රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ඔහු සඳහන් කළේය.
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ කවුරුන් හෝ තමන් අතර සිටී නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ කර පියවර ගත යුතු බව ද රවුෆ් හකීම් මහතා කීවේය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මුස්ලිම් ජාතික මැති ඇමතිවරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා මෙසේද කීය.
‘‘රටේ වත්මන් තත්වය පිළිබඳව අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් සමඟ දීර්ඝව සාකච්ඡා කළා. එම සාකච්ඡාවෙන් පසු අපිට ස්වාධීනව තීරණයක් ගැනීමට අවකාශය සැලසුනා.
ඒ අනුව රජයේ නිල තල දරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාම ඉල්ලා අස්වීමට තීරණය කළා.
විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ සාමය, සංහිඳියාව ස්ථාපිත කරලා රටේ මතුව ඇති මේ කලබගෑනිය වළක්වා ගැනීමට. ඒ වගේම මේ වට තුඩු දෙන අනෙකුත් බලවේග එල්ලකරන මේ චෝදනා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතුයි.
අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඒ සඳහා වූ උපරිම සහයෝගය අපේ ජනතාවත්, අපිත් උපරිම ලෙස ලබා දී තිබෙනවා.
අපි එලෙස සහාය ලබා දී තිබියදීත් විටින් විට මේ රටේ වෛරය ක්‍රෝධය ඇති කරන ක්‍රියාදාමයන්ට එරෙහිව රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අපි පිළිකුලට පත් වෙනවා.
මේ දිනවල සිදුවූ නොයෙකුත් සිදුවීම් ගැන විශාල භීතිකාවක් අපේ ජනතාවට තිබෙනවා. අපේ ජනතාව අහිංසකයි. යම් සුළු කල්ලියක් කරපු මේ ක්‍රියාදාමයට සමස්ත මුස්ලිම් ජනතාවම වින්දිතයන් වූ අවස්ථාවක් විදියට අපි මේක දකිනවා.
අපි ආණ්ඩුවේ ඇමතිධූරවලින් ඉවත් වුවත් අපි මේ ආණ්ඩුව බලහීන කරන කිසිදු ක්‍රියාදාමයක් කරන්නේ නැහැ. අපි ආණ්ඩුව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් ආණ්ඩුව රැකීමට ඉදිරිපත් වෙනවා. ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවගේ ආරක්ෂාවත් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ රට එක්සේසත් කළ යුතුයි. මේ රටේ ජාතීන් අතර සමගිය ඇති විය යුතුයි. අපේ රටට ජාත්‍යන්තරයේ තියෙන කීර්තිනාමයට කිසිඳු හානියක් වීමට අපිට ඉඩදිය නොහැකියි.
චෝදනා කාට තිබුනත් ඒ චෝදනා පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකළ යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් මගින් අපිට මේ ගැන විසඳුමක් අපේක්ෂා කළ නොහැකියි.
යම් අපරාධකරුවෙක් සිටිනව නම් ඔහු පිලිබඳ ඕනෑම දඬුවමක් දිය හැකියි. ඒ ගැන අපිට කිසිදු ගැටලුවක් නැහැ. රට තුළ භේද ඇති කරන බලවේග පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඔවුන් රට තුළ ඇති කරන කලබල සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුස්ලිම් ඇමතිවරු තනතුරු අත්හරිති
රවින් Monday, 03 June 2019 12:45 PM
නියමයි... දැන් අනික් කට්ටිය පරීක්ෂණවලට ඇඟිලි නොගහා ප්රචාරක සාකච්ඡා නොතබා හිටියොත් වඩාත් හොඳයි. මේක එකිනෙකාගේ දේශපාලන අනාගතය නොවේ. මේ රටේ හා අවට රටවල අනාගත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්...
අයි.ඕ.සිරිසේන Monday, 03 June 2019 12:51 PM
රතන හාමුදුරුවෝ වීරයෙක් වෙන්න උපවාසය කෙරුවාට අද මුස්ලිම් නායකයෝ ඒකට නිසි උත්තරය දීලා තියනවා. (මේක ඔවුන්ගේ දේශපාලන දහම් ගැටයක් වුවත් ඔවුන් නිසි කලට නිසි විදියට එය කිරිමෙන් ඔවුන්ට විරුද්ධව ජාතිවාදී ස්වරුපයෙන් කල විරෝධතා නිහඩ කරන්න එය සමත්වේ.)
ගල්කටස් Monday, 03 June 2019 12:52 PM
ඔන්න නියම ජාතිවාදය ... බොරුවට එක එක මහ ලොකු බර ටොක්ස් දුන්නට අවසානයෙ එයාලා ජාතියට මුල් තැන දුන්නා ත්‍රස්ථවාදීන්ට මෙයත් උදව්වක් මෙන්ම දැන් ඔවුන්ගෙ අරමුණ සංහලයන්ට පහර ගැසීමයි. අපෙ සිංහල නායකයන් කවදා එක මතයකට එවිද..?
Palitha Monday, 03 June 2019 12:54 PM
පේනවා නේද එයාලගේ එකෙකුට ප්‍රශ්නයක් වුණාම, ඔක්කොම එකතු වෙන ලස්සන. දැන් කියන්නේ සමගිය ඇති කරන්න එහෙම කළා කියලා. ඔය වගේ අපේ සිංහල මැති ඇමැතිලට කරන්න බැහැනේ..
පුරවැසියා Monday, 03 June 2019 04:30 PM
ඉතාම හොඳ අගය කළයුතු ක්‍රියාවක්.. මෙය කළයුතුව තිබුණේ මීට සති කිහිපයකට පෙරයි.
Subhashini fernandoMonday, 03 June 2019 04:36 PM
මේකත් දේශපාලන කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන්...
ධනුෂ්කTuesday, 04 June 2019 04:45 AM
මේවා මේ මිනිස්සු රවට්ටන්න බොරු වැඩ නොකර ගැටළුවට නියම පිළිතුර දෙන්න. මේ රටට කිසිම අාගමකට අදාල නොවන සියලු දෙනාටම සියල්ලටම පොදුවන නීති පද්ධතියක් ගේන්න. ජාතීන් වශයෙන් වෙනම පක්ෂ, පාසල්, නීති වුවමනා නෑ. අාගම විෂය අනිවාර්ය විෂයක් කර එය පාසල තුළ උගන්වන්නේ නැතුව,එය තමන්ට අදාල අාගමික ස්ථානය තුළින් ඉගෙනගන්න සලස්වන්න. එ් සඳහා සතියට දිනයක් පසල් යන කාලයෙන් හරි වෙන් කරන්න. එය දිනෙන් දින පන්සලෙන් දුරස්ථ වන බෞද්ධ දරුවන්ට ඉතා යහපත් වනු අැත. පාසල තුළ විෂයයන්, මිථ්‍යා මතවලට එරෙහි තාර්කිකව ලෝකය දෙස බලන දරුවන් බිහිවන අාකාරයට සකසන්න. පාසල එලෙස සැකසූවිට මොලේ කුරුවල් වූ වැඩිහිටියන්ට, වඳුරන්ට බණ කියනවා වගේ සහජීවන බණ කියනවා වෙනුවට... දරුවන්ට කුඩා කල සිට නියම සහජීවනය මනසට කැවිය හැකිය.
ධනුෂ්කTuesday, 04 June 2019 12:51 AM
කරුණාකර මිනිස්සු රවට්ටන්න බොරු වැඩ නොකර ගැටළුවට නියම පිලිතුර දෙන්න. මේරටට සියලු දෙනාටම සියල්ලටම පොදු වන නීති පද්දතියක් ගේන්න. පාසල තුළ විෂයයන්, තාර්කිකව ලෝකය දෙස බලන දරුවන් බිහිවන ආකාරයට සකසන්න. පාසල එලෙස සැකසු විට මොලේ කුරුවල් වූ වැඩිහිටියන්ට වඳුරන්ට බණ කියනවා වගේ සහජීවන බණ කියනවා වෙනුවට. දරුවන්ට කුඩා කල සිට නියම සහජීවනය මනසට කැවිය හැක.
RasithaTuesday, 04 June 2019 04:08 AM
සමගි උනාට වැඩක් නෑ එක් කෙනෙක් හෝ වැරදි වලට සම්බන්ද බවට තහවුරු උනොත් මේ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කල යුතුයි. ලෝකෙට පෙන්න හුරතල් කර කර හිටියා හොදටම ඇති. දැන්වත් මේ ප්‍රශ්න වල කෙළවරක් දකින්න ඕනේ . මිනිස්සු පාරට බැස්ස නිසා මෙහෙම හරි මෙහෙම වුනා. නැත්තම් තාම දේශපාලන බලයට මුවා වෙලා යහතින් ඉන්නවා.
sirimal Monday, 03 June 2019 12:56 PM
මම කිව්වේ නැද්ද? දැන් එතකොට පෙළපාලි, පාගමන්, උපවාස වෙනත් හේතුවක් යොදාගෙන දිගටම කරගෙන යන්නද කල්පනාව?
BamunuarachchiMonday, 03 June 2019 03:50 PM
මොනවද කීවේ? මේ සිංහල රටේ මහජාතියට මුල් තැන ලැබෙන්න ඕනේ. බෝඩින් කාරයින්ට ගෙදර පාලනය දෙන්නේ කව්ද ?
athuraTuesday, 04 June 2019 03:17 AM
සිංහලකම නැතුව සිංහල රට ඉතුරු වෙයිද බමුණු මහත්මයෝ...?
BamunuarachchiTuesday, 04 June 2019 05:00 AM
සිංහල බෞද්ධ "ටොර්නාඩෝ" එක තේරුම් ගන්න තරම් මොවුන්ට බුද්ධියක් තිබීම ගැන සතුටුවෙනවා. අස් වීමට මොන හේතු දුන්නත් මේ සිංහල බෞද්ධ "ටොර්නාඩෝ" එකට අසු වුනොත් ගෙවල් දොරවල් වතුපිටි, හරකා බාන පමණක් නොව පරපුරත් නැතිවෙන බව දැනගත්තා. ‘‘රතන හාමුදුරුවෝ කව්ද? එය කරන්න පුළුවන් කාටද කියලා අහපු ගොයියාට ලැබුණු පිළිතුරෙන් ඔක්කෝටම පසු පෙලට යන්න වුණා නේද? ඔතැනින් එහාට යන්න තිබෙන්නේ එළියටයි...
Fz Monday, 03 June 2019 01:06 PM
මුස්ලිම් ඇමතිවරුන් අස්වුනොත් ආණ්ඩුව ගෙදර...
ඊනියා Monday, 03 June 2019 01:11 PM
මොකද මේ අන්තවාදී දේශපාලකයන්ට අයින් වෙන්න කිව්වම ඔක්කොම අයින් වෙන්නේ? ඒ කියන්නේ මේ ඔක්කොම අන්තවාදීන් බව ඉතාමත් පැහැදිලියි.
සුජිත් , දෙමටපිටිය Monday, 03 June 2019 01:16 PM
හරිම සතුටුයි... මේ ටික කාලෙට පමණක් නොවී, හැමදාටම උඹලා පැත්තකින් ඉඳපල්ලා...
nilu-USA Monday, 03 June 2019 01:18 PM
සිංහල දේශයට ජයවේවා..! ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න ඕනේ කියලා මට පළමු වරට හිතුණා.
KakaMonday, 03 June 2019 02:51 PM
ඇමෙරිකාවේ ටොයිලට් තාම හෝදන්නේ. වෙන මොනවා කරන්නද?
BamunuarachchiTuesday, 04 June 2019 04:28 AM
KaKa, ඔබකරන රැකියාවෙන් හැමෝම මනින්න එපා හලෝ. ටොයිලට් හැදුවත් ඔබ ඇමරිකාවේ කියලා සැනසෙන්න. ඔයගොල්ලෝ තමයි අපේ රටේ ප්රශ්නය...
ධනුෂ්කTuesday, 04 June 2019 12:07 AM
කවුරු මොනවා හිතුවත් එ් බෝම්බවලින් මියගිය සියලු දෙනා මිය ගියා නොව දිවිපිදුවා. රටේ මිනිස්සුන්ගේ අැස් අරින්න දිවි පිදුවා. සහරාන්ලා මිනීමරුවන් වුනත් ඔවුන් ගැනත් හිතේ කොනක යම් අැගයීමක් මට නම් තියනවා. ඔවුන් එ් කරපු දෙයින් අහිංසක ළමා ලපටියන් අැතුලු ජනතාව මිය ගියා තමයි.. හැබැයි එ් දේ නොවෙන්නේ අන්තවාදීන් තමන්ට රිසි සේ හොර රහසේ වාර්ගික සංහාරයක් කරගෙන යන්න තිබුණා.
ධනුෂ්කTuesday, 04 June 2019 12:07 AM
කවුරු මොනවා හිතුවත් එ් බෝම්බවලින් මිය ගිය සියලු දෙනා මිය ගියා නොව දිවිපිදුවා. රටේ මිනිස්සුන්ගේ අැස් අරින්න දිවි පිදුවා. සහරාන්ලා මිනීමරුවන් වුනත් ඔවුන් ගැනත් හිතේ කොනක යම් අැගයීමක් මට නම් තියනවා. ඔවුන් එ් කරපු දෙයින් අහිංසක ළමා ලපටියන් අැතුලු ජනතාව මිය ගියා තමයි. හැබැයි එ් දේ නොවෙන්නේ අන්තවාදීන් තමන්ට රිසි සේ හොර රහසේ වාර්ගික සංහාරයක් කරගෙන යන්න තිබුණා.
Indunil Monday, 03 June 2019 01:28 PM
ලංකාවෙන්ම යමල්ලා..
ජහ මන Monday, 03 June 2019 01:28 PM
අලුතෙන්ම හිතන්න වෙනවා...
banda Monday, 03 June 2019 01:29 PM
ඒකාබද්ධ විපක්ෂයේ අමුඩේ ගහනකොට අපේ හාමුදුරුවෝ තනියම ගේම දුන්නා...
අසංක Monday, 03 June 2019 01:33 PM
රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්ෂා කරගැනීම සඳහා කරුණාකරලා අරාබි රටකට වෙලා ඔහේලා කැමති නීතිවලට යටත්ව ජීවත් වෙන්න. මේක අපේ රට. ඒක කන්න එපා.
Kamal Monday, 03 June 2019 02:11 PM
අසංක මෝඩ කතා කියන්න එපා. පවුලේ ලක්ෂ 15ක් ජීවත් වෙන්නේ මැද පෙරදිග හින්දා....
AmalMonday, 03 June 2019 03:44 PM
ඉතින් අම්මලට පවුල් දාලා මැදපෙරදිග යන්න වුනේ මේ රට හොරු තක්කඩි පාලනය කරලා අපට ජීවත්වෙන්න සුදුසු රැකියාවක් කරගන්න විදියක් නැති කරපු නිසානේ..., ඒ මිනිස්සුන්ටත් ලංකාවට අාපහු ඇවිල්ලා මෙහෙ රස්සාවක්, ව්‍යාපාරයක් කරගන්න රට හදන්න පුළුවන් පිරිසිදු නායකත්වයක් හදාගන්න එක ඔබේත් අපේත් වගකීමක්...
අසංකMonday, 03 June 2019 11:52 PM
කමල්, ඔයා වගේ පිරිමි නිසා තමයි අපේ රටේ කාන්තාවන් අරාබි යන්නේ. ඒකට අවරුදු 70ක් රට කරපු උදවියත් වග කියන්න ඕනේ. ආණ්ඩු මොන වගේ දේවල් කලත් අපිට උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන්. මමත් දුප්පත් පවුලක ඉපදිලා උත්සාහයෙන් දියුණු වෙච්ච එක්කෙනෙක්. දැන්වත් අඩු ගානේ සිංහලයෙක් වගේ දියුණු වෙන්න බලන්න.
BamunuarachchiTuesday, 04 June 2019 12:34 AM
හලෝ මැදපෙරදිග ලාංකිකයන් විතරක් නොවෙයි ඇමරිකානු, බ්‍රිටිෂ්, ජපන්, කොරියන්, විශාල වශයෙන් ඉන්දියානුවන් රැකියා කරනවා. පිලිපීන, ඉන්දුනීසියා ගැහැණු ගෘහසේවයේ ඉන්නවා. ජේවීපී සටන් පාඨයක් හොයාගෙන බොරුවට කහින්න එපා හලෝ.
lankasri Monday, 03 June 2019 01:34 PM
ශ්‍රී ලංකාවට ජයවේවා...!
prabha Monday, 03 June 2019 01:35 PM
ඔන්න ඕකට තමයි කියන්නේ සමගිය කියලා. සිංහලයා අතර ඒක ඇතිවූ දවසට ශ්‍රී ලංකාව යහපත් රටක් බවට පත්වේවි...!!!
krishanthaTuesday, 04 June 2019 02:27 AM
මේකටත් අන්ලයික් කරන අය ඉන්නවනේ... එයාලා මොකක්ද කියන්න හදන්නේ?
chandima Monday, 03 June 2019 01:43 PM
කොක්කු ඉගිලෙනකොට තමයි සුද කාටකාටත් පෙනෙන්නේ...
Lalith Monday, 03 June 2019 01:48 PM
ඔන්න බලන්න, මොනවා කිව්වත් එකා සැමට, සැම එකාට නේද?
SARATH Monday, 03 June 2019 01:53 PM
මේකත් බලපෑමක් තමයි, 3 දෙනෙක් ගැන ජනතාව කියද්දී ඒ අන්තවාදී සම්බන්ධතා තියෙන 3දෙනා බේරන්න ඔක්කොම අයින් වුණා. ඔයාලා වගේම තමයි අපිත්, ළමයි ඉස්කෝලේ යවන්නේ බයෙන්, ඉන්නේ බයෙන්, අනාගතය, අපේ ළමයින්ගේ අනාගතය ගැන තියෙන්නේ බයක්, ලංකාව තවත් නැගෙනහිර ලන්ඩනයක්, බර්මින්ග්හැම් නගරයක් වෙනවා දකින්න මේ රටේ සාමය කැමති කවුරුවත් කැමති නැහැ. ආණ්ඩුවේ, විපක්ෂයේ තියෙන බල ලෝභය නිසා අන්තවාදයට වර්ධනය වෙන්න හැරලා තියෙනවා. එයට නීති සැකසිය යුතුයි. නැතිව ඔක්කොමල්ලා අස්වෙන්න. අහිංසකයි කියලා තේරුමක් නැහැ.
Nuwan Monday, 03 June 2019 02:03 PM
මේකට කියන්නේ ජාතිවාදේ කියලයි. තමුන්ගේ රැහේ කට්ටියට ඇස් පනාපිට චෝදනා එල්ලවෙනකොට මුළුරැලම බේරෙන්න කට්ටියම යනවා. ගිහින් අප්පොච්චිගේ දත් ශක්තිමත් කරාවිද දන්නේ නැහැ. එතුමත් ඉතින්...
Upul Monday, 03 June 2019 02:04 PM
අස් වුණා කියලා පාරට වැටුනේ නැහැනේ. මෙච්චරකල් හම්බකරගත් දේවල් තියෙනවනේ...
rasika Monday, 03 June 2019 02:09 PM
කොහේ හිටියත් අරමුණ එකක්...
හිච්චිමහත්තෙයෙ Monday, 03 June 2019 02:11 PM
පොලීසියට මාසයක්ම දෙනවැයි කියන්නේ පරීක්ෂා කරන්න. රටේ දැන් සිදුවෙන දේ ගැන පිළිකුලයිලු මේ ඈයින්ට!
ravi Monday, 03 June 2019 02:15 PM
තනතුරු අත්හැරීම කෙසේවෙතත්... පාරේ බැහැලා යන්න පුළුවන් තත්වයක්, ඉතුරුවෙලා තියෙනවද? කියන එකයි ප්‍රශ්නේ...
Sam De Silva Monday, 03 June 2019 02:17 PM
ශ්‍රී ලංකාවට වෙලා තියන මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්දෙ නැතිව ආණ්ඩුවක් ගෙනියන්න ප්‍රශ්නයක්... සිංහල මැති ඇමැතිවරුනි, දැන්වත් එකට එකතු වෙයල්ලා. එවිට නැවතත් ලස්සන රටක් හදන්න පුළුවන්....
hesaMonday, 03 June 2019 03:34 PM
අප්පෝ දැන් ඉන්න කට්ටිය නම් ආයේත් ඕනෙම නැහැ. ඔක්කොම එකයි.
DesapremiMonday, 03 June 2019 04:04 PM
දැන් අරාබියේ ඉන්න ලක්ෂ 16 ගෙන්නමු. අරාබි තෙල් එපා කියමු. උමාඔයට දුන්නු මුදල් ආපසු ගෙවමු. අපිට අරාබියේ මුකුත්ම එපා..
sasanka Monday, 03 June 2019 02:22 PM
ඕකට කියන්නේ අහිංසක දුර්නිරූපනය කියලා.
Sihala Monday, 03 June 2019 02:25 PM
ජය ශ්‍රී... මේක සිංහලයන්ගේ ජයක්.
de silva Monday, 03 June 2019 02:25 PM
මෙරට හදන්න නම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති රටම පිළිගන්න අවංක සාධාරණ උගත් මනුස්සයෙක් පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්කර රටේ ජනාධිපති කරගන්න ඕනේ , ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරවල , කලින් ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුණු හාමුදුරුවරුන් කතෝලික , හින්දු , සම්ප්රදායක් මුස්ලිම් වරුන්ගේ අශිර්වධය ඇතුව උගත් , වැදගත් බුධිමත් අවංක කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කල යුතුය , එතකොට මිනිස්සු ඔවුන්ට ඡන්දෙ දෙවි හොර දේශපාලකයෝ පාර්ලිමේන්තුවෙන් එලව දමාවි
KrissTuesday, 04 June 2019 05:10 PM
හරියටම හරි. ඒක තමයි වෙන්න ඕනේ. මම ඉන්නෙත් ඔය අදහසේමයි.
Kapil Monday, 03 June 2019 02:44 PM
ඕකම තමයි 1980 ගණන් වල වුනෙත්, කිසිදා අවි අතට නොගත් දෙමල නායකයින්ට පවා පාර්ලිමේන්තුවෙන් එළියට යනතැනට කටයුතු සැලැස්සුවා (ඔවුනුත් 100% ම නිවැරදි නැහැ තමයි). අන්තිමේදී දෙමළ ජනතාවට ප්රභාකරන් තමන්ගේ එකම ගැලවුම්කාරයා කියලා හිතන්න සිද්ධ වුණා. හැබැයි වතුකරයේ නායකයෝ (තොන්ඩමන් වගේ අය) තමන්ගේ ගැටළු පවතින ආණ්ඩුවට එකතුවෙලා විසඳාගත්තා. ඒ නිසා ප්රභාකරන්ට කවමදාවත් බැරි වුණා වතුකරයේ දෙමළ ජනතාව ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධ කරගන්න. ඒ නිසා අපි හැඟීම්බර වෙනවට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න ඕන වෙලාවක් මේක...
sharm warnTuesday, 04 June 2019 04:17 AM
කොටි සංවිධානය පටන් ගත්තේ 1980ට ගොඩක් කලින්... ශ්‍රී අකුරේ තාර ගාලා කොළඹට එව්වේ 56දී.. පොඩ්ඩක් ඉතිහාසය කියවලා බලන්න.
mp Monday, 03 June 2019 02:52 PM
යහපත් දෙයක්...
Chanak los angeles Monday, 03 June 2019 02:56 PM
මෙය යහපාලගේ ක්‍රියාදාමයක්... අගමැතිව හා ආණ්ඩුව වට්ටවන්න කරපු දෙයක්... ඒක නියමෙට පෙනෙනවා ඥාණසාර හාමුදුරුවෝ අගමැතිට එරෙහිව ගෙනියන්න හදන විරෝධය දකිනකොට. ඥාණසාර හිමි නිදහස් කර ගැනීමේ එක කොන්ත්‍රාත්තුවක් තමයි බලය පෙන්වා එලවාගන්න බැරිවුණු රනිල්ව එලවා දැමීම.. අපිත් කොහොම හරි පෙලගස්සනවා පාස්කු අනතුර දන්වා තිබියදී ඒ පිළිබඳව ක්‍රියා නොකළ යහපාලලා ඇතුළු සියලු දෙනාටම විරුද්ධව උපවාස කරමු...
BamunuarachchiTuesday, 04 June 2019 12:26 AM
ඔව් එ්ක අමුතුවෙන් කිවයුතු නැත. රටට නස්පැත්තිය ගෙනා මේ කාලකන්නි ආණ්ඩුව පෙරලා කුඩු පට්ටම් කර දැමිය යුතුයි. මේ රජය තියා ගැනීමට එක හේතුවක් තිබෙනවද? බැංකු මංකොල්ල කෑවා, රටේ ආරක්ෂාව නැතිකර ත්රස්තවාදයක් ඇතිකළා, අවුරුදු 10ක් සාමය තිබුණු රටේ නැවත බෝම්බ පුපුරන්න පටන් ගත්තා... ඒ හේතුවෙන් 270ක් පමණ ජීවිත නැතිවුණා.. රටේ සංචාරක ව්‍යාපාරය නැතිකර ලක්ෂ ගණනකගේ ජීවන මාර්ග නැතිකළා. තවත් මේ ආණ්ඩුව තියාගන්න ඕනේ කියන්නේ කවුද? මොවුන් මේ දක්වා රට කළ සේවය මොකක්ද?
Chanak los angelesTuesday, 04 June 2019 07:04 AM
ඔය මුස්ලිම් අන්තවාදය පෝෂණය කලේ සාටක පව්ලයි. ඒකට සාක්ෂි තමයි මුස්ලිම් පල්ලි 200ක් හදලා දුන්න කියපු සාටක බැසිල්ගේ කතාව. බැසිල් මේ වනතුරු වචනයක් කියා නැහැ. බැසිල් ඉන්නේ කාත්තන්කුඩියෙද බමුණෝ ? ආණ්ඩුවනම් පොඩිකරන්න ලැබෙන්නේ නැත ඔවුන් තනතුරු ඇත හැරියත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා කියා තිබෙනවා. අර නරියා බලන් හිටියලු වැටෙනකන්.
කසුන්Tuesday, 04 June 2019 12:30 PM
ලංකාවේ ප්‍රශ්නවලට අත නොදා ලොස් ඇන්ජලීස් වලට වෙලා පව් නොදී ඉන්නවද?
PA - RA Monday, 03 June 2019 03:02 PM
එදා ෂොපින් බෑග් එකේ රෙදි කැලි දෙක ගෙන බස් එකේ අපු කෙනා දැන් ටයි කෝට් ගෙන අධි සුකොපබෝගී වාහන, අති විශාල ඉඩම්, පැලස්, වල කොහොමද ගත කරන්නේ..? කොහෙන්ද මේ ධන නිධාන, සිංහල මනුස්සයෙක් එහෙම කළා නම් මොන කතන්දරද, උසාවි, දැඩි දඬුවම්, ගුවන් බලපත්‍ර අවලංගු කිරීම, දේපල රජයට පවරා ගැනීම මගේ අම්මේ මොන කතන්දරද?
athuraTuesday, 04 June 2019 03:22 AM
ඔය කතාව කිව්ව කෙනත් ඊට දෙවැනි නැහැ නේද?
BamunuarachchiTuesday, 04 June 2019 09:36 AM
කීව එක සිංහලයෙක් ඒකට ඊර්ෂ්‍යා කරන්න එපා. ඇපෙත් එක්ක වර්ජනයට එකතු වෙන්න.
බන්දුල Monday, 03 June 2019 03:03 PM
ග්‍රාමසේවක රාලහාමිගේ වැඩෙන් සියලුම මුස්ලිම් ඡන්ද එක්කර රනිල්ට ලැබුණු එකයි අන්තිම ප්‍රතිඵලය...
ජාලිය Monday, 03 June 2019 03:07 PM
මේ රනිල්ගේ තවත් උගුලක්. මාසයක් ගියාට පසේ නැවත මේ ඔක්කොටම ඇමතිකම් දෙනවා. මිනිස්සු ඕවට රැවටුණු කාලේ ගියා. මේ අයට දීලා තිබුණු සියලු අමාත්‍යාංශවලට පත්කරපු අයවත් අස්කරන්න ඕනේ... (සභාපතිවරු, අධ්යක්ෂවරු) මාසයක් ගියාට පස්සේ නැවත මේ අයව පත්කරන කොටත් බදුර්දීන්ට ඇමැති පදවියක් දෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. හැමදාම අපිව රවටන්න දෙන්න බැහැ.
athuraTuesday, 04 June 2019 03:23 AM
මොනවා වුණත් රනිල් පලි. සිංහලයන්ගේ එකමුතුකම...
lalith Monday, 03 June 2019 03:10 PM
දැන්වත් අර විල්පත්තුවේ වන විනාසේ නවත්වලා එ්ක කරපු පිරිස අත්අඩංගුවට ගත්තොත්?
Praba Monday, 03 June 2019 03:16 PM
රතන හාමුදුරුවන්ගේ උපවාසයත් ඔබතුමාලාගේ අස්වීමත් සාමාන්‍ය සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබාගැනීමට පෙන්වන නාටකයක ජවනිකා දෙකක්. කෑමට පාන් ගෙඩියත් හිඟා කන අපි හුරේ දමමින් අපේ කරපිටින් ඔබව බලය වෙත ගෙන යන්නෙමු. තව තවත් අපේ ඔලු මතට වර්චස් කරනු මැනවි.
Janahitha Monday, 03 June 2019 03:18 PM
මේ අය රාමසාන්වලට සූදානම් වෙන්නයි ඔය ලැහැස්තිය...
Pini Muwa Monday, 03 June 2019 03:21 PM
එඬෙරමුල්ලෙන් ආපු මොහොමඩ් ෆයිසර් මුස්තාපා කොහොමද?
Suneth Monday, 03 June 2019 03:25 PM
ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑලු. කොහොමද ඒක? ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය යටපත් කරන්න කරන වැඩක් මේක මට හිතෙන්නේ...
අනිල් Monday, 03 June 2019 03:39 PM
මාසෙකින් සිංහල හරක්ට අමතක වුණාම ආයෙත් ඇමැති හරියට කරුන්කානායක වගේ...
lalith Monday, 03 June 2019 03:40 PM
මෙතන තියන ප්‍රශ්නේ, මේ පිරිස මුස්ලිම් වුණු පලියට ශ්‍රී ලාංකිකයින් නොවේද යන්නයි. බෞද්ධයන්, හින්දුන් සහ කිතුනුවන් ශ්‍රී ලාංකිකයන්ය. දෙමල කතාකරන උතුරේ ජනතාව ශ්‍රී ලංකාවේ වෙසෙන වෙනමම ජාතියකි ඒ ද්‍රවිඩ ජාතියයි. නමුත් ඔවුන් ශ්‍රී ලාංකිකයින්මය. කිතුනුවන් යනු කිතුනු දහම අදහන ශ්‍රී ලංකික සිංහල හෝ ද්‍රවිඩ මිනිසුන්ය. ඔවුන් වතිකානු ජාතිකයන් නොවේ. නමුත් මුස්ලිම් ආගම අදහන්නවුන් ශ්‍රී ලාංකිකයින් නොවෙත්ද?
NUwanMonday, 03 June 2019 08:12 PM
නමුත් මුස්ලිම් ආගම අදහන්නවුන් ශ්‍රී ලාංකිකයින් නොවෙත්ද? කියලා අහන්නේ දැකල නැද්ද ක්‍රිකට් මැච් එක දවසට මුස්ලිම් පොඩි දරුවෝ පවා පකිස්තාන කොඩි ලෙලවනවා... හුරේ දානවා, ජය පතනවා පකිස්තාන කණ්ඩායමට. ඒවා බලල තේරුම් ගන්න නොවෙත්ද වෙත් ද කියලා.
ramsiMonday, 03 June 2019 11:55 PM
ඔවුන්ගේ ආගමද, නීතියද, ජිවන රටාවද, සියල්ලම කුරානයයි. එබැවින් ඔවුනට ලොවෙහි කොතැනක සිටියත් අවශ්‍යවන්නේ කුරානයට අනුව ජිවත් වීම් මිස එම රටේ නීතියට හෝ සංස්කෘතියට අනුව ජීවත්වීම නොවේ.
Brother Monday, 03 June 2019 03:46 PM
දැන් සතුටු ඇති... දේශපාලන කටු කන, අන්තවාදී වෛරය පතුරවන උදවියට. මෙකේ අදහස් බලනකොට ගොඩක් දුක හිතෙනවා ශ්‍රී ලාංකික ජාතිය ගැන.. මෙහෙම කුහක මිනිස්සු ඉන්න රටක්... කවදාවත්ම අපේ රට දියුණු වෙන්නේ නැහැ මෙහෙම පටු ආකල්ප තියන කොට... මෙහි අදහස් පලකරන සියයට 90ක්ම අන්තවාදීන්... බුද්ධියක් නැති මිනිස්සු. ප්‍රශ්නයක් විසඳාගන්න කිසිම බුද්ධයක් නැහැ. හැබැයි අවුලුවන්න හරි දක්ෂයි.
චමින්ද Monday, 03 June 2019 03:49 PM
කළුතර බෙහෙත් වලිනුත් ගසා කාපු නාමික සිංහල තාත්තායි පුතායි ඔය එක්කම අස්වුණා නම් රටට කොච්චර හොඳයිද?
රජින්ද Monday, 03 June 2019 03:50 PM
ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වේ.... පක්ෂ-පාට වලට බෙදී ඉරිතැලී ගිය මාතෘ භුමිය දැන් නිවැරදි මාර්ගයට එමින් තිබේ. දේශපාලන ගොහොරුවේ සිටිනා පර පණුවන්ට සිංහලයා එකම අරමුණක් ඇතිව එක පොදියකට එක්වෙනවා දකින්නට අකමැතිය... එහෙයින් ඉදිරි කාලයේ අපි හැමෝම ප්‍රඥාවෙන් කටයුතුකළ යුතුය. අපව පක්ෂ-පාට වලට බෙදා පාලනය කිරීම දේශපාලකයන්ට පහසුයි. 21වෙනිදා මියගිය ප්‍රාණ පරිත්‍යාගී ආත්මයන්ට සිංහල ජාතිය එක් කිරීමේ පින අනුමෝදම් වේවා...!!! මීළඟ කවර මැතිවරණයක් පැවතුණත් සංඝයා වහන්සේලාගේ කැමැත්ත සහ උන්වහන්සේලා රට-ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කරන කවර හෝ ප්‍රතිපත්ති වලට කොන්දේසි විරහිතව එකඟතාවය පලකරන සිංහල බෞද්ධ ජාතිකවාදී පිරිමියාව මේ රට අතිශය සිංහල ඡන්දවලින් දිනවිය යුතුයි. ඉදිරි කාලය අපි සිංහලයින් වශයෙන් සමගි සම්පන්නව බොහොම අවධියෙන් සිටිය යුතු කාලයකි. හැකිතාක් පන්සල් සහ පූජ්‍ය උතුමාණන් සමග ගතකරන කාලය වැඩි කරන්න. එවිට ළඟ එන අනතුර හදුනා ගැනීම පහසු වනු ඇත.
ධනුෂ්කTuesday, 04 June 2019 12:21 AM
ඔබ කියන විදියට යහපත් පාලකයන් පත්වෙනවා නම් ලොකු දෙයක් නමුත්... අවසානයට වෙන්නේ මොකද්ද දන්නවද? යුද්ධය විකුණාගෙන අවුරුදු 10ක් රටේ රීරි මංශත් එක්ක උලා කෑවා. දැන් අන්තවාදය විකුණගෙන ඉතිරිවෙච්ච අැටකටු ටිකත් කාලාදායි ඊළඟට එන අය. අපේ පාලකයිනුත් එහෙමයි. අවුරුදු 10ක් විතර යනකොට ජනතාවට එ්ක තේරිලා පඹයෝ ටිකකට අවුරුදු 5කට රට බාරදෙයි. නැවතත් අවුරුදු 10ට හොරු ටිකක් එයි.
athuraTuesday, 04 June 2019 04:08 AM
ඔය ඔක්කොම කතා ඇත්ත මහත්මයා හැබැයි අපේ පාලකයෝ දළදා මාලිගාව ඉස්සරහ දිවුරලත් ඒ කියපු දේ මතක නැතුව වගේ වැඩ කල උදවිය ඒකයි තියන ගැටලුව.
බද්රානි Monday, 03 June 2019 04:13 PM
අනුවණ සිංහල පාලකයන් තරම් මුස්ලිම් දේශපාලකයන් මෝඩ නැහැ. ඔවුන්ගේ එකමුතුකම තමයි ඔය පෙන්වා තිබෙන්නේ. ඔය කියන මතභේදාත්මක තනතුරු එක පෑන් පහරින් අවලංගු කළහැකිව තිබියදී, රටම කෝලම් මඩුවක් කරමින් නිහීන රංගනයක යෙදෙන සිංහල බෞද්ධ නායකයෙක් විධායක ජනාධිපතිකම් කරන රටක වෙසෙන ජනතාවටම ඇන්න හොඳ ටොක්කක් තමයි මේ... ඔවුන් විවිධ පුද්ගල චරිත වූවාට, ඔවුන්ගේ අරමුණ එ්කයි. අබ්දුල් රාසික් නමැති ත්රස්තවාදියා තවමත් නිදැල්ලේ... අබ්දුල් රාසික්ලා ටොකු විතරක් ඇනලා නවතින එකක් නැහැ. සිංහල පාලකයන්, ආරක්ෂක අංශ, මාධ්‍යවේදියෝ ඇයි ඒ ගැන නිහඬ?
Kumara Monday, 03 June 2019 04:19 PM
අනේ ඔය විදිහට 225 ඉතිරි කට්ටියත් හිතුවානම්...
wathsala Monday, 03 June 2019 04:22 PM
හරි වැදගත් විදියට ඒ තීරණය ගත්තා. නැත්නම් හෙට තව කට්ටිය ගැන කියලා පිකටින් කරාවි. ඔය විදියට වෙච්ච එක හොඳයි. මේ දේවල්වලින් තැලෙන්නේ පොඩිවෙන්නේ එදාවේල හම්බ කරන් කන මිනිස්සු... අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා. කාගෙවත් හව්හරණක් නැහැ...
සෙනෙවි Monday, 03 June 2019 04:29 PM
මුස්ලිම් අැමතිවරුන්ගේ ක්‍රියාව අගය කරන්නෙමු. යම්හෙයකින් රතන හිමියන්ට කරදරයක් වුවහොත් රට ගිනිගනු අැත. අසූතුනේ සිදුවූ දෙය නැවත සිදු නොවිය යුතුය. මෙහි කමෙන්ට්ස් කළ බොහෝ දෙනා හැඟීම් වලට ඉඩදී අදහස් ප්‍රකාශ කර අැත.
dickie bird Monday, 03 June 2019 04:31 PM
ඇයි? පාර්ලිමේන්තුවේ ආසනත් අත්හරිනු. මේ ඔක්කොම එක වල්ලේ පොල්.
athuraTuesday, 04 June 2019 04:09 AM
දෙමළ අයත් ඕක කරන්න ඕනෑද?
Dayana Monday, 03 June 2019 04:55 PM
ඉතින් අපිට පාන්ද ඔයගොල්ලො අස් වුණා කියලා...
Amila Monday, 03 June 2019 04:58 PM
ආසන ක්‍රමයට පාර්ලිමේන්තු ඡන්ද තිබුණා නම් මේ සුලු සුලු පක්ෂ පාර්ලිමේන්තු එන්නේ නෑ මෙච්චර.. හැම ආණ්ඩුම ඉන්පසු අඩු වැඩි වශයෙන් සුලු පක්ෂ වලට දුන්නා වූ අසීමිත බලතල ආණ්ඩු රැකගන්න. අරයගේ නාට්‍යය නිසා අන්තිමට මේ ඔක්කොම එකගොඩට තල්ලු වෙලා...
chandima Monday, 03 June 2019 05:20 PM
එක වතාවක් කොන්ත්රාත්කාරයෙක් අවුරුදු 30ක්ම රට අවුල් කළ එක විනාශ කරන්න නොදී රනිල් ලෝකේ වටේ ගියා. අන්තිමේ මිනිහ ඝාතනය කළා කියල මහින්දට යුද අපරාධකාරයා කිව්වා. මේ පාර කොන්ත්‍රාත් එක භාරදීපු කට්ටිය ආණ්ඩුවෙන් එළවන එක නවත්වන්න රනිල්ටයි... එයාගේ ගෝලයින්ටයි තිබුණේ පුදුම උණක්... අන්තිමේ රතන හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න ඒක කරපු එක හොඳයි. මෛත්‍රී එ්ක කළානම් රනිල් අායෙත් නැට්ට ගිනි ගත්තු හනුමා වගේ ලෝකේ වටේ යනවා... මෛත්‍රීට විරුද්ධව ජාතිවාදී හංවඩුව ගස්සන්න මචන්ලට කියලා. අඟේ ඉඳන් කණ කන විත්තිය ඉන්දියාවත් නොදැන ඉන්නවා නොවෙයි. ළඟදීම ලංකාවේ හාමුදුරුවරුන්ට විරුද්ධව ම්ලේච්ඡයන් කියාගෙන අර නෑඹිලි විදේශ ඇමතියා ලෝකේ වටේ යවයි. හූනා කිව්වා වගේ බලන්න. අන්තිමේ මීළඟට එන කෙනාව ආණ්ඩුව කරගෙන යන්න දෙන්නෙත් නැහැ. රටටම කරුමයක් අප්පා....
Wije Monday, 03 June 2019 05:20 PM
ජාතිවාදය, අන්තවාදය ජයටම වපුරයි. එක්සත්ව නැගී සිටින්නට කාගේවත් අදහසක් නැති පාටයි. මේකේ අදහස් ටික දැක්කම ඔක්කාරයට එනවා. කාඩ්බෝඩ් වීරයෝ පිරිලා. ලැජ්ජයි ශ්‍රී ලාංකිකයකු හැටියට.
AmalMonday, 03 June 2019 08:16 PM
එක්සත්ව නැගිටින්නේ කොහොමද අන්‍ය ආගමිකයෝ මරන්න කඩු පල්ලිවල හන්ගන් ඉන්න, නුපන් දරුවෝ අම්මට හොරෙන් මරණ දොස්තරලා ඉන්න ජාතියක් එක්ක? ඒ ගැන එළිපිට කතාකරන එකද ජාතිවාදේ, අන්තවාදේ.?
ramsiMonday, 03 June 2019 11:49 PM
එහෙනම් ඔයාම කියන්නකෝ විසඳුම?
BamunuarachchiTuesday, 04 June 2019 12:43 AM
ඔහේ මොන විහිලු කතාවක්ද කියන්න? එක ජාතියකට පමණක් එක්සත්ව නැගීසිටින්න පුලුවනිද? අපි මොන පැත්තෙන්ද හිනාවෙන්න ඕනේ. ඔබේ ඔය කතාවට අපිට ලැජ්ජයි.
BamunuarachchiTuesday, 04 June 2019 10:03 AM
කට්ටියක් රටින් කෑල්ලක් ඉල්ලනවා. තව කට්ටියක් රටම මුස්ලිම් කරන්න හදනවා. නැගෙනහිර මුස්ලිම් බලප්‍රදේශයක් කරන්න කියනවා. ඔබ එක්සත්ව නැගීසිටින්න හදනවා.
athuraTuesday, 04 June 2019 04:14 AM
සහතික ඇත්ත කතාව මහත්මයා. ඒ කාලෙ දෙමළට විරුද්ධව මේ කාලේ මුස්ලිම්ලාට විරුද්ධව හැමෝම එක රටක් විදිහට හිතලා කවද්ද අපි මේ ආදරණිය රටේ දියුණුවක් දකින්න...
nilan Monday, 03 June 2019 07:53 PM
ඔය පෙන්නන හදන්නේ සියලුම මුස්ලිම් ජනතාවට මහා ජාතිය එරෙහි කියලා. මුස්ලිම් අයව එකතු කරන්න තමයි මේ තීරණය ගත්තේ එතකොට ඊළඟ ඡන්දෙදෙදි ඔක්කොම මුස්ලිම් ඡන්ද මේ අය හරහා රනිල්ට ලැබෙන්නේ..
Bandara Monday, 03 June 2019 10:18 PM
මෙය තවත් එක සන්දර්ශනයක් පමණි.....
ramsi Monday, 03 June 2019 10:48 PM
චෝදනා ලබපු තුන්දෙනා අයින්කරන්න කිව්වම ඔක්කොම අයින්වෙන්නේ ඇයි.
lakvidu Monday, 03 June 2019 11:51 PM
අපේ පැත්තේ බල්ලෝ එක එකා මරාගන්න හැදුවත් , තලගොයා පස්සේ එලවනකොට උන් ඔක්කොම එකතුවෙනවා.
ramsi Monday, 03 June 2019 11:56 PM
ඔවුන්ගේ ආගමද, නීතියද, ජීවන රටාවද, සියල්ලම කුරානයයි. එබැවින් ඔවුන්ට ලොවෙහි කොතැනක සිටියත් අවශ්‍ය වන්නේ කුරානයට අනුව ජීවත්වීම් මිස එම රටේ නීතියට හෝ සංස්කෘතියට අනුව ජීවත්වීම නොවේ. එතැනදී ඔවුන් සියලුදෙනාම එකමුතු වේ.
sri lankan Tuesday, 04 June 2019 12:21 AM
කොහේ හිටියත් වැරදි කරපු අයට දඬුවම් ලබයි. වැරදි කළොත් දඬුවම් විඳින එක ලෝකේ නීතියක්...
Gamage Tuesday, 04 June 2019 12:35 AM
සිතන්නට යමක්... මෙම ඡායාරූපවලට අනුව මෙතන අාණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරු 20ක් පමණ සිටිනවා. විපක්ෂයේ මුස්ලිම් අයත් එක්ක අඩුම තරමේ ඔක්කොම 25ක් වත් අැති. එනම් 225න් 25ක් වත් මුස්ලිම් නියොජිතයින්ය. ඔවුන් එකතු වෙලා තම ජාතියට යුතුකම් ඉටුකරත්, සිංහල නියෝජිතයන් බෙදී වෙන්වී තම ජාතිය වෙනුවෙන් පෙනී නොසිටීම සිංහලයින්ගේ පිරිහීම බව තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.
Fz Tuesday, 04 June 2019 02:11 AM
වීරයෝ...
krishantha Tuesday, 04 June 2019 02:32 AM
කලිනුත් කොමිසමකින් වැරදිකාරයෙක් වෙලාම ඇමතිකම දාලා ගිය කෙනෙක් හිටියා... එයා දැන් ඇමති කෙනෙක්... ඒ විතරක් නෙමේ, එයා වෙන කොමිසම් වලට ඇවිත් රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නත් අහනවා. රෙදිත් ඇඳගෙන...
Keppetipola Tuesday, 04 June 2019 02:35 AM
මේ මුස්ලිම් ඇමතිවරු එයාලගේ කටින්ම කියන්නේ ඒ අය නියෝජනය කරන්නේ මුස්ලිම් ජාතිකයන් කියලයි. එ්කෙන්ම තේරෙනවා මේ මුස්ලිම් ඇමතිවරු තමයි ලංකාවේ ඉන්න ජාතිවාදීන්, ආගම්වාදීන් සහ අන්ත වාදීන් කියලා. රටේ එහෙම එක ජාතියක් විතරක් නියෝජනය කරන ඇමතිවරු ඉන්න පුලුවන්ද? රටම විනාශ කරන්න මුස්ලිම් අන්තවාදීන් ආයුධ එකතු කරන කම් මොවුන් උඩ බලාගෙන හිටියා මෙච්චර කල්. වැඩේ වැරදුණාම දැන් බොරුවට රඟපානවා... තොත්ත බබාලා වගේ... රිෂාඩ් බදුර්දීන් එයාගේ ඇමතිකම පාවිච්චි කරලා තනිකරම බිස්නස් කරන්න මගපාදලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට විතරයි...
BamunuarachchiTuesday, 04 June 2019 04:29 AM
ඔය ටික නොතේරෙන පාදඩ සිංහලයන් කොපමණ ඉන්නවද?
Asanka Tuesday, 04 June 2019 02:46 AM
ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සියයට සියයක් මුස්ලිම් ඡන්ද වලින්ද? ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද? ඒ තුළ ජාතිවාදය නැද්ද? අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවද?
Janahitha Tuesday, 04 June 2019 02:52 AM
මෙතන ඇත්තේ ජාතිවාදය නොවේ. අපි කුඩා කාලයේ අපේ කුඩා නගරයේ වැඩිහිටි මුස්ලිම් ජනතාවට අපි සැලකුවේ අපේ වැඩිහිටියන් වගෙයි. සමවයසේ අය අපේ සහෝදරයන් වගෙයි. එ්ත් මෙය වෙනස් කලේ ඒ අයගේ පසු පරපුරයි. මම හිතන්නේ අපේ කාන්තාවන් රවටාගෙන විවාහ කරගෙන ඒ අය ඔවුන්ගේ ආගමට හරවා ගත්තත් ඔවුන්ගේ එකම කන්තාවක්වත් සිංහල මිනිසුන් සමග විවාහවෙලා නැහැ. මගේම නෑදෑයෙක් එහෙම රවටගෙන ගොස් තිබෙනවා. කුපිත කලේ ඒ අය මිස සිංහල අය නොවෙයි...
Rizan Tuesday, 04 June 2019 02:54 AM
ලංකාවේ අය දියුණු ජාතින් වගේ මානසික දියුණුව ලබා නොමැති බව මෙහි සඳහන් අදහස්වලින් පැහැදිලි වෙනවා. මානව හිමිකම් සහතික වන සහජීවනයක් ලංකාවේ කවදාවත් බලාපොරොත්තු විය නොහැකිය. එසේ වන්නට මේ රට කවදාවත් දියුණු රටක් බවට පත් වන්නේ ද නැත.
p.d goonawardena Tuesday, 04 June 2019 03:24 AM
ලිඳේ වතුර බීලා.. ලිඳේ වතුර නාලා.. ලිඳට ගල් ගසාලා.. වතුර බොර කරයි නානා.. වතුර බොර කරයි..
BamunuarachchiWednesday, 05 June 2019 01:05 AM
වතුර බොර කෙරිල්ල වානා.
indika Tuesday, 04 June 2019 03:27 AM
බොරු නොකර හැමදාම ඔයවිදියට එළියේ ඉන්න. උඹලා නැතුව ආණ්ඩුව කරන හැටි ඊළඟ පාර බලපල්ලා. දැන් සිංහලයන් එකමුතු වෙලා හරි නායකයෙක් පත් කරගන්නවා...
Sana Tuesday, 04 June 2019 03:29 AM
මේවා හොඳ පාඩම් සිංහලයින්ටත්, කබීර් හෂීම්, මරික්කාර් වැනි මුස්ලිම් දේශපාලකයින්ට ඡන්දය දුන්නු සිංහලයින් ඕනෑතරම් ඉන්නවා මම දන්නවා... දෙන එයාලා නියෝජනය කරන්නේ ඔවුන්ට ඡන්දේ දුන්න ප්රාදේශිකයන්ද නැත්නම් මුස්ලිම් ජාතිකයන්ද? ජාතික දේශපාලනයේ යෙදෙන පක්ෂවලට මේක හොඳ පාඩමක්..
senuri Tuesday, 04 June 2019 03:37 AM
මහින්දගේ පිලේ ඉන්න මුස්ලිම් අය අස්වෙන්නේ නැද්ද? එතකොට ජනාධිපතිගේ පැත්තේ ඉන්න අයත් ගියොත් තමයි හොඳ... එකතු වෙයල්ලා...
RaveendraTuesday, 04 June 2019 08:20 AM
මොකක් කිව්වා... ලාහෙට ගෙම්බො එකතු කළා වගේ තියේවි...
Gayan Tuesday, 04 June 2019 04:36 AM
මංගලත් රාජිතත් ඔය එක්කම යන්න.. යවන්න කලින්...
MP Tuesday, 04 June 2019 04:56 AM
බුදුපියාණන් වදාළ විදියටම අත්හැරලද? අතහැරීම ඉතා යහපත්ය...
BamunuarachchiTuesday, 04 June 2019 09:38 AM
නැහැ... පස්සට පයින් ගැසුවාම අතේ තිබුණු දේ විසඳුණා.
Nuwan Tuesday, 04 June 2019 05:52 AM
ලංකාවේ ඉන්න බබ්බු තමා මේ... දැන් ඔතන එක්කෙනෙක් කිව්වනේ අර වනාතවිල්ලුවෙන් අල්ලපු අයව බේරාගත්තේ ඉහල දේශපාලුවෙක් කියලා පොලිසිය අය ප්‍රශ්න කරන්නේ නැත්තේ ඒ ගැන? ඒ වගේම අර අනිත් කෙනාගේ වීඩියෝවක් තිබුන විනිසුරුතුමන්ට බලපෑම් කරපු ඒකට නීති සංගම් මුකුත් කොරන්නේ නැද්ද?
vipula Tuesday, 04 June 2019 06:08 AM
දේශපාලන ගේම් නවත්තල වැරදි කරුවන්ට නිසි දඩුවම් දෙන්න... මාසෙකින් අයෙත් සුද්දකරලා ඇමතිකම් ටික බෙදාගන්නේ නැතිව... නිර්ව්‍යාජ නායකයින් සේ හැසිරෙන්න ...
maaraya Tuesday, 04 June 2019 06:35 AM
බදුර්ධින්ගේ විශ්වාශභංගය යට ගැසීම සහ ආණ්ඩුවේ පරාජය සාර්ථකව මැඩපවත්වාගැනීම හුදෙක් සිංහලයා නොදැන අන්දා ගැනීමකි.
pat Tuesday, 04 June 2019 07:17 AM
අනේ කරුණාකර මට එක රටක් කියන්න මුස්ලිම්වරු අනිත් අය සමග රණ්ඩු නොකර සහයෝගයෙන් ඉන්න රටක්
samantha Tuesday, 04 June 2019 08:51 AM
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ. හොරාට අන්තවාදයට උඩගෙඩි දුන්න සියල්ල හෙලිවුණා. ජනතාව ඉල්ලා සිටියේ අන්තවාදයට උඩගෙඩි දුන්න එවුන්ට ඉල්ලා අස්වෙන්න. එ්කට ප්‍රතිචාර වශයෙන් සියල්ලන්ම ඉල්ලා අස්වුණා යනු ඔවුන් සියල්ලම මෙම අන්තවාදයට කුමන හෝ අයුරකින් සහයෝගය දී ඇති බවයි.
Ramsi Tuesday, 04 June 2019 09:58 AM
අර රිසාන් මහත්තයා කියන මානව හිමිකම් රකින දියුණු ජාතීන් ඉන්නේ සෞදි අරාබියේද? දන්නේ නැති නිසයි අහන්නේ...
jaanaki Tuesday, 04 June 2019 10:51 AM
සමහර සියලුම ආගමික පිරිස්... චරිත වෙන්න දඟලන රඟමඩලක් වෙලා ශ්‍රී ලංකාව... කරුමෙක මහත... සමගිය සංහිඳියාව වල් වැදිලා
kamal Tuesday, 04 June 2019 10:53 AM
මේ වෙලාවේ සමහර පූජකවරුන් කියන කරන වැඩ දකිනකොට බුද්ධිමත් ජනතාව තුෂ්නිම්භූත වෙනවා..
BamunuarachchiWednesday, 05 June 2019 12:55 AM
බාගෙට කතා නොකර කෙලින් කියන්න මේ වෙලාවේ පූජකයින් මොනවාද කලයුත්තේ කියලා? අපේ හාමුදුරුවෝ කලේ එයාට කරන්න පුළුවන් අවිහිංසා සටන.
jayantha Tuesday, 04 June 2019 11:14 AM
මේ තොයිල් නටන බයිලා කියන වැඩ්ඩෝ වෙන්න සිනමා දාන හැම පූජකවරයෙක්ගේම යටි අරමුණක් ඇතිබව පැහැදිලියි.. මුදල් හුවමාරුවෙලාද නොදනී... නොයෙක් දේවල් දෙන්නම් කියා පොරොන්දු වෙලා දෝ මන්දා මෙහෙම හැසිරෙන්නේ...