IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් මන්ත්‍රීවරු 10 වැනිදා විශේෂ සාකච්ඡාවක

  (නාලක සංජීව දහනායක)
 
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සාකච්ඡාවක් බදාදා (10) වැනිදා පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී (එ.ජා.ප) එච්.එම්.එම් හාරිස් මහතා ලංකාදීපයට අද  (7) පැවැසීය.
 
ඇතැම් සංවිධාන විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල කරනු ලබන චෝදනාවන් සම්බනධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද ඔහු කීය.
 
එමෙන්ම නැවැත අමාත්‍යධූර ලබාගන්නා ලෙසට අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් එක්සත් ජාතික පක්‍ෂය කර ඇති ඉල්ලීම පිළිබදවද මෙහිදී සාකච්ඡුා කෙරන බවද මන්ත‍්‍රීවරයා පැවැසීය.
 
එම සාකච්ඡාවෙන් පසුව නැවත අමාත්‍යධූර ලබා ගන්නේද නැද්ද යන්න තීරණයකට එළබෙන බවද හෙතෙම සදහන් කළේය.
 
ඊට අමතරව රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා කීය.
 



අදහස් (18)

මුස්ලිම් මන්ත්‍රීවරු 10 වැනිදා විශේෂ සාකච්ඡාවක

de silva Sunday, 07 July 2019 12:13 PM

මට පෙනෙන විදිහට මෙම තත්වයට මූලික වුණු හේතුව මේ මන්ත්‍රීවරුන්ට අමතක වෙලා, මුස්ලිම් මන්ත්‍රීවරු මේ විදිහට හැසිරෙන්න ගතහොත් මුස්ලිම්වරු සහ අනෙකුත් ජනවර්ග අතර තාවකාලිකව ඇතිවෙලා තිබෙන බෙදීම උග්‍රවෙලා.. මිනිස්සු ඉදිරියටත් මුස්ලිම් ව්‍යාපාර සමග ගනුදෙනු කරන එකත් මුස්ලිම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න එකත් නතර කරාවි... එහෙම වුනොත් අමාරුවේ වැටෙන්නේ මුස්ලිම් ජනතාව මිසක් සිංහල මිනිස්සු නොවේ. නිකන් අනවශ්‍ය දේවල් ඔලුවට ගන්නේ නැතුව සාමකාමීව වැඩ කටයුතු කරගෙන යන්න.

:       129       882

සලමි Sunday, 07 July 2019 01:16 PM

සියලු දේ සපයන්නේ දෙවියන් වහන්සේ... හැම ඉස්ලාමිකයකුගේම විශ්වාසය එයයි. එම නිසා බිය විය යුත්තේද ඔහුට පමණයි...

:       1617       1176

BamunuarachchiMonday, 08 July 2019 12:06 AM

සිංහලයා ඔබලාගේ රටකට ආවේ නැත මුසල්මානුවා පැමිණියේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇති රටකටය.

:       153       557

jayasekaraMonday, 08 July 2019 06:34 AM

පාස්කු ප්‍රහාරයෙන් පසුව ද ...පල්ලිවලට කඩු සැපවුයේ ..දෙවියන් වහන්සේය .....!! එක නිසා එයට බයවෙන්න දිගටම......

:       150       342

බණ්ඩාර Sunday, 07 July 2019 01:19 PM

සිල්වා සහෝදරයා. ජාතිවාදයේ පාඩුව අපටමයි. දොස්තර කතාව, කරත්ත රෝද කතාව, බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවගේ කතාව.... මේ සියලු දේවල් අපේම අතේ පත්තු වුණු දේවල්...

:       1119       607

සමන් - ඕමානයSunday, 07 July 2019 03:09 PM

බණ්ඩාර සහෝදරයා, ඔබ කියන්නේ එතකොට ජාතිවාදී ක්‍රියා සහ සිංහල ජනතාවට එරෙහිව ඇතිකරන අකටයුතුකම් දැක දැක "අවාසිය අපිටමයි" කියලා හිතාගෙන කට පියාගෙන සිටීමද? ඒ අදහස මහා කුහක අදහසක්. ඔබ කියන්නේ, ශාෆි කල හානියත්, බණ්ඩාරගම සිංහල කාන්තාවට කරන තාඩන පීඩනත් නොදැක්කා සේ නිහඬව සිටීම හරි කියලාද? ඒවා එළිකිරීම වැරදි කියලාද? අපේ පාලකයින්ට හා සමහර නිලධාරීන්ට ඔය අදහසම තියන නිසා තමයි, සිංහලයන්ට මේ තරම් අසාධාරණ සිදුවෙන්නේ. "අවාසිය අපිටමයි" තත්වය ඇති වන්නේ.

:       312       1153

BamunuarachchiSunday, 07 July 2019 06:23 PM

හලෝ ඔහේගේ ඊනියා ජනතා වාදය නවත්වා ගන්න කාලය ඇවිල්ලා නේද? අපේ අතේ මොන බම්බුවක් පත්තුවෙන්නද? අතේ පත්තු උනා කියලා නැති උනාද පාඩු උනාද? බොරු චෝදනාවකින් උනත් එතරම් විශාල උද්ගොෂණයකින් පෙන්නුවේ අපි ඔවුනට තිබෙන අකමැත්තයි කියා ඔබට තේරෙන්නේ නැද්ද? රටේ බහුතරයක් ජනතාව ප්‍රතික්ෂේප කොරන්නේ ඇයි කියා හිතන්න මොලයක් නැද්ද?

:       1       170

Nilam -OmanMonday, 08 July 2019 04:10 AM

ජාතින් අතර විරසක ඇතිකිරීමට ගොතපු සාෆි ගේ කතාව, අටළුගම කාන්තාවගේ පෞද්ගලික ප්‍රශ්න වගේ දේවල් හේතුකරගෙන රටක ජාතින් වෙන්වී මුස්ලිම් ව්‍යාපාර වර්ජනය, මුස්ලිම් දොස්තර වර්ජනය ආදී දේවල් කිරීමෙන් මෙය අවසන් වනුයේ ඕමානයේ සිට වෛරී අදහස් වපුරුවන සමන් වැනි අයටත් නැවත ශ්‍රී ලංකාවේ හන්දියක ත්‍රි වීලරයකට වී පාරේ යන අය දෙස බලාගෙන කාලය කන සෙට් එකට එකතුවිමටයි.

:       797       229

Banda-KandyMonday, 08 July 2019 08:56 AM

ජාතිවාදයක් ඇතිකරන්නේ කවරෙක්ද? තවමත් ඇති බහුතරය මුස්ලිම් නොවන රටක, මුස්ලිම් අයටම වෙන්වුණු පහසුකම් කොච්චරද? ප්‍රහාරය එල්ලලා වුනේ මුස්ලිම් සමාජය තුළින් බිහිවුණු ත්‍රස්තවාදීන්ගෙන්, කළ යුතුව තිබුනේ, කළ යුත්තේ මුස්ලිම් සමාජය, දේශපාලකයෝ බිඳුණු සිත් සුවපත් කරන්න අවශ්‍ය දේවල් කරන්න නේද?

:       0       109

සමන්- ඕමානයMonday, 08 July 2019 02:59 PM

මගේ මේ සටහන ඕමානයේ සිටින නිලාම්ටයි. ඔබ ඕමානයේ සිටින නිසා, තමන්ගේ බඩගෝස්තරය රැකුනොත් ඒ ඇති නේද? ඔබ සිතන්නේ ශාෆිගේ ක්‍රියාව ගැන චෝදනා, බණ්ඩාරගම කාන්තාවගේ විස්තරය ගොතපු ඒවා කියලාද? කාන්තාවන් දහසකට වැඩි ගණනක් පැමිණිලි කලේ කතාවක් ගොතන අදහසින්ද? බණ්ඩාරගම කාන්තාව තමන්ගේ ආත්ම ගරුත්වය ගැන සලකන්නේ නැතිව ඉදිරිපත් වුනේ, කතාවක් ගොතන්නද? ඒවා එළිකිරීම ජාතිවාදී අදහස් වැපිරීමක් වෙන්නේ කෙසේද? තමන්ට උකුණු සයිස් මොලයක් වත් ඇත්නම් ඔබ ඔහොම කතා කියන්නේ නෑ... ජාතිවාදියා මම නොවෙයි, ඒවා වැරදි කියන ඔබයි.

:       0       111

සේන Sunday, 07 July 2019 12:44 PM

මේ මිනිසුන් ඔක්කෝටම තියෙන්නේ අන්තවාදී අදහස්... මොවුන් කවදාවත් යථාර්ථවාදීව, මනුෂ්‍ය ගුණධර්ම පෙරදැරිව හිතන්නේ නෑ. මොවුන් රටට ආදරේ නෑ... රට විනාශකර තම වර්ගයා පමණක් බෝ කිරීමේ පටු, මුග්ධ පරමාර්ථය තුළයි ඉන්නේ... හරි හමන් සිංහල නායකයෙක් පත්වන තුරු සියලු රටට හතුරු බලවේග උඩ පනිනවා. එය දිනයක නතර වේවි...!!! 

:       566       1621

de silva Sunday, 07 July 2019 03:24 PM

පක්ෂේ පාට කුමක් වුණත්, කොපමණ හිතවත් වුනත් මුස්ලිම් ඡන්ද අපේක්ෂකයින්ට හෝ ඔවුන්ට කඩේ යන පුද්ගලයින්ට මනාපේ ගහන්න එපා. එහෙම නොකළොත් පාර්ලිමේන්තුව තුළ මොවුන්ගේ බලය වැඩිවී, අපිට කරකියාගත නොහැකි තත්වයකට පත්වෙනවා.. මේක සෞදි අරාබිය නොවේ. සිංහල අපට තිබෙන එකම රට. අපේ මිනිස්සු සෞදියේ, කුවේට්, කටාර් එකේ ජීවත්වෙන්නේ මුස්ලිම් මිනිසුන්ගේ වහලුන් වගේ පන්සල් තබා එක බුදු හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් තිබුණොත් ඇති හිරේ යන්න.. ලංකාවේදීත් අපි මේ තත්වයට පත්විය යුතුද?

:       135       1012

maraya Monday, 08 July 2019 12:37 AM

සියලු සිංහල මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් එන්නේ කවදද දන්නේ නැහැ නේද?

:       0       173

lalithm Monday, 08 July 2019 03:13 AM

සිංහල මුස්ලිම් දෙමල හෝ හින්දු කියලා නැහැ හැමෝම අන්තවාදීන් තමා. වව්නියා වගේ නගරයක උදේට ඇහෙන ලවුඩ් ස්පීකර් වල සද්දේ අහගෙන හිට්යොත් අපිට තේරුම් ගන්න පුළුවන් එක එකා තමන්ගේ ආගම කොච්චර සද්දේ දාල ප්‍රචාරය කරන්න හදනවද කියලා. ආගමික අන්තවාදය හැම තැනම. නීතිය වල් වැදුනම තමා මෙහෙම වෙන්නේ.

:       0       144

rihan Monday, 08 July 2019 05:17 AM

අනේ මන්ද කවද අපේ හිත් හැදෙයිද කියා. ජීවත් වන මේ කෙටි කාලේ ඇයි අපිට සතුටින් ඉන්න බැරි.

:       0       6

muhammad Monday, 08 July 2019 07:03 AM

මෙතන ඉන්න ඔක්කොම අන්තවාදීන් වගේ මට පෙන්නේ. අපිට ඕන සිංහලයත් එක්ක එකට ඉන්න ඉස්සර වගේ. ඔවුන් අපේ එකම සහෝදරයෝවගේ.

:       0       133

BamunuarachchiMonday, 08 July 2019 03:47 PM

සිංහලයින් සමග එකට ඉන්න ඕනෙනම් පවුල ළමයි දෙදෙනාට සීමා කරනවා. අන්‍ය ආගමිකයින් මරපල්ලා කියන කුරානය පුච්චනවා. නැතිනම් සිංහල අපිට අන්‍ය ආගමික කියන කොටස කපලා මුසල්මානුවෝ කියලා දාගෙන කුරානය ක්‍රියාත්මක කරන්න වෙනවා.

:       0       110

Chamal Monday, 08 July 2019 08:53 AM

ආණ්ඩුවෙන් ලොකු කුට්ටියක් ඉල්ලන්න වෙන්න ඇති...

:       0       120

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූර්වවී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 46 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 19 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 35 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 291 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 195 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 501 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 344 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site