IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මුස්ලිම් තානාපති සිංහල පාසලට ගොඩනැගිල්ලක් දෙයි

ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික  විදුහලේ  පොල්අතු මඩුව වෙනුවට නව ගොඩනැඟිල්ලක්  ඉඳිකර දීමට  ඉරානයේ  ශ්‍රී ලංකා තානාපති පයිසාල් රසීම් මහතා  ඉදිරිපත් වී සිටියි.

ඉරානයේ සිටින තානාපතිවරයාගේ ඉල්ලීම අනුව විදුහල්පති ,ගලේවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රී දුමින්ද  බණ්ඩාරනායක මහතා හා මව්පියෝ එක්ව ගෙපළ කපා නව  ගොඩනැගිල්ලට අද (14) මුල්ගල් තැබුහ.

ලංකාදීපයේ හා ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් තමන් මෙම පුවත දැක කම්පා වී කඩිනමින් නව පන්ති කාමරයක් ඉදි කරන බව ශ්‍රී ලංකා ඉරාන තනාපතිවරයා එරට සිට ලංකාදීපයට දුරකතනයෙන් දැනුම් දුන්නේය.

 

20 22 23

 

 



අදහස් (0)

මුස්ලිම් තානාපති සිංහල පාසලට ගොඩනැගිල්ලක් දෙයි

සිල්වා Monday, 14 July 2014 11:43 AM

ජාතිවාදී ලේබල් ගසාගෙන සියලුම දේවල් වලට බොරුවට කෑගසන්නන්ට හොඳ ආදර්ශයක් (නි)

:       0       0

මහීපාල Monday, 14 July 2014 11:43 AM

දැන්වත් අපේ අයගේ ඇස් ඇරෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සේනක Monday, 14 July 2014 11:43 AM

ඔබතුමාට පින්! (නි)

:       0       0

සිරිසේන Monday, 14 July 2014 11:44 AM

මෙතුමා ජාතිභේද නොබලා සියල්ලන්ටම උදවු කරන කෙනෙක් (නි)

:       0       0

කනිෂ්ක Monday, 14 July 2014 11:50 AM

තමන්ගේ රාජකාරිය හරියට කරනවා වෙනුවට කටින් බතල හිටවන උදවියට දැන් කට ඇරිලා ඇති. මට බය මේ සද්කාර්යයට ලෙඩක් අදීවිද කියලා. (අ)

:       0       0

හුසේන් Monday, 14 July 2014 12:08 PM

ලංකාවේ ගොඩක් පාලම්, පාරවල්,ව්‍යපෘති කරලා දීල තියෙන්නේ හෝ ඒවාට පොලී නැති නය දීල තියෙන්නේ ඉස්ලාමීය රටවල්. ඉතින් අපේ උදවිය ඒවායින් පල ප්‍රයෝජන ගන්න ගමන්ම ඒ අයට බනිනවා, ගරහනවා. (අ)

:       0       0

සිරිසේන Monday, 14 July 2014 12:10 PM

මෙතුමා පොදිගහන්න හම්බ කරන කෙනෙක් නෙමෙයි. මේ අතින් ගත්තොත්, අනෙක් අතින් දෙනවා (නි)

:       0       0

ශාන්ත Monday, 14 July 2014 12:25 PM

මම දන්නා තරමට ප්‍රදේශ කිහිපයක මෙතුමා බුදු මැදුරු කිහිපයක්ද හදා තිබෙනවා. (නි)

:       0       0

අජිත් Monday, 14 July 2014 12:36 PM

රියලිටි වැඩසටහන් වලට වැයකරන කෝටි ගාණක මුදල් මෙන්න මේ වගේ යහපත් වැඩකට යට කළා නම් දහස් ගාණක් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා (නි)

:       0       0

ජිනාල් Monday, 14 July 2014 12:45 PM

බුද්ධිමත් අය මුදල් වියදම් කරන්නේ රටට දැයට ප්‍රයෝජනයක් වෙන විදියටයි. (නි)

:       0       0

ෂෙහාන් Monday, 14 July 2014 12:53 PM

අමල් ඔයා නොදන්නවා උනාට ක්‍රිකට් කෝටිපතියෝ ලංකාවේ ගොඩක් සමාජ සේවා කරනවා නමුත් මාධ්‍ය සංදර්ශන තියල නෙවි කරන්නේ (අ)

:       0       0

නිලානි Monday, 14 July 2014 01:19 PM

කොච්චර උතුම් දෙයක්ද? (නි)

:       0       0

චාමර Monday, 14 July 2014 01:25 PM

මොනතරම් උතුම් සිතක්ද? (නි)

:       0       0

නිසාර් Monday, 14 July 2014 01:29 PM

බමුණු, ඔයා ඇත්ත තේරුම් ගන්න (නි)

:       0       0

අනුර Tuesday, 15 July 2014 10:01 PM

"95% බෞද්ධයන් සිටි බුරුමයේ දැන් බෞද්ධයන් සිටින්නේ 45% පමණයි. මේ වෙනස සිදු උනේ අවුරුදු 60 ඇතුලත" බුරුමයේ 80% බෞද්ධ. මුස්ලිම් 4% පමණයි. (ස)

:       0       0

අනිල් Monday, 14 July 2014 01:30 PM

කුහකකම් පැත්තකට දමා මේ යහපත් ක්‍රියාව අගය කරමු. (නි)

:       0       0

ශාන්ත Monday, 14 July 2014 01:41 PM

සුනාමි ගම්මාන සැදීමටත් මෙතුමා මුල්වෙලා ක්‍රියාකළා නේද? (නි)

:       0       0

සුනිල් Monday, 14 July 2014 01:53 PM

බමුණු මහතා, මේ පින් අතේ වැඩේ අගය කරන්නකෝ. කවුරුවත් ඉදිරිපත් වුණේ නැති දෙයකට නේද මේ තානාපතිතුමා අතගැහුවේ? (නි)

:       0       0

අමිල Monday, 14 July 2014 01:57 PM

අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ මේ වගේ අයයි. (නි)

:       0       0

කාන්තිලතා Monday, 14 July 2014 01:58 PM

ලංකාවට උදව්වට ඉන්නේ මුස්ලිම් රටවල් පමණයි. (නි)

:       0       0

කුෂාන් Monday, 14 July 2014 02:25 PM

ලංකාවේ දරු පරපුරටම ආශිර්වාදයක් නේද? (නි)

:       0       0

ටෙනිසන් Monday, 14 July 2014 02:32 PM

තානාපතිතුමාගේ වැඩේ බොහොම ඉහළින් අගයකරනවා. ඔහුට බොහොම පින්! මෙහි තිබෙන අදහස් 95 % ක් පමණ ඉතාම හොඳින් මේ කාර්යය අගය කර තිබෙනවා. එයටත් සතුටුයි. (නි)

:       0       0

යසා Monday, 14 July 2014 03:02 PM

කට්ටියට ඇත්ත තේරුම් ගන්න තව කාලයක් යාවි (නදී)

:       0       0

ෂපීක් Monday, 14 July 2014 03:20 PM

බොහොම හොද වැඩක්. අපිත් පිට රට ඉදලා මාතර පාසැලකට තට්ටු 2 ක ගොඩනැගිල්ලක් දුන්නා 2008 දි. කිසිම දේශපාලඥයෙක් සම්බන්ද කරගත්තේ නැහැ. වැඩේ ඉවර කරලා උත්සව නොගෙනම ගොඩනැගිල්ල පාසලට බාරදුන්නා. අපි හැමෝටම එකතු වෙලා මේ ආකාරයට රටට යමක් කරන්න පුලුවන්නම්. (නදී)

:       0       0

නිම්මි Monday, 14 July 2014 03:26 PM

රටේ ජීවනාලිය බඳු අපේ ළමා පරපුරට විදු නැණ ලබන්නට සෙවනක් ලබා දීමෙන් ඔබ ලබන උතුම් වූ පුණ්‍ය ශක්තිය ඔබේ දූ දරුවන්ටද ආශිර්වාදයක් වේවා! (නදී)

:       0       0

සාමා Monday, 14 July 2014 03:46 PM

අරුණ, බමුණු මොකක්ද ඔයාලට තියෙන අමාරුව. ඔය වගේ අය නිසා තමයි ලංකාව කවදා හරි පිරිහෙන්නේ. බමුණු මහතාණෙනි ජනගහනය වැඩි වෙනවා වලක්වන්න කියමු බලන්න හොඳ උපක්‍රමයක්. වැඩි අය මරලා දාමුද? (නදී)

:       0       0

කසුන් බුද්ධි රණවීර Monday, 14 July 2014 04:08 PM

මේ මොනවද කියන්නේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ (නදී)

:       0       0

අහිංසා Monday, 14 July 2014 04:34 PM

රටට දැයට ආදරය කරන හොඳ පුරවැසියකුගේ උතුම් පරිත්‍යාගයක්.ඔය පාසල විවුර්ත කරන්න ඒ මහත්මයාටම ආරාධනා කරන්න.(අ)

:       0       0

පද්මිණි Monday, 14 July 2014 05:03 PM

ලංකාව නියෝජනය කරන මෙවන් තානාපති වරුන් අපේ රටට් ආඩම්බරයක්. ඔබට බොහොම පින්! (අ)

:       0       0

මහීපාල Monday, 14 July 2014 05:41 PM

ඕක විවෘත කරන්න කවුරු එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අමල් Monday, 14 July 2014 08:47 PM

ෂෙහාන් , අහන්න ආසයි. අපිටත් කියන්න. (නි)

:       0       0

රංග Monday, 14 July 2014 10:38 PM

මොකද්ද යසා ඇත්ත? ඔයාට මේ යහපත් වැඩේ හිතට අල්ලන්නේ නැත්නම් අඩු ගානේ බාධා නොකර ඉන්න. මේ වැඩේට මුදලින් සම්මාදම් වෙන්න බැරි කට්ටිය මුළු හිතින්ම මේක අගය කරනවා. මේ අසරණ පාසල් දරුවන් වෙනුවෙන්වත් එහෙමවත් කළොත් හොඳයි නේද යසා ? (නි)

:       0       0

ලලිත් Tuesday, 15 July 2014 01:13 AM

කෝ ලංකා තිලක්? මෙහෙම හොඳ වැඩක් කෙරෙන තැනක පැත්ත පළාතක නැහැ. බලවතුන්ට ආවඩන්න පුළුවන් පුවතක් නම් එතන පිටු ගණන් දිග අදහස් ලියාගෙන නම ලකුණු කරගෙන ඇති. (නි)

:       0       0

චන්දන Tuesday, 15 July 2014 02:03 AM

ඔබට සිංහල ජාතියේම ප්‍රණාමය ලැබේවායි පතමි. ලැජ්ජයි අපේ සිංහල දෙමල මුස්ලිම් දේශපාලකයන් ගැන හිතන කොට. ඒ වගේම කෝටිපති, ප්‍රකෝටිපති ඇතුළු ප්‍රභූ පන්තියේ ක්‍රියාපටිපාටිය ලකුනු දාගන්න පමණක් ක්‍රියා කිරීම ගැන කනගාටුයි. ඒ වගේම මේ අඩවිය ලංකාවේ දේශසීමා පාලන සීමාවෙන් එපිට තියන එකක් වෙන්න ඇති කියල හිතෙනවා. අපි හැමෝටම සංවර්දනය, සුබසාදනය, දියුනුවේ ප්‍රතිපල විදින්න ඕන බව විතරක් ඔහෙලා අමතක කරන්න එපා (නදී)

:       0       0

කෙවින් Tuesday, 15 July 2014 02:07 AM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

ගයාන් Tuesday, 15 July 2014 02:12 AM

ඇයි මහීපාල මහත්තයෝ, අර පහුගිය කාලේ උත්සව සභාවක මුලාසනයට රණ්ඩු වුණ දෙන්නා ! (නි)

:       0       0

රුක්ෂලා Tuesday, 15 July 2014 02:17 AM

මෙතුමා වගේ නිලධාරින්, තමන් නිසා දරන තනතුර බබළවනවා. සමහරු කරන්නේ තනතුර නිසා තමන් බැබළීම පමණයි. (නි)

:       0       0

ලාලිත Tuesday, 15 July 2014 02:21 AM

මේ උපහාරය තානාපතිතුමාගේ දෙමව්පියන්ටයි. මෙවැනි වැදගත් තනතුර ට සුදුසු , මිනිස්කමින් යුතු දරුවෙකු තැනුවාට ඔබ දෙපළ ආඩම්බර විය යුතුයි. (නි)

:       0       0

අමල් Monday, 14 July 2014 08:30 AM

ඉතාම පින් සිදු වෙන වැඩක්. මේ වගේම පින් කරන්න අපේ ක්‍රිකට් කෝටිපතින්ටත් හිත පහල වේවා. (ස)

:       0       0

සුදත් Monday, 14 July 2014 08:33 AM

දැන් අර ගමේ පාසල් වල වෙනස පෙන්නන්න කියල සත්තුන්ගේ නම් වලින් කල ආරාධනාවට මොකද වුනේ ? (නදී)

:       0       0

රුවන් Monday, 14 July 2014 08:42 AM

කෝ මේ ගමේ පාසල් දැන් තාක්ෂණයෙන් පිරිපුන් සුපිරි පාසල් කියලා බලවතෙක් පම්පෝරි ගැහුවා නේද ? මේක අපේ රටේ පාසලක් නෙවෙයි වෙන්න ඇති. (ස)

:       0       0

අරුණ Monday, 14 July 2014 08:43 AM

මුස්ලිම් පුද්ගලයන් රුපියලක් හරි වියදම් කරන්නේ තමනුත් තමන්ගේ ජාතියත් ඉදිරියත් හොඳට සිතා බලමිනි, (ස)

:       0       0

රංගා Monday, 14 July 2014 08:44 AM

මේ පාසල අර තාක්ෂණයෙන් පරිපුර්ණ ගමේ සුපිරි පාසල් ගණයට අයත් නැද්ද ? (ස)

:       0       0

ටෙනී Monday, 14 July 2014 08:46 AM

සමහරු කටින් බතල කොළ හිට වද්දී , තානාපති තුමා මේ කරන්න යන යහපත් වැඩේට මෙන්න මල් මිටක් ! (ස)

:       0       0

සජිත් Monday, 14 July 2014 08:48 AM

මේක හැදුවට පස්සේ විවෘත කරන්නයි උත්සව සභාවේ මුලාසනයටයි නම් ඕන තරම් අයිතිවාසිකම් කියන්න කට්ටිය ඉඳීවි. (ස)

:       0       0

ඉසුරන්දි Monday, 14 July 2014 08:50 AM

ඒ මහත්මයට ගොඩක් පින්. දානපතියෝ කෝටිපතියෝ ඉන්න අපේ රටේ මිනිසුන්ට මේ වගේ පින් අතේ වැඩ ගැන හිතක් පහල වේවා!ඔය බොරු බයිලා ගහන අපේ දේශපාලකයන්ටත් මේවා හොඳ ආදර්ශවත් වැඩ. (ස)

:       0       0

පියුමි Monday, 14 July 2014 08:55 AM

දැන් අර සේනාව ඇවිත් මෙය කඩාකප්පල් කරයි ද ? (ස)

:       0       0

අමල් Monday, 14 July 2014 08:55 AM

මෙන්න ආදර්ශමත් වැඩ . නියම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් . මෙතුමාගේ ඉදිරි පරම්පරා හතකටම උගත්කම ලැබෙන්න මේ පින ඇති. (ස)

:       0       0

ෆෛරූස් Tuesday, 15 July 2014 06:15 AM

අපේ ලංකාවේ මෙහෙම පාසලක් තියනවා කියො හිතන්නත් අමාරුයි.පව් අහිංසක ළමයි.මේවා ගැන කතාකරන්න කවුරුවත් නැහැ. දේශපාලුවන් නිදි (නි)

:       0       0

වරුණ Monday, 14 July 2014 09:08 AM

දැන් මේකටත් අැද පලුදු සොයන උදවිය ඉඳීවි. අපි නම් කටපුරා ඔන්න හොඳයි කිව්වා. (නදී)

:       0       0

ලලිත් Monday, 14 July 2014 09:09 AM

කටින් බතල කොළ හිටවන අයට හොඳ ආදර්ශයක්. (නදී)

:       0       0

කාංචනා Monday, 14 July 2014 09:15 AM

ලොකු පිනක්. තානාපති තුමාට යහපතක්ම වේවා ! (නදී)

:       0       0

බිමල් Monday, 14 July 2014 09:19 AM

ඉතා යහපත් වැඩක්. මා සිටින රටේ ඉරාන ජාතිකයන් රැසක් සිටිනවා. ඔවුන් සියලු දෙනාම උගත් , විනය ගරුක, අනෙක් රටවලින් ආපු උදවිය එක්ක සුහදව කටයුතු කරන උදවිය. (නදී)

:       0       0

බමුණු Monday, 14 July 2014 09:24 AM

අපේ සිංහල මිනිස්සු මුස්ලිම් අයට උදව් කරනවා මුස්ලිම් මිනිස්සු සිංහල අයට උදව් කරනවා. ඕවා සාමාන්‍ය දේවල්. නමුත් ප්‍රශ්ණයකට තිබෙන්නේ අපට නොපෙනෙන අපි නොදන්නා වෙනත් ජාතික බලවේග අපේ එදිනෙදා ජීවිත වෙනස් කරන්න උත්සහ කරනවා. 95% බෞද්ධයන් සිටි බුරුමයේ දැන් බෞද්ධයන් සිටින්නේ 45% පමණයි. මේ වෙනස සිදු උනේ අවුරුදු 60 ඇතුලත. අපේ සමහර මිනිස්සු මෙය තේරුම් අරගෙන තිබෙනවා. අන්න ඒකයි අපි නිතරම කියන්නේ නැතිව අන්‍ය ආමිකයන්ට ගරහනවා නෙමෙයි (නදී)

:       0       0

බමුණු Monday, 14 July 2014 09:25 AM

"මෙන්න ආදර්ශමත් වැඩ" (නදී)

:       0       0

හසන්ත Tuesday, 15 July 2014 07:31 AM

ඇයි හැමදෙනාටම මෙහෙම හිතන්න බැරි? (නි)

:       0       0

මාර්ක් Tuesday, 15 July 2014 07:31 AM

කරනවා නම් මේවා තමයි කරන්න ඕනෑ නියම වැඩ (නි)

:       0       0

මොහමඩ් Tuesday, 15 July 2014 07:38 AM

මේ කළා වූ කුසල කර්මයම ඇති මතු කාර්යයන් සාර්ථක වෙන්න (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 15 July 2014 07:40 AM

"බමුණු මහතාණෙනි ජනගහණය වැඩි වෙනවා වළක්වන්න කියමු බලන්න හොඳ උපක්‍රමයක්....?" මට උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් එය මෙහි පළකරන්න බැහැ (නි)

:       0       0

ගිහාන් Monday, 14 July 2014 09:44 AM

ඉතින් අරුණ මහතාට තිබුණානේ මේ පාසල ගැන ලංකාදීප පත්‍රයේ මීට සති කිහිපයකට කලින් පළවුන ගමන් උඩ පැනලා ඇවිත් ගොඩනැගිල්ල හදලා දෙන්න ඉදිරිපත් වෙන්න. ඇයි දැන් මේ අනෙකුත් අයගේ ආධාරය ගැන සැක පහල කරන්නේ ? (ස)

:       0       0

ධම්ම Monday, 14 July 2014 09:45 AM

අපේ ගම කිට්ටුව තියෙන ගමකට කිසිම ප්‍රභූවරයෙක් යන්නේ නැහැ එම ගම්මුන් අඩු කුලේ යයි කියා. දැන් ඔන්න ඒ ගමේ කිංග්ස් රිවයිවල් එකෙන් පල්ලියක් හදලා ඔවුන් දෙවියන් යදිනවා. මේකේ වැරද්දක් තියෙනවාද බමුණු? (ස)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 15 July 2014 07:47 AM

අද ලෝකය ලංකාවට තිබෙන ආදරය මොකක්ද කියලා අපි තේරුම් අරගෙන තිබෙන්නේ. ඒක හැමෝටම තේරුම් ගන්න පුලුවන් නම් මේ ලෝකය මීට වැඩිය බොහොම වෙනස් වේවි (නි)

:       0       0

මර්සි ලංකා Monday, 14 July 2014 09:54 AM

මේවා තේරුම් ගන්නට පුළුවන් නම් අන්තවාදීන්ට හොද පාඩම් ගන්නට පුළුවන් (නදී)

:       0       0

ලසිත් Monday, 14 July 2014 09:54 AM

කෝ මේ ගමේ පාසල් වල දැවැන්ත අධ්‍යාපන වෙනසට ප්‍රවර්ධන කටයුතු භාර ගත්ත ලංකා තිලක් ? තප්පුලන්න ගිහිල්ලද ? (නදී)

:       0       0

ලලිතා Monday, 14 July 2014 09:58 AM

ප්‍රභූවරයන් ගම් වලට යන්නේ රිබන් කපන්න සහ උත්සව සභාවල මුලාසනය හොබවන්න විතරයිනේ ධම්ම මහත්මයා ! (ස)

:       0       0

ශාෆික් Monday, 14 July 2014 10:01 AM

මෙන්න අනගි වැඩ. හැමෝටම මෙය ආදර්ශයක් වේවා. අපිත් මාතර තුඩාව මධ්‍ය මහා විද්‍යාලයට තට්ටු 2ක ගොඩනැගිල්ලක් දුන්නා 2008 පිටරට සිට. අවසානය වනතෙක් කිසිම දේශපාලකයෙක් ගාවාගන්නේ නැතුව පුහු උත්සව වලින් තොරව ගොඩනැගිල්ල පාසලට බාරදුන්නා. (ස)

:       0       0

මිගාර Monday, 14 July 2014 10:12 AM

අන්ත දුප්පත් මිනිස්සු එදා වේල කාල ජීවත් වෙන්න ආගම වෙනස් කරන්නේ කැමැත්තෙන් නොවේ. අන්න එ්කත් මතක තියාගත්තොත් හොඳයි. එයාලත් මිනිස්සු. (ස)

:       0       0

මිලානො ජයන්ත Monday, 14 July 2014 10:17 AM

ධම්ම කියන කතාව හරි,තානාපතිතුමා කළ උතුම් ක්‍රියාව අපි අගය කළ යුතුයි.මෙයින් සියලු ජාතීන් වන අපගේ එකමුතුකම සහ සහෝදර ප්‍රේමය හුවා දැක්වෙනවා. අර කිවුව වගෙ සමහර උද්දච්ච අය අඩුකුලේ අයට කතා කරන්නෙත් නොහොබිනා විදිහට. වතුර උගුරක්වත් බොන්නෙ නෑ.වෙන ආගමක අය අැවිත් උදවු උපකාර කලාම අැඳිවත කරට අරන් එනව ආගම විනාස කරන්න, මෙන්න බොලේ අැවිල්ලෝ කියල. (ස)

:       0       0

විජේසිංහ Monday, 14 July 2014 10:20 AM

මැන්ඩෙලා තුමා කියල තියෙනවා, ලෝකේ වෙනස් කරන්න හොඳම ආයුදය අධ්‍යාපනයයි කියල. අපේ සමාජය ගොඩ ගන්න ඕන අධ්‍යාපනය තුළින් මිසක් වෛරයෙන් නොවේ. (ස)

:       0       0

අපොන්සු Monday, 14 July 2014 10:39 AM

මේ යහ ක්‍රියාව තවත් එළිවෙන්න සේනාවට කියල පාසලට ගිය වගේ දෙගුණයක් වියදම් කරලා බුදු මැදුරකුත් හදා ගත්තනම්. (ස)

:       0       0

ප්‍රින්ස් Monday, 14 July 2014 10:44 AM

රටේ වර්තමාන යුගයේ ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක්.මෙවැනි සත් ක්‍රියාවන් කිරීමට අප රටේ කෝටිපතියන්ගේ, දනපති පන්තියේ දෙඇස් ඇරේවා...(ස)

:       0       0

සේන Monday, 14 July 2014 10:56 AM

එත් ඉතින් ගහ මරාගෙන බැහැනේ බමුණු. ඉවසීමෙන් බුද්ධිමත්ව විසදුම් සෙවිය යුතු ජාතික ප්‍රශ්න දේශපාලන වාසි සඳහා යොදා ගැනීම සුදුසු නැහැ. (ස).

:       0       0

ලුම්බිණි Monday, 14 July 2014 11:14 AM

මේවා බලාගෙන ඉන්න අමාරු උදවියත් ඇති. (නි)

:       0       0

අශාන් Monday, 14 July 2014 11:15 AM

අරුණ,අපේ කට්ටියට මෙහෙම එකක්වත් කරගන්න බැහැ. බොරු කතන්දර විතරයි. (නි)

:       0       0

අසෝකා Monday, 14 July 2014 11:28 AM

එතුමා මේ කළ ආදර්ශමත් ක්‍රියාවට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවුරුත් ගරු කළ යුතුයි. අපේ බුදු දහම විනාශ කරන්නේ බුදු දහම හරිහැටි නොදැන කටයුතු කර අයයි. ආගමක් ඇදහීමට ලොව කොයිකාටත් නිදහසක් තිබිය යුතු බව මගේ පුද්ගලික හැගීමයි. (නි)

:       0       0

සුභාෂ් Monday, 14 July 2014 11:32 AM

ලුම්බිණි, හොඳටම අමාරු වෙන්නේ ලංකා තිලක් උන්නැහේට. එයා කඩේ යන තැනට ඇරෙන්න මේ ලෝකේ කිසිම හොඳ දෙයකට හොඳයි කියන්න දිව නැමෙන්නේ නැති කෙනෙක්නෙ. (නි)

:       0       0

සිරිසේන Monday, 14 July 2014 11:34 AM

මෙතුමා ගැන මම අසා තිබෙන්නේ ඉතා හොඳ පුද්ගලයෙකු ලෙසටයි. ඔහුට පින් සිදුවේවා! (නි)

:       0       0

සමන්ත Monday, 14 July 2014 11:35 AM

තානාපතිතුමාට ස්තුතියි. ඔබතුමා මේක හැදුවට පසුව විවෘත කරන්න උඩ පැනගෙන එන්නේ කවුද කියලා බලාගෙන ඉන්න වටිනවා. (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 14 July 2014 11:37 AM

අරුණ,මෙය හොඳ ආදර්ශවත් වැඩක්. බලන්න මෙතන එතුමාගෙ මුස්ලිම් නියෝජනයකුත් නැහැනෙ.දුෂ්ට සිතින් හැමදේම දෙස බලන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 949 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 423 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 278 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 840 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 716 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site