IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මාසයකට කෝටි 15 ක අතිකාල කළ හැටි සොයයි

(විනීතා එම් ගමගේ)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට සැප්තැම්බර්  මාසයේ අතීකාල දීමනා වශයෙන් කෝටි 15කට වඩා ගෙවා ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට අද (19) දැනුම් දුන්නේ ය.

එම සංස්ථාව විසින් කෝටි 15කට අධික විශාල මුදලක් අතිකාල වශයෙන් ගෙවා ඇති අතර අතිරික්ත සේවකයින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී එසේ ගෙවීම් කර ඇති බැවින් මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙසේ අතිකාල ගෙවා ඇත්තේ සැප්තැම්බර් මාසයේ පමණක් ද නොඑසේ නම් දිගටම මෙවැනි විශාල මුදලක් අතිකාල ලෙස ගෙවමින් සිටින්නේ ද යන්න ගැනත් අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කටයුතු සඳහා ප‍්‍රමාණවත් තරම් සේවක සංඛ්‍යාවක් සිටියදීත් අවිධිමත්ව කළමනාකරණය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇතැයි පෙනී යන බව ද හෙතෙම කියාසිටියේය. 

එම නිසා මේ සම්බන්ධව සත්‍යතාවය පැහැදිලි කර ගැනීම සඳහාත්, ඉදිරි කටයුතු ක‍්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම සඳහාත්  අද දිනය ඇතුළත මෙම වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සාමාන්‍යාධිකාරීවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.



අදහස් (20)

මාසයකට කෝටි 15 ක අතිකාල කළ හැටි සොයයි

max Thursday, 19 December 2019 10:36 AM

අලුත් ආණ්ඩුව එක්ක කාටකාටත් සෙල්ලම් බෑ වගේ.

:       127       500

Tharindu PereraThursday, 19 December 2019 11:48 AM

දැන්නම් බැරිවෙයි. ඒත් මහ ඡන්දෙන් පස්සේ ‌දෙගොල්ලොම කරට අත දාගෙන ‌සෙල්ලම් කරන හැටි අපි හැමෝටම බලාගන්න පුළුවන්... මතකද ‌මෛත්‍රීත් බලයට ආපු මුල් දවස්වල ‌මේ වගේ නාඩගම් කළා..

:       777       1529

jesThursday, 19 December 2019 12:27 PM

ඔයා කියනඑක වෙන්න පුලුවන්... මම නැහැ කියන්නේ නැහැ. හැබැයි මෛත්‍රී කළා කියලා මෙහෙම කියන්න එපා...

:       190       278

BamunuarachchiThursday, 19 December 2019 03:57 PM

ඝෝඨාභය මේ කාලය තුල කරපු දේවලින් එකක් වත් මෛත්‍රීට ඔහුගේ පාලනකාලය තුල කරන්න පුළුවන් උනාද?. මෛත්‍රී සජිත් වැන්නවුන් රාජ්‍ය නායකයෝ නොවෙයි. නිකම්ම නිකන් දේශපාලකයෝ පමණයි.

:       0       0

Hafeel Thursday, 19 December 2019 03:57 PM

Tharindu, සහතික ඇත්ත. ඒගොල්ලන්ගේ වංචා මේගොල්ලෝ හොයනවා. මේගොල්ලන්ගේ වංචා ඒගොල්ලෝ හොයනවා. පොදුවෙන් ගත්තොත් දෙගොල්ලම හොරුන්.

:       0       0

SusaFriday, 20 December 2019 06:28 AM

කණගාටුයි, ‌‌මේවා අළුත් ආණ්ඩු බලයට ආවහම ‌පේනවා. ‌බොරු ‌ශෝභන, ‌මෙයාලා ‌නොදන්නවදමාරුවෙන් මාරුවට පත්වෙච්ච අණ්ඩුවල ඇමැතිවරු තමයි ‌මේ ආයතනවලට ‌ගෝලයන් පුරවන්නේ... විදුලිබල, වරාය, එයාර් ලංකා, ලංගම වගේ ආයතනවල තව ‌කොච්චර ඉන්නවද? ලාභ ගන්න පුළුවන් හැම ආයතනයක්ම ‌‌කෝටි ගණන් ණය කරලා තියෙන්නේ ‌මේ සුද්ධවන්ත නායකයින් තමයි. ‌මෙහෙම ප්‍රවෘත්තියක් ‌පෙන්නලා සුදනන් ‌වෙන්න යනවා. පුළුවන් නම් ‌මේ ‌චෝදනා කරන මිනිස්සු අයින් කරලා තමන්ගේ අය දාගනියි.

:       6       113

lavoicierThursday, 19 December 2019 03:18 PM

නිව් බ්රූම්ස් ස්වීප් වෙල් කියනවනේ...

:       87       133

lalithm Thursday, 19 December 2019 11:28 AM

ඔව් ඔව්. පහුපහු වෙනකොට කොහුකොහු නොවුණොත් යහපති...

:       24       103

Raveendra Thursday, 19 December 2019 11:49 AM

හත් දෙයියනේ මේ මිනිස්සු අවංකව තම ශ්‍රමය වැයකරලා අතිකාල, මුදල් මෙසේ ගත්තට නම් කිසිඳු වැරැද්දක් නැත. නමුත් එසේ අවංකව තම සේවය කර ලබාගත්තේද යන්න සියලුම මාධ්‍යවල මහජනතාවට දැනගැනුමට පලකරන්නේ නම් කෘතඥ වන්නෙමු. අමතක නොකරන්න. වංචනික ලෙස කිසිවෙකු අහිංසක මහජනතාවගේ මුදල් හොරා කෑවා නම්, "එකා මොකා " වුණත් අනේකවිධ දුක් ගැහැට විඳ/ මහා මාර්ගවල අවසන් හුස්ම හෙලා ඇති බවට අතීතය අපට හොඳින් කියාදී ඇති බවට සඳහන් කිරීමට කැමැත්තෙමු. අපගේ මෙම අදහස් මහජන මුදල් හොරා කෑව හැම කෙන‍ාටම කියවීමට හැකිවේවා... !!!

:       1       400

Upali Thursday, 19 December 2019 12:25 PM

මෙවැනි දෙයක් වෙනකම්..., මුදල් කලමනාකාරවරයා කුමක්ද කලේ?

:       0       200

කපුරුහාමි Thursday, 19 December 2019 02:46 PM

කාලයක් ඔතන හිටපු සභාපතියත් එහෙම තමයි. මහ අය හොරුන්, දූෂිතයින් වුණාම අනික් අය කියලා නිකම් ඉඳීවිද?

:       0       100

වික්ටර් Thursday, 19 December 2019 04:25 PM

ගෑවිච්ච තැනක් ඇද්ද එතන මහා දූෂණය ඇත.

:       0       10

Ranjith Thursday, 19 December 2019 06:34 PM

අනේ මෙයාව නිදහස් කරලා ගෙදර යද්දී සුදුවෑන් එකක් එවන්නකෝ...

:       0       0

Shriya Thursday, 19 December 2019 10:19 PM

මගේ අක්කත් ඔය සංස්ථාවේම වැඩ කරනවා. හැම සෙනසුරාදා සහ ඉරිදාම වැඩට කියලා යනවා ඕටි කරන්න කියලා.

:       0       0

ලුම්බිණි Thursday, 19 December 2019 11:10 PM

කෝටි දහස් ගණනින් පාඩු ලබමින් මේක කරගෙන යනවට වඩා තෙල් ගෙන්වීම සහ බෙදීම සඳහා ජාත්‍යන්තර කොම්පැනිවලට කතාකරලා බාරදෙන්න. එතකොට තෙල් හිඟ ඇති වෙන්නෙත් නැහැ. තරඟය නිසා මිල ඕනෑවට වඩා වැඩි වෙන්නෙත් නැහැ. වර්ජනත් නැහැ. දේශපාලන පත්වීම් ඇත්තෙත් නැහැ...

:       0       0

wikcy Friday, 20 December 2019 02:56 AM

මේක දුම්රිය දෙපාර්තමේන්තුවටද අදාල නැද්ද? කාර්යාල වෙලාවල්වලදී එකම දුම්රියක් වෙලාවට යවාගන්න බැහැ. එන දුම්රිය වුණත් යවන්නේ නැහැ. කොහොමහරි ප්‍රමාද කරනවා. කරුණාකර මේ ගැනත් සොයා බලන්න.

:       0       0

Walter White Friday, 20 December 2019 03:40 AM

ඔය කාලකන්නි දේශපාලකයෙක් පත් වුණු ගමන් ඕපාදූප කියවමින් නිකම්මු වගේ හිටපු එකාගේ ඇදපෙනෙනවා, වංචා දූෂණ පෙනෙනවා, එ්කත් ටික දවසකට විතරයි, එක දුම්රිය ඇමතිනියක් කොටුව ස්ටේෂන් එකද කොහෙද අතුගෑවා. ඔවුන් ඔය කරන්නේ රඟපෑමක්, ටිකක් හොයලා බැලුවොත් ඔය ඇමතිලා කොච්චර ධනවත්ද කියලා. නිකම් බයිසිකලෙන් ගමන් ගිය අය දැන් ඉන්නේ කොහොමද කියලා..

:       0       31

sharm warn Friday, 20 December 2019 06:54 AM

අා.. ඉතින් මේ සංස්ථාවල කවදත් මෙහෙමනේ.. තෙල් සංස්ථාව, දුම්රිය, විදුලි බල මණ්ඩලේ, මේ ටිකත් අනිවාර්යයෙන්ම හොයලා බැලුවොත් තව ගොඩක් මංකොල්ල කෑම හොයාගන්න පුළුවන්...

:       0       9

tharanga Friday, 20 December 2019 07:32 AM

අැයි මේ ඇමැතිලා කලින් ඕවා නොකරේ? ගෝඨාභය මහත්තයා අාවම තමයි ඕකුන්ට ඕවා කරන්න මතක් වෙන්නේ... රට කන දේශපාලන හැත්ත නිසා තමයි ඔහොම වුනේ...

:       0       13

Nana Friday, 20 December 2019 09:21 AM

මේ බොහොමයක් රජයේ කාර්යාල මාෆියා වගේ.. නීති ඒ ගොල්ලන්ට ඕනෑ විදියට තමයි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2175 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 417 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 711 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1070 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 188 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 654 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site