IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මාස අටට වද හිංසා පැමිණිලි 208ක්

මෙම වසරේ මුල් මාස අටේ දී  වද හිංසාවන්ට පත් කිරීමේ සිදුවීම් 208ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට  වාර්තා වී ඇතැයි එම කොමිසම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටුවකට බාර දුන් වාර්තාවක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වද හිංසාවන්ට ලක් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පිටු 17ක වාර්තාවක් මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වද හිංසාවන්ට එරෙහි කමිටුවට පසුගිය දා බාර දුන්නේය.

කෘර සහ අමානුෂික වද හිංසාවන්ගෙන් මිදීමේ සම්මුතිවාදී පනත යටතේ කෙතරම් නඩු ප්‍රමාණයක් ගොනු කර ඇත්දැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  නීතිපතිවරයාගෙන් කළ විමසීමට වාර්තාව සකස් කරන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද එම වාර්තාවේ සඳහන් වේ.

කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන පහර දීමේ සිද්ධිය ඇතුළු නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් පහරදීම් සම්බන්ධ සිදුවීම් කිහිපයක්  උදාහරණ ලෙස එම වාර්තාවට ඇතුළත් කර තිබේ.

2016 අප්‍රේල් මාසයේ සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් 13 දෙනකු  අත්අඩංගුවට ගැනීමේ දී සහ ප්‍රශ්න කිරීමේ දී වදහිංසාවන්ට පැමිණ වූ බවට පැමිණිලි කර ඇතැයි කියන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඔවුන්ට අතින් පහරදීමට අමතරව ප්ලාස්ටික් පයිප් අදියෙන් පහර දීම හා වද හිංසාවන් පැමිණවූ ආකාරය ගැන ද සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තන් හා රඳවා තබා ගන්නා පුද්ගලයන් හමු වීමට යෑ මේදී දැඩි අපහසුතාවන්ට ලක් වන බව නීතීඥවරුන් පැමිණිලි කර ඇතැයි ද මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇතුළත් වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් 111ක් රිමාන්ඩ් බාරයේ පසු වන බවත්, ඉන් 29 දෙනකුට  චෝදනා ගොනු කර නැති බවත්, චෝදනා නැතිව අවුරුදු 15ක් පමණ තරම් දිගු කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන පුද්ගලයකු ද සිටි බවත්, ඇතැම් නඩු 2002 වසරේ සිට තවමත් විභාග වන බවත් මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීමට සහ වද හිංසා අඩු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ද එම වාර්තාවේ විස්තරාත්මකව ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදු වී ඇතැයි කියන වද හිංසාවන් ගැන සොයා බැලීම සඳහා වද හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව  ලබන 07 වැනිදා ජිනීවා නුවරදී රැස්වෙන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය අද (01) නිවේදනය කළේය.

පුරා මාසයක් ජිනීවා  මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ පැවැත්වෙන වද හිංස වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටු සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම ලබන 15 සහ 16 දෙදින සිදු කිරීමට නියමිත බව එම කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

වද හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව විවිධ රටවල් නියෝජනය කරන විද්වතුන් දස දෙනෙකුගෙන් යුතු වේ.

 



අදහස් (0)

මාස අටට වද හිංසා පැමිණිලි 208ක්

රෝහිත Wednesday, 02 November 2016 04:59 PM

ලංකාව ගැන හොයන්න කලින් ඇමරිකාව ගැන හොයන්න

:       0       0

විපුල Wednesday, 02 November 2016 07:20 AM

අපේ පසුම්බියට උපරිම බදු ගහල දීල තියෙන වද හිංසා කොපමණද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 980 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2011 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1056 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 350 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1574 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1105 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site