IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘මුස්ලිම් කැමැත්ත නැතුව ඒක කරන්න බෑ‘

උතුරු නැගෙනහිර පළාත් ඒකාද්ධ පාලන කලාපයක් ලෙස පැවතීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දක්වන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් එම පළාත් දෙක ඒකාබද්ධ විය යුත්තේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ එකඟතාවකින් යුතුව බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන්   පැවසීය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වේලායුදන් දයානිදි හෙවත් දයා මාස්ටර් ට එරෙහිව වව්නියාව මහාධිකරණයේ විභාග වන නඩුවේ දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ අදහස් පළ කළේය.

2010 වසරේ සිට දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන්හි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවතිය යුතු යැයි ඍජුවම සදහන් කර තිබෙන බවත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් හෙතෙම කීවේය.

මේ දෙපළාත ඒකාබද්ධව පැවතීම සම්බන්ධයෙන් මුලින්ම කතාබහට ලක්වූයේ 1957 බන්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් බවද කීය.

මෙම පළාත් ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ බහුතර කැමැත්ත ඕනෑ බවත් මුස්ලිම් ජනතාවටද සම අයිතිය හිමි විය යුතු බවත් කී සුමන්තිරන් මහතා 25 වසරක් පුරා උතුරු නැගෙනහිර පළාත්හි අමානුෂික සිදුවීම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සැකයෙන් බලා සිටින බවද කීය

දෙමළ භාෂාව කතාකරන ජාතියක් වශයෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව සමග එක්ව  ජීවත් වීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද මන්තී‍්‍රවරයා සදහන් කළේය.

 



අදහස් (0)

‘මුස්ලිම් කැමැත්ත නැතුව ඒක කරන්න බෑ‘

සහන Thursday, 29 September 2016 06:53 AM

ඔය යුද්ධය තිබුන කාලේ මුස්ලිම් ජනතාවට යාපනයෙන් පැයෙන් පිටවෙන්න කිවුවේ කවුද කියලත් අපිට තවම මතකයි. (නි)

:       0       0

සජී Thursday, 29 September 2016 07:04 AM

කුඩම්මාගේ සැළකිලි සිංහලයන්ට පමණද? (නි)

:       0       0

අචිනි Thursday, 29 September 2016 08:38 AM

ඕකට මුස්ලිම් ජනතාව කැමති වෙන එකක් නැහැ. (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 29 September 2016 08:44 AM

දෙමල මුස්ලිම් ප්‍රජාවගේ විතරක් නොවෙයි මේ රටේ බහුතරය වන සිංහල ප්‍රජාවගේත් කැමැත්ත අත්‍යාවශ්‍යයි ඔය සංශෝධනයට. ඒ සඳහා දැනට යෝජනා වෙලා තිබෙන පරිදිම දීප ව්‍යාප්ත ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. (බ)

:       0       0

බමුණු Friday, 30 September 2016 02:50 AM

කලින් එකතු කරපු එකට මොකද වුණේ. එකම තමයි නැවත වෙන්නේ.(ම)

:       0       0

දිමුත් Thursday, 29 September 2016 09:20 AM

මුස්ලිම් මිනිස්සු කැමති නැහැ. ඇයි නැගෙනහිර සිංහල මිනිස්සු? (ර)

:       0       0

රාමා Thursday, 29 September 2016 09:31 AM

නැගෙනහිර සිංහල ජාතියේ කැමත්ත අවශ්‍ය නැද්ද.? (ර)

:       0       0

වින්සන්ට් Thursday, 29 September 2016 09:43 AM

උතුරේ කැමැත්ත, නැගෙනහිර කැමැත්ත, දකුණේ කැමැත්ත සෙවීම මහා මිනිස් ඝාතනයකට හේතු වූ බව මේ දේශපාලකයන් තවමත් තේරුම් නොගැනීම රටේ අවාසනාවකි. ශ්‍රී ලාංකිකයන්ගේ රට " ශ්‍රී ලංකාව" බවත්, සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවත් කියන්නට මිස තමන්ගේ පැවැත්ම සඳහා බඩගෝස්තරය නිවා ගැනීමට පමණක් කටයුතු කරන දේශපාලකයන් ගැන ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (ර)

:       0       0

සරත් Thursday, 29 September 2016 11:12 AM

මොනවත් ඕනේ නැහැ. ජාති අනුව පළාත් වෙන්කරන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 67 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 209 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 45 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 326 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 895 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 945 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site