IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මස් පිඬු වේදනාව නොසලකා හරින්න එපා‘

වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ

මේ දිනවල ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම සූර්යා ගමන් කරන කාලය උදාවෙලා තිබේ. පරිසර උෂ්ණත්වය වෙනත් කාලවලට සාපේෂක්‍ෂව ඉතා ඉහළ අගයක් ගනී. එසේම මේ දිනවල පාසල් නිවාඩුවෙන් පසුව නැවතත් ක‍්‍රීඩා තරග පටන් ගෙන තිබේ. ක‍්‍රීඩා කරන විට උෂ්ණත්වය වැඩි කාලවලදී ක‍්‍රීඩකයන් විවිධ හේතු නිසා මියගිය අවස්ථා අපි අසා ඇත්තෙමු. මීට හේතුව කුමක්ද කියා සොයාගැනීම ලොකු ගැටලූවක් විය. මෙසේ ක‍්‍රීඩාකරන විට හෝ අධික ලෙස වෙහෙස මහන්සි වන විට උෂ්ණත්වය අධික කාලාවලදී සිදුවන ප‍්‍රධානම අනතුර ලෙස තාප ප‍්‍රහාරය හඳුන්වන්න පුළුවනි.

මොකක්ද මේ තාප ප‍්‍රහාරය කියන්නේ ?

ක‍්‍රීඩාවක හෝ වෙහෙසවී සිදුකරනු ලබන  ඕනෑම ක‍්‍රියාවකදී ඔබේ ශරීරය තුළ තාපය නිපදවීමට හැකියාව තියෙනවා. කිසියම් කාර්යයක නියැලී සිටින විට. උදාරහණයක් ලෙස දිවීමේදී ඒ සඳහා අවශ්‍ය බලය ලබාදෙන්නේ ඊට අදාල මාංශපේශී ක‍්‍රියා කිරීම තුළින්ය. එය පේශී සංකෝචනය තුළින් හෝ ගුරුත්වාකර්ශන බලයට එරෙහිව දිග හැරීම පාලනයේදී සිදුවිය හැකිය. මේ සඳහා අවශ්‍ය ශක්තිය නිපදවනු ලබන්නේ ෙසෙල තුළ ඇති ග්ලූකෝස්, ඔක්සිජන් දහනය කිරිම තුළිනි. මෙහිදී ශක්තිය සමඟ අතුරුඵලක් ලෙස තාපය නිපදවනු ලබයි. මෙම තාපය රුධිරයට එක්වීම නිසා රුධිරය රත්වන අතර රත්වූ රුධිරය ඔබේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන්වලට ගමන් කර ඒවාට හානිකර ලෙස ක‍්‍රියා කළ හැකිය.

එකවරම තාප ප‍්‍රහාරය සිදුවේද?

මෙය එකවරම සිදුනොවන අතර තාපයේ වැඩිවීම විවිධාකරයෙන් ශරීරයට බලපෑම් කරන බව පෙන්වා දිය හැක. ඔබේ ශරීරයේ ආරක්‍ෂක ක‍්‍රියාවලිය මගින් තාපය සිරුරට අහිතකර මට්ටමට පැමිණෙනවාත් සමඟම එහි පළමු ලක්‍ෂණය ලෙස මස්පිඬු පෙරැුළීම සිදුකරනු ඇත. මෙය තාපය ඉහළයාමේ ප‍්‍රථම අවස්ථාවන අතර පස්පඬු පෙරැුළීමට ලක්වීම වෙහෙසකර අභ්‍යස නවතන ලෙස ලබාදෙන පළමු සංඥාවයි.

මස්පිඬු පෙරැුළෙන්නේ තාප නිසා පමණක්ද?

මස් පිඬු පෙරැුළීම යනු රෝග ලක්‍ෂණයක් වන අතර රුධරයේ අයනික අසමතුලිතතාව ඔක්සිජන් මද බව හා තාපය ඉහළයාම වැනි විවිධ අවස්ථාවල ඇත විය හැකිය. අධික ලෙස වෙහෙසවීමේදී මෙම කුමන හෝතුවක් පදනම් කරගෙන මස්පිඬු පෙරැුළීම සිදුවුවද විවේක ගැනීම හා තාපය සඳහා ප‍්‍රතිකාර කිරීම නොකළහොත් භයානක තත්ත්වයක් කරා උග‍්‍ර විය හැකිය.

තාප ප‍්‍රහාරයටපෙර අනිවාර්යයනේම මස්පිඬු පෙරැුළීම සිදුවේද ?

ශරීරයේ තාපය ඉහළ යාම සිදුවන විට එහි ප‍්‍රථම සංඥාව ලෙස මස්පිඬු පෙරැුළීම පෙන්වා දිය හැකි වුවද සමහර අයට මෙම අවස්ථාවේදී මස්පිඬු පෙරැුළීම සිදුනොවී නොදැනුවත්වම මෙහි දෙවන අවස්ථාව වන වඩාත් භයානක අධික තාප පිටකිරීම (්‍යැ්එ ෑංය්මිඑසදබ* තත්ත්වය දක්වා වර්ධනය වන බව පෙන්වා දියහැක.

ෙමි අවස්ථාවේදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

අධික ලෙස දහඩිය දැමීම, ක්ලාන්තය, සමබරවතාව බිඳීයාම, අධික පිපාසය වැනි ලක්‍ෂණ ඇතිවන අතර මෙම අවස්ථාවේදී රුධිරයේ උෂ්ණත්වය ඉතා අධික ලෙෂ වැඩිවී එම රුධිරය මොළය, මුත‍්‍රාසය, අක්මාව, වකුගඩු වැනි අභ්‍යන්තර ඉන්ද්‍රීයන් වෙත බලපෑම් කරනු ලබන අවස්ථාව වන අතර ඉතා ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කළ යුතුය. එසේ නොමැති වුවහොත් තාප ප‍්‍රහාරයට ලක්වී, රෝගියා මරණයට පත්වවීම හෝ ඉතා භයානක ලෙස හානි පැමිණිය හැක. ඉතා තදින් රත්වූ රුධිරය රෝගියාගේ මොළයට හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි කිරිම තාප ප‍්‍රහාරය වන අතර මෙය ඉතා භයානක තත්ත්වයකි. මේ තත්ත්වයට පත්වීමට ප‍්‍රථම තාපය නිපදවීම නවතා නිපදවූ තාපය පිටකිරීම සඳහා ප‍්‍රතිකාර කළ යුතුය.

මේ තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද?

මීට ප‍්‍රධානම හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ නොදැනුවත්කමය. තාප ප‍්‍රහාරය ඇතිවන ආකාරය හා විවිධ අවස්ථාවලදී තත්ත්වය හඳුනාගෙන ප‍්‍රථමාධාරදී වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීම තුළින්ද තරග සඳහා සහභාගි කරවන ක‍්‍රීඩකයන් මනා පුහුනුවක් හා ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට යොමු කිරීම තුළින්ද මෙම තත්ත්වය වළක්වාගත හැක.

මෙයට බලපාන පාරිසරික සාධක මොනවාද?

ප‍්‍රධාන වශයෙන් පරිසර උෂ්ණත්වය ඉහළ අගයක් ගැනීම හා වාතයේ අර්ද්‍රතාව (ජලවාෂ්ප ප‍්‍රමාණය* ඉහළ යාම මේ තත්ත්වය ඇතිවීම වර්ධනය කිරීමට බලපායි. ශක්තිය නිපදවන විට අතුරුඵලයක් ලෙස නිපදවන තාපය පිටකරනු ලබන ස්වාභාවික ක‍්‍රමය වන දහදිය පිටවීම වාතයේ ජල වාෂ්ප අධික වූ විට පහළ වැටෙන අතර පරිසර උෂ්ණත්වය ඉහළ අගයක් ගනීනම් ශරීරය හා පරිසරය අතර උෂ්ණත්ව වෙනස අඩුවන විට තාපය පිටකිරීමේ ශීඝ‍්‍රතාව පහළ බසී. මේ නිසා උෂ්ණත්වය අධික හා වාතයේ ජලවාෂ්ප අධික කාලවලදී වෙහෙකාරී ක‍්‍රියාවල යෙදෙන විට ඉතා සැලකිළිමත් විය යුතුය.

උදේ කාලයේ ක‍්‍රීඩාකිරීමෙන් ආරක්‍ෂා විය හැකිද?

සමහර දිනවල උදේ කාලයේ වාතයේ අධික ලෙස ජලවාෂ්ප පවතින අතර වාතයේ අර්ධ‍්‍රවා වැඩි දිනවල උදේ කාලයේ පවා මෙම තත්ත්වය ඇතිව හැකිය. තාප ප‍්‍රහාරය ඇතිවනවාත් සමඟම දහදිය දැමීමේ ක‍්‍රියාවලිය නවතින අත උෂ්ණත්වය පිටකිරීමද නවතීත රුධිරය සිසිල්වීමේදී ක‍්‍රියාවලිය නැවතුන පසු ශරීරයේ ආ පරිසරයේ උෂ්ණත්වය වෙනස අවම වන අතර සීතල දැනීම වෙව්ලීම මෙන්ම සිහිනැතිවීම සිදුවී මරණය පවා ඇතිවේ.

මාර්ග ධාවනයේ යෙදෙන ක‍්‍රීඩකයන්ට වතුර ගැසීම සුදුසුද?

එය ඉතා සුදුසු අතර අතරමගදී හැකිතාක් ජලය පානය කිරීමට සැලැස්වීම හා අයිස් කැට කිහිලි හා ඉකිලි වැනි රුධිර සම්පාදනය අධික ස්ථානවල තබා ගැනීම තුළින්ද මෙම තත්ත්වය පාලනය කර ගත හැකිය. රෝග ලක්‍ෂණ මතුවූ විගස විවේක ගැනීම හා ප‍්‍රථමාධාර ලබාදී හැකි ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම කළ යුතුය.

 



අදහස් (0)

‘මස් පිඬු වේදනාව නොසලකා හරින්න එපා‘

සමන් Monday, 09 May 2016 07:55 AM

අද කාලෙට ගැලපෙන වටිනා ලිපියක්. (ර)

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 21 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 136 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 108 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 877 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 29 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site