IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මාස්ටර් සර්‘ නිහඬ වෙයි

ගායකයකු හා සංගීත අධ්‍යක්ෂකයකුවූ නිමල් මෙන්ඩිස් අභාවප්‍රාප්ත විය. වසර 30 කට අධික කාලයක් එංගලන්තයේ පදිංචිව සිටි ඔහු ගඟ අද්දර, බැද්දේගම, සුසීමා, ගැහැණු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, ගෝඩ් කිං, දුවට මවක මිස චිත්‍රපටවල සංගීතය සැපයීය.

කොළඹ ශාන්ත පීතර හා ගල්කිස්ස ශාන්ත තෝමස් හා කොළඹ රාජකීය විදුහලේ ඉගෙනගත් ඔහු එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

ගී පද රචකයකුද වන ඔහු ‘මාස්ටර් සර්‘ ගීතය නිර්මාණය කළේය. 1979 වසරේදී ඔහු ගඟ අද්දර චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් හොඳම සංගීත නිර්මාණයට හිමි ඕසීඅයිසී සම්මානය හිමිකරගත්තේය. සරසවිය, ජනාධිපති සම්මාන ආදියද ඔහුගේ සංගීත නිර්මාණ දිවියේ ලැබූ සම්මාන අතර වේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් විය.

 



අදහස් (0)

‘මාස්ටර් සර්‘ නිහඬ වෙයි

ශාන්ත සේනාධීර Thursday, 16 April 2015 02:26 PM

සිංහල සංගීතයේ නව නැම්මක් ඇතිකළ ඔබ 60,70 යන දශකයන් තුළ නව ආරක සංගීත රටාවක් අපේ රසිකයන්ට හදුන්වාදුන් සංගීතවේදියෙකු ලෙස පියසටහන් තැබූ අමරණීය සේවාව අපේ හදවත් තුළ සදා නොමියෙන ලෙස තැන්පත් කළ බව කිව යුතුයි. සංගීත අධ්‍යක්ෂක වරයෙකු ලෙසත්,ගායකයෙකු ලෙසත් ඔබ සංගීතය සැපයු චිත්‍රපටි වල ගී වලට සවන් දෙන රසියෙකුට වැඩි වෙලාවක් නොගොස් අවබෝධ වෙනවා නොඅනුමානයි.බටහිර රටවල සංගීතය ගැන ඔහුට තිබු දැනුම අපේ රටට අපේ සංගීත උරුව අනුව පනවා දෙන්නට ඔහු සමත් උනා.මාස්ට සර් ගීතය නොගයන සාදයක් අද නැති තරම්.ලන්ඩනයේ මාගේ කාර්යාලය පිහිටි අසල කලක් ජිවත්ව සිට නිමල් මට කිහිප වතාවක්ම මුණගැසිම මාලද බාග්‍යයක් මා සිතනවා.චැනල් 4 බි බි සී නාලිකාව වරක් ඔහුගේ සංගිත වැඩසටහනක් මිට වසර කීපයකට ඉහතදී ප්‍රචාරය කළා.මා දන්නා තරමට එය ශ්‍රී ලංකික සංගීතඥයෙකු ප්‍රථමවරට ලන්ඩනයේදී ඉංග්‍රීසි නාලිකාවක ඉහලින්ම පෙන්නු දුර්ලභ අවස්ථාවක් ලෙස එය හැදින්විය හැකියි.නිමල් මෙන්ඩිස් අප අතුරින් සමු ගත්තත් ඔබ සැමදා අපේ රටේ රසිකයන් ගෙන් නම් සමු නොගන්නවා සහතිකයි. (බ) මාගේ සේවාවක් ඉටුකල

:       0       0

තිලක් රත්නසේකර Thursday, 16 April 2015 02:42 PM

ඔහු විශිෂ්ට සංගීතඥයෙක්. නිවන් සුව ලැබේවා! (බ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 16 April 2015 02:53 PM

රංජන් නෙවිල් ප්‍රනාන්දුගෙන් පස්සේ මෙතුමත් මාස්ටර් සර් ගීතය ගැයුවා නේද? (බ)

:       0       0

සමන්ති Saturday, 18 April 2015 12:29 PM

මෙතුමා 70 දශකයේදී කළුදියදහර චිත්‍රපටය සඳහා නිර්මාණය කළ මාස්ටර් සර් ගීතය ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු සහ නිලා වික්‍රමසිංහ. මෙම ගීතය ඇසීමට නෙවිල් ප්‍රනාන්දුට නොහැකිවිය.නිමල් මෙන්ඩිස් රචනය තනුව සංගීතය. සිංහල ගීතයේ රචනය කරුණාරත්න අබේසේකර මහතාය. (නි)

:       0       0

සමන්ති Sunday, 19 April 2015 03:41 PM

අපොන්සු, ඔබ දන්නා දේ ? (බ)

:       0       0

විකී Thursday, 16 April 2015 06:49 AM

සමාජයේ දැවෙන ප්‍රශ්න ගෙන හැර පෑ සැබෑ කලාකරුවාණෙනි.. මොහොතකට අපේ විඩාව සිඳලූ කලාකරුවාණෙනි... ඔබට අප සැම ණයගැතියි..ඔබට නිවන් සුව..(බ)

:       0       0

උපුල් Thursday, 16 April 2015 06:56 AM

මගේ බලවත් ශෝකය (බ)

:       0       0

චාමර ප්‍රසාද් Thursday, 16 April 2015 07:11 AM

අවසාන වරට හෝ මොහුගේ පුහුණුව යටතේ මොහුගේ ගීතයක් රියැලිටි තරගයකට ගායනා කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. තවද නිමල් මෙන්ඩිස් නමැත්තකු නැවත බිහිවේවා යනු මගේ ප්‍රාර්ථනයි. මාස්ටර් සර්..ඔබ සදා අමරණීයයි (බ)

:       0       0

යසකාවි සකුන්‍යා Thursday, 16 April 2015 07:16 AM

සමාදානයේ සැතපේවා (බ)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 07:43 AM

ඔබ නිහඩ කළද ගී හඬ නොනිදනු ඇත (බ)

:       0       0

අපොන්සු Thursday, 16 April 2015 07:59 AM

හුලන් විදුලියේ ඝන්දර්වයන්ට දැන් නින්ද යාවි. ඉන්දියාවේ බමුණු සංගීතෙට වඩා වෙනස් දෙයක් කරන්නට ප්‍රතිභාව තිබුණු එකෙක් නැතිවුණු එක ගැන.(බ)

:       0       0

අපොන්සු Thursday, 16 April 2015 10:27 AM

ගුවන් විදුලියේ ඝාන්දර්වයන්ට දැන් නින්ද යාවි ඔබට මව්බිම අත හැරීමට හේතුව ඔබගේ ගී පද වැල් අතර ගැබ් වී ඇත (බ)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Thursday, 16 April 2015 11:05 AM

මාස්ටර් සර් ගීතයම ඇති ඔබේ නම හදවත් තුලම රැදෙන්න (නදී)

:       0       0

රංජන් Thursday, 16 April 2015 12:26 PM

නිමල් මෙන්ඩිස් සංගීත වේදියාණන්ට නිවන් සුව පතමි.ඔහු සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය "කලුදිය දහර"යි.දෙවනුව "සීතාදේවි"කලුදිය දහරින් "මාස්ටර් සර්" ගීතයද(නෙවිල් ප්‍රනාන්දු ),සීතාදේවී චිත්‍රපටයෙන් අමරදේව මාස්ටර් ගයන "නිම්හිම් සෙව්වා මා සසරේ"ගීතයත් ඉතා ජනප්‍රිය වුණා (බ)

:       0       0

උපාලි රණතුංග Thursday, 16 April 2015 01:15 PM

මෙතුමා 60 දශකයේදී කළුදියදහර චිත්‍රපටය සඳහා නිර්මාණය කළ මාස්ටර් සර් ගීතය සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකින්ම ජනප්‍රිය වුණා. එයා එවකට කොලු වියේ සිටි අපිට ඉතා චමත්කාරජනක අත්දැකීමක් වුණා. එතුමාට නිවන් සුව පතමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1755 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1100 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1152 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1138 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site