(*** මුදිතා දයානන්ද)
මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට කලින් පැවැති ආණ්ඩුවට පිටකොන්දක් නොතිබූ බව ද එසේ කටයුතු කිරීමෙන් මැද පෙරදිග රටවල් ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් ඇතිවේ යැයි බිය වූ බව ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (12) ප්‍රකාශ කළේය.
මෙම තීරණය පිටුපස මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම ඇති බව එකල වැටහී ගිය බව ද ඔහු පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය, සහරාන් හෂීම් හා මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් 2017 වනවිට බුද්ධි අංශ විසින් ආරක්ෂක කවුන්සිලයේදී හෙළිදරව් කරන ලද බව ද ඔහු පැවැසීය.
මෙම අන්තවාදීන්ගෙන් දේශීය වශයෙන් ගැටලුවක් ඇතිවේ දැයි සුපරීක්ෂාකාරීව සිටින ලෙස ජනාධිපති හා අගමැති එකල උපදෙස් දුන් බව ද ඔහු කීය.
එසේම හිටපු අගමැතිවරයා ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට ඇතැම් විට සම්බන්ධ වූ අතර ඒ සම්බන්ධ වූ ඒවායේදී ද ඔහු කලින් පිටව ගිය බව ද ඔහු පැවැසීය.
පොලිස්පතිවරයා මෙම රැස්වීම්වලට කැඳවීමට එපා යැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ බැවින් ඔහු ඒවාට සම්බන්ධ නොවූ බව ද විජේවීර මහතා කීවේය.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුස්ලිම් අන්තවාදයට එරෙහිවන්න කලින් ආණ්ඩුවට කොන්දක් තිබ්බේ නෑ
Bamunuarachchi Monday, 14 September 2020 12:24 PM
හැබැයි පෙනෙන්නේ සිංහල අන්තවාදය..සිංහල අපේ අන්තවාදයක් නැහැ. නමුත් සිංහල අපි රටේ සුළු ජාතීන්ගේ අන්ත වාදයට විරුද්ධව ක්‍රියා කරනවා. සිංහලයෝ අවුරුදු 2600ක් ඔය දේ නොකළ නිසයි මේ අමාරුවේ වැටුණේ.. තාමත් සංහිඳියාව කතා කරන හරක් ඉන්නවා..
Nuwan Monday, 14 September 2020 12:39 PM
එතකොට දැන් තියෙන ආණ්ඩුවට කොන්දක් තියෙනවාද?
BamunuarachchiTuesday, 15 September 2020 02:31 AM
කොන්ද තිබෙන්න ඕනේ ආණ්ඩුවට නොවෙයි, සිංහල බෞද්ධයින්ටය. මම ප්‍රසිද්ධයේ කියනවා මම සිංහල ජාතිවාදියෙක් කියලා. ඔහේට කියන්න එහෙම කියන්න පුළුවන් කොන්දක් තියෙනවාද? මම ඒ විදිහට වැඩත් කරනවා.
BamunuarachchiTuesday, 15 September 2020 02:34 AM
සිංහල අපිම අපට තේසවලාම නීතියක් හදාගත්තොත් නරකද.? මම හදාගෙන තිබෙන්නේ.
BamunuarachchiTuesday, 15 September 2020 06:46 AM
මම ඉඩම් විකුණන්නේ සිංහලයින්ට පමණයි.
BamunuarachchiTuesday, 15 September 2020 02:36 AM
ආණ්ඩුවෙන් ඒක එන්නේ නැහැ ඒක එන්නේ මහ ජාතිය තුලින්. ඔබ මහ ජාතිය අයිති කෙනෙක්ද.?
BamunuarachchiTuesday, 15 September 2020 06:45 AM
කොන්ද තිබෙන්න ඕනේ සිංහල බෞද්ධයාට...