවත් කවුරුත් හිටියේ නැද්ද, නවත්වන්න (දී)

:       0       0

සජිත් බණ්ඩාර Friday, 11 October 2013 04:18 PM

රජය මීට වඩා මේවා ගැන හොයලා බලනවා නම් මේ වගේ සිදුවීම් වලක්වා ගන්න පුළුවන්. (ස)

:       0       0

දුමින්ද Saturday, 16 March 2013 09:51 AM

අද කාලේ ගුරුවරුන්ටත් ඉතිහාසය ගැන හරිහමන් දැනුමක් නැහැනේ. (නි)

:       0       0

කටුවන Saturday, 16 March 2013 09:58 AM

මේ ගැන සුළුවෙන් හිතන්න එපා. අපේ උරුමය විනාස කරන විශාල කුමන්තුණයක පොඩි ආරම්භයක් වෙන්න පුළුවන් (ස)

:       0       0

තාරුක Sunday, 17 March 2013 11:51 AM

සමාව දෙන්න එපා මොවුන්ට (දී)

:       0       0

හිල්ම් Saturday, 16 March 2013 11:07 PM

මොකද ඒ ළමයි දන්නේ නැද්ද මේවායේ තියෙන වැදගත් කම (දී)

:       0       0

සුනිල් Saturday, 16 March 2013 10:08 AM

ෂික් , ගිය තැන කැත කරනවා. (ස)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 03:59 PM

කොලු කමට කරපු දෙයක් ජාතිවාදයට හරවා ගන්න උත්සහා කරන් එපා. (අ)

:       0       0

ශාන්ති Sunday, 17 March 2013 05:38 PM

සිංහ පාදය කියන්නේ ලෝක උරුමයක් (දී)

:       0       0

නිශ්ශංක Saturday, 16 March 2013 10:11 AM

මස්කෙළියේ ළමයි විතරද දැන් ඕවා මෙච්චර කාලෙකට කුරුටු ගාලා තියෙන්නේ? (නි)

:       0       0

ජයා Sunday, 17 March 2013 05:46 PM

වයස බලන්න එපා. දඩුවම් කරන්න. (නි)

:       0       0

තිසල් Saturday, 16 March 2013 10:10 AM

මම කියන්න ගිය අදහස මෙතන ලියන්න බැරි නිසා අන්තිමේ නොකියා සිටින්නට තීරණය කළා. (නි)

:       0       0

අමාන් Saturday, 23 March 2013 06:42 AM

ලංකාවේ පුද්ගලයින් ට පොදු දේපල සුරැකීම පිළිබඳ ප්‍රායෝගික පුරුද්දක් නැහැ. මෙතන ජාති භේදයක් ඇති කරන්ඩ හදපු දෙයක් නෙමෙයි. සිංහල, දෙමළ මුස්ලිම් කොයිකවුරුත් ඕන තරම් පොදු ස්ථාන වල, මෙවැනි දේවල් කරලා තියෙනවා. ගහක් ගලක් පෙන්නන්ඩ බෑ ලියනවා. ඡන්දෙ කාලෙට දේශපාලනඥයින් මේ වගේ වැඩ කරනවා. එතනින් පෙනෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාව. විදෙස් රටවල නම් මේ වගේ පෞරාණික ‍ඓතිහාසික ස්ථාන නරඹන්ඩ පුළුවන්. ඒත් ලංවෙන්ඩ බැහැ. එවැනි ක්‍රමයක් ඇති අපේ නැහැ. ඕන කෙනෙකුට මෙම ස්ථාන අතගාල ඕන දෙයක් කරන්ඩ පුළුවන්. මෙතන වැරැද්ද ළමයි ගේ නෙමේ. මේවාට ළං නොවෙන්ඩ නොහැකි ලෙස ආරක්ෂාවක් යොදලා නැති එක. ගොඩක් අය බලන්නේ ජාතිවාදයක් මෙතුළින් මතු කරන්ඩ. අපි බෙදුනොත් කිසි දවසක මේ රට ගොඩගන්ඩ බෑ. මේ වගේ තැනක වැරැද්ද නිසි ආරක්ෂක වැඩපිළිවලක් නැති එක මිසක් ජාතිවාදයෙක් කළ දෙයක් නෙමෙයි.(නදී)

:       0       0

තිලංක Saturday, 16 March 2013 04:12 PM

"කොල්ලෝ" ලෙස හැදින්විය යුත්තේ නියම කොල්ලන් මිස මෙවැනි අයට නොවේ. (ස)

:       0       0

සඳුනි Saturday, 16 March 2013 04:14 PM

මෙය සාධාරණීකරණය කරන්නට තැත් කරන්නෝ අපේ ඉතිහාසය නොදන්නෝය (ස)

:       0       0

සම්පත් Monday, 18 March 2013 11:51 AM

මොකද ළමයින්ට මේවයේ තියෙන වැදගත් කම කියා දෙන්නේ නැද්ද (දී)

:       0       0

සිල්වා Saturday, 16 March 2013 04:15 PM

උල තියන්න ඕනි මේ අක්‍රමිකතා හෙලිකළ මාධ්‍ය වාර්තාකරුවන්ටද? නැත්නම් වැරදිකාර නිලධාරීන්ද ? (ස)

:       0       0

ලාල් Saturday, 16 March 2013 04:10 PM

අපේ දේ රෑක ගන්න අපි දන ගන්න ඕනේ (දී)

:       0       0

සුභා Saturday, 16 March 2013 04:21 PM

ළමයින්ට හොදට අපේ දේ ගැන කියලා දීලා තියෙනවා (දී)

:       0       0

අතුල Sunday, 17 March 2013 05:54 PM

ළමයි බලන්නේ ඒ වෙලේ සතුට විතරයි (දී)

:       0       0

රාජු Saturday, 16 March 2013 10:24 AM

මෙම සිසුන් ලියලා තියෙන්නෙ මොනවද කියලා කාටහරි කියන්න පුළුවන්ද? මට පේන්නෙ දෙමළ භාෂාව වගෙයි. (නි)

:       0       0

හේරත් Saturday, 16 March 2013 10:30 AM

මේක නම් හිතලා මතලාම කරපු වැඩක්. (නි)

:       0       0

රත්නායක Saturday, 16 March 2013 10:30 AM

මේ නම් කොල්ලෝ නෙමෙයි. මට හිතන එන එක මෙතන කියන්න බැහැ. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 17 March 2013 12:24 AM

අද අප රට තුළ වැදගත්කමෙන් යුතුව ජාතික හැගීම දෙස බලන අය අල්පය. සමහර වැඩිහිටියන් කියාගන්නා වු, සිංහලයන් කියාගන්නා වු පුද්ගලයන් බුදුන් වහන්සේගේ පිළිම කඩමින් නිදන් හාරද්දී සංඝයා වහන්සේලා ඝාතනය කරද්දී සමහරක් ඇත්තන් සංඝයා වහන්සේලා නමින් පෙනීසිටිමින් දුෂණය භීෂණය රටතුළ වපුරද්දී අද රටේ කුඩා දරුවන්ද ඒවා අනුකරණය කිරීම පුදුමයට කරුණක් නොවනු ඇත. (නි)

:       0       0

චන්දන Saturday, 16 March 2013 04:34 PM

මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

කොස්වත්ත Saturday, 16 March 2013 10:38 AM

දඩුවම් දෙන්න ඕනෑ ආරක්ෂක නිළධාරීන්ටත් එක්කමයි. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 16 March 2013 04:46 PM

මෙයට එකම විසදුම නම් මේ ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත්කිරීමයි. ලංකාවේ පවතින පෞරානික නටඹුන් ඇති ප්‍රදේශ තහනම් කලාපයන් බවට පත්කළ යුතුය. පෞරාණික නටඹුන් ආරක්ෂා කිරීම සදහා වෙනමම පෞරාණික ඇමතිවරයකුද පත් කිරීමට දැන් කාලය එලඔ ඇත. (නි)

:       0       0

දිල්කි Saturday, 16 March 2013 10:45 AM

කරුණාකරලා මෙවැනි දේට ඉක්මණින් නිසි පියවර ගන්න. (නි)

:       0       0

දිල්ශාන් Saturday, 16 March 2013 04:44 PM

නැවත ප්‍රතිසන්ස්කරණය කරන්න බැරි වෙන්නම වැඩේ කරලා (දී)

:       0       0

ප්‍රියා Wednesday, 20 March 2013 09:08 AM

මේ යට මතක හිටින්න දඩුවමක් දෙන්න ඕනේ (දී)

:       0       0

ලතික දිල්ශාන් Saturday, 16 March 2013 04:47 PM

මේ අයත් එක්ක ගිය ගුරුවරුන්ට ඇස් තිබේ නැතුව ඇති නේද ? (ස)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 10:53 AM

ළමයි වැරදි නැහැ. මේවා බලාකියාගන්නා ආරක්ෂකයෝ තමයි මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

ජයන්ත Saturday, 16 March 2013 04:58 PM

පාලනය කරන්න මිනිස්සු නැද්ද මේවයේ

:       0       0

ශාන්ති Sunday, 17 March 2013 12:51 AM

මේ ළමයි මේ අපරාධය කරනා තුරු අවට මිනිසුන් ඇස් , කන් පියා සිටියේ මන්ද (දී)

:       0       0

නිමල් Saturday, 16 March 2013 11:13 AM

ඇස ගෙඩි වලට හෙණ ගහලද සිහළුන්නේ? (නි)

:       0       0

අමිතා Saturday, 16 March 2013 11:15 AM

අපි අපේ උරුමයන් රැකගැනීමට මිටවඩා උනන්දු වියයුතුයි. යමක් වුණාට පස්සේ දුක්වෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

චන්දන Sunday, 17 March 2013 12:55 AM

ළමයි කරන්නේ ගුරුවරු කියන දේ. (නි)

:       0       0

නිහාල් Saturday, 16 March 2013 11:17 AM

මෙම දමිළ අක්ෂර මකාදැමීම අනි‍වාර්යයෙන්ම කළ යුතුයි. (නි)

:       0       0

තාරක Saturday, 16 March 2013 11:13 AM

මේක නොදැනුවත්ව කළා කියලා කවුරුහරි කියනවා නම් ඒක බබා කතාවක්. ලංකාවේ ඉතිහාසය ලංකාවේ ජීවත්වන සෑම ජාතිකයෙකුම අනිවාර්යයෙන් ඉගෙන ගත යුතුයි. මෙහි වසන අන්‍ය ජාතිකයින් සිතා සිටින්නේ තමන් තාම ජීවත් වන්නේ තමන්ගේ පරම්පරාවේ මුල් රටේ කියලයි. නිවැරදිව ලංකා ඉතිහාසය මොවුන්ගේ හිත් තුළට දැමිය යුතුයි. මොවුන්ගේ පාසල්වල උගන්වන්නේ මොනවාද? මේ ගුරුවරු මොන වර්ගයේද? මේවා ආරක්ෂා කරන්න. ලංකාව කියන්නේ මොනවගේ ඉතිහාසයක් තියෙන රටක්ද කියලා මෙම යක්ෂ පැටවුන්ට කියලා දෙන්න. (නි)

:       0       0

අසංක Saturday, 16 March 2013 11:14 AM

අයියෝ ළමයිනේ අපේ දේ රක ගන්න ගුරුවරු වත් කියලා දීලා නැද්ද (දී)

:       0       0

ආනන්ද Saturday, 16 March 2013 11:14 AM

මේක අහස පොලොව නුහුලන අපරාධයක් (දී)

:       0       0

අරවින්ද Monday, 18 March 2013 12:20 PM

එපා කියන්නවත් මට කෙන්තියනවා (දී)

:       0       0

සංජිව Monday, 18 March 2013 08:06 PM

අපේ උරුමය නැති වෙන්න දෙන්න එපා,, මේවා සුළු කොට තකන්න එපා (දී)

:       0       0

විජිත Saturday, 16 March 2013 11:27 AM

උල තියන්න ඕන (ස)

:       0       0

හරින් Wednesday, 20 March 2013 09:30 AM

කතාකරලා වැඩක් නැහැ (දී)

:       0       0

රවින්ද්‍ර Sunday, 17 March 2013 12:54 PM

කොල්ලෝ ඔහොමතමයි (දී)

:       0       0

සම්පත් Saturday, 16 March 2013 11:33 AM

මේ කොල්ලෝ කොළුකමට කළ වැඩේට ජාතිවාදයක ගාවාගන්න එපා. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 16 March 2013 05:20 PM

මට ඉතින් කියන්න මොකුත් නැහැ. කේන්ති (දී)

:       0       0

පියසර Thursday, 21 March 2013 04:45 PM

අපේ කමේ වටිනා කම් නොදන්නා එක තමයි ඕකට හේතුව (දී)

:       0       0

දිසානායක Sunday, 17 March 2013 12:57 PM

දර්ශන්, මලර්, ටෙරන්ස්, සුද්දා 2013 ඒ.ලෙවල් මේ වගේ දේවල් ලියලා තියෙන්නේ. කලබල වෙන්න එපා. තරහට ලිවිව නම් නරක දේවල්නේ ලියන්නේ. නොදැනුවත්කමට ලිටපු දේවල්. කොළුකම තමයි මේ.(නදී)

:       0       0

මොනිස් Wednesday, 20 March 2013 08:22 PM

මොනවද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

සුනේත්‍රා Friday, 22 March 2013 01:32 PM

මමනම් කියන්නේ මෙ වගෙ ස්ථානවලට ඇතුළුවන දොරටු තුළ හා සෑම තැනකම සිංහල දමිල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දැන්වීම් පුවරු දමා තිබේනම් මැනවි.(නදී)

:       0       0

මුතුකුඩ Sunday, 17 March 2013 07:41 PM

ලංකාවේ පෞඪ ඉතිහාසයක් ඇති බව කවුරුත් නොදන්නවා නොවේ. නමුත් ප්‍රශ්ණය වී ඇත්තේ ඒ අයිතිහාසික පෞරාණිකත්වය ආරක්ෂා කර ගැනීමට තරම් පරමවිඥානය ඇති දේශීය මමත්වයක් ඇති උදවිය අද අප රටතුල ඉතා විරල වීමයි (නි)

:       0       0

ෆාරුක් Saturday, 16 March 2013 05:19 PM

ලෝක උරුමයක් (දී)

:       0       0

විමුක්ති රාජසිංහ Saturday, 16 March 2013 11:45 AM

මෙය පැහැදිලිව ම අප ගේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීමේ විජාතික උත්සාහයේ ප්‍රතිඵලයක්. මේ අයට අවශ්‍ය වී ඇත්තේ අපගේ උරුමයන් මේ රටින් අතුගා දමා මෙය එයාල‍ගේ නිජබිමක් බවට පත් කර ගැනීමටයි. (ස)

:       0       0

ධර්මවංශ Tuesday, 19 March 2013 09:35 PM

මෙහෙමත් කොල්ලෝ? (නි)

:       0       0

නාමල් Saturday, 16 March 2013 11:55 AM

මේ ළමයින්ට දඩුවම් දෙන්න ඕනි (ස)

:       0       0

කුසුම් ජයසේකර Thursday, 21 March 2013 05:07 PM

මේ ළමයින්ට මේ දේවල් වල පුරා විද්‍යාත්මක වටිනාකම කියලා නොදුන්න එකේ වරද තමයි මේ. (නි)

:       0       0

කමල් Saturday, 16 March 2013 05:38 PM

මේවාට නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)

:       0       0

රෝහිත Sunday, 17 March 2013 02:58 AM

මෙහෙම දේවල් දැක්කහම හරිම දුකයි. අපි අපේ උරුමය රැකගන්න උපරි‍මයෙන් වැඩ කරමු. (නි)

:       0       0

උදය Saturday, 16 March 2013 12:05 PM

සම්පත්, කොලුකම කියලා ‍‍සුනඛ වැඩ කරන්න ඉඩ දෙන්න බෑ . කස පහර දෙන්න ඕන (ස)

:       0       0

හනිස් Sunday, 17 March 2013 01:20 PM

මොනවා කරලා මදිද මේ අයට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 63 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 50 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 207 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 506 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1098 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1264 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site