IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මුසම්මිල්ට ඇප

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහු අද (10) ඇප මත මුදා හළේය.

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළාය. ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිතයෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වන නමුත් සැකකරුගේ දරුවන් ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළාය.



අදහස් (0)

මුසම්මිල්ට ඇප

ආර්නල්ඩ් ගුණවර්ධන Wednesday, 10 August 2016 08:51 AM

එකක් නම් පැහැදිලියි මහජන දේපල හොරකම් කරපු හැම එකාටම අත් අඩංගුවෙන් ඇප ගන්න ක්‍රමවේද තියෙනවා. යහපාලනයත් නරක නෑ (බ)

:       0       0

අමිරා Wednesday, 10 August 2016 09:05 AM

අපි ඔය වගේ දෙයක් කරානම් මේ වෙනකොට එල්ලුම් ගස් ගිහින්.(හේ)

:       0       0

අබේරත්න Wednesday, 10 August 2016 09:21 AM

ඔන්න දරුවෝ ඉන්න එකේ වටිනාකම...(බ)

:       0       0

මොහාන් Wednesday, 10 August 2016 06:32 AM

හැමදේටම වඩා වටින්නේ දරුවන් බව ඇත්තකි. වැලිකඩ හිර ගෙදර අම්මලා සමහ කිරි දරුවන් කී දෙනෙක් හිර බත් කනවද? ඒ අයට මේ නීතිය නැත්තේ ඔවුන් ලොක්කන් නොවන නිසාද? (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 August 2016 06:56 AM

ලොක්කෝ කොහොමහරි දන්නා ගැට ඔක්කොම දාලා අන්තිමේදී ඇපත් එක්ක එළියට එනවා. මේකද නීතියේ ආධිපත්‍යය? එහෙනම් ඉතින් ඔය හිරබත් කන අහිංසක අය කාත් කවුරුවත් නැති අයද? ඒකයි එයාලට වෙනම නීතියක් ඇත්තේ. (නි)

:       0       0

හෆීල් Wednesday, 10 August 2016 06:59 AM

දරුවන් ගැන හිතලා මෙයාට ඇප ලැබිලා තියනවා. නමුත් පහුගිය රජය කාලයේ සරත් ෆොන්සේකාගේ බිරිඳට හා දරුවන්ට කළ දේ අමතක කරන්න බැහැ නේද? තවද පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වනවා නම් කොහොමද බැසිල්ට, නාමල්ට ඇප ලැබුනේ? තවම නීතිය හරියාකාර ක්‍රියාත්මක වෙන්නේ නැතුවා වගෙයි කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 10 August 2016 07:03 AM

හැමදේටම වඩා මනුස්සකම ලොකුයි (නි)

:       0       0

පුබුදු Wednesday, 10 August 2016 07:03 AM

මොහාන්, හිර ගෙදර සහ රක්ෂිත බන්ධනාගාරය දෙකේ වෙනස දන්නේ නැද්ද? (නි)

:       0       0

මංජුල Wednesday, 10 August 2016 07:03 AM

මොහාන්, ඔබට තේරෙන්නෙ නැති බොහෝ දේවල් සමාජයේ තියෙන බව දැන්වත් තේරුම් ගන්න. විශේෂයෙන් දරු සෙනෙහස, ආදරය වගේ දේවල් වලට ඕනෑ නීතියක් පසුකර යන්න පුළුවන්. (නි)

:       0       0

අනුරාධ Thursday, 11 August 2016 01:17 AM

මංජුල, ඔයාගේ කතාවේ අැත්තක් තියෙනවා. එ්ත් මොහාන් කියලා තියෙන දේ හරි. ඔයාට එ්ක තේරුම් ගන්න බැරි පාටයි (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 10 August 2016 07:07 AM

හිරබත් කන්නේ වැරදි ඔප්පුවුණ අය. උසාවියෙන් වැරදිකරුවෙක් කර නැත්නම් ඇප ලබාගන්න පුළුවන් බව මොහාන් දන්නේ නැද්ද? (නි)

:       0       0

තරංග Wednesday, 10 August 2016 07:22 AM

හරි අපි මෙ‍හෙම හිතමු. මෙතැන් සිට දරුවන් ලෙඩ වු නීතිය මඟින් තවම දඬුවම් කර නොමැති, නමුත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෑම සිරකරුවකුටම ඇප මත නිදහස ලබා දෙනවාද? (නි)

:       0       0

නුවන් Wednesday, 10 August 2016 07:52 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 4 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 43 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 624 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 528 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 730 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site